තැලසීමියා රෝගයෙන්, හදවත් රෝගයෙන් සහ තවත් රෝග කිහිපයකින් පීඩා විඳින අසරණ පවුලක් ගලේවෙල, ගලපාවුල ප්‍රදේශයේදී අපට මුණගැසිණි.
මෙම පවුලේ පාසල් යන දියණියන් දෙදෙනෙකු අධ්‍යාපනයට අවැසි උපකරණ, පාවහන්, ආහාර හා ඇඳුම්පැලඳුම් නොමැතිව අසරණව සිටින බව එහි ගිය අපට දැකගත හැකිවිය.ඔවුන් කුසගින්නේ පාසල් යන වාර අනන්තය. මෙම අහිංසක පවුල අනේක දුක්දොම්නස් විඳිනුයේ ආර්ථික දුෂ්කරතාවලට අමතරව වැලඳී තිබෙන රෝග පීඩාවන් හේතුවෙනි.
කේ.කේ.ඩී. නිමල් විජේසූරිය (අවු.37) හා ඒ.ඒ. ජීවනී අනුෂා කුමාරි (අවු.32) යුවළදරුවන් තිදෙනෙකුගේ දෙමවුපියෝ වෙති.
ජීවනී අනුෂා කුමාරි මහත්මිය, දියණියන් දෙදෙනා සහපුතණුවන් තැලසීමියා රෝගයෙන් පීඩා විඳිති. එමෙන්ම වයස අවුරුදු එකහමාරක් පමණ වන එම පුත්‍රයා බරපතළ වෘෂණ කෝෂ බද්ධ කිරීමේ සැත්කමකට මුහුණදීමටද සිටිනුයේ වෘෂණ කෝෂ රෝගයකට භාජනය වීම හේතුවෙනි.
එම පවුලේ වැඩිමහල් දියණිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානම් වෙයි. මීට අමතරව ක්‍රීඩා ඉසව් රැසක් සඳහා දක්ෂකම් දක්වයි. ඒ සඳහා ඇයට ලැබුණු සහතික පදක්කම්ද රැසකි. මෙම සියලු ජයග්‍රහණ ඇය ලබා ඇත්තේ දෙපයට අඩුම තරමේ පාවහන් යුගලක් හෝ නොමැති පසුබිමකය.දින කිහිපයක සිට තමන් පාසල් ගමන නවතා ඇත්තේ කුසගින්නේ පාසල් යෑම සමග ඇතිවූ ක්ලාන්ත තත්ත්වයක් මත බව ඇය පැවසුවාය. දිනකට එක වේලක් සරිකරගන්නා තම පවුලේ පිරිස් දැඩි ආර්ථික දුෂ්කරතාවක පසුවන බව ඇය අප සමග පැවසීය.
එම පවුලේ 11 හැවිරිදි දෙවැනි දියණිය 06වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. ඉරීගිය පාවහන් යුගලය දමාගෙන ඇය පාසල් යනුයේ සිය පියාට පාසල් ගමනට සපත්තු යුගලයක් ලබාදීමට මුදල් නොමැති බැවිනි.
තැලසීමියා රෝගයෙන් පෙළෙන මෙම කුඩා දියණිය ඉගෙනීමට ඉතා දක්ෂකම් දක්වයි. පසුගියදා අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයෙන් කිසිදු උපකාරක පන්තියකට නොගොස් ලකුණු 137ක් ලබා ගැනීමට ඇයට හැකියාව ලැබිණි.
මෙම පවුලේ මව වන ජීවනී අනුෂා කුමාරි මහත්මිය තැලසීමියා රෝගයට අමතරව හදවත් රෝගයකට ගොදුරුව සිටින්නීය. පවුලේ සියලු දෙනාටම ප්‍රතිකාර ගැනීම සඳහා ගලේවෙල සිට කිලෝමීටර් 85ක් පමණ දුරින් පිහිටි මහනුවර මහ රෝහලට යායුතුව තිබේ. මසකට අවස්ථා කිහිපයක් සියලුදෙනාම ප්‍රතිකාර සඳහා යායුතුව ඇත.
දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වන ඔවුන්ට එම ගමන සඳහා සහ පවුලේ නඩත්තුව සඳහා වියදම් කිරීමට හැකියාවක් නොමැත.එම පවුලේ පියා වන නිමල් විජේසූරිය මහතා විසින් සතියකට දින කිහිපයක් ගලේවෙල නගරයේ ඇති අයිස්ක්‍රීම් නිෂ්පාදන ආයතනයක අයිස් පලම් ඉල්ලාගෙන පාපැදියකින් ගලේවෙල නගරය පුරා ඇවිදිමින් අයිස් පලම් විකුණා ආර්ථිකය සරිකර ගැනීමේ දැඩි උත්සාහයක නිරතව සිටියි.
ඔහුගේ පාපැදියද කැඩීගොස් තිබේ.මිතුරෙකුගෙන් ඉල්ලා ගත් පාපැදියක ඔහු රැකියාව කරනුයේ කැඩීගිය පාපැදිය හදාගැනීමට වත්කමක් නොමැති බැවිනි.
දිනගණනාවක් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ගමන් කිරීම, තම කුඩා දරුවාගේ වෘෂණ කෝෂ බද්ධය සඳහා මුදල් සෙවීම,අනෙකුත් දරුවන්ගේ තැලසීමියා රෝගය සඳහා ප්‍රතිකාර කිරීම, දරුවන්ට ඉගැන්වීමට ප්‍රමාණවත් මුදලක් උපයා ගැනීම යන අවශ්‍යතා හේතුවෙන් දිනකට එක් වේලකින් පමණක් යැපෙන බව නිමල් විජේසූරිය මහතා පැවසීය.
මෙම අසරණ පවුලට උපකාර කළ හැකි අයෙකු වෙතොත් ඒ.ඒ. ජීවනී අනුෂා කුමාරි නමින් මහජන බැංකුව, ගලේවෙල ශාඛාව පවතින 115-2-001-1 0008749දරන ගිණුමට ආධාර මුදල් බැරකළ හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර 076-8650093යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.
එස් කරුණාරත්න