ගම්පහ, කිනිගමවිජේන්ද්ර මාවත අංක 25/4 දරන ලිපිනයෙහි පදිංචි මෙලොව එළිය දුටුදා පටන් සිරුර අප්‍රාණිකව සිටින මේ වනවිට වයස අවුරුදු හතක් වන දැරියක් සුවපත් කරගැනීමට ඇගේ දෙමුපියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.
රාගම මහ රෝහලේදී 2011 පෙබරවාරි මස (22දා)දැරිය උපන් අවස්ථාවේදී සාමාන්‍ය පරිදි නිරෝගීව සිට ඇතත් පසුදින සිරුර නිල් පැහැ ගැන්වී ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ මොළයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් මෙලෙස සිරුර අප්‍රාණිකවී ඇති බවද දැරියගේ දෙමුපියෝ පවසති.
එතැන් පටන් වසර හතක් ප්‍රතිකාර කළද කිසිදු සුවයක් නොමැති මුත් මාසිකව රාගම රෝහලෙහි පැවැත්වෙන සායනයකට රැගෙන යමින් ප්‍රතිකාර ලබා දෙන බව පවසන දෙමුපියෝ මේ සඳහා ඖෂධ ලබා ගැනීමට විශාල මුදලක් වැයවන බවද පවසා සිටිති.
මේ අතර මෙම දැරිය එහා මෙහා රැගෙන යාමට රෝද පුටුවක අවශ්‍යතාවක්ද පවතින බැවින් ඉදිරියට වැටීමෙන් වළකා ගැනීමට ආරක්ෂිත පටි සහිත මධ්‍යම ප්‍රමාණයේ පුටුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් හෝ කිසියම් සංවිධානයක් වෙතින් ලබාගැනීමටද ඔවුහු බලාපොරොත්තු වෙති.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා වන මෙම දැරියට ප්‍රතිකාර කරමින් රැකබලා ගැනීමට සහ පවුලක් නඩත්තු කරනු ලබන්නේ පියාගේ සුළු ස්වයං රැකියාවෙනි.
මෙම දැරියගේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය පරිත්‍යාගශීලියෙකුට 033- 5611162 යන දුරකථන අංකයට දැරියගේ මව වන ප්‍රියන්ති හේමලතා මහත්මියට ඇමතුමක් ලබාදිය හැකිය.
ගම්පහ - තිලකරත්න දිසානායක