Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනාව ඊයේ (12දා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එය ස්ථීර කළේය. මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව විවාදයේ අදහස් දැක්වූ මනිත්‍රීවරු මෙසේ අදහස් දැක්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස
අද වන විට මුළු රටම අකර්මන්‍ය වෙලා. එකම තැන පල් වෙන රටක් බවට පත්වෙලා. මේ තත්ත්වයට පත් වුණේ කොහොමද? ඔක්තෝබර 26 වැනිදා අපේ රටේ පැවතුණු නිත්‍යනුකූල අග්‍රමාත්‍යවරයා ප්රමුඛ ඇමැති මණ්ඩලය නීති විරෝධීව, ව්‍යවස්ථා විරෝධීව බලහත්කාරයෙන් තනි මතයට ඉවත් කරලා නීති විරෝධී අගමැතිවරයෙක් ප්රමුඛ ඇමැති මණ්ඩලයක් සමග ඊනියා නිල නොවන ආණ්ඩුවක් පත්කළා.
පාර්ලිමේන්තුවේ 113ක් සහ ඊට වැඩි ප්‍රමාණයක මන්ත්‍රී පිරිසක් සිටි අගමැති ඉවත් කරලා, 85ක් 90ක් වත් නැති පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස පත්කර මේ මහා ව්‍යයසනකාරී තත්ත්වය රටේ නිර්මාණය කළා.
අගමැතිවරයකු ඉවත් කරනවා නම් ඉවත් කරන ක්‍රම කිහිපයක් තිබෙනවා. එක්කෝ ඉල්ලා අස්වෙන්න ඕනා. එක්කෝ මන්ත්‍රීකම නැතිවෙන්න ඕනා. විශ්වාස භංග යෝජනාවකින් පරාජය වෙන්න ඕනා. නැතිනම් අයවැය දෙවතාවක් පරාජය වෙන්න ඕනා. මෙන්න මේ අවස්ථාවලදී පමණයි ව්‍යවස්ථානුකූලව අගමැතිවරයකු ඉවත් කරන්න පුළුවන්. නමුත් හිතුවක්කාර කමට, රටේ ජනතාව පැත්තකට වීසි කරලා මමත්වය රජකරවමින් තමන් ගැන හිතලා මේ බලහත්කාරී තීන්දුව ගැනීම තුළ අද මුළු රටම මහා අතිභයංකාර තත්ත්වයකට ගෙනැවිත් තිබෙනවා.
නීත්‍යනුකූල නොවන ආකාරයට, ව්‍යවස්ථා විරෝධීව නිල නොවන අගමැතිවරයෙක් පත් කළා පමණක් නොවෙයි, වෙනමම පාර්ලිමේන්තුවට විරාමයකුත් දුන්නා. 113 නැති නිසා 113 හදා ගන්න විවිධ වරදාන වරප්‍රසාද අපේ ප්රගතිශීලී මන්ත්‍රී මණ්ඩලයට ලබාදෙන්න උත්සාහ කළත් මේ මන්ත්‍රී මණ්ඩලය තමන්ගේ ආත්මය පාවලා දුන්නේ නෑ. නීත්‍යනුකූල අගමැතිවරයකු ප්රමුඛ නිල නොවන ආණ්ඩුවක් පත් කර ගත්තා.
ප්රතිපක්ෂයේ අපි මොකක්ද කළේ? පාර්ලිමේන්තුව රැස්වුණු අවස්ථාවන් ගණනාවකදී අපි පෙන්වලා දුන්නා බහුතරය තියෙන්නේ නිල නොවන ආණ්ඩුවට නොවෙයි, බහුතර තිබෙන්නේ බලහත්කාරයෙන් ඉවත් කරපු අපේ පාර්ශ්වයට කියලා. විශ්වාස භංග යෝජනා දෙකකදී ඔප්පු කළා. අනිත් ඡන්ද තියද්දී කිව්වානේ ඉලෙට්‍රෝනික් ක්‍රමයට ඕනා කියලා. ඉලෙට්‍රෝනික් ක්රමයටත් පෙන්නුවා, නැගිටලත් පෙන්නුවා. පෙන්වන්න පුළුවන් හැම ක්‍රමයකටම පෙන්නුවා.
විවිධ දේවල් කරලා 113 හදා ගන්න බැරිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. මොන නීති කණ්ඩායමද පාර්ලිමේන්තුව විසිරුවාලීමේ උපදෙස් ලබා දුන්නේ. ඒ මොන නීති විශාරදයද කියලා මම දැනගන්න කැමතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බලන්නේ නැතිව එම වැරදි තීන්දුව ගත්තා. ඊට එරෙහිව නඩුව විභාග කරලා අවසන්. දැන් තීන්දුව දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා මම ඒ ගැන වැඩිදුර කතා කරන්න යන්නේ නෑ.
අපේ බහුතරය අපි පෙන්නුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරලා තනතුරුවලින් ඉවත්වෙලා මහත්මා ගතිගුණයෙන් යුතුව කටයුතු කරන්න තිබුණා. නමුත් එහෙම කළේ නැහැ. හරි වැරැද්ද ඒ අයට තේරුම් ගන්නට බැරිවුණා. බුදුහාමුදුරුවෝ ධම්මපදයේ කියලා තියෙන ගාථාව එයාලට අමතක වුණා. හරි වැරැද්ද තෝරා ගන්නට බැහැ. සරු, නිසරු භාවය තේරුම් ගන්න බැහැ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටක උත්තරීතර නීතිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගන්න අපි හැමදෙනාම බැඳී සිටිනවා. ඒක පුරවැසි අපේ වගකීමක්. මේ පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසයක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමාට කියලා මම විශ්වාසයෙන් කියෙනවා. ඒක සත්‍යයක් . ඒක අපි පිළිගත යුතුයි.
අද වන විට රාජ්‍ය සේවය මුලිමනින්ම අසරණ වෙලා . රටට ලැබෙන්න තිබුණා ආධාර හකුලාගෙන ගිහිල්ලා. අත්‍ය අවශ්‍ය බෙහෙතේ රටේ නැහැ. %ගම් උදාව^ , %ගම් පෙරළිය^ මේ හැම දෙයක්ම නතර වෙලා. රටේ සංවර්ධන ව්‍යාපෘති සියල්ල නතර වෙලා.
පාසල් දූදරුවන් ලක්ෂ ගණනකට ඊළඟ වාරයට නිල ඇඳුම් නැහැ. ඔක්තෝම්බර් 26 දා සිට මේ ගත්තු ක්‍රියාමාර්ගවල ව්‍යවස්ථානුකූ නොවන ආකාරය රටම පිළිඅරගෙන තිබෙනවා. දැන්වත් මේ රට රැකගන්න, මේ රට ඇදවැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න සභාවේ උපරිම විශ්වාසය තිබෙන රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා රටේ අගමැති ලෙස පත්කරන්න කියලා ඉල්ලා සිටිනවා.
රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම ව්‍යවස්ථාවේ 06 වැනි පරිච්ජේදයේ තිබෙනවා. මේ තුළ තිබෙන්නේ ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම්. නමුත් මේ අයිතිවාසිකම් අභියෝගයට ලක්කරන්න බහැ කියලා ව්‍යවස්ථාවේ තිබෙනවා.
ඔක්තෝම්බර් 26දා සිට අපේ රටේ සිදුවුණ ව්‍යස්ථා උල්ලංඝනීය ක්‍රියාදාමය තුළදී කථානායක තුමා ක්‍රියාකළ ආකාරය අතිවිශිෂ්ටයි. එය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා කියන එක නොඅනුමානයි.
සභාවේ උපරිම විශ්වාසය රනිල් වික්‍රමසිංහ මහත්මාට තිබෙන බව තහවුරු වෙනවාත් සමගම රටේ නව සංවර්ධන ගමනක ආරම්භක් ලෙස එය අපි සලකනවා. මෙය රටේ නිහඬ බහුතරය අසහනයෙන්, පීඩාවෙන් මුදවාගන්නා ගමනක් කියලා අපි හිතනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර
අනාගතයේදී ශ්‍රී ලංකාවේ කළු සිකුරාදා හැටියට ඔක්තෝම්බර් 26දා නම් කරාවි කියලා මම හිතනවා. අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය නීතිවිරෝධීව ඉවත් කරලා මේ රට දැවැන්ත ප්‍රපාතයකට ඇදලා දැම්මා. මේ ක්‍රියාවට එරෙහිව කථානායකතුමා කරපු සේවය තවත් අවුරුදු දස දහස් ගණනක් අමතක නොකරාවි.
යහපාලන මූලධර්මවලින් ඈත් වුණා කියලා ජනාධිපතිතුමා අපිට චෝදනා කරලා තිබෙනවා. යහපාලන මූලධර්මවලින් ඈත්වුණේ අපි නෙවෙයි වෙන අයයි. අපි ආණ්ඩු භාරගද්දී ජාත්‍යන්තරයෙන් කොන් වෙච්චි ආණ්ඩුවක්. අපේ විදේශ ප්‍රතිපත්ති නිසා ලෝකය දිනාගන්න අපිට පහසු වුණා. ජීඑස්පී ප්ලස් සහනය ලබාගන්න , යුරෝපීය මත්ස්‍ය තහනම ඉවත් කරගන්න ලංකාවට හැකියාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහත්මාගේ පෞද්ගලික කැපවීම නිසා කියලා කියන්න මට පුළුවන්.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීත්‍යනුකූල අගමැතිවරයා සහ නීත්‍යනුකූල ඇමැති මණ්ඩලය නීති විරෝධී ලෙස අයින් කළා. ඒ තත්ත්වය නිසා රට මේ වන විට විනාශයේ දොරකඩට ඇවිත් තියෙන්නේ.
ජනාධිපතිතුමා ශ්‍රීලනිප සම්මේලනයකට ගිහින් කිව්වා ජර්මනියේ ආණ්ඩුවක් නැතිව මාස ගණනක් තිබ්බා කියලා. මෙය සම්පූර්ණ අසත්‍යයක්. ජර්මනියේ මහ මැතිවරණයක් තිබ්බා. කිසිම පක්ෂයකට එයින් බහුතරයක් ලැබුණේ නෑ. මෙයාලා මාස ගණනක් බහුතරය හදාගන්න විවිධ පක්ෂ සමග සාකච්ඡා තිබ්බ එක ඇත්ත. නමුත් ඒ හැම මොහොතකම ආණ්ඩුවක් තිබ්බා. ඇන්ජලා මර්කස් හා කැබිනට් මණ්ඩලය දිගටම පවත්වාගෙන ගියා. ස්වීඩනයේ තවමත් මහ මැතිවරණයෙන් පස්සේ ස්ථාවර රජයක් නැති වුණත් හිටපු අගමැතිවරයා හා ඇමැති මණ්ඩලය දිගටම කටයුතු කරනවා.
රටට විනාඩියකටවත් නායකයෙක් නැතිව නොසිටින්නට ජර්මන් පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගේනවා නම් විශ්වාස භංගය පැරදුණොත් එන නායකයාගේ නමත් ඒකෙ සඳහන් වෙනවා. එ්කෙන් පිළිගන්නවා කිසිම රටකට දවසක් නෙමෙයි පැයක්වත් ආණ්ඩුවක් නැතිව නොතිබිය යුතුයි කියලා.
මේ වෙනකොට සති හයක් තිස්සේ ආණ්ඩුවක් නොමැති වීමේ ඵල විපාක දැනටමත් අපට පේන්න පටං අරගෙන තියෙනවා. 2015 ජනවාරි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් වෙද්දී එජාපයට මන්ත්‍රීවරුන් 48ක් පමණක් තිබ්බත් ඒ කාලේ ඉදිරිපත් වූ පළමු අයවැයට තුනෙන් දෙකටත් වඩා වැඩි ඡන්ද ලැබුණා. ඒ කාලේ 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළා. ඒකට ඡන්ද තුනෙන් දෙකකටත් වඩා ලැබුණා. දිගින් දිගටම ස්ථාවර ශක්තිමත් රජයක් තිබ්බා. මේ අවුරුද්දේ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. එය නීත්‍යනුකූල ක්‍රමයක්. ඒ විශ්වාස භංගයට පක්ෂව ඡන්ද ලැබුණේ 76යි. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඡන්ද 122ක් ලබාගෙන අපි එය පරාජයට පත් කළා. 2015 ජනවාරි මාසේ අට වැනි දා තෙක් 2018 ඔක්තෝබර් 26 වැනි දා තෙක් රනිල් වික්‍රමසිංහ මහතාට පුළුවන් වුණා ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යන්න.
රට තුළ ජත්‍යන්තර පරීක්ෂණයක් වළක්වන්නත් අපි ක්‍රියාමාර්ග ගත්තා. 2015 සිට අපිට කළ සියලුම දේ ඇති ලියැවිල්ලක් මම සභාගත කරනවා. සමහරු කියනවා එයා ජීඑස්පී ප්ලස් දිනා ගත්තා කියලා. එයා දන්නේ නෑ ජීඑස්පී ප්ලස් ලැබුණේ කොහොමද කියලවත්. එදා බැරක් ඔබාමා ශ්‍රී ලංකාවට කිව්වේ ගුඩ් නිවුස් කන්ට්‍රි කියලා. ප්රජාතන්ත්රවාදය වැඩියෙන් ස්ථාපිත කළ රට කියලා. ඒ නිසයි අපට සහන රැසක් ලැබුණේ.
2013 වසරේ රජයේ ආදායම මිලියන 1132ක් වුණා. ණය වාරික ගෙවීම 1163යි. ආදායමට වඩා ණය ගෙවන්න තිබ්බා. විදේශ ජංගම ගිණුමේ 3.4 හිඟයක් පැවතුණා. ද්විත්ව හිඟය නිසා ආර්ථිකය අඩපණ වෙලා තිබ්බා. අපනයන අංශය කඩා වැටෙමින් තිබුණා. අපි රජය භාර ගත්තට පස්සේ 2017 වසර තමයි වැඩියෙන්ම අපනය කළ වර්ෂය වුණේ. 2018 වන විට රාජ්‍ය ආදායම සියයට 15.6කින් වැඩි කරන්න හැකි වුණා. රාජපක්ෂ යුගයේ ණයක් තිබෙනවා ඩොලර් බිලියනයක ණයක්. මේ ණය ගෙවන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. ඒ සඳහා රටේ නීත්‍යනුකූල අගමැතිවරයෙක් සහ ඇමැති මණ්ඩලයක් අවශ්‍යයි.
නීත්‍යනුකූල රජයක් නොමැති නිසා දෙසැම්බර් 31න් පස්සේ රටේ පඩි ගෙවන්න, පෙන්ෂන් ගෙවන්න ක්‍රමයක් නෑ. 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේ වෙනකම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිළිගන්න පුළුවන් ආණ්ඩුවක් පත් කරලා නෑ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා
මම අයි. ටී. කේ පක්ෂය, දෙමළ ජාතික පක්ෂය වෙනුවෙන් කෙටි ප්‍රකාශයක් කරන්න කැමතියි. 2018 නොවැම්බර් 26 වැනිදා ලිපියක් අපේ පක්ෂයේ සාමාජිකයන් අත්සන් කරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට යැව්වා. මේ ලිපිය හැන්සාඩ් වාර්තාවේ පළ කරන ලෙස මම ඉල්ලා සිටිනවා. එම ලිපියේ අයී. ටී. කේ. පක්ෂයේ ස්ථාවරය භාෂා තුනෙන්ම තිබෙනවා. එහි තිබෙනවා අපි රජයේ කොටසක් විදියට ඉන්නේ නෑ කියලා. අපි විපක්ෂයේ කටයුතු කරන බව එහි තිබෙනවා. අපේ ස්ථාවරය එයයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක,
පහුගිය අප්‍රේල් 04දා විශ්වාසභංගයේදී ඉදිරිපත් කළ කරුණු අඩුනැතිව තවදුරටත් වලංගුයි කියලා තමයි අපිට අදත් කියන්න තියෙන්නේ. ආණ්ඩුවක පවැත්ම රඳා පවතින්නේ ඔළු ගෙඩි සංඛ්‍යාව මතම නෙවෙයි. ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් ප්‍රමාණය අනුව.
ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩිවලින් මොන තරම් විශ්වාසයක් දිනාගෙන තිබුණත් ජනතාවගේ විශ්වාසය භංගවී ඇති බව අපි පිළිගත යුතුයි.
මේ පුටුව හිමි ඔහුටමය, මෙහි වාඩි කළ යුත්තේ ඔහුමය කියන නිගමනයට අපි නම් එන්නේ නැහැ. රනිල් නැගිට්ටවා මහින්ද වාඩිකරවීම හෝ මහින්ද නැගිට්ටවා රනිල් වාඩි කරවීෙම් ස්ථාවරයක අපි නැහැ. මේ දෙදෙනම ඒ පුටුවේ වාඩිවී වැඩකරන හැටි අපි දැක්කා. ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කරමින්, දේශපාලන කුමන්ත්‍රණයක් කිරීමයි අපේ ගැටුමට හේතුව. එහෙම නැතිව අගමැති කවුද කියන එක අපේ ප්‍රශ්නයක් නොවෙයි. රටේ ව්‍යවස්ථා කුමන්ත්‍රණ දේශාපාලන කුමන්ත්‍රණ සිදුවන තැනම පරාජයට පත්කිරීමයි අපේ බලාපොරොත්තුව. මෛත්‍රීපාල සිරිසෙන මහත්තයා මේ කුමන්ත්‍රණය සාර්ථක කරගැනීමට විවිධ පියවර ගනිමින් හිටියා. එය පරද්දන්න පුළුවන් හැම දෙයක්ම අපි සිදුකළා. ඉදිරියේදී හැදෙන ආණ්ඩුවක හැදෙන අග්‍රාමාත්‍යවරයා කවුද කියන එක අපිට අදාළ නැහැ. මොකද ඒ කවුරු අගමැති පුටුවේ වාඩි වුණත් වැඩපිළිවෙළත් වෙනස් වෙන්නේ නැහැ කියලා අපි දන්වා.
අපේ රටට ආර්ථිකයේ නව ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්න මේ පුටුවේ වාඩිවෙන කාටවත් හැකිවෙන්නේ නැහැ කියලා අපි දන්නවා. අපේ නිශ්චිත ප්රවේශයේ තිබුණේ මේ දේශපාලන කුමන්ත්‍රණය පරාජයය කිරීම පමණයි. හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති පුටුවේ වාඩි වීමෙන් කිසිවක් අලුතින් වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිවම දන්නවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක
ජනතා විමුක්ති පෙරමුණේ චෝදනා අපි පිළිගන්නවා. නමුත් වැරදි හදාගෙන ඉදිරියට යන්න පුළුන් කියලා අපි විශ්වාස කරනවා. මේ නීති විරෝධී තත්ත්වය වෙනස් කරමින් රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුවක් අපි හදනවා. ඒ තුළ වැරදි නොවන ආකාරයට කටයුතු කරන්න අපි සූදානම්. ඒ අභියෝගය භාරගන්න අපි ලැස්සිතියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක
අද මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම සතුටට කරුණක්. විවිධ වරදාන වරප්‍රසාද හමුවේ කශේරුකාව නමන්නේ නැති පිරිසක් තමයි අද පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ. තමන්ගේ ඡන්ද දායකයන්ගේ අභිමානය රැක්ක මේ මන්ත්‍රී කණ්ඩායමට මම මගේ ප්‍රණාමය පුද කරනවා. තමන්ගේ රාජකාරි හරි හැටි ඉටු කළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත්, පොලීසිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් මම ස්තූති කරනවා.
මේ අර්බුදය හමුවේ එතුමා කටයුතු කළ ආකාරයම ඇති ඔහුට විශ්වාසය පල කරන්න. ශ්‍රී ලංකාවේ වෘත්තීමය දේශපාලනඥයා ඔහුය කියා පෙන්නුම් කළා. අද අපි විශ්වාසය පළ කරන්නේ වැඩපිළිවෙළක් ඇති නායකයකුටයි. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පහළ වූ වෘත්තීමය දේශපාලනඥයා ඔහු බව ලෝකයට පෙන්නුම් කළා.
චාමර සම්පත් ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd