Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම කෙතරම් උග්‍රව පැවති අවස්ථාවන් වීද එහෙත් ගතවූ සතියක කාලය තරම් වනඅලින් පිළිබඳ උනන්දුවක් ඇති වූ කාලයක් මෑත ඉතිහාසයේ රාළගේ මතකයේ නම් නැත්තේය.
වනජීවී ඇමති SFගේ සිංහරාජ කෝපි කෑල්ලේ මෙහෙයුම කෙතරම් බලවත් වීද කිවහොත් යුනෙස්කෝවෙන් පවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපි ලැබිණි. ඒ සිංහරාජ අලින් දෙදෙනා ඇල්ලීමට SF ගත් තීරණය ගැන විධිමත් වාර්තාවක් ඉල්ලමිනි.
13 වැනිදා වනජීවී කණ්ඩායම් සිංහරාජය බලා පිටත් වුවද මෙහෙයුම දැඩිව ආරම්භ වූයේ ඊට පසුදාය. දෙස් - විදෙස් පරිසරවේදීන්ගෙන් මෙන්ම ආචාර්ය මහාචාර්යවරුන්ගෙන්ද සයිබර් අවකාශය හරහා SFට සහ ඔහුගේ දෙවැනි තෙවරප්පෙරුමටද වෙඩිමුර විසි වූයේ ආචාරශීලීව නම් නොවේ. දිනට දෙකට TV, රේඩියෝ, පත්තරද සැලකිය යුතු කාලයක් සිංජහරාජ අලින්ට වෙන් කරද්දී 14 වැනිදා සවස ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක් නිකුත් විය.
සිංහරාජ රක්ෂිතයේ දුර්ලභ ගණයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් යනුවෙන් එහි ශීර්ෂ පාඨය විය. ලිපියේ සඳහන් පරිදි උපදෙස් දී තිබුණේ පරිසර අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායකටත්, වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් අනුර හතුරුසිංහටත්ය. එහෙත් SFගේ අණ තවදුරටත් ක්‍රියාත්මකය.
වනජීවියේ ඉහළ නිලධාරියෙකු රාළ ඇමතීය.
‘අපි දන්නෙ නෑනේ ජනාධිපතිතුමා එහෙම උපදෙසක් දීලා කියල. තාම අලි අල්ලන එක නවත්තලා නෑ අපි. අපිට එහෙම මුකුත්ම උපදෙස් ලැබිලා නෑ...
‘වනජීවී එක දන්නෙ නෑලුනේ. අලි දෙන්නා ඉන්න තැනත් හොයාගෙන...’ ප්රශ්නය ජනාධිපති මාධ්‍ය ඒකකයටය.
‘අපිත් දන්නෙ නෑ. ජනාධිපතිතුමා දීපු උපදෙස අපි මාධ්‍යට යැව්වා. ඕක හරියටම අහන්න ඕනෑ වනයසංරක්ෂණෙන්..’ පිළිතුර ජනාධිපති ලේකම්වරයෙකුගෙනි.
‘එතකොට අලි දෙන්නා දැන් නිර්වින්දනය කළොත්? ජනාධිපතිතුමාටම නේද හොඳ නැත්තේ...
‘නිර්වින්දනය කළොත් ඉතිං සිංහරාජයෙන් එළියට නොගෙන තියල තියෙයි. සිහිය ආවම සිංහරාජයේම ඉන්න දෙනවනේ...
රටට ගිය කල... කාට කියන්නද ජනාධිපති තාත්තේ..?
විනාඩි කිහිපයකින් සංශෝධිතයි යන්න සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නැවතත් නිවේදනයකි.
විධිමත් ක්‍රමවේදයක් සකසා තීරණයක් ගන්නාතුරු සිංහරාජ රක්ෂිතයේ අලි දෙදෙනා එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනපතිගෙන් උපදෙස්^ යන්න එහි සඳහන් විය.
ෆොන්සේකා මහත්තයා මේවා දන්නෙ නෑ
මේ අලකලංචිය අස්සේ කළවාන ප්‍රදේශයේ කෝපිකෑල්ල, රජවත්ත, කුප්පිවත්ත හා පහේකණුව ආශ්‍රිතව යාල සැරිසරද්දි ගම්වැසියෙකුරාළ^ට නිවසක් පෙන්වීය.
අන්න අර ගෙයි මිදුල උඩින් තමයි ඔය අලි දෙන්නා යන්නෙ එන්නේ... අවුරුද්දටම කැලෙන් එළියට එන්නේ මාස දෙකයි නැත්නම් තුනයි...’
පෙන්වූ නිවසට %රාළ^ ගොඩවූයේ අලින්ගෙන් නිවැසියාට වූ අලාභානි ගැන තතු දැනගන්නටය.
අහිංසක සරල ගැමියෙකු ගෙයින් එළියට මතු විය.
‘අනේ මේ සත්තු දෙන්නා කොහෙද ගෙනියන්නේ..? මට දරුවො දෙන්නා වගේ... මම අවුරුද්දට තුන් වතාවක් අඩුම තරමේ කතරගම යනවා. දෙයියො වඳිනවාටත් වඩා මම යන්නේ මේ සත්තු දෙන්නට කොමඩු ගේන්න..’ ඔහු සුසුම්ලෑවේය.
රාළගේ ඇස් උඩ ඉන්දිනි.
‘එතකොට අලි දෙන්නාගෙන් වෙන කරදර?’
‘අනේ මේ සත්තු දෙන්නාගෙන් මොන කරදරද? මිනිස්සු පොළොවෙ ගැහුවා තමයි. හැබැයි කවදාවත් පාඩුවේ ඉන්න මිනිස්සු නෙවෙයි. එක මිනිහෙක් උස්සලා පොළොවෙ ගහලා, පාගලා මැරුවා මඟ රැකලා ඉඳලා. ඒ, ඒ මිනිහා ගෝනියකට භූමිතෙල් පොඟවලා ගිනි තියලා සතාගෙ ඇඟට විසි කරලා. තව මිනිහෙක් කිතුලෙ ඉද්දි ගහ යටින් අලියා ගිහිල්ලා. මිනිහා අලියගෙ ඇඟට මුත්‍රා කරලා. මිනිහා ගහෙන් බහිනකන් අලියා හැංඟිලා බලන් ඉඳලා පස්සෙන් එළවලා. මිනිහා ගලක් අස්සට රිංගුවාම අලියා හොඬේ දාලා ඇදලා අරන් මරලා. තව මිනිහෙක් මැරුවා අලියගෙ පිටේ නඟින්න ගිහින්. තව මිනිහෙක් අලියාගෙ මවිල් ගලවන්න ගිහින් මැරුවා. අහලා බලන්න ඕන මේ ගමේ මනුස්සයෙක්ගෙන්. අලියාට කරදර නොකරන කාටවත් අලියාගෙන් කරදරයක් නෑ..’
‘ඒකත් එහෙමද?’
‘මෙහෙමනේ..’ පිළිතුරු දුන්නේ මිදුලට රොක්වූ ගම්වැසියන්ගෙන් අයෙකි.
‘සිංහරාජේ සිද්ධ වෙන ලොකුම ජාවාරම තමයි වල්ලාපට්ටා ජාවාරම. දෙක, ගස් කපන එක. තුන පතල් හාරන එක. කොටින්ම කිව්වොත් වනජීවී කාර්යාලේ ඉස්සරහම තියෙන වල්ලාපට්ට ගහත් කැපුවා. වනජීවී මහත්තුරු දැක්කෙ නෑ වගේ ඉන්නවා. සේරම දේශපාලනේට යටයි. ෆොන්සේකා මහත්තයා මේවා දන්නෙ නෑ මං හිතන්නේ. මේ අලි දෙන්නා හින්දා තමයි කැලේ මෙහෙමවත් බේරිලා තියෙන්නේ. උන් ගෙනිහින් දැම්මම ජාවාරම්කාරයෝ ජවුසන් නටයි හිතේ හැටියට..’
ජනපති මෛත්‍රීගේ උපදෙස් කුමක් වූවද SF කෝපි කෑල්ල මෙහෙයුමේය.
සෙනසුරාදා SFට මෛත්‍රීගෙන් අමතුමකි.
‘මම කියන දේ කරන්න. පරිසරය අයිති මට. මට මැදිහත් වෙන්න වෙනවා. අලි දෙන්නා වියළි කළාපයට ගෙනියන්න බෑ. සිංහරාජයෙන්ම කොටසක් මම වෙන් කරලා දෙන්නම් අලි දෙන්නව දාන්න. එතකන් තාවකාලිව නවත්වන්න අලි දෙන්නා අල්ලන එක...’
ඉරිදායින් අලි ඇල්ලීම නැවතිණි. එහෙත් එය මූලික වැඩ සැලැස්මක් සහිතව ක්‍රියාත්මක වීමට අවශ්‍ය කාලය ලබා ගැනීමට තාවකාලිකව සිදුකරන ලද්දක් බව වනජීවී අධ්යක්ෂ ජනරාල් සූරියබණ්ඩාර කීය.
මෛත්‍රී හුස්මක් ගත්තේය.
‘මම මේක මුලින්ම නවත්වන්න කියලා උපදෙස් දුන්නා විතරයි මේ පරිසරවේදියො දිගට හරහට ෆොන්සේකා ඇමතිතුමාට ෆේස්බුක්වලින් ගහන්න ගත්තා. එතැනින්නේ මේ මනුස්සා ඇවිස්සුෙණ්. නැත්නම් මං කියපු වෙලාවේ නවත්වලා...’ යැයි අනතුරුව ළඟ සිටියෙකුට කීය.
තත්ත්වය එසේ තිබියදී SFගේ දෙවැනි තෙවරප්පෙරුම අනුරාධපුර ප්‍රදේශයේ වනඅලි ගැටුම පිළිබඳ සෙවීමට හොරොව්ෙපාතාන, තිරප්පන්කඩවල ප්‍රදේශයේ නතර විය. තිරප්පන්කඩවල වැව් ඉස්මත්තේ ඇවිදීමට නොහැකිව, තුවාලව සිටි අලි පැටවෙකු සොයා ගොස් සුවදුක් බැලීය. අනතුරුව දැනගත්තේ අලි පැටවාට කෑම හිඟ බවය. තම රථයෙන්ම ගෙයක් ගෙයක් පාසා ගිය තෙවරප්පෙරුම වරකා ගස් පිරික්සීය. වරකා තිබූ ගස්වලට නැඟ ඒවා කඩා තනිවම රථයේ පටවා ගෙන ‘පව් අර අහිංසකයා, මං එනකන් මග බලන් ඇති. මතක් වෙද්දි මගෙ පපුව දාලා යනවා..’ යැයි එහි රැස්වූවන්ට කියා අලි පැටවාට ගෙන ගොස් කන්නට දුන්නේය.
මෙය කන වැකුණු SF, තම නියෝජ්‍ය ඇමතිවරයා ගැන කීවේ මෙසේය.
‘අපි කොළඹ ඉඳන් අලි ගැන තීරණ ගන්නෙ නෑ. අමාත්‍යාංශය ඇතුළෙ ඉඳන් තීරණ ගන්නෙත් නෑ. එතුමා අමාත්‍යාංශයට එන්නේ මං හිතන්නේ මාසෙටම දවස් කිහිපයයි. අලි පැටව් නාවනවා. මඩේ බැහැගෙන ඉන්නවා. බෙහෙත් කරනවා. සමහර වෙලාවට මට හිතෙනවා ගිය ආත්මේ ඇත් ගොව්වෙක්ද කියලා. ඇතින්නියක් විවාහ කරලා දෙන තරමට එතුමා දැන් අලි ගැන දන්නවා...’
කෝපි කෑල්ලේ මෙහෙයුම යන්තමට අහවර කර ගත්තායැයි සැනසුම් සුසුම් හෙළුෑ පරිසරවේදීන් පිරිසක් තවදුරටත් සාකච්ඡා සඳහා කොළඹදී එක්විය. මුලසුන දැරුවේ පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවන්ය.
‘මේ ආණ්ඩුවත් පහුගිය ආණ්ඩුවේම දිගුවක් විතරයි..’ උන්වහන්සේ පැහැදිලි කළහ.
‘සහතික ඇත්ත..’ රැස්ව සිටි පිරිස එකහෙළා අනුමත කළහ.
‘දැන් බලන්න හාමුදුරුවනේ.. අලි දෙන්නා ගෙනියන්න කියලා ගමේ මිනිස්සු දම්මලා කරවපු උද්ඝෝෂණය පිටිපස්සේ තනිකරම තියෙන්නේ දේශපාලන යටි අරමුණු..’
‘යටි අරමුණු කියද්දි මට මතක් වුණේ... අර නාමල් මන්ත්‍රීතුමාට මොකක්ද හදිසියේ ඇතිවුණු කැක්කුම..?’
‘ඒකනේ හාමුදුරුවනේ. ෆොන්සේකාට බැරි වුණාලු අලි දෙන්නවවත් හරියට අල්ල ගන්න. යුද්දෙ කාලෙත් ඔහොමද අහනවා..’
‘අනේද කියන්නෙ.. ෆොන්සේකා මහත්තයා වැඩ කරන්නෙත් ඒකාධිපති මිනිහෙකුගේ ස්වරූපයකින්. වනජීවීන් දෙන්නෙකුටම වනජීවී අමාත්‍යාංශය භාරදීමක්නේ මෙතන තියෙන්නේ. අනිත් පැත්තෙන් නාමල් මන්ත්‍රීතුමා... එයා එයාට කරගන්න බැරිවුණු දේශපාලන යටි අරමුණු වලට මාන බලනවා... නාමල් මන්ත්‍රීතුමා හිතනවා ඇති අපිට අමතකයි කියලා එයාගෙ ගජයා, ජානක වක්කුඹුරත් එක්ක එකතුවෙලා සිංහරාජයේ මහා පරිමාණ දැව ජාවාරමටයි, හෝටල් හදන්නයි ගහපු ප්ලෑන්ස්...’
‘කියලා වැඩක් නෑ... පොතුපිටියේ ඉඳන් මෝර්නින්ග් සයිඩ් වෙනකන් පාරක් කපන්නනේ එයා ප්ලෑන් කළේ... මේ රටේ පරිසරවේදියෝ, පරිසරයට ආදරය කරන උගත්තු නැත්නම් මේ ආණ්ඩුවට අලි දෙන්නෙක් ගෙනියනවා තියා සිංහරාජයක් ඉතුරු වෙන්නෙත් නෑ..’
ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම සඳුදා අරලියගහ මන්දිරයේදී අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝමයක් කණ්ඩායම් රැස්වීමට සහභාගි වී සිටියද, කැබිනට් ඇමතිවරුන් සහභාගි වී සිටියේ අඩුවෙනි.
කිරිඇල්ල, අකිල, ජෝන් ආදීන් පැමිණ සිටියද, සියල්ලන්ම බලාපොරොත්තුවෙන් සිටි සමෘද්ධි ඇමති හැරිසන් හෝ අධිකරණ ඇමති තලතා මෙවර කණ්ඩායම් රැස්වීමට සහභාගි වී නොසිටියහ.
එක්සත් ජාතීන්ගෙන් සමෘද්ධිය ලබා දිය යුතු පිරිසට සමෘද්ධිය ලබා දීමේ වැඩපිළිවෙළ ගැන මෙවර කතා කිරීමට සැලසුම් කර තිබුණද, ඇමතිවරයා නොපැමිණීම තුළ ඒ කිසිවක් කතා කරගත නොහැකි විය. මේ නිසා මන්ත්‍රීවරුන් නැගී සිට ඒ සම්බන්ධයෙන් චෝදනා කරන්නට පටන්ගත්හ.
ත්‍රිපුද්ගල විශේෂ අධිකරණයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබුණද, ඇමති තලතා පැමිණ නොසිටි බැවින් එයද අවලංගු විය.
‘අගමැතිතුමා අද කණ්ඩායම් රැස්වීමට ඇමතිවරුන් ඇවිත් ඉන්නේ අඩුවෙන්. අපි මෙහෙම කොහොමද ආණ්ඩුවේ කටයුතු කතා කර ගන්නේ? මේ රැස්වීමට ඇමතිවරුන් හැමෝම එන එක අනිවාර්යය කරන්න’ පසුපෙළ මන්ත්‍රීවරුන් එසේ ඉල්ලා සිටි අතර, අගමැතිවරයාද එයට එකඟ විය.
මෙවර පාර්ලිමේන්තු සතිය ආරම්භයේදීම පාර්ලිමේන්තුවේ කතාබහක් ඇතිකළේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාය. පාර්ලිමේන්තු සතිය ආරම්භයේදී ඔහු මන්ත්‍රීවරයෙකු වුවද පාර්ලිමේන්තු සතිය අවසන් වන විට ඔහු නියෝජ්‍ය ඇමතිවරයෙකි.
අඟහරුවාදා පස්වරුවේ පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමගම පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරු සබා ගැබට පැමිණෙමින් සිටියහ.
නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පසුගිය සතියේ දිවුරුම් දුන් නලීන් බණ්ඩාර සබා ගැබට පැමිණීම තරමක් ප්රමාදවීය. ඔහුගේ මන්ත්‍රී ආසනය වෙනස්වී තිබූ බැවින් සිය ආසනය සොයා එහි අසුන් ගැනීමට සූදානම්වනවාත් සමගම බුද්ධික පතිරණ එතැනට පැමිණ නලීන් බණ්ඩරගේ අතින් අල්ලා සභා ගැබේ අනික් කෙළවරට රුගෙන ගියේ සිනහමුසු මුහුණිනි. බුද්ධික පතිරණයේ ආසනය ආසන්නයේ අසුන්ගත් දෙදෙනා බර කතාවකට වැටුණි. කථානායක කරු ජයසුරිය සබා ගැබේ කටයුතු සිදුකරමින් යන අවස්ථාවේදී ඒ පිළිබඳ අවධානය යොමු නොකර මේ දෙදෙනා සතුටු සාමීචියේ යෙදී සිටියහ.
පසුව සිය දුරකථනය අතට ගත් නලීන් බණ්ඩාර එහි කැමරාව සක්‍රීය කර මොනවදෝ කියනවා සභාවේ සිටි අයට මෙන්ම ගැලරියේ සිටි අයටද පැහැදිලිව පෙනුනි. නලීන් සහ බුද්ධික මේ කරන්නේ කුමක්දැයි සැමටම කුතුහලයක් විය. එසේ උවද පසුව දැනගැනීමට ලැබුණේ ඔවුන් දෙදෙනා මුහුණුපොතට වීඩියෝවක් එකතු කර ඇති බවය ( ෆේස්බුක් ලයිව්)
නලීන්ට ලැබුණු ඇමති ධුරයට සුබපැතීමටත්, බුද්ධිකට ලැබෙන ඇමති ධුරය සම්බන්ධයෙන් කතාකිරීමටත් මෙලෙස වීඩියෝවක් ඔවුන් නිකුත් කර තිබුණි.
‘මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන අවසාන දවස අද. මේ ප්‍රශ්නේ අහලා මම දිවුරුම් දෙන්න යනවා. ඒ වගේම නව නීතිය හා සාමය ඇමතිතුමාට මම සුබ පතනවා’ යනුවෙන් මෙහිදී බුද්ධික පවසා තිබුණි.
පසුව නලීන්ද බුද්ධිකට සුබපතා තිබුණේ මෙසේය.
‘අපේ කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමැතිතුමාට මම සුබපතනවා. අපිත් එක්ක එකට දිවුරුම් දෙන්න තිබුණා නම් අපි සතුටුවෙනවා. සාර්ථක ජපන් සංචාරයකට පස්සේ මේ විදිහට දිව්රුම් දීම ගැන අපි සතුටු වෙනවා’.
‘ආආ මම ඔබතුමාට ගෞරවයක් විදිහට කියන්න ඕන. මම ජපන් ගිය වෙලාවේ මට ටෙනිස් බෝල ගොඩක් ලැබුණා. මට ඒ වෙලාවේ නලීන් මන්ත්‍රීතුමා මතක් වුණා. මම ඔබතුමාට ඒ ටෙනිස් බෝල දෙනවා කුරුණෑගල අයට බෙදන්න. මතක තියාගන්න අපි හොඳ යාළුවෝ’ යනුවෙන් පවසමින් ඔවුන් සිය වීඩියෝව අවසන් කළේය.
පසුව බුද්ධික පතිරණගේ ප්‍රශ්න ඇසීමේ වාරය පැමිණියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වැඩිම ප්‍රශ්න අසන මන්ත්‍රීවරයා වූයේ බුද්ධික පතිරණය. නියෝජ්‍ය ඇමතිකම ලැබීමෙන් පසුව ඔහුට යළි එලෙස ප්‍රශ්න ඇසීමට නොහැකිය. කෙසේ වෙතත් ඔහුගේ අවසන් ප්රශ්නය යොමු කර තිබුණේ ප්‍රවාහන අමාත්‍යාංශයටය. ඒ වෙනුවෙන් පිළිතුරු දීමට සූදානම්ව සිටියේ නියෝජ්‍ය ඇමති කුරුණෑගල මන්ත්‍රී අශෝක් අබේසිංහය.
‘ගරු කථා නායකතුමනි මම අද අන්තිම ප්‍රශ්නේ අහනවා’ යැයි බුද්ධික මෙහිදී කීවේය. ඊට අශෝක් අබේසිංහ පිළිතුරු ලබාදුන්නේ මෙලෙසිනි. ‘ගරු කථානායකතුමනි මෙම පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රශ්න අහන මන්ත්‍රීවරයාගේ අටවැනි පාර්ලිමේන්තුෙව් අවසන් ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකිවීම ගැන මම විශේෂයෙන්ම කනගාටු වෙනවා. කොහොම වුණත් ඉතා ඉක්මනින් පිළිතුරු දීමට මම පොරොන්දු වෙනවා.’
‘අද මට උදේ දිවුරුම් දෙන්න එන්න කියලා තියෙද්දිත් මම දිවුරුම් දෙන්න නොගියෙම මේ ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නයක් නිසා. කොළඹට එන බස්වලින් කප්පම් ගන්න එක ගැනයි මම මේ අහලා තියෙන්නේ. මේක බොහොම වැදගත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ හින්දා මම දිවුරුම් දෙන එකත් පැය ගාණක් පරක්කු වුණේ.’
බුද්ධික එසේ කියන විට කථානායක කරු පැවසූයේ ‘එහෙනම් දැන් ගිහිං දිවුරුම් දෙන්න’ කියාය.
‘මේ ප්‍රශ්නෙට කල් ගත්තාම මම කොහොම උත්තර ගන්නේ.’ කියා පාර්ලිමේන්තුවේ බුද්ධික ආවේගයෙන් කතා කරන්නට විය. කෙසේ වෙතත් එදිනම සවස 5.30 වන විට බුද්ධික කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රී ඉදිරියේ දිව්රුම් දී තිබුණි.
නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට පැජට් පාරේ ජනාධිපති මෛත්‍රීගේ නිල නිවසට පැමිණෙන ලෙස බුද්ධිකට උපදෙස් දී තිබුණි. බුද්ධික එහි පැමිණෙන විට ජනාධිපති ලේකම් ඔස්ටින්ද එහි පැමිණ සිටි අතර දිවුරුම් දීමට කලින් දිවුරුම කියවා පුරුදුවන ලෙස ජනාධිපති ලේකම් බුද්ධිකට කොළයක් දුන්නේය. කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට බුද්ධික පැමිණියද එහි සඳහන්ව තිබුණේ ජලසම්පාදන හා නාගරික සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙසය. මේ පටලැවිල්ල කුමක්දැයි බුද්ධික ජනාධිපති ලේකම්වරයාගෙන් ඇසූ අතර ඔහු පවසා තිබුණේ මෙවැන්නකි.
‘අගමැතිතුමා කලින් එවලා තිබුණු ලිස්ට් එකේ මන්ත්‍රීතුමාගේ නම තිබුණේ කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය ඇමති විදිහට. ඊට පස්සේ අගමැති ලේකම් සමන් ඒකනායක මහත්තයා එවපු ලිස්ට් එකේ තිබුණේ ජලසම්පාදන හා නාගරික සංවර්ධන නියෝජ්‍ය ඇමති විදිහට. ඒකයි අපි ජලසම්පාදන එක දැම්මේ’ යනුවෙන් ඔස්ටින් කියන විට බුද්ධික එයට එකඟ නොවීය.
‘දැං එතකොට මට මොකද්ද හරියටම දෙන්නේ. නියෝජ්‍ය ඇමතිකමක් දෙන එක අවුලක් නම් මට ප්‍රශ්නයක් නැහැ. මම යන්නම්.’ යැයි බුද්ධික පැවසීය.
‘නැහැ එහෙම යන්න ඕන නැහැ. මන්ත්‍රීතුමා කැමති එකක් තෝරා ගන්න’ යනුවෙන් ඔස්ටින් යෝජනා කළේය.
‘එහෙනම් අගමැතිතුමා එවපු ලිස්ට් එකේ එක දෙන්න’ යනුවෙන් බුද්ධික කීවේය.
බුද්ධිකගේ එම ඉල්ලීම සමග නැවත ජනාධිපති කාර්යාලයට නිලධාරීන් යවා අලුතින් ලිපි සකස් කර කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දෙන විට හවස 6.00 පසුවී තිබුණි.
බදදා බුද්ධික පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේ සිට පක්ෂ - විපක්ෂ මැති ඇමතිවරුන්, නිලධාරීන් බොහොමයක් මගදිගට බුද්ධිකට සුබ පතන්නට එක්වී තිබුණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය බදාදාය. ඒ වෙනුවෙන් ගෝඨාභය පදිංචි මිරිහානේ නිවසේ විශේෂ දානමය පිංකමක් සංවිධාන කර තිබුණි. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රභූ චරිත රැසක් ඊට එක්ව සිටියහ.
පවුලේ සහෝදරයන්ගෙන් දානෙගෙදරට මුලින්ම පැමිණියේ බැසිල්ය. ඔහු පැමිණෙන විට රෝහිත, බන්දුල ඇතුළු මන්ත්‍රී පිරිසක් පැමිණ සිටි අතර, ගෝඨාභය බැසිල්ව පිළිගත්තේ බොහෝම සහෝදරත්වයෙනි.
බැසිල් නිවස තුළට පැමිණි අවස්ථාවේ සිට භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ආසන පනවා ඇති ආකාරය ඇතුළු දානෙ ගෙදර සංවිධාන කටයුතු ගැන සොයා බැලුවේය. ඒ අතරතුරේදී පැමිණ සිටි සියලුදෙනාට ආචාර කරමින් හිටපු ජනපති මහින්ද නිවසට ඇතුළු විය.
භික්ෂූන් වහන්සේලා වැඩම කිරීමෙන් පසු පින්කම ආරම්භ කිරීම සඳහා මහින්ද, චමල්, බැසිල් ඇතුළු පවුලේ සියලුදෙනා අසලින් ගෝඨාභයත් ඔහුගේ බිරිඳ අයෝමාත් වාඩි විය. කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදුකළහ.
“රටට වැඩ කළ රාජපක්ෂ සහෝදරයන්ගේ අවංක සහෝදරකම මුළු සමාජයටම ආදර්ශයක්’ උන්වහන්සේ දේශනය අතරේ සඳහන් කළහ.
දානෙගෙදර සියලු වැඩකටයුතු අවසන් වීමෙන් පසු බැසිල් කෙළින්ම පැමිණියේ නෙළුම් මාවත කාර්යාලයටය. මාතර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ ශාඛා සංවිධාන ජාලය ප්රතිසංවිධාන කිරීම සහ ඉදිරි දේශපාලන මෙහෙයුම් ගැන කතාකර ගැනීම සඳහා ඩලස්, මහින්ද යාපා, කාංචන විජේසේකර ඊට ටික වෙලාවකට පසුව කාර්යාලයට පැමිණියහ.
“අපේ මුළු දිස්ත්රික්කෙම වසම් 650ක් තියෙනවා. අපි මේ වසම් 650ම ශාඛා සංවිධාන ප්රතිසංවිධාන කටයුතු අගෝස්තු මාසේ මුල් සතිය වෙනකොට ඉවර කරනවා’ මාතර ඉදිරි වැඩපිළිවෙළෙහි සූදානම ඩලස්, බැසිල් හමුවේ පැහැදිලි කරමින් කීවේය.
“මාතර වැඩ බොහෝම පිළිවෙළයිනේ කොහොමත්’ එසේ කියමින් බැසිල් මාතරට අදාළ මැතිවරණ ප්‍රතිඵල සහ අනිකුත් දේශපාලන කරුණු පැහැදිලි කළේය.
සයිටම් වෛද්‍ය අධ්‍යාපන ආයතනය පිළිබඳව වසර ගණනාවක් පුරා ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධ වූ අරගලයක් දියත් විය. මේ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වීමට දින යෙදී තිබුණේ ජුනි 20 දිනය. ජුනි 20 දින ජාතික ශිෂ්‍ය වීර දිනයයි. මේ පනත සම්බන්ධයෙන් ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම 19 වෙනි අඟහරුවාදා රැස්ව සාකච්ඡාවක් කරන ලද්දේ පනත සම්බන්ධයෙන් ගතයුතු පියවර තීරණය කිරීම සඳහාය.
‘ආණ්ඩුව ගෙනෙන මේ පනතේ අඩුපාඩු තිබෙනවා. නමුත් මේ ගැටලුවට විසඳුමක් ලබාගැනීමේ ප්රවේශයකින් අපි මැදිහත් වෙන්න ඕනෑ. මොකද විශාල කාලයක් මේ සම්බන්ධයෙන් වැය කරලා තිබෙනවා. ශිෂ්‍යයන් විශාල මර්දනයකට ලක්වුණා. අධ්‍යාපනය කඩාකප්පල් වුණා. වෘත්තීය සමිතිවල, දෙමාපියන්ගේ, දේශපාලන පක්ෂවල විශාල කාලයක් මේ ගැටලුව වෙනුවෙන් වැය කරන්න සිදුවුණා” කණ්ඩායම් නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේය.
‘මේ සයිටම් ආයතනය හදන්න රාජපක්ෂ පාලන කාලේ විශාල මැදිහත්වීමක් කළේ එස්බී. එක ඇමතියෙක්ගේ වුවමනාව නිසා විශාල පිරිසකට ඒකෙන් වන්දි ගෙවන්න සිදුවුණා. ඇමතියන්ගේ ඔළමොට්ටළ වැඩ නිසා රටම නැති ප්‍රශ්නවලට මුහුණ දෙනවා. නමුත් විසඳුමක් වෙනුවෙන් ගෙනාව පනතෙත් අඩුපාඩු තිබෙනවා. ඒකට සංශෝධන වශයෙන් ඇතුළත් විය යුතු කරුණු තියෙනවා. අවම සුදුසුකම එස් 03ට එකඟ වෙන්න බැහැ. ඒ වගේම සයිටම් අහෝසි කරනවා කියන වගන්තිය මේ පනතට ඇතුළත් විය යුතුමයි. ඒ වගේම වෛද්‍ය සභාවේ නියෝජිතයෙකු කොතලාවල වෛද්‍ය පීඨය නිරීක්ෂණය කළ යුතුයි. මේ කරුණු සංශෝධන විදියට ඇතුළත් විය යුතුයි” බිමල් රත්නායක යෝජනා කළේය.
‘සයිටම් ආයතනයත් සී 2 යි එස් 1 අවම සුදුසුකම කියලා පිළිඅරගෙන තියෙන තත්ත්වයක ආණ්ඩුව එස් 3 යෝජනා කරනවා. ඒක කනගාටුවට කරුණක්. කෙසේ වෙතත් දීර්ඝ අරගලයකින් පස්සේ ශිෂ්‍ය වීර දිනය දවසේ මේ සයිටම් ගැටලුවට විසඳුමක් ලබාගැනීමට හැකි වෙයි කියලා අපි හිතනවා. අරගලවලින් ජයග්‍රහණ ලබාගන්න පුළුවන් කියලා ඔප්පු වුණ තවත් අවස්ථාවක් මේක” වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම අඟහරුවාදා සවස පහට පැවැත්වුණේ විජේරාම පෙදෙසේ නිල නිවසේදීය. ඒ මහින්දගේ ප්‍රධානත්වයෙනි. පක්ෂ නායකත්වය රැස්වීමට පෙර ප්‍රසන්නට පණිවුඩයක් ලැබුණි. ඉන් කියැවුණේ මහින්ද ප්‍රසන්න හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් මඳක් වේලාසනින් පැමිණෙන ලෙසය.
ඒ අනුව ප්‍රසන්න පක්ෂ නායක රැස්වීමට මිනිත්තු හතළිස් පහකට පෙරාතුව මහින්දගේ නිල නිවසට පැමිණි අතර, අනතුරුව මහින්ද සහ ප්‍රසන්න පමණක් සහභාගි වූ සාකච්ඡාවක් පැවැත්වුණි. දේශපාලන කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බව හැර සාකච්ඡාවේ තොරතුරු කිසිවක් අනාවරණය කෙරුණේ නැත.
එම සාකච්ඡාවෙන් අනතුරුව ප්රසන්නද කැටුව පක්ෂ නායක රැස්වීමට පැමිණි මහින්ද ප්‍රසන්න තමා අසලින්ම වාඩි කරවා ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට අසන බව දිනේෂ් කීවේය.
‘එක එක කණ්ඩායම් කියලා අරගෙන හරියන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තමයි පොදුජන පෙරමුණේ කියන්නේ. ඒ හින්දා දහයේ කණ්ඩායම, දහසයේ කණ්ඩායම කියලා නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම විදියට ඒ අය ඒකාබද්ධ විපක්ෂයට එනවා නම් පොහොට්ටුවට එකතු වෙන්න ඕනේ. එහෙම බැරි නම් දිනේෂ් ඔයා ඒ අය කරත්ත රෝදෙට අරගන්න’ මහින්ද පැවසීය.
‘නෑ සර් මම කිව්වේ ඒ අයගේ ඉල්ලීම’ දිනේෂ් කීවේය.
‘ඒක තමයි එනවා නම් එන්න ඕනේ ඒ විදියට. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්නවා නම් අපිට ඒ ගැන සලකා බලන්න පුළුවන්. මොකද අපිත් විපක්ෂය නියෝජනය කරන නිසා. ඒ හින්දා දිනේෂ් ඒ අය එක්ක ඒ ගැන සාකච්ඡා කරලා බලන්න’ මහින්ද එම කාරණය දිනේෂ්ට පැවරීය.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවට විවිධ පාර්ශ්ව සමාජය හමුවේ අදහස් පළකරමින් සිටිති. සිරගත කර සිටින උන්වහන්සේ නිදහස් කරන ලෙසත්, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකරන ලෙසත් විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබියදී ජනාධිපතිවරණ කතාව පැතිර යයි. මේ ගැන පැහැදිලි කිරීමට බොදුබල සේනා සංවිධානය භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. ඥානසාර හිමියන් සිරගත කිරීමට ඇමතිවරුන් දෙදෙනෙකු සම්බන්ධ බවට ඉකුත් දිනකදී ප්‍රකාශයක් කළ මාගල්කන්දේ සුදත්ත හිමියෝ ජනාධිපතිවරණ කතාවට උත්තරයක් දුන්හ.
“දැන් මේ සමාජයේ කතිකාවතක් ගොඩනගන්න හදනවා ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද අඩු කරන්න ඥානසාර හාමුදුරුවෝ ස්වාධීනව ඉදිරිපත් වෙන්න හදනවා කියලා... එහෙම කියමින් උන්වහන්සේ සිරගත කිරීමට දේශපාලනික මුහුණුවරක් දෙන්න හදනවා... ඥානසාර හාමාදුරුවෝ සිරගත වූ වෙලාවේ 16 කණ්ඩායම නියෝජනය කරන දයාසිරි ජයසේකර මුලින්ම බන්ධනාගරයට ආවා. දයාසිරි ආවා කියලා ඥානසාර හාමුදුරුවෝ 16 කල්ලියේ නෙමෙයි... ඊළඟට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර ආවා. ජාතික නිදහස් පෙරමුණෙන් තමයි පළමු වතාවට සිවුරේ අයිතිය නැතිකරන්න එපා කියල ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ. එහෙම කළා කියලා ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙක්ද ඥානසාර හාමුදුරුවෝ? ඊළඟට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ආවා. ඔහු ඥානසාර හාමුදුරුවන්ගේ හිර කුටියටම ගියා. එතකොට ඥානාසර හාමුදුරුවෝ ගම්මන්පිලගේ පක්ෂයේද? මේ ඔක්කොම ගෝඨාභය රාජපක්ෂ සමග ගනුදෙනු කරන අය. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ආවා. එතකොට ඥානසාර හාමුදුරුවෝ ශ්‍රී ලංකා එකේ නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මගෙන් ඇහුවා ඥානසාර හාමුදුරුවෝ බලන්න යන්න ඕන කියලා. ඔවුන් මොන මතය දැරුවත් එහෙම අහන මන්ත්‍රීවරු ඉන්නවා. එහෙම ඇහුවා කියලා ඥානසාර හාමුදුරුවෝ ඒ පක්ෂයේ සාමාජිකයෙක් නෙමෙයි. මෙතනදී සමහරු කුහක දේශපාලනයක් කරනවා. ඥානසාර හාමුදුරුවෝ එක් දේශපාලන පක්ෂයකට කොටු කරන්න හදනවා’ යනුවෙන් පැවසූහ.
සඳහිරු සෑයේ ඉදිකිරීම් ගැන සොයා බලන්නට මහින්ද ගියේය. යුද ජයග්‍රහණය සැමරීම සඳහා පළාත් නවයේ ඉදිකිරීමට නියමිතව තිබුණු චෛත්‍ය නවයෙන් පළමුවැන්න වන සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු යහපාලන ආණ්ඩුව යටතේ මන්දගාමීව සිදුකෙරෙන අන්දම මහින්ද නිරීක්ෂණය කළේය.
‘මේක හැදුවා කියල තමයි මාවයි, ගෝඨාභයවයි හිරේ දාන්න හැදුවේ. මම මෛත්‍රීටත් කීපවතාවක්ම කිව්වා මේක හදන්න කියලා. හැබැයි එයාගෙ උනන්දුවක් නැහැ. අපි ආපු ගමන් මේකෙ වැඩ ඉවර කරනවා..’ මහින්ද පැවසීය.
‘සර් බලයේ හිටිය නම් මෙලහකටත් මේක හදල ඉවරයි’ එස්. එම්. පැවසීය.
ඩිලාන් පෙරේරා, තාරනාත් බස්නායක පසුගිය සතියේ මහින්ද මුණගැසුණේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
‘රට වෙනුවෙන් ඔයාලා ගන්න තීන්දුවක් ගන්න. අපි තීන්දු ගන්න ඕනේ නායකයෝ ගැනවත් එයාලගේ වටේ ඉන්න අය ගැනවත් හිතල නෙමෙයි.. ජනතාව ගැන හිතලයි. අද මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ එයාලා හැමතිස්සෙම තීන්දු ගන්නේ තමන්ගේ වටේ ඉන්න අය ගැන හිතලා වීමයි’ මහින්ද පැවසීය.
‘ඒකනේ සර්... අගමැතිතුමා 66 වතාවක් දෙණියායට ගිහින් තියෙන්නේ... ඒකෙන්ම පේනවනේ එතුමා වටේ ඉන්න අය ගැන කොච්චර හිතනවද කියලා’ ඩිලාන් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd