නාරාහේන්පිට තිඹිරිගස්යායේ පදිංචි බුද්ධිමා ෂෙහාරා දෙව්මිණි (අවු.07) දැරියට කඩිනමින් ඉන්දියාවේ ග්ලෝබල් හෙල්ත් සිටි රෝහලේදී අක්මා බද්ධ සැත්කමක් සිදුකිරීම සඳහා රුපියල් පනස් හය ලක්ෂ විසිපන් දහසක් අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය ගෝමදී නවසීංහම් මහත්මිය නිර්දේශ කර තිබේ.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය පුෂ්පා පුංචිහේවා මහත්මිය පවසනුයේ ඇය ජීවත් කරවා ගැනීමට නම් ඇගේ පියාගේ අක්මාවෙන් කොටසක් හැකි ඉක්මනින් බද්ධ කළ යුතු බවයි. පෞද්ගලික රියදුරෙකු වන යූ.එල්.චමින්ද ශ්‍රී කුමාර මහතා (දැරියගේ පියා) තම අක්මාවෙන් කොටසක් දියණියට පරිත්‍යාග කිරීමට යයි.
කුලි ගෙදරක ජීවත් වන තමාටත් රැකියාවක් නොමැති තම බිරියටත් මෙවැනි මුදලක් සොයා ගැනීමට කිසිසේත්ම කළ නොහැකි බවත් පවසන චමින්ද මහතා, ටිකට්පත් විකිණීමෙන් දැනට රුපියල් ලක්ෂ 15 ක් සොයාගෙන ඇති අතර, ඉතිරි මුදල් මාස හයක් ඇතුළත සොයා ගැනීමේ හැකියාවක් නොමැති නිසාවෙන් එම මුදල සපයා ගැනීමට මහජන සහාය පතයි.
ලංකා බැංකුවේ නාරාහේන්පිට ශාඛාවේ යූ.එල්. චමින්ද ශ්‍රී කුමාර නමින් ඇති අංක 75204193 දරණ ගිණුම් අංකයට පරිත්‍යාග බැර කළ හැකිය.මේ පිළිබඳ වැඩිවිස්තර 077-6113861, 075-4098250 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.