අවුරුද්දක් වයසැති නිවුන් දරුවන් තිදෙනෙකු ඇතුළු සිවුදෙනෙකුගෙන් යුත් දරු පැටවුන් පෝෂණය කිරීමට වැරල්ලගම තිත්තපජ්ජල අංක 72/2 ලිපිනයේ පදිංචි ජී.ජී.එස්.එම්. කුමාර මහතා පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ පවසා සිටියේය.
මම පශු සම්පත් දෙපාර්තමේන්තුවේ පොල්ගොල්ල සත්ත්ව විෂාණු රසායනාගාරයේ ක්ෂේත්‍ර සහායකයෙකු ලෙස රැකියාව කරනවා. මගේ බිරිඳට රැකියාවක් නැහැ. අපි හැමදේම කරන්නේ මට ලැබෙන සුළු වැටුපෙන්. වෙන කිසිදු ආදායමක් ඇත්තෙත් නැහැ. මට දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. තුන්දෙනෙක් නිවුන් දරුවන් වයස අවුරුද්දක් වෙනවා.
නිවුන් දරුවෝ තුන්දෙනා උපන්නේ 2016.12.14 වැනිදා. ඔවුන් තිදෙනාම දියණියන්. අපගේ පළමු දරුවාත් ගැහැනු දරුවෙක්. ලොකු දුව පාසල් යනවා. නිවුන් දරුවන් ලැබමට පෙර එක්තරා බැංකුවකින් රුපියල් ලක්ෂ 9ක නිවාස ණය මුදලක් ලබා ගත්තා. මාගේ වැටුප රුපියල් තිස්දහසක් පමණ වෙනවා. එම වැටුපෙන් බැංකු ණය පියවූ පසු ඉතිරි වන්නේ රුපියල් හත්දහසක පමණ මුදලකුයි. ඒ මුදලින් නිවුන් දරුවන්ට අවශ්‍ය කිරිපිටි, බෙහෙත්, ඇඳුම් පැලඳුම් සහ වෙනත් අවශ්‍යතා සඳහා වගේම මාගේ පළමු දියණියගේ පාසල් අධ්‍යාපන කටයුතු සඳහාත් ඉතිරි වෙන්නේ ඒ මුදල විතරයි. ඒ සියලු දේ ඒ මුදලින් පියවා ගන්න ඉතා අපහසුයි
මේ අතර මගේ මහලු දෙමවුපියන්ද රැක බලාගන්නේ මමයි. දරුවන් පෝෂණය කිරීම වගේම පවුලේ අනෙකුත් වියදම් දැරීම පහසු කටයුත්තක් නෙමෙයි. ඒ නිසා මේ සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වන ආධාර මුදල් ජී.ජී.එස්.එම්. කුමාරගේ නමින් මහනුවර අධිකරණ සංකිර්ණයේ පිහිටි ලංකා බැංකු ශාඛාවේ අංක 77644537 දරන ගිණුමට බැර කළ හැකිය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 071 - 6364320 හෝ ඔහුගේ සහෝදරයාගේ දුරකථන අංකය වන 081 -3995857 ට ඇමතීමෙන් ලබා ගත හැකිය.