ලංකාව මෙතරම් පාදඩ රටක්, එනම් ගුණ නුවණින් හා විනයෙන් පිරිහුණු රටක් බවට පත්ව තිබෙන්නේ ඇයි? යන සාධාරණ පැනය බොහෝ අය තුළ ඇතිවීම සාධාරණය. විශේෂයෙන්ම දියුණු රටවල්වලට ගොස් එම රටවල අත්දැකීම් ලබා එන පුද්ගලයන්ට අපේ රට පෙනෙන්නේ භෞතික සුන්දරත්වයකින් යුක්ත නමුත් පුද්ගල විනය පැත්තෙන් අතිශයින් සෝචනීය රටක් ලෙසය.
පාර පැනීමේ සිට ජනාධිපති තෝරා ගැනීම දක්වා තර්කානුකූල ප්‍රා‘යෝගික ඥානයෙන් යුක්තව කටයුතු නොකිරීම අපේ රටේ පුරවැසියාගේ මූලික ලක්ෂණයකි. බොහෝ විට ඔවුන්ට ඒ සඳහා හදවතින්ම නැග එන අභිලාෂයක් නැත. පවුලෙන් පාසලෙන් ඒ දේවල් ආත්මයට එන්නත් කර නැත. නීතිගරුක වීම කිසිසේත්ම හදවතේ නොමැති අතර, බෙහෙවින්ම ජනප්‍රිය ක්‍රමය වී ඇත්තේ හැමදේම හොර පාරෙන් හා ඇඳුනුම්කමින් ඉටුකර ගැනීමය.
මෙය අපේ ජාතික ප්‍රතිපත්තිය වී ඇති අතර අල්ලස හා විවිධ වර්ගවල දූෂණ ක්‍රියාත්මක වන්නේද මෙම භයානක ජාතික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙසය.
ලංකාවේ පස්ස දොරෙන් කරන බොහෝ දේවල් දියුණු රටවල සිදුකෙරෙන්නේ නිශ්චිත ක්‍රම‘වේදයකට අනුවය. එම රටවල් දියුණු ඒවා යැයි හඳුන්වන්නේම එබඳු ක්‍රම‘වේදයක් ක්‍රියාත්මක වන නිසාය. එම ක්‍රම‘වේද දිගුකාලීනව විධිමත්ව ගොඩ නැගුණු ඒවා වන අතර, එම රටවල් සංවර්ධිත රටවල් යැයි නම් කෙරෙන්නේ එම ක්‍රම‘වේද නිර්මාණය කරගැනීම නිසාමය. ක්‍රම‘වේද ගොඩනැගීම, රැකියා ලබාදීම, මාරු ලබාගැනීම වැටුප් වර්ධක වැනි මිනිස් ජීවිතයට අතිශයින්ම තීරණාත්මක දේවල්වල සිට පාර පැනීම, ලයිට් ගැනීම, පාරට තාර දැමීම, ගෙදරට වතුර ගැනීම වැනි ලංකාවේ පස්ස දොරෙන් කරගත යුතු දේවල් සම්බන්ධයෙන්ද මෙය ක්‍රියාත්මක වේ.
මෙබදු දේ සඳහා ක්‍රම‘වේද නිර්මාණය කිරීමත් සමග පුරවැසියාගේ ජීවන යාත්‍රාව පහසු වේ. මානසික සමබරතාවයක් ඇතිවේ. කෝපය, වෛරය, ආසමානතාවය නැතිවී තමාට සමාන ලෙස සලකන්නේය යන අදහස ඔහු කරා පැමිණේ. මේ වනාහි සංවර්ධනය සඳහා අතිශයින්ම අවශ්‍ය මූලික වශයෙන් සපුරාලිය යුතු අවශ්‍යතාවකි.
ක්‍රමවේද නිර්මාණය කිරීම සඳහා දියුණු දේශපාලන සාකච්ඡාවක් අවශ්‍ය වේ. එබඳු සාකච්ඡාවක් සඳහා කුලය, ප්‍ර‘දේශය, ජාතිය, ආගම, ලිංගභේදය වැනි සාධක පිළිබඳ විධිමත් හා යථා දැනුමෙන් යුක්ත වූ කියවීමක අවශ්‍යතාව මතුවේ. දියුණු රටවල් දියුණු වන්නේ ජාතික වශයෙන් එක්සත් වෙමින් ඉහත කී භේද සැලකිය යුතු මට්ටමෙන් දුරුකර ගැනීමෙනි.
පසුකාලීනව ඒවා යම් තරමකින් පැවතියත් සිදුවන්නේ මුලින් තැනූ ශක්තිමත් ජාතික රාමුව නිසා ඒවා නරක ලෙස යටපත් වීම සිදු නොවීමයි. ලංකාව වැනි රටවල ක්ර‘මවේද නිර්මාණය කිරීමට තිබෙන අපහසුව වන්නේ ජාතික රාමුවක් නිර්මාණය කර ගැනීමට අපොහොසත් වීමයි. බොහෝ විට පාලකයන් මෙන්ම පුරවැසියන්ද නෙත් අයාගෙන සිටින්නේ තමන්ගේ ප්‍ර‘දේශයට සහ තමන්ගේ මිනිස්සුන්ට තමන් පැමිණි කල ඉටුකරගත හැකි වැඩ ප්‍රමාණය පිළිබඳවයි. මන්දයත් ඒ ඒ ප්‍ර‘දේශවල සැබෑ අවශ්‍යතා අනුව ගොඩනගන සැලසුම් අප සතු නොවන නිසාය.
මේ ඛේදවාචකය දිගින් දිගටම විවිධ පාලකයන් අත අඛණ්ඩව ගලායන වේදනාකාරී ක්‍රියාවලියකි. ඒ සඳහා පුරවැසියන්ගේද නොමඳ සහයෝගය ලැබී ඇති අතර, ඔවුහු ඉමහත් අභිරුචියෙන් තම කණ්ඩායම සහ ප්‍ර‘දේශය වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයන් වන්දනා කරති.
ලංකාව නිදහස් අරගලයේදීම බෙදී තිබුණු රටකි. හලාවත සංගමය, යාපනය සංගමය, උඩරට පහතරට, නියෝජනය ආදී ලෙස මෙම බෙදීම් දේශපාලන කරළිය තුළ ප්‍රකාශයට පත්විය. ඒවා පසුකලෙක නාමිකව නැති වුණත් බොහෝ ආයතනවල ඇත්තටම වැඩ කරන්නේ මෙම ක්‍රමයට අනුවය. වැඩේ ඇත්තටම කෙරෙන්නේ මෙම පදනමින් බව කවුරුත් දනිති. ඒ අනුව කටයුතු කරති.
මේ තත්ත්වය හැම ආණ්ඩුවක් යටතේම, හැම පාලකයෙක් යටතේම ක්‍රියාත්මක වන අතර මෙය නැවැත්වීම සඳහා විධිමත් සාකච්ඡාවක් තවමත් ආරම්භ වී නැත. මේ අනුව ලංකාවේ සංවර්ධනය සැබෑ ආර්ථිකයෙන් නිර්මාණය කිරීමට නම් කළ යුත්තේ ලංකාව මෙම අගතිගාමී පාදඩ බෙදීම්වලින් වළක්වා ගනිමින් ප්‍රබල ක්‍රියාවලියක්, විශේෂයෙන්ම සෑම දෙයක් සඳහාම නිශ්චිත ක්‍රමවේදයක් නිර්මාණය කිරීමයි.
ක්‍රමවේදයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රථමයෙන්ම කළ යුත්තේ විධිමත් සාකච්ඡාවක් නිර්මාණය කිරීමය. එයට මූලික වශයෙන් දේශපාලනඥයන් පමණක් නොව පුරවැසියන්ද තීරණාත්මක නිර්භය පියවර ඉදිරියට තැබිය යුතුය. දේශපාලන සාකච්ඡාවල කේන්ද්‍රීය අක්ෂය බවට ක්‍රමවේද නිර්මාණය කිරීම පත්කළ යුතුය. දේශපාලනය යනු එයයි. සංවර්ධනයේ සැබෑ දිශානතිය එයයි. ක්‍රම‘වේද නිර්මාණය කිරීම මෙරට සංවර්ධනයේ භෞතික ව්‍යුහ සමග සමාන්තරව ගමන් කළ යුතුව පවතී. ඇතැම්විට භෞතික දෑ නිර්මාණය කිරීමටත් වඩා ක්‍රමවේද නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ප්රබලය.
ක්‍රමවේද නිර්මාණය කොට ඒවා සුරක්ෂිතව පවත්වා ගෙන යන රටක පස්ස දොරෙන් වැඩ කටයුතු කිරීමේ අවශ්‍යතාව පැනනොනගී. එම නිසා ද්විපුද්ගල අසමානතාව පිළිබඳ පවතින යම් ආකාරයක ඛේදජනක තත්ත්වයක් එම රටින් දුරින්ම දුරු කළ හැකිය. ලංකාවේ දැනට උද්ගතවී තිබෙන භයානක පාදඩකරණය ජයගත හැක්කේ විධිමත් ක්‍රම‘වේද නිර්මාණය කර ගැනීමෙනි. ඒ නිසා මේ මොහොතේ අපේ සංවර්ධනයේත්, දේශපාලනයේත්, කේන්ද්‍රීය කටයුත්ත විය යුත්තේ ක්‍රමවේද නිර්මාණය කරගැනීමයි. ඒ සඳහා නව සාකච්ඡාවක් ඇරඹීමයි.