Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව උසස් අධ්‍යාපනයට වරම් නොලබන පිරිස් රැකියාවක නිරත වීමට පෙළඹේ. බොහෝවිට මෙම රැකියාවන් සඳහා යොමුවෙන තරුණ තරුණියන්ට එම රැකියා ක්ෂේත්රය පිළිබඳව ප්‍රායෝගික සහ න්‍යයාත්මක දැනුමක් නොමැත. තවද පාසල් අධ්‍යාපනයෙන් පසු විවිධ ස්වයංරැකියා සිදුකළද එමගින් තමන්ගේ අනාගතය ජය ගැනීමට ලැබෙන අවස්ථාව ඉතා විරලය. මෙම හේතූන්වලට තිත තබමින් පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියාවකට යොමු වීමට පෙර ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම කුසලතා ආකල්ප පූරණය කරදීමට ජාතික යොවුන් සේනාංකය කටයුතු කරමින් සිටියි. 2019 වසරේ ආරම්භ කිරීමට නියමිත ජාතික යොවුන් සේනාංකයේ පුහුණු පාඨමාලාවන් සඳහා දැනුවත් කිරීමට එහි අතිරේක අධ්යක්ෂ (පුහුණු හා සංවර්ධන) ඩබ්. ඒ. එම් විජේසිංහ මහතාව අප අදට සම්බන්ධ කර ගැනීමට සිතුවෙමු.
ජාතික යොවුන් සේනාංකයේ ආරම්භය සහ එහි කාර්යභාරය කුමක්ද?
අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සංකල්පයක් මත ජාතික යොවුන් සේනාංකය 2002 වර්ෂයේ අංක 21 දරණ පාර්ලිමේන්තු පනතින් තමයි බිහිවෙන්නේ. ජාතික යොවුන් සේනාංකය ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ තමයි වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ. මෙය අද වන විට දිවයින පුරා මධ්‍යස්ථාන 57ක් තුළ ක්‍රියාත්මක වෙනවා.
විභාගයන් ඉලක්ක කරගත් අධ්‍යාපන රටාවක් තිබෙන ලංකාව තුළ එම විභාගවලින් අසමත් දරුවන් සමාජගත වීමේදී නිවැරදි මාවතකට යොමු නොවුණහොත් එහි අනිසි ප්‍රතිඵල අත්විඳීමට සිදුවන්නේ රටේ ජනතාවට. මෙම සමාජ කණ්ඩායම් බහුතරයක් උසස් අධ්‍යාපන වරම් අහිමි වීම තුළම ඉච්ඡාභංගත්වයට පත්වනවා. ඒ හරහා සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙළඹීමට වැඩි ඉඩක් තිබෙනවා කිව්වොත් නිවැරදියි. මේ නිසා විශාල වශයෙන් පවුල, සමාජය, රට තුළ විවිධ ගැටුම් නිර්මාණය වෙනවා. වර්තමානයේ පාසල් අධ්‍යාපනය නිමා කරන බහුතර තරුණ ප්‍රජාව තම ජීවිතය නිසි අයුරින් සකසා ගන්නවාද කියන එක අපට තිබෙන විශාල ගැටලුවක්. බොහෝදෙනා ත්‍රිරෝද රියකට, නිවසට, කඩයකට හෝ මහපාරේ තමන්ගේම කියලා කුඩා වෘත්තීය ජීවිතයක් ආරම්භ කළත්, එයින් රටේ ආර්ථික ක්‍රියාවලියට කිසිදු දායකත්වයක් ලැබෙන්නේ නැහැ. ඒ ගැන ඇත්තටම තියෙන්නේ කණගාටුවක්. තව පැත්තකින් බැලුවොත් ඒක අප තරුණ පරපුරට කරන විශාල හානියක්.
එම නිසා මෙම ගැටලුවලට පිළියමක් විදිහට යොවුන් සේනාංකයෙන් සිදුකෙරෙන කාර්යභාරය විශාලයි. 2025 වන විට ශ්‍රී ලංකාව නීල හරිත ආර්ථිකයක් කරා ගෙන යන රජයේ සාර්ථක වැඩපිළිවෙළ තවදුරටත් සවිමත් කිරීමට, ජාතික යොවුන් සේනාංකය ලෙස අපි රටේ තරුණ ජවය එම ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ සාඩම්බර කොටස්කරුවන් විදිහට එකතුපහදු කරන්නට සූදානමින් සිටිනවා.
යොවුන් සේනාංකය තුළ ක්‍රියාත්මක වන පාඨමාලා ගැන පැවසුවොත්?
විශේෂයෙන්ම ජාතික යොවුන් සේනාංක පාඨමාලාව තුළදී විනය, නායකත්වය හා පෞරුෂත්වය සංවර්ධනය කිරීම, ගැළපෙන වෘත්තීය ගමන් මග විවර කරදීම, ජාතික සංහිඳියාව ඇතිකිරීම, යහපත් නිවැරදි දිවිපෙවතකට මග කියාදීම සහ වෘත්තීය විෂයයන්වල න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීමද සිදුවෙනවා.
කුසලතාවන්ගෙන් හෙබි යහපත් තරුණ පරපුරක් ජාතියට දායාද කිරීම හා ඔවුන් ජාතික සංවර්ධනයට ඉවහල් කර ගැනීම යන නිවැරදි දැක්මකින් හා අභියෝගයන්හී නොසැලෙන, නිරෝගී, පෞරුෂත්වයෙන් හෙබි ශ්‍රී ලාංකීය තරුණ පරපුරක් බිහිකිරීම මෙහෙවර කරගනිමින් ජාතික යොවුන් සේනාංකය දිනෙන් දින යාවත්කාලීන වෙනවා. ඒ අනුව හෙට ලොවට ගැළපෙන පාඨමාලාවක් හැදෑරීමට පුහුණුලාභීන්ට/ලාභිනියන්ට අවස්ථාව ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා.
මූලික පාඨමාලාවෙන් පසු ලබාදෙන රැකියාභිමුඛ පුහුණුවෙන් හෝ NVQ ක්‍රමවේදය හරහා ලබාගන්නා වෘත්තීය සුදුසුකම් මත සාර්ථක වෘත්තිකයන් ලෙස ඔවුන්ට රටේ ආර්ථිකය සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට දායක වීමට හැකියාව තිබෙනවා.
උදාහරණයක් විදිහට මූලික පුහුණුව අවසන් කළ, හෝටල් ක්ෂේත්රය පිළිබඳ උනන්දුවක් ඇති තරුණ තරුණියන්ට තම හැකියාවන් මත ජාතික යොවුන් සේනාංකය යටතේ ක්‍රියාත්මක වන දඹුල්ල La Hotelier හෝටල් පුහුණු පාසලේ පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාව තිබෙනවා. ඒ පාඨමාලාව තුළදී චීන භාෂා පුහුණුවක්ද ලබාදීම පුහුණුලාභීන්ට ලැබෙන තවත් වරප්‍රසාදයක්. පාඨමාලා අවසානයේ ජාතික සහ ජාත්‍යන්තර රැකියා අවස්ථා සඳහා අප පුහුණුලාභීන් යොමු කරනවා.
මෙම පාඨමාලාවන් තුළදී ඉංග්‍රීසි භාෂාව හා කථනය, දමිළ භාෂාව හා කථනය, තොරතුරු තාක්ෂණය, වෘත්තීය මාර්ගෝපදේශනය, පෞරුෂ සංවර්ධනය, සෞන්දර්ය අධ්‍යාපනය හා සරඹ පුහුණුව ආදී විෂයයන් සඳහා සුදුසුකම්ලත් පුහුණු උපාධිධාරී හා ඩිප්ලෝමාධාරී ගුරු මණ්ඩලයක් මගින් ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙනවා.
මෙම පාඨමාලාවන්ට අමතරව බාහිර ක්‍රියාකාරකම් තුළ නියැළීමට පුහුණුලාභීන්ට අවස්ථාව තිබෙනවාද?
ඔව් අනිවාර්යෙන්ම. නාවුල ජාතික යොවුන් සේනාංක බැහැරගත කඳවුරේ අපි පුහුණුලාභීන්ට අභියෝගාත්මක ක්‍රියා පුහුණුවක් (Adventure Based Training) ලබාදෙනවා. ඒ සඳහා විශාල පිරිවැයක් රජය විසින් දරනවා. එමගින් තරුණ තරුණියන්ගේ නායකත්ව ගුණාංග, පෞරුෂත්ව ගුණාංග වැඩිදියුණු කරමින් මානසික හා ශාරීරික වශයෙන් සවිමත් මිනිසුන් ලෙස මෙන්ම යහපත් නායකයන් ලෙසද සමාජගත කිරීම තමයි අපේ අපේක්ෂාව වන්නේ.
ඒ වගේම සාම්ප්‍රදායික පංති කාමර ඉගැන්වීම් ක්‍රමයෙන් බැහැරව නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් විවිධ ක්‍රියාකාරකම් ඇසුරින් සහ සරල ක්‍රමවේදයන් තුළින් තමයි මෙහි අධ්‍යයන කටයුතු සියල්ලම සිදුවෙන්නේ.
එතකොට මත්ද්‍රව්‍ය නිවාරණය, අාපදා කළමනාකරණය, දෙමාපිය වන්දනා, ක්‍රීඩා තරග, ප්‍රජා සංවර්ධනය, ඒඩ්ස්, බෝ වන සහ බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීම්, දැනුම මිනුම තරග, රචනා තරග, විවාද තරග, නීතිය හා සාමය, සංහිඳියාව පිළිබඳ දැනුවත් කිරීම් ආදී වැඩසටහන් රැසක් තාරුණ්‍ය යහබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක වෙනවා.
මෙම පාඨමාලාවන් සඳහා අයදුම් කරන්නේ කෙසේද?
2019 වර්ෂයේ II කණ්ඩායමේ බඳවාගැනීම් දැන් සිදුවෙනවා. නව පාඨමාලා ජූලි මස 08 දින ආරම්භ කිරීමට නියමිතයි. මෙම පාඨමාලාවන් සඳහා පාසල් අධ්‍යාපනය නිම කළ වයස අවුරුදු 18-28ත් අතර අවිවාහක ඕනෑම අයෙකුට අයදුම් කරන්න පුළුවන්. මේ සඳහා කිසිඳු අධ්‍යාපන සුදුසුකමක් බලපාන්නේ නැහැ.
මෙම පාඨමාලාවන් සියල්ලම පූර්ණ වශයෙන් නොමිලේ තමයි පැවැත්වෙන්නේ. ඊට අමතරව පාඨමාලාව තුළදී යෞවන යෞවනියන්ට උදෑසන ආහාරය, දිවා ආහාරය, නේවාසික පහසුකම්, නිලඇඳුම්, රක්ෂණ ආවරණ සහ පැමිණීමේ දීමනා වශයෙන් මසකට රු.2500ක් සහ වෘත්තීය පුහුණුව සඳහා රු.10,000ක මුදලක්ද ලබාදීමට යොවුන් සේනාංකය විසින් කටයුතු කර තිබෙනවා.
කැමති තරුණ තරුණියන් ජාතික යොවුන් සේනාංක මූලස්ථානය, නො 420, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 කියන ලිපිනයට අයදුම්පත් එවිය යුතුයි. රජය විසින් ජාතියේ තරුණ පරපුර වෙත කෙරෙන මෙම ආයෝජනයේ මහඟු ඵල නෙළාගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.
කැළුම් දේවින්ද
popular news
W.R.W.M PARAMI RASHMIKA Tuesday, 10 March 2020 11:16 AM
Teaching saha tamil diploma ekak ho certificate course ekak krnna kamaththak tiyenwa.. mata mulika wisthara tika laba denna pullwanda ? Me mase sita aluthin patan gnna course monada kiyla chuttak danagannath onee... ikaman pilithurak balaporoththu wenwa...
Reply : 0 1
r.m madushika sewwandi Saturday, 05 September 2020 08:43 AM
Teaching saha tamil diploma ekak karanna ona mata kiyanna puluwanda cos patan ganna dine saha tawa tiyana cos gana ikmnata piliturak bala porotthu wanawa man
Reply : 0 0
K.G.D.L.Dananjana Wednesday, 20 May 2020 10:43 AM
Teaching course ekak karanna asai....e gana wisthara tikak kiyanna puluwanda...
Reply : 0 7
Prageeth Madusanka Monday, 29 June 2020 02:36 PM
නාම පුවරු සැකසීම, plastic embose board සැකසීම, වාහන වල istiker ටින්ටඩ් කිරීම වැනි පාඨමාලා තිබේද
Reply : 5 15
SANDUPAMA Sunday, 30 August 2020 04:15 PM
මොන්ටිසෝරි ඩිප්ලෝමාව පිලිබද තොරතුරු දැනගැනීමට අවශ්‍ය වේ...
Reply : 0 15
නෙත්මිනි නයනතරා Friday, 01 January 2021 09:04 AM
Prathmika guru puhunu nadda nadda
Reply : 0 0
Dilini geethanjali Thursday, 10 June 2021 12:40 PM
පෙර පාසල් course නැද්ද? රජයෙන් පිලිගන්න..සහ online පවත්වන.
Reply : 0 7
චමිලා Thursday, 01 July 2021 07:28 AM
Nursing course ehema නැද්ද karanna. කොහොමද මෙකට join වෙන්නේ.
Reply : 0 0
ශෂිකලා සන්දීපනී Saturday, 28 August 2021 05:04 PM
පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලා පිලිබද තොරතුරු දැන ගැනීමට අවශ්‍යයි.
Reply : 2 9
සුපුන් ප්‍රසාද් Monday, 13 December 2021 07:14 AM
හොදයි.
Reply : 0 2
Wathsala sewwandi Wednesday, 15 December 2021 02:33 AM
කොහොමද අයදුම් karanne nursing course නැද්ද
Reply : 0 0
shashikala hettiarachchi Sunday, 02 January 2022 07:04 AM
පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාව පිළිබඳව තොරතුරු දැන ගැනීමට අවශ්‍යයි.
Reply : 0 1
Chamindu lalantha Friday, 04 March 2022 08:34 AM
මෙකට ඇතුලත් වේන්න මොකක්ද කරන්න ඔනි.අපි මොන අංශයේ න් ද යන්න ඔනි කියලා කියලා දේනවද?
Reply : 0 0
තිෂාති Friday, 12 August 2022 04:35 AM
මෙම පාඨමාලාවට ඇතුළත් වෙන්නෙ කොහොමද දුරකථන අංකයක් තියෙනවා ද මෙම ලිපිනයට ලිපියකින් විස්තර දන්වා ඇතුළත් වෙන්නෙ පුලුවන් ද
Reply : 0 0
Amila niroshan dhrmadasya Friday, 25 November 2022 03:06 PM
මට කියන්න පුළුවන් ද ඹයල අලුත් කින් රැකියාවක් සොයා දෙන්න පුළුවන් ද කියලා මම කැගල්ල කියනවද කොහෙද තියෙන්නේ මට phone number0753206583, 0706388406 ලිපිනය kirndaniya Road A27-1 krudupan molagoda kegalla
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd