saravita-anim2

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා

Picture Story - timelapse 3359 hours ago

LATEST

ලෝකයේ විශාලම මගී ගුවන් යානය කටුනායකට එයි

calendar_today 2023 මාර් 05 - 08:10 remove_red_eye - 1562  

ඩුබායි ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා මෙම ගුවන් යානයට එකවරම ඩුබායි ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට අපහසු වුවහොත් , එම ගුවන් තොටුපළ අහසෙහි මෙම ගුවන් යානයට වට කීපයක් ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් ලබා ගැනීමට මෙම ගුවන් යානයේ ගුවන්

වරකාපොල නගරයේ අද අලුයම සිමෙන්ත් ප්‍රවාහනය කරන ට්‍රක් රථයක ටයරයක් පුපුරා යාම හේතුවෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නි්ෂ්පාදනය කරමින් කොඩ් ජෙන් ආයතනය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථය වන වේගා මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.

Read More

කරුවලගස්වැව එගොඩපිටිය පෙරියවිල්ලුව වැවේ මඩේ එරි ගොඩ ඒමට නොහැකි වු තනියා නැමති සද්ධන්ත වල් අලියකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වි ඇති බව කරුවලගස්වැව වනජීවි නිළධාරින් පවසයි.

Read More

සිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හෂිනි හේවගේ ඇය තරග කළ ඉසව්වේ රන් පදක්කම සහ සමස්ථ ශූරතාවය දිනා ගනිමින් අද (02) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

Read More

වවුනියාව,සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වනඅලි හතරදෙනකු බේරා ගැනීමට ඊයේ (27) සවස වවුනියාව වනජිවි නිළධාරීන් පියවර ගනු ලැබීය.

Read More

අධික ලෙස ඉහළ ගොස් ඇති විදුලි බිල තම බේකරි කර්මාන්තයට දැඩිව බල පෑ ඇති බවත් එය පාරිභෝගික ජනතාව මත පැටවිය නොහැකි නිසා බයිසිකලයේ ඩයිනමෝවෙන් විදුලිය ලබාගෙන ජනතාවට සේවය සලසන බවත් දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාන බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා පවසයි.

Read More

මෙවර පාසල් නිල ඇඳුම්වලින් 50%ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමට මුල දී එකඟතාව පළ කර තිබූ චීන රජය, තමන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරු ව කරනු ලැබූ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර දක්වමින් එම ප්‍රදානය 70% දක්වා වැඩි කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.

Read More

අද ජනතාවට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූවත් මෙය අපේක්ෂා කළ යුත්තේ කෙටි කලක් සඳහා පමණක් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ආර්ථිකය යහපත් තැනකට ඔසවා තැබීම මෙම වසර අවසාන වීමට පෙර සිදු කරන බව ද පැවසුවේය.

Read More

රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරේ.

Read More

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රිඩකයින් නවසිලන්ත සංචාරයට ප්‍රථම නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරිත්වයෙන් ඊයේ (18) දින සිට පුහුණුවිම් ආරම්භ කර ඇත.

Read More

නුවරඑලිය හාවාඑලිය බොරලන්ද ප්‍රදේශයේ රජයට අයත් අක්කර 10 පමණ ඉඩමක වගා කර තිබු එලවළු වගාවක් වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින් විසින් ස්කේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් විනාශ කිරිමට ඉකුත් (18) දින පියවර ගෙන ඇති බව එම ඉඩමේ එලවළු වගා කල ගොවින් කියා සිටියි.

Read More

නුවරඑළිය සිට කැප්පටිපොල සහ වැලිමඩ දක්වා ඩිසල් ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් නුවරඑළිය හග්ගල මහ වංගුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වීමෙන් එම බවුසර් රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහායකයා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බවත්, පෙරලුණු බවුසර් රථයේ ප්‍රවාහනය කළ ඉන්ධන කාන්දු වන බව නුවරඑලිය පොලීසිය පැවසිය.

Read More

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශයේ සිට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ජලය රැගෙන යන විශාල නලයක සති තුනක් තිස්සේ විශාල ජල කාන්දුවක් සිදු වන බවත්, එම ජල කාන්දුව නතර කිරිමට විදුලි බල මණ්ඩලය කිසිදු පියවරක් ගෙන නොමැති බව ජල කාන්දුව සිදු වන ස්ථානය අවට පදිංචිකරුවන් පවසයි.

Read More

මහ කන්නයෙ වී අස්වැන්න මේ වන විට පුත්තලමේ ගොවින් නෙළමින් සිටිති. නමුත් නෙළා ගන්නා අස්වැන්න තුට්ටු දෙකට මීලදි ගැනිමට මහා පරිමාන වී මුදලාලිලා තම තැරැව්කරුවන් හරහා සියලු කටයුතු කරමින් ඇත්තේ ගොවින් මාස හතරකට ආසන්න කාලයක් විවිධ බාධක මැද තම දහඩිය වගුරමින් සරුකල අස්වැන්න බව ඔවුහු පවසති.

Read More

මධ්‍යම කඳුකරයට සති කීපයක් තිස්සේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

Read More

අද බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින බවත් වී අස්වැන්න වැඩිවුණත් සහල් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නැති කොටසක් සිටින බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් සහ රත්නපුර මාර්ගය ඔස්සේ ඊයේ දින සිට (10) දින විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණිම නිසා ශ්‍රි පාද මාර්ගයේ වන්දනාකරුවන් දිගු පොලිම් වල රැදි සිටින බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

Read More

තල්මස් විශේෂයක් අද (11දා) අලුයම කන්දකුලිය කුඩාව වෙරළ තිරයට පැමිණ සිටියදී ධීවරයින් හා වනජීවි, නාවික,පොලිස් කන්ඩායම් සමග විදේශීකයින් පිරිසක් එී නැවත මහ මුහුදට රැගෙන යාමට කටයුකු කල බව කල්පිටිය වනජීවි කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ වගා කරන කටු අනෝදා සඳහා ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, චීනය, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, හොන්කොන්ග්, කැනඩාව , මාලදිවයින හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල් ගණනාවකින් ඉහළ ඉල්ලුමක් පවතී.

Read More

තුර්කියට හා සිරියාවට බලපෑ ප්‍රභල භූ කම්පන හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 10000 සීමාවට ආසන්න වෙමින් පවතී.

Read More

හබරණ තිරිකුණාමළය ප්‍රධානමාර්ගයේ 121 සැතපුම්ක ණුවට ආසන්නව පාරමැද වී බුදින වනඅලි රංචුවක් විදේශීය සංචාරකයන් රැගත් සෆාරි ජීප්රථ කණ්ඩායමකට දැකගැනීමට අවස්ථාවක් ඊයේ (07දා) පස්වරු හයයි තිහට පමණ උදාවී තිබූණි.

Read More

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගය හරහා ටොන් පහට වඩා බර අඩු වාහන වලට අද (08දා) දින සිට එම මාර්ගයේ රථ වාහන ධාවනයට මාර්ග සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් භාර විධායක ඉංජිනේරුවරයා විසින් අවසර ලබා දි ඇති බව නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

Read More

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් 2023.02.08 වැනිදා විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (06) පැවැත්වූ අතර කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

Read More

වසර දහයකට අධික කාලයක් දිඹුලාගල ඓතිහාසික පුල්ලිගොඩ රජමහා විහාරස්ථානයේ සිටී සුනකයෙකු 05 වෙනිදා නවම්පුර පසළොස්වක් පොහෝදා මියයෑමෙන් පසු ඓතිහාසික දිඹුලාගල ආරන්‍ය සේනාසනය අනුනායක අතිපූජ්‍ය සිංහපුර චේතියාලංකාර නාහිමියන් ප්‍රමුඛ සිල් සමාදන් වීමට පැමිණි උවැසි, උවැසියන් එම සුනඛයාට පාංශකූලය ලබාදී පින් පමුණුවමින් පෙට්ටියක බහා අවසන් කටයුතු කිරීමේ පුවතක් වාර්තා විය.

Read More

මුන්දලම සින්නපාඩුවේ මාදැලකට කොටු වු මිනිමුතු මෝරේකු ධීවරයින් විසින් 5 දින නැවත මුහුදට යැවිමට කටයුතු කර තිබු බව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.