saravita-anim2

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

Picture Story - timelapse 6914 hours ago

LATEST

ආනවිළුන්දාවේ කඩොලාන සිටුවයි

calendar_today 2020 සැප් 19 - 17:06 remove_red_eye - 1621  

මෙහිදි අදහස් දැක්වු වයඹ පරිසර හඩ සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසා සිටියේ ඉදිරියේදි සියලු ආයතන එක්වී ආනවිළුන්දාවේ කඩොලාන පැළ 25000 ක් සිටුවිමේ වැඩසටහනේ පළමු පියවර ලෙස මෙය ආරම්භ කළ බවයි.

උපන්දින සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ස්තූති කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහද කතාබහක නිරත වෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ බිරිද ලිමිණි රාජපක්ෂ මහත්මිගේ පළමු පුතුගේ උපත වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක් කළේය.

Read More

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද (17දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.

Read More

නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

කොළඹ ප්‍රධාන මාර්ග 4 ක මංතීරු නීති ක්‍රියාත්මක කිරීම පොලීසිය තීරණය කළා. මේ සම්බන්ධයෙන් රියදුරන් දැනුම්වත් කිරීමේ කටයුතු ඊයේ (13දා) සිදු කෙරුණා. මෙහෙදී පොලිස් කාන්තාවන් මෙම දැනුම්වත් කිරීම සිදු කරන පුවරු අතැතිව කොළඹ නගරයේ තැනින් තැන සිටිනු දැක ගත හැකි වුණා. අද සිට මංතීරු පැන්නොත් කළින් නොකිව්වයි කියන එහෙම පොලීසියට කියන්න රියදුරන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැති බවයි මෙයින් පෙනෙන්නේ.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙ ගිනි ගැනීමට ලක්වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමෙන් පසුව ඒ ආශ්‍රිතව පවතින තෙල් පැල්ලම මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.

Read More

ශ්‍රී ලංකාවට ආවේණික අධිසංරක්ෂිත සතුන් ,හා විදේශ පක්ෂීන් රැසක් මඩපාත නිවසක කූඩු වල රඳවා සිටියදී නිවෙස් හිමිකරු වන ව්‍යාපාරිකයා අද 10 අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි .

Read More

(නවතම ඡායාරූප) බොරතෙල් ප්‍රවාහන නෞකාවේ දෙවැනි වරටත් ඇතිවූ ගින්න පාලනය කිරීමෙන් අනතුරුව එම නෞකාවට මුදවා ගැනීමේ සමාගමේ නියෝජිතයන් ගොඩ වී ඇති බව වාර්තා වෙයි.

Read More

(නවතම ඡායාරූප)ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතී. දෙවැනි ගින්න ඊයේ ඇති වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බළකාය එක්ව ගින්න නිවීමේ කටයුතු සිදුකරමින් පවතී.

Read More

පාසල් වල අධ්‍යන කටයුතු අද (08දා) දිනසිට සමාන්‍ය පරිදි සිදු කරන ආරම්භ විය. සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශය විසින් නව පර්යේෂණ කෞතුකාගාරයක් විවෘත කළේය.

Read More

වසර 225 කට වඩා පැරණි ලන්දේසි යුගයේ ඉදිකරන ලද මුතුවැල්ල උමං මාර්ගයට විකල්පයක් වශයෙන් උතුරු කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ඉදිකරමින් පවතින නව මුතුවැල්ල උමං මාර්ගයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ අගනගර ආශ‍්‍රිත සංවර්ධන ව්‍යාපෘතියට (Metro Colombo Urban development) උපදෙස් ලබා දෙයි.

Read More

ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානයට අයත් දිවුලාන විල්ලුවේ මඩේ එරි සිටි කුඩා වනඅලි පැටියෙකු බේරා ගැනිමට පොලොන්නරුව වනජිවි කාර්යාලයේ වනජිවි නිළදාරින්ට හැකි වු බව පොලොන්නරුව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්. එම්. කේ. එස්. චන්ද්‍රරත්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවේ අලුත්ම ඡායාරූප ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබේ

Read More

‘ලෝකයේ හුදෙකලා අලියා’ ලෙස බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව සිටින ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට පරිත්‍යාග කළ කාවන් අලියා පාකිස්තානයේ සිට කාම්බෝජියාවට රැගෙන යාමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

සංගමන්කන්දට නාවික සැතපුම් 38ක් දුරින් ගිනි ගෙන ඇති තෙල් නැවේ ගින්න මේ වන විට ක්‍රමයෙන් ව්‍යාප්තවෙමින් පවතී.

Read More

රාවනා කඳු වැටියට මේ දින වල උදේ සවස පතිත වන ධාරානිපාත වැස්ස නිසා පසුගිය දින වලදි වියළි ගොස් තිබුන රාවණා දිය ඇල්ල ජලයෙන් පීරි පවතී.

Read More

වැල්ලවාය කොස්ගහවෙල කොටිගංබොක්ක තිරිවානා නිධිය කැණීම් කටයුතු විදිමත් ව හා පරිසර හිතකාමීව සිදු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01දා) එම ප්‍රදේශයට ‍ගොස් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිිිිිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි හා තද සුළං තත්ත්වයක් ඇතිව තිබේ.

Read More

මැදිරි දෙසීයක් පිළිසකර කිරීමේ ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රි පුද්ගලික සමාගම එක්ව තැපැල් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවට ගැලපෙන ලෙස වැඩ නිමවූ වසර තිස් එකක් ඉපැරණි තැපැල් දුම්රිය මැදිරිය එකසිය හැත්තෑ තුන්වෙනි මැදිරිය ලෙස පසුගියදා බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියට එක් කරනු ලැබීය.

Read More

රුසියානු සමූහාණ්ඩුවට අයත් “අද්මිරාල් ට්‍රිබක්” සහ ” අද්මිරාල් විනොග්‍රදොව්” යන ප්‍රති සබ්මැරීන යුධ ‍ නෞකා ද්විත්වය සහ “බොරිස් බුටෝමා” යන සැපයුම් නෞකාව ඊයේ (31දා) හම්බන්තොට වරායට සේන්දු විය.

Read More

එහි බිම් මහල වර්ග අඩි 40,000කි. අධි සුඛෝපබෝගී නිවාස 404කින් සහ ඉහළ ප්‍රමිතියේ සාප්පු සංකීර්ණයක් ඊට අයත්ය. කුළුණු දෙකකින් යුත් අල්ටයර් සංකීර්ණයෙහි එකක් මහල් 68 කින් සහ අනෙක මහල් 63කින් සමන්විත වේ.

Read More

වන සම්පත අපගේ පරිසරයට අවශ්‍යම දෙයකි. වන සම්පත යනු ගස්වැල්, ඇළදොළ ආදියෙන් පිරුණු සුන්දර පරිසරයකි. අතීතයේ මිනිසුන් ආහාරපාන සහ නිවාස තනා ගත්තේද ගස් බෙනවලිනි. ඒ කිසිවක් නිසා නොව පරිසරය ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් වර්තමානයේ මිනිසා ගහකොළ, සතා සිවුපාවා ආරක්ෂා කර ගැනීම පසෙක තබා විනාශ කිරීමට මූලිකත්වයක් දී කටයුතු කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කොටුව පාවෙන වෙළද සංකිර්ණය කඩිනමින් පිළිසකර කිරිමේ කටයුතු ඊයේ (24) දින ආරම්භ කෙරිණි.

Read More

ඇල්ල රාවණා ඇල්ල අසළදි අද උදේ වෑන් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් තිදෙනෙකු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි.

Read More

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ හිටපු අමාත්‍ය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි බංගලාවේ හටගත් ගින්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන බව නුවරඑළිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත මුහුණු ආවරණ 30000ක් හා කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමේ පණිවිඩ ඇතුළත් පොස්ටර් 21000ක් ලබාදීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.

Read More

(FULL LIST) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්

Read More

මිරිජිජවිල ඉදිකර ඇති මෙන්ම ගූගල් සිතියම හරහා බැලීමේදී CHINA SW යනුවෙන් පෙනෙන ගොඩනැගිලි සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (09) දින උදැසන සිට (10) දින අලුයම තෙක් පැවති අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වයක් පැවතිණ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.