කොළඹ අලුත් කඩේ අංක පහ අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ගනේමුල්ල සංජීව අය වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සැකකාරිය හඳුනා ගැනීම සඳහා මෑත කාලේ ලබාගන්න ලද ඡායාරූප කීපයක් මාධ්‍ය කොට්ඨාසය වෙත ලැබී ඇතැයි පොලිසිය කියයි.
කටු වැල්ලේගම ජයමාවත මීගමුව පාරපදිංචි 25 හැවිරිදි පිම්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පිළිබඳ සාර්ථක තොරතුරක් ලබාදෙන අයකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩ බලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් තීරණය කර ඇතැයි මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි
එම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමටද ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇත
එම තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ 0718591727
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති 0718591735 යන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි'



