අස්ගිරි පාර්ශවයේ අභිනව මහානායක හිමියන් සහ අභිනව අනුනායක හිමිවරුන් බැහැදැකීමට ඊයේ(29) මල්වතු විහාරවාසී සංඝයාවහන්සේලා දැකුම් පෙරහරින් අස්ගිරි විහාරයට වැඩම කළහ.
අස්ගිරි පාර්ශවයේ කාලයක් මුලුල්ලේ පුරප්පාඩුව පැවති එක් අනුනායක පදවියක් සහ පැවති අනුනායක පදවිය යන පදවි දෙකම මෙවර සම්පුර්ණ කර තිබේ. ඒ අනුව අස්ගිරිය පාර්ශවයේ අනුනායන පදවි දෙක සදහා පුජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් සහ වේඩරුවේ උපාලි හිමියන්ද අස්ගිරි කාරක සංඝසභාව විසින් පත්කර තිබේ. මේපිළිබදව සහ අභිනව මහානායක පදවිය සදහා පුජ්‍ය ගලගම අත්තදස්සි නාහිමියන් පත්කරගත්බවද මල්වතු මහාවිහාරයේ මහානායක හිමියන්ට සහ එම කාරක සංඝසභාවට දැනුම් දීම සදහා දැහැත්වට්ටි ගත් ගිහිපිරිසක් පෙරටුකරගත් අස්ගිරි පාර්ශවයේ හිමිවරුන් පාගම්න් මල්වතු විහාරයට වැඩමකළහ. එය දැකුම් පෙරහර නම් වේ.
එයට අනුගතව අස්ගිරි පාර්ශවයේ අභිනව මහානායක හිමියන් සහ අනුනායක හිමිවරුන් දෙනම බැහැදැකීම සදහා මල්වතු මහා විහාරයේ සංඝයාවහන්සේලා ගිහිපිරිස පෙරටුකර දැකුම් පෙරහරින් අස්ගිරි විහාරයට වැඩමකිරීම ඊයේ(29) පස්වරුවේ සිදුකෙරෙනි. අස්ගිරි පාර්ශවයේ නවපත්කිරීම් පිළිගත්බව මල්වතුපාර්ශවයෙන් මෙහිදී දැනුම්දුන්හ.
මේපිළිබඳව අදහස්ඵලකළ අස්ගිරිපාර්ශවයේ ලේඛකාධිකාරී ආණමුඩුවේ ධම්මදස්සි හිමියන් මෙසේපැවසුහ." අස්ගිරි මල්වතු උභය මහා විහාරවල සම්ප්‍රදායික චාරිත්‍ර ධර්මයක්නම් එම විහාර දෙකෙහි අභිනවයෙන් පත්වන මහානායක ස්වාමීන්වඑන්සේ නමක් හෝ එම විහාර දෙකෙහි පත්වන අභිනව අනුනායක ස්වාමීන්වඑන්සේ නමක් හෝ පත්කරගකත් පසුව ඒ ආසන්නම දිනකදී අනික් විහාර ගොස් එය සැලකිරීමේ චාරිත්‍රය විශේෂිත වු චාරිත්‍රයක්. මේ චාරිත්‍රයට දිගු ඉතිහාසයක් තිබෙනවා.
මල්වතු විහාරයට වැඩමකිරීම
අස්ගිරි විහාරයේදී
මහානාහිමියන්ට නමස්කාරකිරීම