දකුණු ආසියානු රටවල සුවිශේෂී මාධ්‍ය මෙහෙවරක් ඉටුකරනු ලබන මාධ්‍යවේදීන්ට පිදෙන ඉන්දියාවේ ඓතිහාසික කවියෙකු සහ සාහිත්‍ය දරයෙකු, මාධ්‍ය වේදියෙකු වන යුගල් කිෂෝර් ශුක්ලා (Yugal Kishor Shukla International Journalist Award) නමින් පිදෙන ජාත්‍යන්තර මාධ්‍යවේදී සම්මානය 2025 වසරේ සම්මානය SAARC මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ශ්‍රී ලංකාවේ සභාපති මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාට ලැබී තිබේ.
මෙම සම්මානය ලබාදී ඇත්තේ ආසියානු රටවල සාමය සහ සහයෝගිත්වය සදහා කලාපිය ජනමාධ්‍ය වේදීන්ගේ කාර්යභාරය මැයෙන් SAARC මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය මගින් අප්‍රේල් මස 25 සහ 26 යන දිනවල ඉන්දියාවේ ජයි පූ ර් හි APEX ඇපේක්ස් විශ්වවිද්‍යාලයේදී පැවැත්වූ ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණයට සමගාමිව වේ.
දකුණු ආසියාවේ මාධ්‍යවේදීන් සඳහා ඔවුන් විසින් සිදුකෙරෙන සුවිශේෂී මාධ්‍යමෙහෙවරට ෙගෞරව කිරීමක් ලෙස මෙම ජ්‍යාත්‍යන්තර සම්මානය ලබාදෙනු ලබයි, එමෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්වෙදියෙකු හට මෙම ජ්‍යාත්‍යන්තර සම්මානය හිමිවූ ප්‍රථම අවස්ථාවද මෙය විය.
ආසියානු රටවල් ප්රමුඛව තවත් රටවල් කීපයක ජනමාධ්‍යවේදීහු සහ ඉන්දියානු ජායි පූර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන් මෙන්ම එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් මෙන්ම ඉන්දියාවේ මාධ්‍ය ශේෂ්ත්රයේ ප්‍රවීනයන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාධ්‍යවේදීන් වන රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, කාංචන කුමාර ආරියදාස,ප්‍රගීත් ජනක රුපසේන, දුමිදු මදුවන්ත යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

