පරණ අවුරුද්ද සඳහා ස්වාමීන්වහන්සේලාට පැන් පහසු කිරිමේ මංගල්‍ය අද (13දා) උඩුනුවර පෙතියාගොඩ ගම්මානයේදි උදෑසන සිදුවුවා.
ගෙලිඔය තෙළබුගල නිග්රෝද ඛෙත්ත මහා පිරිවෙන් විහාර විහාරාධිපති හා පරිවේනාධිපති පූඡ්‍ය ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නාහිමියන් පැවැසුයේ 1848 වසරේ සිට එලදැත්ත වලවුව හා සතර පේරුවේ දායකයන් වන එලදැත්ත,පෙතියාගොඩ, අරත්තන, බුලත්කොන්ඩ, හන්දෙස්ස යන ගම්මාන වල දායක මහතුන් විසින් පරණ අවුරුද්ද සඳහා ගම්මානයේ දායකයන් ළිදක් තෝරාගෙන එම ළිද පිරිසුදු කර පිරිත් කියා පරණ අවුරුදු දිනය වන තෙක් සතියක කාලයක පටන් කිසිම කාන්තාවකට දිය නාමට ඉඩ නොදි පසුව හිමිවරුන්ට පැන් පහසු කර සිවුරු ආදිය දායකයන් විසින්ම සෝදා පිරිසිදු කර දෙන බවයි.
පසුව ගිලන් පස පිළිගන්වා නැවත පෙරහරින් විහාරයට වැඩම කරවා දන් පැන් පුඡා කිරීමද මෙහිදී සිදුවෙයි.