ශ්‍රි ලංකාව කියන්නේ හොඳ රටක් ඒ වගේම හොඳ මිනිස්සු ඉන්නේ,අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා , එහෙම ආවම අපට අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැති බව, ජර්මනියේ සිට ලංකාවේ සංචාරයක් සදහා පැමිණි කාන්තාවක් ඊයේ (22දා) නුවරඑලියේදි පැවසිය.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.
Read Moreදීර්ඝ කාලයක් තිස්සේ ජනතාවට විවෘත නොකර වසා දමා තිබූ ගාලු කොටුවේ පැරණි යුද අට්ටාල හෙවත් වෙඩි බෙහෙත් සහ පතොරම් ගබඩා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රතිසංස්කරණය කර ජනතාවට නැරඹීම සඳහා විවෘත කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ආරම්භ කළ කොඩි දිනයේ පළමු කොඩිය ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්මිය අද (21දා) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවූවාය.
Read MoreSail Lanka Yachting Group ආයතනය විසින් ශ්‍රී ලංකාවේ එක්ලැස් කර නිෂ්පාදනය කරන ලද ජලයේ හා ගොඩබිමේ දෙකහිම ධාවනය කල හැකි Iguana X100 යාත්‍රාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එළිදැක්වීම කොළඹ වරාය නගරයේදී සිදුවිය.
Read More“දැයක් නගන සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරුණු බද්දේගම නගර අලංකරණ ව්‍යාපෘතිය පසුගිය 15 වන දින වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා විසින් ජනතා අයිතියට පත් කරනු ලැබීය.
Read Moreසීගිරියේ විදේශීය සංචාරකයන් පැමිණීම යම් මට්ටමකින් ආරම්භ වීමත් සමග රජය කරත්ත වලින් හා දැන්වීම් පුවරු වලින් බද්දක් අය කිරීමට ගෙන ඇති තීරණය නිසා සීගිරියේ සංචාරක කර්මාන්තය නැවත වරක් අඩපණ වීමේ අවදානමක් පවතින බව සෆාරි සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පවසති.
Read Moreසමගි ජන බලවේගය විසින් කොළඹදී පවත්වන විරෝධතාවයේ ජන හමුව ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ. විරෝධතා රැළියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව තිබේ.
Read Moreජනතාවට දිනෙන් දින එල්ලවන ජීවන බර හා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව පත්වී ඇති පීඩනයට ආණ්ඩුව වග නොකියන බැවින් ආණ්ඩුව වහාඉල්ලා අස්විය යුතු බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේපිරිසක් අද (14දා) අම්බලන්තොට නගරයේදී විරෝධතාවක් පැවැත්වූහ.
Read Moreඇමරිකානු නාවික හමුදාවට අයත්, Arleigh Burke-Class Destroyer වර්ගයේ නෞකාවන් වන USS FITZGERALD (DDG 62) නෞකාව අද (13දා) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික ඉන්දු- ලංකා නාවික අභ්‍යාසය, (SLINEX) 2022 මාර්තු මස 07 වන දින සිට 10 වන දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයේදී පවත්වන ලද අතර, එම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව සහභාගී විය.
Read Moreමේ අතර ඉන්ධන නොමැති වීමෙන් උතුරේ බොහෝ ඉන්ධනහල් ඉදිරිපිට ජනතාව පොලීම් ගැසී සිටින අතරම ඉන්ධන හිගයට රජය වගකිව යුතු බව පවසමින් එයට විරෝධය පා කිලිනොච්චියේ සහ මුලතිව්හි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කරත්තවලින් ඉන්ධන හල් වෙතට සහ මාසිකසභා සභාරැස්වීම් වෙතට පැමිණියහ.
Read Moreමාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
Read Moreසමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම පක්ෂය කියයි. ඇතුල්කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැති විරෝධතාවක් අතර තුළදී මෙසේ ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එම පක්ෂය කියයි.
Read Moreඉන්දීයානු නාවික හමුදාව විසින් 11 වන වරටත් පවත්වන ලද මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2022 පෙබරවාරි මස 25 වන දින සිට 2022 මාර්තු මස 04 වන දින දක්වා පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී විය.
Read Moreබණ්ඩාරගම නගරයේ දී ජීප් රථයක ගැටීමෙන් අනතුරට පත්ව තුවාල ලබා,සිහි විසඥ මහා මාර්ගයේ වැටී වඳුරෙකුට මූලික ප්‍රතිකාර ලබාදී ප්‍රකෘති තත්ත්වයට පත්කරලීමට වාද්දුවේ තරුණියක්,සිය නැගණිය සමග පියවර ගත්හ.
Read Moreයුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා පැමිණ රුසියානු සොල්දුවෙකුට යුක්රේන ජනතාව විසින් තේ, ආහාර ලබාදී ඔහුට ආගන්තුක සත්කාර සිදුකරන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙයි.
Read Moreයුක්රේනය එරෙහි යුද්ධය තීව්‍ර කිරීමට රුසියාව කටයුතු කර තබේ. මේ අනුව ඔවුන් නගර කිහිපයක්ම වට කර ඇති බවත් එම නගර වලට ෂෙල් ප්‍රහාර එල්ල කරමින් තිබෙන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඋඩරට වතුකරයේ හින්දු ජනතාව අද(01දා) දිනට යෙදී තිබුණු මහ ශිව රාත්‍රී දිනය මහත් භක්තියෙන් යුතුව සමරනු ලැබීය.
Read Moreඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කෙරෙන කිමිදුම් පුහුණු වැඩසටහනක් සඳහා අද (28දා) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreආරක්ෂක අමාත්‍යාංශය ෆේස්බුක්හි පළ කරන ලද ප්‍රකාශයක දැක්වෙන්නේ රුසියානු හමුදා භටයින් 5,300 ක් පමණ මිය ගොස් ඇති අතර යුක්රේන හමුදා විසින් ටැංකි 191 ක්, ප්‍රහාරක ජෙට් යානා 29 ක්, හෙලිකොප්ටර් 29 ක් සහ සන්නද්ධ වාහන 816 ක් විනාශ කර ඇති බවයි.
Read Moreරුසියානු හමුදා යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන ඛාර්කිව් වෙත ඇතුළු වී ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
Read Moreබගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (26දා) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වි ඇත.
Read Moreශ්‍රී ලංකන් ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වට්ටෝරුවක් හඳුන්වාදීමට එම සමාගම කටයුතු යොදා තිබෙනවා.
Read Moreදියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දුන්නේය. නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාව අද (25දා) නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කළේය.
Read Moreබෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීම ඊයේ (24දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.
Read Moreලෝක බාලදක්ෂ දින සැමරුම හා ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්‍රදානය අද (23දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
Read Moreවගාව මේ මට්ටමට ගෙන එන්න විතරක් රුපියල් ලක්ෂ 12 කට වැඩිය ගියා. වල් අලින්ගෙන් වගාවන් ආරක්ෂා කරගන්න ඉඩම වටේ අලි අගල් අරින්න තවත් ලක්ෂ 5 ක් විතර වියදම් වුණා. සේරම ගනන් බලපුහාම ලක්ෂ 17 ක් විතර වගාවට වියදම් කරලා මගේ මහන්සිය නැතුව.
Read Moreඅබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණයකර, ධාවනයට එක් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
Read More