පොළොන්නරුව, බැඳිවැව, කඩවල වැව ගම්මානයේ පදිංචි දෑත් ආබාධිත තත්ත්වයට සිටින එම්.ජී. පවනි කවින්ද්‍යා දැරිය සුවපත් කර ගැනීමට ඇගේ දෙමවුපියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.
මේ වන විට 13 හැවිරිදි වියේ පසුවන ඇය සිය මවගේ කටයුතුවලට සහාය දෙන අතරතුර තම වැඩ කටයුතු දෙපාවලින් පමණක් ඉටු කර ගැනීමට පුරුදුව සිටියි.
මෙම දැරියගේ පියා ආරක්ෂක අංශයේ රැකියාවක් කරන අතර මව ජී.එම්. අසංකා ජානකි (43) මහත්මිය කුඩා වෙළෙඳසැලක් පවත්වාගෙන යමින් සිය සැමියාට ශක්තියක් සපයන්නීය. තිදරු මවක වන ඇය රියදුරු බලපත්රයද ලබාගෙන ඇත්තේ කිනම් හෝ දිනක වාහනයක් ලැබුණහොත් දියණියට ප්‍රතිකාර කටයුතු කිරීමට රැගෙන යෑමටය.
කවිද්යා දැරිය මේවන විට පොළොන්නරුව මහ රෝහලටත්, ජයන්තිපුර ප්‍ර‘දේශයේ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයටත් රැගෙන යන්නේ අබලන් වූ ත්‍රි‘රෝද රථයකිනි.
2005 ඔක්තෝම්බර් 01 වැනිදා මෙලොව එළිය දුටු පවනි කවින්ද්‍යා වසර තුනක් යන තෙක් බැඳිවැව මහා විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ අධ්‍යාපනය ලබා තිබේ.
තම දියණිය පත්ව ඇති තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ ඇගේ මව වන ජානකී මහත්මිය මෙසේ පවසා සිටියාය.
"දුව ඉපදිලා දින කිහිපයකින් පිට් එක හැදුණා. මාස 5 ½ ක් වෙද්දී අත දිග අරින්න බැරි වුණා. ඇවිදින වයසේදී ඇවිද ගන්නත් බැරි වුණා. දැන් තමා එයා ටික ටික කතා කරන්නේ. එයා මාසයකට දෙවරක් විතර පොළොන්නරුව රෝහලට ක්ලිනික් එක්ක යනවා. දැනටත් එයාට ත්‍රිපෝෂ දෙනවා.
දුව සියලු වැඩ කර ගන්නේ කකුල් දෙකෙන්. හරියට තනියම ඇවිද ගන්න බැරි වුණත් මගේ ගෙදර වැඩවලටත් එය උදවු කරනවා. මගේ මහත්තයා ආරක්ෂක අංශයේ රැකියාවක් කරන නිසා දුවගේ අවශ්යත සඳහා වැයවන මුදල් සොයා ගන්න අපහසුයි. අපිට තව පාසල් යන වයසේ පුතාලා දෙන්නෙක් ඉන්නවා. දුව ප්‍රතිකාර සඳහා ගෙන යන ත්‍රිරෝද රථය හොඳටම අබලන් තත්ත්වයේ පවතින්නේ."
මෙම දැරියට උපකාර කිරීමට කැමති යමෙකු වෙතොත් ඒ සඳහා වන පරිත්‍යාග දැරියගේ මව වන පී.එම්.ඒ ජානකී මහත්මිය නමින් මහජන බැංකුවේ ජයන්තිපුර ශාඛාවේ 75590595 යන ගිණුම් අංකය යටතේ විවෘත කොට ඇති ගිණුමට ඒ සඳහා වන පරිත්‍යාග බැර කළ හැකිය අතර පිළිබඳ වැඩිදුර තොරතුරු 077- 8457821 යන දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැකිය.
මනම්පිටිය - නිමල් ජයරත්න