Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
සාමාන්‍ය පෙළ කරන කාලේ මට හිතුණා ඇයි මං ලංකාවේ ඉපදුණේ කියල. ඒ නිසා මගේ හීනය වුණේ යුරෝපයට යන එක. මගේ ජීවිතය, ජීවන විලාසිතාව, මගේ සංස්කෘතිය තියෙන්නේ යුරෝපයේ කියලයි මම හිතාගෙන හිටියේ. දිව්‍ය ලෝක, සතර අපාය, මනුෂ්‍ය ලෝක මේ ඔක්කොම තියෙන්නේ මේ ලෝකේ. ඒකයි මගේ මතය වුණේ. මොකද බුදුදහම ගැන මං ඒ කාලේ දැනන් හිටියේ නැහැ. යුරෝපය දිව්‍ය ලෝකයක්, අප්‍රිකාව අපායක් කියලයි මමත් හිතුවේ. ඒ නිසා යුරෝපයට යන්න මං අවසර ඉල්ලුවත්, මුලින් අම්මා මට අවසර දුන්නේ නැහැ. මොකද මම තමයි පවුලේ එකම ළමයා. පස්සෙ අම්මා අවසර දුන්නා. ඒ අනුවයි මම විදේශගත වෙන්නේ.
ඔව්. මට ඇය මුණගැහෙන්නේ බෙල්ජියමේදී. ඇගේ නම ක්‍රිෂ්ණවේණි. ඇය හම්බවෙද්දිත් මට ආදරය ගැන හුඟක් අත්විඳීම් තිබුණා. අනික උසස් අධ්‍යාපනය ලබන කාලෙත් වැඩියෙන්ම මට ඇසුරු කරන්න ලැබුණේ දෙමළ ජාතික මිතුරන්. ඒ හින්දා ඔවුන් ගැන අමුතු හැඟීමක් මට කොහොමත් තිබුණා. හැබැයි ඇය හමුවීම අහම්බයක්. අවසානයේදී අපි විවාහ වුණා. මුලදිම අපි එකඟතාවකට ආවා, ළමයින් හදන්නේ නැතුව ඉමු කියල. ඒක ඒ කාලේ ඒ තරම් අවබෝධයකින් කියපු කතාවක් නම් නෙමෙයි. සසර පුරුද්දට වෙන්න ඇති. ඒ නිසා ඇයත් පස්සේ ඒ තීරණයට එකඟ වුණා. කොහොමත් දරුවො හදන්න අපේ පවුල්වලින් බලපෑමක් ආවෙ නැහැ. ඒ නිසා නිදහසේ ජීවත් වෙන්නයි අපට ඕන කළේ. ඒ නිදහස අපට ලැබුණා. ඒ හින්දා රටවල් 17ක විතර අපි ඇවිද්දා. සතුට මොකක්ද කියල හෙව්වා. සමහර දවස්වලට රාත්‍රී සමාජ ශාලාවලටත් ගියා. ගෙදර පාටි දැම්මා. සතුට හම්බ වුණේ නැහැ. පෙළීම විතරයි අවසානයේ ඉතුරු වුණේ.
මම ලංකාවේ ප්‍රධාන බෞද්ධ ආයතනයකට ඒ කාලේ සම්බන්ධ වෙලා හිටියා. ඒ ආයතනයේ ශාඛා රාශියක්ම ලෝකෙ පුරා පවතිනවා. එහි ගුරු ස්වාමීන් වහන්සේගේ බණ අහන්න ලැබුණේ ඔය කාලෙදි. මේ අතරෙදි තමයි 2016 වසරේ ඔක්තෝබර් මස 05 වැනිදා අහම්බෙන් වගේ අන්තර්ජාලයෙන් ‘%ධර්මයයි ඔබයි’ යන නම යටතේ මට අපූරු ධර්ම දේශනාවක් හම්බ වෙන්නේ. පැය දෙකකට අධික බණක් නිසා මම ඒ කුතුහලයට ඒ ධර්ම දේශනාව එදා ඇහුවා. මම හිතන්නේ ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. මොකද මගේ ඉලක්කය වුණේ තුසිත දිව්‍ය ලෝකයට යන එක. එතැනින් එහාට යන්න ක්‍රමයක් මම දැනන් හිටියේ නැහැ. මගේ ජීවිතයේ අසාරත්වය එදා ඉඳන් මට වැටහෙන්න පටන් ගත්තා. නිර්වාණය වෙනුවෙන් මග පෑදෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි.
බිරිඳ කොහොමත් මුලින් දැනන් හිටියෙ නැහැ මම පැවිදිවෙන්න තීරණයක් අරන් ඉන්න බව. පස්සෙ ඇයත් කැමති වුණා මාත් එක්කම පැවිදි වෙන්න. මොකද ඇයටත් තේරුණා මේ ජීවිතයේ පවතින අසාරත්වය. අපේ වසඟයේ පවත්වන්න බැරි ස්වභාවය. ඒ වෙද්දි අපිට පුරවැසිභාවයත් ලැබිලා තිබුණේ. එහෙම තියෙද්දි තමයි අපි සියලු සැප සම්පත් අතහැරලා මේ තීරණය ගත්තේ. ඒ අනුවයි අපේ ගුරු ස්වාමීන් වහන්සේගේ ස්ථානයේදී මම පැවිදි වුණේ. 2009 දී මං ලංකාවෙන් ගියේ ආයේ නොඑන්න හිතාගෙන. ‘මගේ %මිනියවත් ලංකාවට ගේන්න එපා’ කියලයි මං එදා කිව්වේ. ඒත් හිතපු නැති විදිහට ඒක වෙනස් වුණා. තාත්තට නම් ඒ කාලේ වෙද්දිත් ධර්මය පිළිබඳ විශාල අවබෝධයක් තිබුණා. ඒ නිසා අපිටත් කලින් තමයි තාත්තගේ උපන් දිනය දවසේ තාත්තා පැවිදි වෙන්නේ. අම්මා පැවිදි වුණේ ඊට කලින් අවුරුද්දේ. අපි අපේ දේපළ ඥාතීන්ට නොදී එක්තරා පුණ්‍යායතනයකට ලබා දුන්නා.
ඔව්. එවැනි වැඩපිළිවෙළක තමයි මම නියැළිලා හිටියේ. මොකද මම ඉගෙන ගන්න හුඟක් දුක් වින්ඳ කෙනෙක්. අපේ තාත්තා මට තාත්තගේ තිබ්බ ඉඩම් විකුණලයි සල්ලි එව්වේ. ඒ තරම් අධික මුදලක් මගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය වුණා. අනික ලංකාවේ මුදලින් දෙමවුපියෝ විශාල මුදලක් කියල හිතාගෙන යුරෝපයට එව්වට ඒක යුරෝවලට හැරෙව්වම ඉතා සුළු මුදලක්. ඒ නිසා කෑම බීම, වාහන නඩත්තුව ආදියට ඒ මුදල මට ප්‍රමාණවත් වුණේ නැහැ. මගේ බිරිඳ උදව් කළේ ඒ හින්දා. බිරිඳත් ඉගෙන ගත්තේ හුඟක් අමාරුවෙන්. ඒ නිසා හොඳ රැකියාවක් ලැබුණම, විඳින්න පුළුවන් උපරිමයෙන් ජීවිතය විඳින්න ඕන කියලා මමත් හිතුවා. ඒ නිසා තමයි ඇඳුම් විලාසිතාවලට ප්රමුඛත්වයක් දුන්නේ. මම ඇන්දෙම ඉතා ඉහළ මට්ටමේ ඇඳුම්. එහෙම නැත්නම් යුරෝපයේ ජීවත් වෙන්න බැහැ. ඇඳුමින් තමයි අපිව විනිශ්චය කරන්නේ. වාහනවලටත් මම සෑහෙන්න ආදරය කළා. %ඔයා වැඩියෙන්ම ආදරේ මටද, වාහන වලටද’ කියලා බිරිඳ අහන තරමට ආදරය කළා. මොකද අවසානයේදී භාවිත කළ වාහනයත් ඉතා ඉහළ වර්ගයේ මෝටර් රථයක්. 2010 වසර වෙනකම්ම අරක්කු, සිගරට් පවා බිව්වා. බිරිඳට තෑගි අරන් දුන්නා. තරුණයෙක් විදිහට ඒ කාලේ විඳින්න ඕන සතුට ඕනෑවටත් වඩා මං වින්දා. නොකළේ මොනාද කියලයි මට පස්සේ කල්පනා වුණේ. ඒ තරම් වින්දා. හොඳ විවාහ ජීවිතයක් ගත කළා. හැබැයි ඒ කිසිම දේකින් මට දැන් ලැබෙන නිරාමිස සතුට ලැබුණේ නැහැ. ධර්මය අහද්දි තමයි මට තේරුණේ කිසිම දෙයක් බලෙන් අතහරින්න ඕන නැහැ කියලා. ඒ නිසා තමයි වෙළෙඳ භාණ්ඩයක් විදිහට විකිණෙන මගේ ගිහි ජීවිතෙත් අතහැරෙන්නේ. ඒකයි මට අද සියලු සැප සම්පත් අතහැරලා ඉතා කුඩා ටකරන් කුටියක, ඉටිකොළවලින් වහගෙන ජීවත් වෙන්න හැකියාව ලැබිල තියෙන්නේ. දවසට එක වේලක් පමණක් දානය වලඳන්න හැකියාව ලැබිලා තියෙන්නෙත් ඒ හින්දා. පිණ්ඩපාතේ වඩිද්දි මිනිස්සුන්ගෙන් බැණුම් ඇහුවත් ඉවසන්න ශක්තිය ලැබිල තියෙන්නෙත් ඒ හින්දා.විඳපු සැප සම්පත් ගැන පසුතැවිලි නොවන මට්ටමට ඇවිත් තියෙන්නේ. මම පැදපු ජාතියේ වාහනයක් මං ඉස්සරහින් දැන් ගියත් ප්‍රශ්නයක් නොවන තරමට, මං විලාසිතා කරපු ආකාරයේ තරුණයෙක් මං ඉස්සරහට දැන් ආවත් ප්‍රශ්නයක් නොවන තරමට අතහැරිලා කිව්වේ ඒකයි. අවුරුදු තිස් හයක්ම මම මොනාද කළේ කියල හිතෙන්නේ ඒ නිසා. අවබෝධයෙන් පැවිදි වුණා කියල කිව්වෙත් ඒකයි. බිරිඳත් ඊට හුඟක් උපකාර කළා. මොකද ඇය සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත්තු කලා සිසුවියක්. ඇය බෞද්ධ ශිෂ්ටාචාරයත් එක් විෂයයක් විදිහට ඉගෙනගෙන තිබුණා. ඒකයි අපි දෙන්නටම මේ ගමන එන්න ලෙහෙසි වුණේ. සංසාර ගනුදෙනුවක් පියවුණු අවස්ථාවක් වෙන්න ඇති. අනික අවුරුදු පනහක් මම ජීවත් වුණත්, උපරිම ජීවත් වෙන්න තියෙන්නේ දවස් දහ අටදාහයි. ඉතින් ඒ දවස් ටිකෙන් මම මොනව හොයන්නද? ඒක මට අවබෝධ වුණා. මොකද අතීතයේ සහ වර්තමානයේ නොලැබුණු සතුට අනාගතේදී ලැබෙයි කියල මම කොහොමද විශ්වාස කරන්නේ? ඒ නිසා තමයි අවුරුදු 69ක් තිස්සේ හින්දු ආගම අදහපු මගේ බිරිඳගේ අම්මට පවා ඒ අවබෝධය ලැබිලා පැවිදි වෙන්න අවස්ථාව සැලසුණේ.
ආදරය සුන්දරයි. ඒත් ඒ කාම ලෝකයට සාපේක්ෂව. මොකද මමත් ඒ විදිහට දෙතුන් වතාවක්ම හිතපු කෙනෙක්. පස්සෙ තමයි අවබෝධ වුණේ ආදරය කියන්නේ තමන් කැමති විදිහක් හදාගෙන, තව කෙනෙක්ගෙන් තමන්ගේ කැමැත්තට අනුකූලව ලැබෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පවත්වාගෙන යන්නක් බව. මොකද කවුරුත් කාටවත් ආදරේ නැහැ. තමන් ආදරේ තමන්ට. ඒ නිසා බිරිඳටත් මම ආදරය කරල තියෙන්නේ ඇය නිසා මට ලැබෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහට. ඒක මට අවබෝධ වුණා.
ඔව්. මේ ලෝකේ හොඳම ආදරවන්තයන් දෙපළ තමයි සිද්ධාර්ථ - යශෝධරා කියන්නේ. සිද්ධාර්ථ සහ යශෝධරා දේවිය මනුෂ්‍ය ලෝකයට චුත වෙන්නේ එකට. ඒ තුසිත දෙව්ලොව ඉඳන්. ඉපදෙන්නෙත් එකට. යශෝධරා - සිද්ධාර්ථ කතාව පටන් ගන්නේ මීට අසංඛෙයිය කල්ප ලක්ෂ හතරක් සහ කල්ප ලක්ෂයකට කලින්. ඔවුන් දෙපළ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලය අභියස නියත විවරණ ලබන්නෙත් එකම මොහොතක. ඒ කාලේ යශෝධරාවන් ඉපදිලා හිටියේ සුමිත්‍රාවන් නමින්. එදා ඉඳන් එකටම ආපු ගමනක් මේක. මොකද සිදුහත් කුමාරයාගේ අරමුණ වුණේ බුදුවීම. යශෝධරාවන්ගේ අරමුණ වුණේ අරහත්භාවය ලැබීම. ඒ නිසා කුසලය සහ සත්‍ය සෙවීම වෙනුවෙන් උන්වහන්සේ ගිහි ගෙයින් නික්මීම එකපාර සිදුවුණු දෙයක් නෙමෙයි. ඒක යශෝධරාවන් කලින් දැනගෙන ඉඳල තියෙනවා. ඒ හින්දයි ඒ ගමනට යශෝධරාවන් සාධුකාර දුන්නේ. ඒ නිසයි උන්වහන්සේට විමුක්ති ශාසනය ගොඩනගන්න හැකියාව ලැබුණේ.
පුරුෂාධිපත්‍යය කියල දෙයක් බුද්ධ ශාසනයේ නැහැ. එහෙම තිබ්බා නම් භික්ෂුණී ශාසනය ආරම්භ කරන්න දෙන්නෙත් නැහැ. මාතෘ දිව්‍යරාජයාට ධර්මය දේශනා කරන්න උන්වහන්සේ වස් තුන් මාසයක් මහාමායා දේවිය දෙවියෙක් වී උපන් තව්තිසා දෙව්ලොවට වැඩියා. ඒ වගේම උන්වහන්සේ භික්ෂු ශාසනයේ නොයෙක් භික්ෂූන් වහන්සේලාට අගතනතුරු පිරිනමද්දී නොයෙකුත් භික්ෂුනීන් වහන්සේලාටත් අගතනතුරු පිරිනැමුවා. භද්‍රකච්චායනා මහා රහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පාන්නට භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ඉල්ලද්දී, උන්වහන්සේට නන් අයුරින් සෘද්ධි ප්රාතිහාර්ය පාමින් එතුමියගේ ශ්‍රේෂ්ඨත්වය ලෝකයාට විද්‍යාමාන කරන්න කියා අනුශාසනා කළෙත් තථාගතයන් වහන්සේ. ඒ නිසා තථාගතයන් වහන්සේ පහත්කොට සැලකුවේ කාන්තාව නෙමෙයි. පහත්, හීන දීන ගතිපැවතුම්. ඒ ගති දැකපු අවස්ථාවලදී උන්වහන්සේ කාන්තාවක්ද, පුරුෂයෙක්ද කියලා වෙන් කරන්නේ නැහැ. ඒ ගති පහත් කරලා අනුශාසනා කළා.
කිසිම හරයක් නැහැ. මොකද මම වැඩි කාලයක් යොදවලා තිබ්බෙ විනෝදය සඳහා. හැබැයි ඒ සැලසුමට අනුව ඒ කාලය, ධර්මාවබෝධය සඳහා යෙදවීමට හැකි වීම ගැන නම් දැන් මට සතුටුයි. අනික සැලැස්මකට අනුව ජීවිතේ සැලසුම් කරලා ඉලක්කය සාර්ථක කර ගත්තමත් අපි කරන්නේ ආයෙමත් සැලැස්මක් සකස් කර ගැනීම. ගිහි ජීවිතයක සාර්ථකත්වයේ ඉමක්කොනක් නැහැ නේද? එතකොට මේක කවද්ද ඉවර වෙන්නේ? කවුද මරණය වෙනුවෙන් සැලසුම් සකස් කරන්නේ? මරණය ගැන හිතන්නෙවත් නැහැ. දවස් දහ අටදාහක් වෙනුවෙන් නාස්ති වෙන එකයි කරන්නේ.
ඔව්. අපිට සද්ධර්මය අවබෝධ කරගන්නට හැකිවෙන්නේ ප්රඥාවතුළින්. හැබැයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වශයෙන් ඉන්ද්‍රීය ධර්ම පහක් තියෙනවා. ඒ ඉන්ද්‍රීය ධර්ම පහම පූර්ණ වශයෙන් වැඩුණට පස්සේ තමයි අරහත්භාවයට පත්වෙන්නේ. එක් එක් අයගේ ඉන්ද්රිය වර්ධනය වෙලා තියෙන විදිහ වෙනස්. ඒ අනුවයි ඒ ඒ කෙනා ධර්මයේ හැසිරෙන්නේ. මට පේන විදිහට වර්තමානයේ වැඩිපුර ඉන්නේ ශ්‍රද්ධා ඉන්ද්රිය වර්ධනය වුණු පිරිස්. එහි අදහස ප්‍රඥා චරිත නැහැ කියන එක නෙමෙයි. මොකද නිර්වාණය සඳහා ඒ ඉන්ද්රිය පහම පූර්ණය කරගත යුතුයි.
අනිවාර්යයෙන්ම. මේ ලෝකේ බිහිවුණු හොඳම විද්‍යාඥයා භාග්‍යවතුන් වහන්සේ. බුද්ධ ආඥාව කෝටි ලක්ෂයක් සක්වළකට විහිදවනවා කියල මුලින්ම ආලෝකය ගැන කතා කළේ උන්වහන්සේ. Skype තාක්ෂණය මුලින් හොයාගත්තේ උන්වහන්සේ. දිබ්බ චක්ඛු සහ දිබ්බ සෝත හරහා ඈත ඉඳන් උන්වහන්සේ සන්නිවේදන කටයුතු කළා. උන්වහන්සේ සෘද්ධියෙන් වඩිද්දි අපි පසුකාලීනව තමයි ගුවන් ගමන් යන්නේ. ඒ නිසා විද්‍යාව දියුණුයි කියල කිව්වට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමින් සියයට පහක්වත් සොයාගන්න නවීන විද්‍යාවට නොහැකි වෙලා. අදාළ මොහොතට විතරයි විද්‍යාව ඇත්තක් වෙන්නේ. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්නේ බෞද්ධ දර්ශනය කියන්නේ දුක ගැන කතා කරන සෘණාත්මක දහමක් කියල. මොකද දැන් අපි ඉන්නේ මාර වසඟයේ. මාර ප්‍රශ්න එක්ක, මාර වැඩවල නියැළෙන්න වෙලා තියෙන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළේ ප්‍රඥාව ගැන. දුක සහ දුක්ඛාර්ය සත්‍යය යන්නෙහි වෙනස ගැන. ඒ ගැන නොදැනීමයි මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ ගැටලුව. ඒ අනවබෝධය මටත් ඒ කාලේ තිබුණා.
ඒ තත්ත්වය දැන් වෙනස්වෙමින් පවතිනවා. ඒ නිසා තමයි ලෝකෙ වටේ ගියපු, කැසිනෝ ගහපු, ජිම් ගිහින් ඇඟවල් හදපු, ක්ලබ් ගියපු ළමයි පවා දැන් පැවිදිවෙලා ඉන්නේ. ඒ හුඟක් අය බණවත් මීට කලින් අහපු අය නෙමෙයි. සිල්ගත්තු අය නෙමෙයි. සද්ධර්මය ප්රත්යක්ෂ වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔවුන් දැන් පැවිද්දට පෙළඹිලා ඉන්නේ. සමහර අයගේ පෙම්වතියෝ පවා පැවිදි වෙන්න බලන් ඉන්නවා. ඒ නිසා මේක ඉස්සරහට තවත් වැඩි වෙනවා. වෙනස් වෙනවා. මොකද බුද්ධ ශාසනයේ කොඳුනාරටිය තරුණ නියෝජනය. තරුණ පිරිස් තමයි බුද්ධ ශාසනය රැකගන්නේ. ඒ නිසා තමයි බුද්ධ කාලයෙත් බුද්ධ ශාසනයේ සියයට 75ක් විතර තරුණ පිරිස් නියෝජනය කළේ. ඒ නිසා ධර්මය විවර වෙමින් පවතින මේ මොහොතේ අප කළ යුත්තේ අතීතයේ සිදුවූ වැරදි ගැන පසුතැවීම නෙමෙයි. ධර්මය විසින් තමයි ධර්මය රකින්නේ. ධර්මය විසින් තමයි අපිව රකින්නේ.
මේ තරම් සුගතගාමී වෙන පිරිස් ඉන්න රටකුත් ලෝකෙ නැතුව ඇති. ඒ නිසා තමයි මෙහි පිරිසුදු දහම රැකිලා තියෙන්නේ. මොකද වසර පන්දහසක් පුරා මේ දහම රැකෙනවා. ඒ අධිෂ්ඨානය භාග්‍යවතුන් වහන්සේ කරල තියෙනවා. ඒත් ප්‍රඥාවන්තයන්ට පමණයි තමන්ගේ ජීවිතයට සද්ධර්මය ගළපගන්න පුළුවන් වෙන්නේ. බුද්ධ ශාසනය වෙනුවෙන් සාධුකාරයක් දුන්නත් ඒක අවසානයේදී ඉවර වෙන්නේ නිවනින්. හැබැයි මාර්ගඵලලාභීන්ගේ අඩුවක් තියෙනවා. ඒකෙ තේරුම මාර්ගඵලලාභීන් නැහැ කියන එක නෙමෙයි. එහෙම අය ඉන්න නිසා සහ බුද්ධ ශාසනයක් පවතින නිසා තමයි මෙහෙම හරි සද්ධර්මය ඇහෙන්නේ. ඒක ලෝකයේ හැම රටකටම උරුමවෙලා නැහැ. ලෝකයේ හොඳම සල්ලිකාරයා යුරෝපයෙන් බිහිවුණත් සෑහීමකට පත්වෙලා නෙමෙයි මැරෙන්නේ. මොකද ලෝකයේ තෘප්තිමත්ම කෙනා අරහතුන් වහන්සේ.
ලංකාවේ ඉන්න ජනගහනයෙන් සියයට එකක් වත් පැවිදිවෙලා නැහැ. ඒකෙනුත් අවබෝධයක් ඇතුව පැවිදි වූ කොටස් ගොඩක් අඩුයි. අනික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන් දකින වැඩපිළිවෙළ. නිවනට පත්වුණු කෙනෙක් ආපහු ඉපදෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු අඩු වෙනවා කියන එක. ඒ නිසයි ඉතාම අඩු ප්‍රතිශතයක් පමණක් සසර දුකින් මිදෙන්නේ. ශාසන උරුමයන් රැකගන්න ඕනෑතරම් පිරිස් ඉන්නවා. ඉදිරියටත් ඉඳීවි.
මටත් ගිහි කාලේ ඒ ප්‍රශ්නෙ තිබුණා. ඒත් අද අධි තාක්ෂණික කැමරාවලට භූතයෝ, පෙරේතයෝ ආදීන් සියුම්ව අහුවෙලා තියෙනවා. අනික අපි දෙයක් විශ්වාස කරන්නේ දැක්කොත් විතරක් නම්, ඇයි අපි කන කෑමවල කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, යකඩ තියෙනවා කියල හිතාගෙන ආහාරයට ගන්නේ? අපි ඒවා දැකල තියෙනවද? අපි ජංගම දුරකථනයෙන් දෙයක් Bluetooth කරනවා කිව්වට අපි ඒක දැකල තියෙනවද? ඒ වුණාට විශ්වාස කරනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වපු භව ගමන නැවැත්වීමේ විද්‍යාව විශ්වාස කරන්න ලෑස්ති නැහැ.
(අවංකව නිවන උපනිශ්චයව ඉන්නා උන්වහන්සේලාගේ පැවිදි රුව මෙහි ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න, මෙහි පළවන සියලු ඡායාරූප ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතිව පළවන එ්වායි. උන්වහන්සේලා අත්විඳින ඒ නිරාමිස සුවය උදාකර දුන් නිර්මල සද්ධර්මය පරිශීලනයට පහත සඳහන්
විස්තර උපයෝගී කරගන්න.)
සම්බන්ධීකරණය - 077 279 0013 (සනත්), ධර්මයයි ඔබයි
ආරාමය, කීනගහවිල, කලටුවාව, රත්නපුරය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd