ඉන්න - හිටින්න තැනක් නොමැති කමින් සොහෙන් බිමක කූඩාරමක් තුළ පදිංචිව සිටින පවුලක් පිළිබඳ තොරතුරු හඟුරන්කෙත අරක්ගමින් වාර්තාවෙයි.
පී.ආර්.නිශාන්ත (34) මෙි පිළිබඳව පවසන්නේ මෙවැන්නකි.
" අරුණා සුමුදු කුමාරී (30) මගේ බිරිඳ. මගේ ලොකු දුව මල්සියා ආකර්ශනා. වයස අවුරුදු 07යි. අරක්ගම කනිටු විදුහලේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. සමනලී නිමිසරා දුවගේ වයස අවුරුදු 03යි. අපි විවාහ වෙලා කුලියට නිවසක හිටියා. ජලසමිපත් මණ්ඩලයේ ජලනලයක් පුපුරායාම නිසා එම නිවස විනාශ වුණා.
මෙතන අරක්ගම සොහොන් බිම. අපිට කිසිවකුගෙන් වත් කරදරයක් වන්නේ නැහැ. අපි මේ ඉඩමට කැමැතියි. ජලසමිපත් මණ්ඩලයෙන් අපිට රු: 50,000 ක් දුන්නා වන්දි වශයෙන් . ඒ වණාට එම මුදලින් ඉඩමක් ගන්න බැරිවුණා. මමත් පවුලේ සැමදෙනත් පොල්අතු කුටියේ වැඩ ඉන්න බුදුපිළිම වහන්සේ දවසකට දෙවරක් වන්දනා කරනවා.
මම සුරාපානය කරන්නේ නැහැ.මගේ දරු දෙදෙනා වෙනුවෙන් මම සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටින්නේ ගෙයක් දොරක් හදාගන්නට අපිට උදවි කරන්න පිං අයිතිවෙයි කියලයි. මම හොයන මුදලින් ගෙදරක් හදනවා කියන එක කිසිදාක වෙන්නේ නැහැ. අපිට සමෘර්ධියවත් නෑ. මගේ බිරිද (අරුණා සුමුදු කුමාරි) නමින් හඟුරන්කෙත මහජන බැංකුවේ තියෙන ගිණුමේ අංකය 0222 00 1200 33 495 යි. දුරකථන අංකය 072 705 69 18 යි"
රිකිල්ලගස්කඩ ටී.ඇම්. සෝමපාල