දින දෙකක කාලයක් තිස්සේ පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයට ඇදහෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙවර මහ කන්නයේ වගා කරන ලද වී අස්වනු නෙළා ගැනීමට මහත් බාධා එල්ල වී ඇති අතර ඇතැම් ගොවීන් නෙලාගත් වී
අස්වනු වර්ෂාවට හසුවීමෙන් වී කිලෝවක මිලද පහළ දැමීමට පොළොන්නරුව මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයින් කටයුතු කර ඇති බව මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් පවසති.
ගත වූ දින දෙකක කාලය තුළ මහපාරේ වී වේලීමට දැමූ වී අස්ව්නු විශාල වශයෙන් වර්ෂාවට හසුව ඇති අතර වැලිකන්ද, අරලගංවිල, මනම්පිටිය, දිඹුලාගල, ඇතුළු අවට ප්‍රදේශවල ගොවීන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
කෙසේ වෙතත් රජයේ සහතික වී මිල අභිබවා පොළොන්නරුවේ පෞද්ගලික වී මෝල් හිමිකරුවන් වේලපු සහ අමු වී සැලකිය යුතු මට්ටමේ මිලකට ලබාගන්නා බවද ගොවී සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් කියති.
26 වෙනිදා වනවිට පොළොන්නරුවේ හා පරිමාණ වී සහ සහල් ව්‍යාපාරිකයන් තිදෙනකුට තරගකාරි ලෙස අමු නාඩු වී කිලෝවක් රුපියල් 115 කටත්, වේලන ලද නාඩු වී කිලෝවක් රුපියල් 125 කටත් සම්භා වී කිලෝවක් රුපියල් 130 කටත් ලබාගනිමින් සිටින බවද ගොවීන් සඳහන් කරති.
වර්ෂාව නිසා එවැනි මිලකට මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයන් වී මිලදී ගන්නා අතර ඇතැම් විට වර්ෂාව නොමැති වූයේ නම් මීට වඩා වැඩි මිලකට වී කිලෝවක මිල නියම වනු ඇති බවද ගොවීන් පෙන්වා දෙති.
පොළොන්නරුව මහවැලි බි කලාපයේ මෙවර මහ කන්නයේ ගොවි පවුල් 25,000 කට ආසන්න පිරිසක් කුඹුරු අක්කර
65,000 කට ආසන්න සංඛ්‍යාවක් වි වගා කර තිබෙන අතර එම වී වගාවෙන් මේ වනවිට සියයට තිහක, හතළිහක, ප්‍රමාණයේ වී අස්වනු නෙලා අවසන් බවද ගොවි සංවිධාන කියති.
ඉතිරි සීයට හැට, හැත්තෑව වී අස්වනු නෙළා ගැනීමට වර්ෂාව මහත් බාධාවක් වී ඇති අතර එම වී අස්වනු නෙලූව ද වේලාගැනීමට නොහැකි වීම හේතුවෙන් තමන්ට අඩු මිලට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට වී ලබාදීමට සිදුවනු ඇති බවද ගොවීන් කියති.
වී කරල් වර්ෂාවට හසු වීමත් සමඟ ඒවා බිමට පතිත වීම හේතුවෙන් එම වී අස්වනු යන්ත්‍ර සූත්‍රවලින් නෙලීමේ අසීරුතාවය නිසා ගොවීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
මනම්පිටිය නිමල් ජයරත්න


