Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
අයවැය යෝජනාවලිය හා පවතින දේශපාලන තත්ත්වයන්පිළිබඳඅභ්යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්යජේ.සී.අලවතුවල මහතා සමග පැවැත්වූ සාකච්ඡාවක සටහනක් පහතින් දැක්වේ.
අයවැයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
අයවැය සම්බන්ධව විරුද්ධ පක්ෂයත් අන්දමන්ද වෙලා ඉන්නේ.දැනට තිබෙන වාතාවරණය තුළ මෙවැනි අයවැයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ ළඟ ඉදලා එහාපැත්තට ගිය හිටපු ඇමතිවරු මාත් එක්ක කතාකරලා මේක හොඳ අයවැයක් බව කිව්වා.පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් මන්ත්‍රීවරු දෙදෙනෙක් මා සමග පාර්ලිමේන්තු පුස්තකාලයේදී කිව්වා මේක තිබෙන වාතාවරණය තුළ ඉදිරිපත් කළ හොඳ අයවැයක්, මේක නරක නැහැ කියලා.නමුත් පාර්ලිමේන්තුව ඇතුළෙ සහ එළියේඒ අය විවේචනය කරමින් කතාකරනවා.මේ විදියට සමාජය ඇතුළෙ බහුතරයක් දෙනා අයවැය ගැන ප්‍රසාදයෙන් කතාකරනවා.
ඔවුන් එවැනි ප්‍රසාදයක් පළකිරීමට හේතුවී තිබෙන යෝජනා මොනවාද?
අපට මේ වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9ක් ගෙවන්න තිබුණා. ඉන් ඩොලර් බිලියන 1.9ක් අපි ගෙවලා තිබෙනවා. තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 4000ක් ගෙවන්න තිබෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේ ගත් ණය සහ වාරික දැන් තමයි ගෙවන්න වෙලා තිබෙන්නේ. ජනතාවගේ බදුමුදල් සහ ණය හා ආධාර එකතු කරලා මේවා ගෙවන්න වෙලා තිබෙනවා. එම ණයවලට අරන් තිබෙන දේවල් දිහා බැලුවාම අපට කනගාටුවක් ඇතිවෙනවා. හම්බන්තොට ක්‍රීඩාංගණයක්, ගුවන්තොටුපළක් හදලා තිබෙනවා. වරාය ව්‍යාපෘතියක් චීනය සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වෙනවා. එවැනි ව්‍යාපෘති ගණනාවකට විශාල මුදලක් නාස්ති කර තිබෙනවා. ඒවාට ණය සහ වාරික ගෙවන වාතාවරණයක් තුළ අපි රටේ ජනතාව අමතක කරලා නැහැ.
රාජ්‍ය සේවකයන්ගේ 2015 ජනවාරි තිබූ වැටුප 2020 වනවිට තමන් ලැබූ වැටුප මෙන් දෙගුණයකට වඩා ලැබෙන පරිදි වැඩිකර තිබෙනවා. ඒ කියන්නේ සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප 107෴කින් වැඩිකර තිබෙනවා. ඊට අමතරව තමයි මේ අයවැයෙන් තවත් රුපියල් 25,00ක් දීමනාවක් හැටියට ලබාදෙන්නේ. 2015දී රුපියල් 1000ක් ලැබූ සමෘද්ධිලාභියාට අද රුපියල් 3000ක් අපි ලබාදෙනවා. ඒ අනුව සමෘද්ධිලාභීන්ගේ ප්රතිලාභ එකට තුනක් වැඩිකර තිබෙනවා. මෙවර අයවැයෙන් සමෘද්ධිලාභී හිමිකම බලාපොරොත්තු වෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී තිබෙන වාර්තා අනුව මේ අයවැයෙන් දිළිඳු සහන ලබාදෙන්න යෝජනා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වැසිකිළි නොමැති නිවාසවලට වැසිකිළි ලබාදීමට යෝජනා කර තිබෙනවා. එය කාලෝචිත හොඳ යෝජනාවක්. දීර්ඝ කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසිකිළි නොමැති නිවාස 15,000ක් තිබෙනවා. ඒ ගැන මහින්ද රාජපක්ෂ මහතා ලැජ්ජාවිය යුතුයි. ඒ විදියට ලංකාව පුරා එවැනි පිරිස් සිටීම ගැන අපි කනගාටුවෙනවා. ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
නිදහස් අධ්‍යාපනයේ දියුණුව සඳහා යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබීම ගැන අපි සතුටු වෙනවා. එක්සත් ජාතික පක්ෂ රජයන් තමයි හැමදාම අධ්‍යාපනයට මූලිකත්වය ලබාදීලා කටයුතු කළේ. මෙවර අයවැයෙන් අධ්‍යාපනයේ දියුණුව සඳහා රුපියල් මිලියන 35ක් වෙන් කර තිබෙනවා. දරුවන් අවුරුදු 13ක් පාසල් යායුතු බවට රජය තීරණය කර තිබෙනවා. තාක්ෂණික විෂයධාරා 26ක් හඳුන්වාදී තිබෙනවා. දරුවන්ට සාමාන්‍ය පෙළ සමත් වුණත් නැතත් උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇති කළා. මේක ලෝකයේ දියුණු රටවල් ගණනාවක ක්‍රියාත්මක වෙන දෙයක්. උසස් පෙළ වැඩිම ලකුණු ගන්න සිසුන්ට ලෝකයේ ශ්‍රේණිගත කිරීම් අනුව හොඳම 100 අතර තිබෙන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට යෝජනා කිරීම විශේෂ දෙයක්. ඒ අනුව මේ වසරේ පළමු කණ්ඩායමට ශිෂ්‍යත්ව 14ක් ලබාදෙනවා.එය දිස්ත්‍රික් මට්ටමින් හා පළාත් මට්ටමින් ඉදිරියේදී ක්‍රම ක්‍රමයෙන් වැඩිකරනවා.උසස් පෙළ හදාරන දරුවන්ට එය හොඳ උත්තේජනයක් වෙනවා.
රජයේ සේවකයන්ට රුපියල් 2,500ක දීමනාවක් ලබාදීමට යෝජනා වුණත් පෞද්ගලික අංශය ගැන සඳහන් නොවීම ලොකු අඩුවක් නේද?
අයවැය විවාදයේදී මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීම මත පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය වැටුප් වැඩිවීම තුළත් පෞද්ගලික අංශයේ වැටුප්වල සංශෝධනයක් සිදුවුණා. අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවිය යුතු බව.ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සිදුවෙමින් තිබෙනවා.
පවතින ජීවන වියදම සලකා පෞද්ගලික අංශයේ වැටුප් රුපියල් 10000කින් වැඩි නොකළහොත් ඉදිරියේදී සමස්ත මහා වැඩවර්ජනයකට යන බව මේ වනවිට වෘත්තීය සමිති සඳහන් කර තිබෙනවා. මෙම තත්ත්වය තුළ
පෞද්ගලික අංශයේ වැටුප කීයකින් වැඩිකළ යුතු යැයි රජය අපේක්ෂා කරනවාද?
පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම සඳහා රජය මැදිහත් වෙනවා.ඒ ඒ ආයතනවල මූල්‍ය තත්ත්වය අනුව තමයි වැටුප් වැඩිවීම සිදුවන්නේ.යම් මට්ටමක් ඇතිව පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවෙන්න ඕන කියන තැන අපි ඉන්නවා.ඒ සඳහා මුදල් අමාත්‍යාංශය මැදිහත්වීමට නියමිතයි.
වතු සේවකයන්ගේ ප්‍රශ්නයට උත්තරයක් තවම ලැබී නැහැ.දිනක වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඔවුන් දිගින් දිගටම ඉල්ලනවා.අයවැයෙන් විසඳුමක් ඉදිරිපත් නොකළේ ඇයි?
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිව ප්‍රකාශ කළා වතු පාලකයන් සමග සාකච්ඡා කරලා අනිවාර්යයෙන් වතු සේවකයන්ගේ ඉල්ලීම් සිංහල අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා ලබාදෙන බව.
පවතින වියදම්කාරී ආර්ථික රටාව තුළ රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයන්ට ප්‍රමාණවත්ද?
අපි බලයට පැමිණි අවස්ථාවේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකළේ වසර 05ක් යනවිට වැටුප දෙගුණයක් වන ලෙසටයි. කාර්යාල කාර්ය සහායකයෙක් රුපියල් 14,200ක් ගත්තා නම් අද එය රුපියල් 24,000 දක්වා වැඩිවී තිබෙනවා.ලබන අවුරුද්ද වනවිට එය 28,000 දක්වා වැඩිවෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක් ගතහොත් 2014 අග වනවිට රුපියල් 48,000ක වැටුපක් ගත්තේ. එම වැටුප මේ වනවිට 88,000ක් වී තිබෙනවා.2020 වනවිට එම වැටුප රුපියල් 98,000ක් වෙනවා. ඒ අනුව රුපියල් 10,000ට වැඩියෙන් වැටුප් වැඩිවී තිබෙනවා. සමහර අයගේ වැටුප් රුපියල් 50,000කින් වැඩිවී තිබෙනවා. කිසිම රජයක් අවුරුදු පහක් තුළ තමන්ගේ කාලසීමාව අවසන් වීමට පෙර රාජ්‍ය සේවක වැටුප් දෙගුණයක් කර නැහැ. 1948 සිට මේ දක්වා එය සිදුකළේ අපේ රජය පමණයි. මෙම වැටුප් වැඩිවීම්වලට අමතරව තමයි මෙවර අයවැයෙන් රුපියල් 2,500ක් ලබාදීමට යෝජනා කර තිබෙන්නේ.
නවීන් දිසානායක ඇමතිවරයා අයවැයට කලින් කියා තිබුණා රුපියල් 50ක් වතු සේවකයන්ගේ වැටුපට එකතු කරන බව.නමුත් අයවැයෙන් එයත් හලා තිබෙනවා නේද?
ඒක අයවැයට ඇතුළත් කරන්න බැහැ. ඒක සමාගම්වලින් ගෙවන්න ඕන. ඒ ගැන වෙනම සාකච්ඡාවක් මේ දිනවල පැවැත්වෙනවා. අයවැය යෝජනාවට රජයේ මුදල් වෙන් කිරීම් ගැන පමණක් අවධානය යොමු කරන්නේ. ඒ නිසා පෞද්ගලික අංශයේ හා වතු අංශයේ සේවකයන් වරදවා වටහාගන්න එපා. ඒ ගැන අගමැතිතුමාගේ හා අදාළ අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබියදී විසඳුමක් ලැබේවි කියා විශ්වාසයක් තැබිය හැකියි. මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා පැහැදිලිව ප්‍රකාශ කළා වතු අංශයේ වැටුප් වැඩිකිරීමේ කාර්යයට මැදිහත් වෙලා වැටුප් වැඩිකිරීම සිදුකරනවා කියලා.
රාජ්‍ය සුභසාධනය සම්බන්ධයෙන් අඩු අවධානයක් යොමු කර ආරක්ෂක වියදම් වැඩි කර තිබීම ගැනත් යම් යම් පාර්ශ්ව ප්‍රශ්න කරනවා?
ආරක්ෂක අමාත්‍යාංශය තිබෙන්නේ ජනාධිපතිවරයා යටතේ. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ආරම්භ කළ හමුදා මූලස්ථානය මේ වනවිට ඉදිකරගෙන යනවා. මීට පෙර තිබුණු හමුදා මූලස්ථානය තිබූ ඉඩම ෂැංග්‍රිලා හෝටලයට මහින්ද රාජපක්ෂ ලබාදුන්නා. ඊට පස්සේ තමයි බත්තරමුල්ලේ නව හමුදා මූලස්ථානය ආරම්භ කළේ. එම ගොඩනැගිල්ලට ලොකු වියදමක් යනවා. දැනට බාගෙට හදලා තිබෙන්නේ. ඒකේ වැඩ අවසන් කරන්න ලොකු වියදමක් යන නිසා අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. ඊට අමතරව හමුදා නිලධාරීන්ගේ නිලඇඳුම් දීමනාව අවුරුදු විස්සකට පස්සේ තුන් ගුණයකින් වැඩිකර තිබෙනවා. කමාන්ඩෝ දීමනාව රුපියල් 1000 සිට 5000 දක්වා වැඩිකර තිබෙනවා. අපි හමුදාවට සලකනවා. වැඩිවෙන වැටුප් ආබාධිත රණවිරුවන්ටත් වැඩිවෙනවා. ඒ සියල්ල ගැන බලද්දි ආරක්ෂක අමාත්‍යාංශය සඳහා අයවැයෙන් වාර්ෂිකව වෙන් කරන මුදල වැඩිවෙනවා.
මෙවර අයවැය යෝජනා අතර ණය යෝජනා කැපී පෙනෙනවා. රජය විදේශවලින් ණය ගනිමින් සිටියදී අයවැයෙන් ජනතාව තවත් ණයකරුවන් බවට පත් කිරීමටද ආණ්ඩුවේ සූදානම?
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා^ ණය යෝජනා ක්‍රමය මෙවර ඉදිරියට ගෙන ගිහින් තිබෙනවා. අපේ රටේ නිෂ්පාදනය, අපනයනය වැඩිකිරීම මෙන්ම එය තවත් ඉදිරියට ගෙන යෑමට තමයි මෙවැනි ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙන්නේ. ව්‍යවසායකයන්ගේ තත්ත්වය ඉහළට ගන්න %එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා^ වැඩසටහන යටතේ ණය යෝජනා ක්‍රම ගණනාවක් ඇතුළත් කර තිබෙනවා. ඒ යටතේ ව්‍යාපෘති වාර්තාව පමණක් බලා උපාධිධාරීන්ට ලක්ෂ 15ක ණය මුදලක් ලබාදෙනවා. එයට භාණ්ඩාගාරයෙන් පොලිය ගෙවනවා. අපි බලාපොරොත්තු වෙන්නේ බුද්ධිමත් උගත් අය ව්‍යවසායක කේෂ්ත්‍රයට ඇතුළු කරන්න. නමුත් බොහෝ දෙනා රාජ්‍ය සේවයට යන්න ඕන කියන මානසිකත්වයක සිටිනවා. තරුණයන්ගේ එම ආකල්පය වෙනස් කරලා ව්‍යවසායකත්ව කේෂ්ත්‍රයට ඇතුළු වෙන්න මෙම ණය යෝජනා ක්‍රම උදවුවක් වෙනවා. මේ යටතේ දැනට ව්‍යාපාර කරගෙන යන අයටත් අඩු පොලියකට ණය ලබාදෙනවා. 6%ක් වැනි ඉතා අඩු පොලියකට ඔවුන්ට ණය ලබාදෙන්නේ.
මෙවර අයවැයෙන් සිහින මාළිගා නමින් තවත් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනවා. අලුතෙන් විවාහ වූ තරුණ අයට මෙම ණය යෝජනා ක්‍රමයෙන් ප්රතිලාභ ලැබෙනවා. වැඩිහිටි අයට වුණත් නිවසක් සාදා ගැනීමට මෙම ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථාව ලබාදෙනවා. අඩු පොලියකට අවුරුදු 15ක් ගෙවීමට කාලය ලබාදී තිබෙනවා. ඊට අමතරව විදේශ රැකියා සඳහා ගොස් සිටින අයට ලක්ෂ 100 දක්වා ණයක් ලබාදෙනවා.
මෙවර අයවැයෙන් ගම්පෙරළිය වැඩසටහන සඳහා මිලියන 48,000ක් වෙන්කර තිබෙනවා. මේ වනවිට එම මුදල් වෙන් කිරීම සඳහා අපි සැලසුම් සකස් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යෝජනා ලැබිලා තිබෙනවා. අප්‍රේල් මාසය අවසන් වීමට පෙර %ගම්පෙරළිය^ වැඩසටහන ආරම්භ කරලා අගෝස්තු වනවිට එහි ප්රතිලාභ ජනතාවට ලබාදෙන්න රජය සැලසුම් කර තිබෙනවා. මේ යටතේ සෑම ආසනයකටම ලක්ෂ 3,000ක මුදලක් වෙන්කර තිබෙනවා. ඉතිහාසයේ කෙටි කාලයක් තුළ මෙවැනි මුදලක් කිසිම ආසනයකට ලැබිලා නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා චෝදනා කර තිබුණා ඔබ එක්සත් ජාතික පක්ෂයේ රහස් ජනාධිපතිවරයාට ලබාදෙන බවට. ජනාධිපතිවරයාට කේලම් කියූ නිසා මෙම ඇමති ධුරය ඔබට ලබාදුන් බවත් ඔහු ප්‍රකාශ කළා. මෙහි සත්‍යතාවක් තිබෙනවාද?
පදනම් විරහිතව, තමන්ට ජනප්‍රිය වෙන්න ටීවී එකේ කතා කරන්න ඕන හින්දා කියූ කතාවක්. බාල ප්‍රචාර ලබාගැනීම සඳහා සිදුකළ චෝදනාවක්. මම 1990 සිට අවුරුදු 28ක් එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරනවා. පාර්ලිමේන්තුවට ආවේ 94දී. රාජ්‍ය, නියෝජ්‍ය නෙමෙයි මම ඉන්න ඕන කැබිනට් අමාත්‍ය ධුරයක. ඒක ආණ්ඩු පක්ෂයේ අය විතරක් නෙමෙයි විපක්ෂයේ අයත් අද පිළිගන්නවා. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පක්ෂයටත් අලුත්, පාර්ලිමේන්තුවටත් අලුත්. එක්සත් ජාතික පක්ෂයේ සංස්කෘතිය ගැන හෝ පක්ෂය කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියලා හරි අවබෝධයක් නැතිව ඇති. මන්ත්‍රීවරු අවබෝධයෙන් කතා කරනවා නම් මීට වඩා වැදගත්. එතුමා කරපු වැරැද්දට පාර්ලිමේන්තුවේදී මගෙන් සමාව ගත්තා. පාර්ලිමේන්තු ලොබියේදී මා ළඟට ඇවිත් %සමාවෙන්න ඇමතිතුමා^ කියලා කිව්වා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd