මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ වෙළඳපොළේ අලෙවි කිරීම සඳහා ටින් මාළු අපනයනය කරන අවස්ථාව ඉතිහාස ගතවන බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.
පුත්තලම මදුරන්කුලිය Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ocean star jack macrkerel ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම ඉකුත් 29 දා දහවල් එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරුණු අතර එම අවස්ථාවට සහභාගිවෙමින් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා එසේ සඳහන් කළේය.
මෙරට දෛයිනික ටින් මාළු පරිභෝජනය ලක්ෂ තුනක් පමණ වන බවත් දිනකට ටින් මාළු ලක්ෂ පහක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයක් මෙහි ඇති බවත් ඒ අනුව ටින් මාළු අපනයනයෙන් 2025 වර්ෂයේ දී ඩොලර් මිලියන 8ක් මෙරටට ගෙන ඒමට අපේක්ෂිත බවද එහිදී හෙතෙම පැවසීය.
ඒ අනුව අදාළ ටින් මාළු තොගය එක්සත් අරාබි එමිල් රාජ්‍ය වෙත අපනයනය කෙරෙන අතර මෙම එක් බහාලුමක් කෑන් (ටින්) 48000කින් යුක්ත වේ. ඉන් ඩොලර් 38,000ක් 40,000ත් අතර විදේශ විනිමය මෙරටට හිමිවනු ඇති බව එහිදී අනාවරණය විය.
Ocean food ආයතනය විසින් ධීවරයින් මුහුදින් අල්ලන මාළු ගුණාත්මක මට්ටමින් කර්මාන්ත ශාලාව වෙත රැගෙන ඒමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද මෙහිදී අනාවරණය විය. මෙහිදී දේශීය ධීවරයින් මාළු අල්ලන මාලු කඩිනමින් Ocean food ආයතනයේ ශීතාගාර යාත්‍රා මඟින් යාත්‍රා මගින් කර්මාන්ත ශාලාව වෙත ගෙන ඒම සිදු කරයි.
එමගින් මාලු පසු අස්වනු හානිය අවම කිරීම හා ගුණාත්මකභාවය පවත්වාගෙන යාම ප්‍රධාන අරමුණු අතර වෙයි. එය අපනයනයට වඩාත් සුදුසු තත්වයේ මාළු කෑනයක් නිෂ්පාදනය කිරීමට බෙහෙවින් උපකාරි වේ. එමෙන්ම මේ මගින් ධීවරයින්ට වැඩි මිලක් මුහුදේ දීම හිමි වන අතර නැවත කඩිනමින් මාළු අස්වැන්න නෙලා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම ද හිමිවෙයි.
මෙරට තුළ ටින් මාළු කර්මාන්ත ශාලා 21 ක් දැනට ක්‍රියාත්මක මට්ටමේ පවතින බවත් ඉන් ධීවර දෙපාර්තමේන්තුවේ පිරිවිතරයන්ට අනුකූලව ලියාපදිංචි කළ දෙවන
කර්මාන්ත ශාලාව Ocean food ආයතනය බව මෙහිදි අදහස් දක්වමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.
මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්, ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ලේකම් සම්පත් මන්ත්‍රීනායක , වෙළද වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ අධ්යක්ෂ කුමුදු මෙගහගේ සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි





