තම සිවු නිවුන් දරුවන් ජීවත් කරවීමට ආධාර උපකාර කරන්නැයි අනුරාධපුර, සාලිවැව කන්දඋඩ පදිංචි එච්.පී. අසංක සම්පත් පතිරණ (අවු.33) සහ ජී.එච්.එම්. සෞම්‍යා සඳමාලි (අවු.27) යන දෙමවුපියෝ පරිත්‍යාගශීලී ඔබෙන් ඉල්ලා සිටිති.
සඳලි දෙව්මිණි, දිනුල දිනිත්, අමෝද්‍ය දෙනෙත්, අමෝද්‍යා සංකල්පනී නමැති දූවරුන් දෙදෙනකු සහ පුතුන් දෙදෙනෙකු වන මෙම සිවුනිවුන් පසුගිය නොවැම්බර් මස උපත ලබා ඇත.
යුද හමුදාවේ ගජබා රෙජිමේන්තු මාදුරුඔය විශේෂ බල පුහුණු පාසලේ සෙබළෙකු වශයෙන් රැකියාව කරන තමන්ට මෙම නිවුන් දරුවන් හොඳින් රැකබලා ගැනීමට තරම් මූල්‍ය ශක්තියක් නොමැති බව මෙම නිවුන් දරුවන්ගේ පියා වන අසංක සම්පත් පතිරණ මහතා පවසයි.
සිය වැටුපත් ඥාති හිත මිත්‍රාදීන් හා පරිත්‍යාගශීලී ආයතන කීපයකින් යම් පමණකට ලැබෙන ආධාර උපකාරත් මත දැනට මෙම දරුවන්ගේ සහ මවගේ මූලික අවශ්‍යතා ඉටුකරන බවත්, නමුත් දවසින් දවස දරුවන් වැඩෙත්ම සෞඛ්‍ය, ආහාර, සනීපාක්ෂක ඇතුළු කටයුතු සඳහා තමන්ට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බවත් ඒ මහතා සඳහන් කරයි.
මෙම සිවු නිවුන් දරුවන්ගේ මව වන සෞම්‍යා සඳමාලි මහත්මිය,"මේ වෙනකොට දරුවන්ගෙ කිරිපිටිවලට පමණක් දවසකට රුපියල් දාහක් පමණ වැයවෙනවා. වෛද්‍ය නිර්දේශයට අනුව විටමින් වර්ගයක් දෙන්න ඕන. සතියකට වතාවක් අනුරාධපුර මහ රෝහලේ සායනවලට අරන් යන්න ඕන. ඒ සඳහා කිලෝමීටර් 40ක් දුර තියෙනව. ඊට අමතරව හදිසියේ ඇතිවන අසනීප හේතුවෙන් මෙයාල ඉස්පිරිතාලේ අරන් යන්න වෙන අවස්ථාත් තියෙනවා" යැයි පැවසුවාය.
මෙම සිවු නිවුන් දරුවන් ජීවත් කරවීම යම් ආධාරයක් කිරීමට ඔබත් කැමැති නම් ඒ සඳහා මහජන බැංකුව නොච්චියාගම ශාඛාවේ අංක 171200150085307 දරන ගිණුම විවෘතව පවතී. වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 072 8194992 දුරකථන අංකයෙන් විමසීමක් කළ හැක.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි