මාතර, වැලිගම, පිටදූව පදිංචි දිනුත් විසල්ක (අවු.07) දරුවා දරුණු අක්මා රෝගයකින් පෙළෙන අතර, ඔහුට හැකි ඉක්මනින් ශල්‍යකර්මයක් කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.
ඒ සඳහා මාස දෙකහමාරක් තුළ රුපියල් ලක්ෂ 70ක මුදලක් සොයාගත යුතු බවත්, දැඩි ආර්ථික අසීරුතා මධ්‍ය‘යේ ජීවත් වන තමන්ට තනිවම එම මුදල සොයාගත නොහැකි බවත් දරුවාගේ මව වන මධුකා සෙව්වන්දි මහත්මිය පැවසුවාය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ දරුවාගේ මව,
''අපි වැලිගම, පිටිදූව ප්‍රදේශයේ ජීවත් වෙන්නෙ. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු දුවට වයස 11 යි, පුතාට වයස 07යි. පුතාගේ නම දිනෙත් විසල්ක. 2014 වර්ෂයේ මුලින්ම එයාට ආවෙ ඇඟ කැසීමේ රෝගයක්. වෛද්‍යවරුන්ට පෙන්වලා බෙහෙත් ගත්තත් හොඳ වුණේ නැහැ. පසුව සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ට පෙන්නුවා කරාපිටිය රෝහලේදී. එහිදී ලේ පරීක්ෂණ කළා.
එතකොට තමයි දැනගත්තේ අක්මාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මාස 05ක් විතර බෙහෙත් කරලා පසුව රාගම ශික්ෂණ රෝහලට එක්ක යන්න කිව්වා, දරුවාගේ අක්මාවේ කොටසක් අරන් පරීක්ෂණයක් කරන්න. ඒ පරීක්ෂණයේ වාර්තාව වුණේ දරුවාට සිරෝසිස් රෝගය කියලා.
2014 ඉඳන් මේ දක්වා ඒ රෝගයට බෙහෙත් කළා. බෙහෙත්වලට විශාල මුදලක් වියදම් වුණා. මසකට දසදහසකට අධික මුදලක් වියදම් වෙනවා. අවසානේ මහත්තයා විදෙස්ගත වුණා, දරුවාගේ බෙහෙත්වලට යන මුදල හොයන්න. එයා දැනට ඩුබායි රටේ රියදුරෙකු ලෙස සේවය කරනවා.
ලේ පරීක්ෂණ සෑම මාසයකම රාගම රෝහලේදී කරනවා. ගිය මාසයේ ඒ පරීක්ෂණය කළාම වෛද්‍යවරු කිව්වා. ලේවල ප්‍රතිශතය වැඩියි, බබාට බෙහෙත්වලින් සනීප කරන්න බැහැ, අක්මාවේ කොටසක් අක්‍රීය වෙලා ඒ කොටස ඉවත් කරලා කොටසක් බද්ධ කරන්න වෙනවා කියලා. තව පවුලේ කෙනෙක්ගේ අක්මාවේ කොටසක් වෙන්නත් ඕන සහ ලේ ගැලපෙන්නත් ඕන කිවුවා.
අවසානයට මගේ අක්මාවේ කොටසක් දරුවාට බද්ධ කරන්න තීරණය වුණා. නමුත් එය ඉන්දියාවේ චෙන්නායිවල කරන්න ඕන. ඒ සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 70ක් වැය වෙනවා. ඒ තරම් මුදලක් අපට හොයාගන්න නැහැ. වැඩි කාලයකුත් නැහැ, මාස දෙකහමාරක කාලයක් පමණයි ඉතුරු වෙලා තියෙන්නෙ* යැයි පවසා සිටියාය.
දරුවාගේ සැත්කම සඳහා උපකාර කළ හැකි අයෙකු වෙතොත් ආර්.පී. මධුකා සෙව්වන්දි නමින් සම්පත් බැංකුව, වැලිගම ශාඛාවේ 120954085136 දරන ගිණුමට හෝ මහජන බැංකුව, වැලිගම ශාඛාවේ පවතින 077200100026959 දරන ගිණුමට ආධාර මුදල් බැරකරන මෙන් දරුවාගේ මව ඉල්ලා සිටියි.
මේ පිළිබඳ වැඩි විස්තර 041 2 260 257 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.