එංගලන්තයේ නෙතර්වොන් (Netheravon) හී එංගලන්ත හමුදා පැරෂුට් සංගමයේ (British Army Parachute Association) පැරෂුට් පථයේ පවා ශ්‍රී ලංකා නාමය බබලවමින් රන් පදක්කම් දිනාගැනීමය සමත්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරයින් අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැවති පැරෂුට් පුහුණු සැසියකදී මෙරට ප්‍රථම වරට පැරෂුට් (canopies) 11 ක් උඩු ගුවනේ එක පෙළට
13 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (19දා) අභිමානවත්ව හා ඉතා චාම් අයුරින් පැවැත්විය.
Read Moreයුද්ධයේ දී තුවාල ලැබූ සොල්දාදුවෙකු වශයෙන් මම ඔබේ වටිනා ජීවිතයේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සෑම දෙයක්ම කරනවා යැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධයෙන් ආබාධිත තත්වයට පත්ව සිටින රණවිරුවන් අමතමින් පැවසීය.
Read Moreබ්‍රිතාන්‍යයේ ටැටන්නෝ පළාත නියෝජනය කරමින් මිල්ටන් කේන්ස් කවුන්සිලය (Milton keyns council) සඳහා කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් පළාත් මැතිවරණයට ඉදිරිපත් වු ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ්. ජේ. ඒම්. මුසම්මිල් මහතාගේ දියණිය වන ශස්නා මුසම්මිල් මහත්මිය එයින් ජය ගත්තාය.
Read More2021-2022 වර්ෂය සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය අද (17දා) දින අලුයමින් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති , පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසිය.
Read Moreහදුනානොගත් සත්වයෙක් මාතර මිදිගම ප්‍ර දේශයේ සිටියදි අද (16දා) සොයාගත් බව ගමිවාසිහු පවසති. මිදිගම ගමිමාන කිපයක සැරිසරා ඇති මෙම සත්වයා හේතුවෙන් ගමිවාසිහු බියට පත්ව සිටි අතර මේ හේතුවෙන් ගමේ තරුණයන් පිරිසක් ඊයේ (15දා) සිට මෙම සත්වයා සෙවිමේ කටයුතුවල නිරත වි තිබුණි.
Read Moreමොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ හිටපු අක්ෂි විශේෂඥ වෛද්‍ය සංජය සුමිත් කුරැප්පු මහතා ඉකුත් 14 දා බුත්තල බුදුගල්ලෙන ආරන්ය සේනාසනයේදි පානදුරේ ධමිම සරණ නමින් පැවදි දිවියට එළඹුනහ.
Read Moreශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබේ. මෙහිදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම පිළිබඳව සුබ පැතුම් එක්කිරීමට ගෝපාල් භගලේ මහතා කටයුතු කර තිබේ.
Read Moreවැලි යොදාගනිමින් නිර්මාණ කරන ඉන්දීය ජාතික සුදර්ශන පට්නායික් ලෝකය පුරා ප්‍රසිද්ධ පුද්ගලයෙකි. සුදර්ශන් ශ්‍රි ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව නිර්මාණයක් ඉදිරිපත් කර තිබේ.
Read Moreතංගල්ල කාර්ල්ටන් නිවෙස ඉදිරිපිටදී මේ වන විට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් පැවැත්වේ. ආණ්ඩුවට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සිදුකෙරේ.
Read Moreතරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. නව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු තරගාවලිය මෙය වෙයි. ටෙස්ට් තරගාවලිය මීර්පූර් හා ඩකා හිදි පැවැත්විමට නියමිතව තිබේ.
Read Moreජනපති, අගමැති, ප්රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු පිරිස පැවැත්වූ හර්තාල් ව්‍යාපාරයට සහය පළ කරමින් අද (06දා) එප්පාවල නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දමමින් හා රාජ්‍ය, අර්ධ රාජ්‍යය හා පුද්ගලික ආයතන වසා දමා, කළු කොඩිද ඔසවා විරෝධතාවක නිරත වූහ
Read Moreවසර 69කට පසුව ලංකා ඉතිහාසයේ පැවති දැවැන්ත හර්තාල් ව්‍යාපාරය අද (06) දිනයේ පැවැත්වුණි. මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් එක්ව සිටි අතරම දිවයින පුරා ගම්වාසීන්ද මෙම දැවැන්ත හර්තාල් ව්‍යාපාරය සඳහා සහභාගි විය.
Read Moreරණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැළඳවීම අද (06දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරිණි.
Read Moreහොරු ගෝ ගම ලෙසින් තවත් ගෝ ගමක් පාර්ලිමේන්තුව අසළ ස්ථාපිත කිරීමට අරගලකරුවන් කටයුතු කර තිබේ. ඊයේ රාත්‍රි යේ සිට අද උදෑසන දක්වා මෙම ගෝ ගම නිර්මාණය කිරීම සිදු කෙරිණි. අද පාන්දර පතිත වූ අධික වර්ෂාව මධ්‍ය යේ වුවද විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.
Read Moreනියොජ්‍ය කථානයකධුරය පත්කර ගැනීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමෙදී තමන් ඡන්දය ප්‍රකාශ කළේ කාටදැයි සිය ඡන්ද පත්‍රකාව ආණ්ඩු පක්ෂය දෙසටත් විපක්ෂය දෙසටත් පෙන්වීමට කටයුතු කළේය.
Read Moreඑක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍ය වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා භට පිරිස් විසින් යුද හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය ආචාරය පුද කිරීම අද (04දා) දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.
Read Moreවිශේෂ අවශ්‍යතා ඇති තරුණියන් 5 දෙනෙක් හා තරුණයන් 5 දෙනෙක් එකම මොහතක පෝරුමස්ථකාරූඩවී දෑගිලි බැඳ සියළු මංගල චාරිත්‍ර සහිතව විවාහ වීමේ දුලබ මංගල උත්සවයක් බණ්ඩාරවෙල නාමල් හොටලයේදී ඉකුත් 29 දා පැවැත්විණ .
Read Moreජනපති ප්රමුඛ ආණ්ඩුවට ඉවත් වන ලෙස සඳහන් කරමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ ක්‍රියාත්මක කරන අරගලය 22 වැනි රාත්‍රියටත් ක්‍රියාත්මක වෙයි. අරගලයට සහාය දක්වමින් විශාල පිරිසක් ජනපති ලේකම් කාර්යාලය අසළට රැස්ව සිටියි.
Read Moreරුපියල් ලක්ෂ ගණනාවක් වැය කර කැස්බෑව වැව වටා ඉදිකරන ලද ඇවිදින මං තීරුව කිසිදු දේශපාලනඥයකුගේ සහභාගිත්ව කින් තොරව කුඩා දරු දැරියක විසින් ඊයේ (28දා) සවස විවෘත කරන ලදී
Read Moreශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට අද (29දා) වසර 40 ක් සපුරයි.
Read Moreරාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශ සේවකයන් අද දිනයේ පවත්වන වැඩ වර්ජනයට සහාය දක්වමින් ආයෝජන ප්‍රවර්ධන කලාප හා අපනයන සැකසුම් කලාප සේවකයන්ද විරෝධතා සංවිධානය කර තිබේ. මේ අනුව කොග්ගල හා වතුපිටුවල කලාප වල සේවකයන් විරෝධතාවක නිරත වෙයි.
Read Moreබීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව චාඕයැංග් දිස්ත්‍රික්කයේ සුප්‍රකට ෂීයු ෂුයි වීදියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළේ ය.
Read Moreජිවන වියදම ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම, ගෑස් මිල ඉහල දැමිම , ගෑස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ගණනාවක් එක්ව අද (28) දින ආරම්භ කර ඇති වැඩ වර් ජනයට සහයෝගය දක්වා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වල වෙලදසැල් වසා දැමිමට වෙලද සංගම් පියවර ගෙන ඇත.
Read Moreසමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පා ගමන අද (26දා) පෙරවරු 10:30 ට මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටින් ආරම්භ විය .
Read More(LONG READS)බ්‍රිතාන්‍යයන් විසින් උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ඇතැම් ගොඩනැගිලි සඳහා වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කර ඇත. කාලයත් සමග එම ගොඩනැගිලිවල විවිධ වෙනස්කම් සිදුවුවද, ඉතිරිව ඇති ඇතැම් ගොඩනැගිලිවලට සංචාරක වටිනාකමක් ඇත. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයද බ්‍රිතාන්‍යයන් ඉදිකරන ලද්දේ වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියේ අරගලයක යෙදී සිටින ජනතාව විසින් ඒම පරිශ්‍රය ගෝඨාගෝගම ලෙසින් නම් කිරීමට කටයුතු කරනු ලැබීය. එයින් පිරිසක් මේ වන විට කොළඹ අරලිය ගහ මන්දිරය ආසන්නයේද කඳවුරු බැදගෙන සිටියි.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවය සඳහා සහය පළ කරමින් මෙරට ලේඛකයන් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සහාය දක්වමින් අන්තර්විශ්වවිද්‍යාල ශිෂය බල මණ්ඩලය අද දිනයේදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.
Read Moreපාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (22දා) උදෑසන ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
Read More