Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
දේශපාලනයයි ආගමයි පටලගන්න එපා - එයා නැතිනම් පෙරහර කරන්න වෙන්නේ නැහැ
බොහෝ අවස්ථාවලදී ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව අදහස් දක්වන සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ විහාරස්ථානයේ පෙරහරක් පැවැත්වූයේ පසුගිය සතියේදීය.
එහි කරඬුව තැන්පත් කිරීමට ආරාධනා කර තිබූ පුද්ගලයා දැක කවුරුත් මවිත වූයේ මොවුන් විරුද්ධ අදහස් දරන්නන් නිසාය.
සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නට කළුතර බිනර මහ පෙරහරේ කරඬුව තැන්පත් කිරීමට සුදත්ත හිමියන් ආරාධනා කර තිබුණි. පෙරහර පැවැත්වුණේ පන්විල හේනවත්ත ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේ සිට කළුතර නගරය දක්වායි. එය ආරම්භ කිරීමට ප්‍රථම උත්සව සභාවක්ද පැවැති අතර එය ආරම්භයේ දී රාජිත සේනාරත්න, ජගත් සුමතිපාල ඇතුළු ආරාධිත අමුත්තෝ වේදිකාවේ රැඳී සිටියහ. එම අවස්ථාවේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න වේදිකාවට ගොඩ වුවත්, ඔහුට නියමිත අසුන හිමි නොවූයේ එහි ජගත් සුමතිපාල අසුන්ගෙන සිටි නිසාවෙනි. මාගල්කන්දේ සුදත්ත හිමියෝ පසුව තම අනුශාසනාවේදී මෙසේ පැවසූහ. “රාජිත සේනාරත්න අමාත්‍යවරයා ලබාදුන් සහයෝගය නැතිනම් අද පෙරහර පැවැත්වීමට නොහැකියි. මූල්‍යමය සහ අනෙකුත් සියලුම පහසුකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගත්තා. එම නිසා දායකයන් පිරිසක් කළුතර නගර මධ්‍යයේ රාජිත අමාත්‍යවරයාගේ සහ මගේ ඡායාරූප ගහලා තොරණක් ගහන්න හැදුවත් ඇතැම් අයට ඒකට රිදිලා. දේශපාලනය සහ ආගමික වැඩසටහන් පටලවගන්න එපා”
එම අවස්ථාවේදී වේදිකාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැමිණි අතර එහිදී ජගත් සුමතිපාල තම අසුනෙන් නැගිට වෙනත් අසුනකට ගොස් රෝහිත අබේගුණවර්ධනට අසුන පිරිනැමීය. සුදත්ත හිමියෝ තවදුරටත් හීලෑ අලි ඇතුන්ගේ ප්රශ්නය, කළුතර පානීය ජල ගැටලුව, කළුතර මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිම පිළිබඳ අදහස් දැක්වූහ. රාජිත සෞඛ්‍ය සේවාවට කළ මෙහෙවර ද ඖෂධ මිල අඩු කිරීම ද අගය කළු සුදත්ත හිමියෝ “කළුතර මහ රෝහල හෝටලයක් වගේ හදලා”යැයිද පවසා සිටියහ.
අනතුරුව ඇමති රාජිත ද එහි කතා කළ අතර ඔහු තම අදහස් පළ කිරීමේදී පෙරහර සංස්කෘතිය සඳහා හීලෑ අලි ඇතුන් නොමැතිවීමේ ගැටලුව පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර පසුගිය කාලයේ සිදු වූ ව්‍යාජ බලපත්‍ර සහිත අලි ජාවාරම් පිළිබඳවද අදහස් පළ කළේය. මෙම ගැටලුව ජනාධිපතිවරයා කඩිනමින් විසඳනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මෙහිදී රාජිත සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අතර සුහද කතාබහක් ඇතිවීම කාගේත් අවධානයට යොමු විය. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නැන්දණියගේ අභාවය පිළිබඳ ශෝකය පළ කළ රාජිත අවමංගල්‍ය කටයුතු පිළිබඳ විමසා බැලුවත් කිසිදු දේශපාලන කරුණක් මෙහිදී සාකච්ඡා කළේ නැති බව වේදිකාවෙන් බැසවිත් තම පිරිසට පවසා තිබුණි.
මේක වෙනස්කරන්න වෙනවා - අපිට සහනයක් නැහැ
අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳුදා පස්වරුවේදී පැවැත්විණි. එහිදී සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳ ඇමති එච්වඩ් ගුණසේකර කරුණු පැහැදිලි කළේය. “සමෘද්ධිලාභීන් තෝරා ගනු ලබන්නේ සමෘද්ධි නිලධාරීන් විසිනුයි. එමගින් අපේ අයට සහනයක් ලැබෙන්නේ නැහැ. සමෘද්ධි ප්රතිලාභ නොමැති අපේ අයට සමෘද්ධිය ලැබෙන්නේ නැහැ” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය. එවිට අගමැති රනිල් සඳහන් කළේ බ්‍රහස්පතින්දා දින මේ පිළිබඳ රැස්වීමක් පැවැත්වෙන බැවින් එහිදී අවසන් තීන්දුවක් ගත හැකි බවයි. එවිට මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ සාධාරණය ඉෂ්ට වන අයුරින් තීන්දුවක් ගත යුතු බවයි. එම අවස්ථාවේ දී යළි අදහස් පළ කළ අගමැති රනිල් සඳහන් කළේ කමිටුවක් පත් කර එම නියෝජිතයන් මගින් ගැටලුව විසඳා ගත හැකි බවයි. සාධාරණ විසඳුමක් අවශ්‍ය බව මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා සහ එස්.එම් මරික්කාර් ද මෙහිදී කියා සිටියහ.
ඉන් පසු මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමු වූයේ තෙල් මිල පිළිබඳවයි. නියෝජ්‍ය ඇමති අනෝමා ගමගේ කියා සිටියේ තෙල් මිල සූත්‍රය මගින් දිගින් දිගටම ඉන්ධන මිල වැඩි වන බවයි. නමුත් ඇමති මංගල සමරවීර පැවසුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වනවිට ඉන්ධන මිල වැඩි වන බවත් අඩු වන විට මිල අඩු වන බවත් ය. එවිට අදහස් පළ කළ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න තෙල් මිල ගැන විස්තර කරන්නට විය.
2015 වසරේ අපි බලයට පත්වනවිට පෙට්‍රල් ලීටරයක් තිබුණේ රුපියල් 150 කටයි. හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරණ සමයේ දී පෙට්‍රල් මිල අඩු කළ නිසයි රුපියල් 150 වුණේ. එය ඡන්ද ගුණ්ඩුවක්. අද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 149 යි. එදාට වඩා රුපියලක් හරි අඩුයි. එම නිසා ඉන්ධන මිල වැඩියි කියලා චෝදනා කරන්න බැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි නම් එය නියාමනය කළ යුතුයි. ඖෂධ මිල නියාමනය කළා වගේ.”
ඉන්පසු ගම්පෙරළිය වැඩපිළිවෙළ පිළිබඳ මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමු විය. මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවැසුවේ ප්‍රාදේශීය සභාව යටතේ ඇති මාර්ග ගම්පෙරළිය වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමේදී එය කඩාකප්පල් කිරීමට ප්‍රාදේශීය සභා නියෝජිතයන් උත්සාහ කරන බවයි. එවැනි ගැටලුවක් කළුතර දිස්ත්‍රික්කයේ මතුව තිබෙන බව ඇමති අජිත් පී පෙරේරා ද පැවසීය. මීළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ගම්පෙරළිය වැඩසටහන කඩාකප්පල් කළ යුතු බව මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. නමුත් පවතින නීතියේ වෙනසක් නොමැති බව ඇමති එරාන් වික්‍රමරත්න කියා සිටියේය.
මගේ අදහස ඉල්ලා අස්කර ගන්නම්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්විණි. එහිදී ඇමති සජිත් ප්‍රේමදාස අමත්‍යවරයා අදහස් දක්වමින්
ජීවන වියදම ඉහළ යෑම නිසා ගැටලු රැසක් ඇති වී තිබෙනවා. බිම් මට්ටමේ තත්ත්වය හොඳ නැහැ.’ යැයි පවසා සිටියේය. එහිදී ඇමති මංගල සමරවීර පැවසුවේ පසුගිය කාලයට වඩා ඉන්ධන මිලෙහි අඩුවක් ඇති බවයි.& සෞඛ්‍ය අමාත්‍යවරයා රූපවාහිනි වැඩසටහනේ දී එය හොඳට පැහැදිලි කරලා දුන්නා. අපි ඒ විදිහට ජනතාවට කරුණු පැහැදිලි කළ යුතුයි.’ එවිට ඇමති මහින්ද අමරවීර පැවැසුවේ &පාරිභෝගික ද්‍රව්‍ය රැසක මිල අඩු වී ඇති බවයි. සෞඛ්‍ය ඇමති රාජිත ද එහිදී ඉන්ධන මිල අඩු වී ඇති ආකාරය පිළිබඳ අදහස් දැක්වීය. ඉන් පසු ඇමති කබීර් හෂීම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඇතුළත් ලේඛනයක් ඉදිරිපත් කරමින් ආහාර ද්‍රව්‍ය මිල අඩු වී ඇති ආකාරය පිළිබඳ පෙන්වා දුන්නේය. එය නිවැරදි බව ඇමති විජිතමුණි සොයිසා ද පැවසීය. ඉන් පසු ඇමති සජිත් ප්‍රේමදාස පැවසුවේ &මම මගේ අදහස ඉල්ලා අස්කර ගන්නම්’ යනුවෙනි. ඉන් පසු ජනාධිපති මෛත්‍රී මෙසේ පැවසීය. ඇතැම් වෙළෙඳ ව්‍යාපාරිකයන් කූට ලෙස බඩු මිල වැඩි කරනවා. &පාන් පිටි කිලෝ එකක් රුපියල් 05 කින් වැඩි වූ විට ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල රුපියල් 5 කින් වැඩි කරනවා. මෙවැනි අසාධාරණවලට තමයි පාරිභෝගික අධිකාරිය කටයුතු කළ යුත්තේ’ යනුවෙන් එහිදී ජනාධිපති මෛත්‍රී කියා සිටියේය. පාන් පිටි මිල අවසරයකින් තොරව වැඩි කර ඇති බවට අමාත්‍යවරු මෙහිදී පෙන්වා දුන්හ. ඊට ප්‍රතිචාර දැක් වූ ජනාධිපති මෛත්‍රී පැවැසුවේ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. &සෙරන්ඩිබ් පිටි සමාගම වැඩි කළේ නැහැ. ප්‍රීමා සමාගම තමයි අනවසරයෙන් වැඩි කළේ.’ ඇමති රිෂාඩ් බදියුදීන් එහිදී පැවසීය. මිල වැඩිවීම පිළිබඳ අමාත්‍යවරුන් ද දැනුවත් කළ යුතු බව මහින්ද අමරවීර පැවසීය. පාන් පිටි මිල වගේම ගෑස් මිලත් රුපියල් 195 කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුවේ දී තීරණය කළ බව අවසානයේ ඇමති මලික් සමරවික්‍රම මෙහිදී කියා සිටියේය.
ජ.වි.පෙ. ජනාධිපති අපේක්ෂකයා කවුද?
ජ.වි.පෙ. නායක අනුර දිසානායක පසුගිය බදාදා මල්වතු පාර්ශ්වයේ මහනායක, පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන් බැහැ දැකීමට ගියේය. ඒ, ජ.වි.පෙ. මන්ත්‍රී විජිත හේරත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීම සඳහාය. ජ.වි.පෙ. නායකයා තම පක්ෂය විසින් මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට බලපෑ දේශපාලන තත්ත්වය පැහැදිලි කළ අතර, වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම පසුගිය ජනාධිපතිවරුද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පොරොන්දු වූ බවත්, ජනවරම් 05ක් ඒ සඳහා ලැබී ඇති බවත් සඳහන් කළේය.
ඒත් පොලිස් බලතල, ඉඩම් බලතල ක්‍රියාත්මක කරන්න විධායක ක්‍රමය ඕනෑ කියලා නේද කියන්නේ?” මල්වතු මහනායක හිමියෝ විමසා සිටියහ.
අපි 13 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට පැවරී තියෙන බලතල වෙනස් කරන්න යෝජනා කරන්නේ නැහැ. 20 සම්මත වුණත් ජනාධිපතිතුමා තමයි පළාත් සභාවලට ආණ්ඩුකාරවරුන් පත්කරන්නේ. ඒ නිසා එතැන ගැටලුවක් නැහැ ස්වාමීන් වහන්ස” අනුර දිසානායක පිළිතුරු දුන්නේය.
මහනායක හිමියන් සමග අදහස් හුවමාරු කර ගැනීමෙන් පසුව මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලටද පිළිතුරු ලබා දුන්නේය. &20න් අගමැති රනිල් මහත්තයට වාසි වෙනවා කියලා බොහෝ අය කියනවා” මාධ්‍යවේදියෙක් විමසීය. &අපට රනිල් එක්ක බේරගන්න දෙයක් නැහැ. ඒත් රනිල්ගේ ඇප පිට එළියේ ඉන්න අය තමයි ඔය කතාව කියන්නේ. 20න් වැඩිම වාසි තියෙන්නේ මහින්ද මහත්තයට. මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් මේකෙන් වාසියක් ලැබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයට මාස 07කට පෙර ආණ්ඩුව නැතිවෙනවා. මොකද 20 සම්මත වෙලා ආණ්ඩුව විසුරුවන්න වෙන නිසා. ඉතින් එහෙම තියෙද්දි රනිල්ට වාසි කියන අයගේ මොළය පරීක්ෂා කරන්න ඕන. 20ට විරුද්ධ වෙන ඇත්ත ප්‍රශ්නේ රාජපක්ෂ කණ්ඩායමේ බල අරගලයයි. අනුර දිසානායක පිළිතුරු දෙමින් කීය.
මන්ත්‍රීතුමා එතකොට ඔබතුමාලා ජනාධිපති අපේක්ෂකයෙක් දානවද?”
අපේ මූලික ප්රයත්නය 20 දිනවලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන එක. එය සාර්ථක නොවුණොත් ජ.වි.පෙ. ප්රමුඛව ජනතා බලවේග සමග විකල්ප අපේක්ෂකයෙක් ගැන පක්ෂය අවධානය යොමු කරලා තියෙන්නෙ. මොකද තවදුරටත් පොදු අපේක්ෂක සංකල්පය වලංගු නැහැ” මන්ත්‍රීවරයා කීය.
එතකොට කවුද අපේක්ෂකයා” නැවත ප්‍රශ්නයක්.
අපි කලබල විය යුතු නැහැ. මුලින්ම 20 දිනවීමට අපි කටයුතු කරනවා” මන්ත්‍රීවරයා කියා සිටියේය.
කෙහෙළිය මන්ත්‍රීවරයා කිව්වා මේක ජ.වි.පෙ. ගෙනාපු එක තමයි ප්‍රශ්නේ කියලා?”
අපි කියනවා එයාලට ගේන්න කියලා. අපට ප්‍රශ්නයක් නැහැ කවුරු ගෙනාවත්. අපි අවධානය යොමු කරන්නේ අවශ්‍ය දේශපාලන ක්‍රියාමාර්ගය ගැනයි. ඔහු වරෙක එ.ජා.ප.යේ. තවත් විටෙක තව පැත්තක. ඒ වගේ ප්‍රතිපත්තියක් නැති අය කියන කතා ගණනකට ගත යුතු නැහැ” මන්ත්‍රීවරයා කීය.
ජනාධිපතිතුමත් අපි වගේ කජු ඇට, කොස් ඇට ඇහිඳගෙන කාපු කෙනෙක්
ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී එයාර් ලංකා ගුවන් සේවාවේ කජු ප්රශ්නය පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. මන්ත්‍රීවරයා එම අදහස් පළකළේ ගුවන් සේවා රෙගුලාසි පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදීය. මෙම කතාවෙන් අනතුරුව සභා ගර්භයෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ කේටරින් අංශයේ සේවකයන්ගෙන්ද ලැබුණේ උණුසුම් ප්රතිචාරයකි. &ඔබතුමා කිව්වේ ඇත්ත. අපි අහලා තියෙන විදියට එයාර් ලංකා සමාගමේ කේටරින් සේවාව ඉතාම හොඳ එකක්. එයාර් ලංකා සමාගම බිලියන ගාණක ආදායමක් ලබනවා කියලා අපි අහලා තියෙනවා” සේවකයෙක් කීවේය.
ජනාධිපතිතුමා කියපු කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. නමුත් තමන්ගේ රටේ ගුවන් සේවය ගැන ප්‍රසිද්ධියේ මේ වගේ කතාවක් කිව්වාම ඒකට වෙන කැළල මකන්න ලේසියෙන් බැහැ. ජනාධිපතිතුමා කරන්න තිබුණේ අදාළ බලධාරීන් කැඳවලා අවශ්‍ය පියවර ගන්න නියෝගයක් දෙන එක. ජනාධිපතිවරු කෑම නරක් වුණා කියලා රට වටේ කියකිය යන්නේ නැහැ. මේක ජනාධිපති කෙනෙක් කරන වැඩක් නෙවෙයි” බිමල් රත්නායක කීවේය.
මන්ත්‍රීතුමා මේ නිවුස් එක විදෙස් මාධ්‍යවලත් පළවෙලා” තවත් සේවකයෙක් කීවේය.
ඔව් ඉතින්, ඒ රටවල තියෙන ගුවන් සමාගම් එක්ක තරග කරන සමාගමක් තමයි එයාර් ලංකා සමාගම. එතකොට රටේ ජනාධිපති තමන්ගෙ රටේ ගුවන් සමාගම ගැන ප්‍රසිද්ධියේ විවේචනය කළාම එයාලා ඒකට ලොකු ප්‍රචාරයක් දෙනවා. ජනාධිපතිතුමා හරියට චාල්ස් කුමාරයා වගේ කතාව. එතුමත් අපි වගේ කජු ඇට, කොස් ඇට ඇහිඳගෙන කාපු කෙනෙක්. ජනාධිපති විදියට කරන්න ඕන දේ නොකළාම වෙන අලකලංචි තමයි මේ” බිමල් රත්නායක කී කතාවට සේවකයන්ට සිනා ගියේය.
ජ.වි.පෙ. කොමියුනිස්ට් පක්ෂය අතර සාකච්ඡා...
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාවට යෝජනා කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට ජ.වි.පෙ. තීරණය කර තිබේ. ඒ අනුව මේ වනවිටත් පක්ෂ කිහිපයකට සහ සිවිල් සංවිධාන කිහිපයකට ලිඛිතව දන්වා තිබේ. මේ අතර, පසුගිය 18 වැනිදා ජ.වි.පෙ. සහ කොමියුනිස්ට් පක්ෂය අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගි වූ අතර, කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් ඩීව් ගුණසේකර, සභාපති රාජා කොල්ලුරේ, චන්ද්‍රසිරි ගජධීර, ඩොක්ටර් වීරසිංහ යන දේශපාලන මණ්ඩල සභිකයෝ සාකච්ඡාවට සහභාගි වූහ.
මෙහිදී නව ව්‍යවස්ථාක් සම්බන්ධයෙන් තිබෙන කතිකාව පිළිබඳ කතාබහක් ඇති විය. &ජ.වි.පෙ. ස්ථාවරය වුණේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්. එහිදීත් අපි විශේෂ අවධානයක් යොමුකළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් සැකසීම වගේ දේවල්. නමුත් අපට පේන්න තියෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් තිබෙන ඉඩ අවමයි කියන එක. ඒ නිසා තමයි අපි 20 සංශෝධනය ගෙනාවේ” ජ.වි.පෙ. ලේකම්වරයා පැහැදිලි කළේය.
අපිත් මුල ඉඳලම හිටපු ස්ථාවරය තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. ඒ නිසා අපට මේකට විරුද්ධ වෙන්න දෙයක් නැහැ. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම අපේ පක්ෂය ඇතුළෙත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා” කොමියුනිස්ට් පක්ෂ නායකයෝ ජ.වි.පෙ. නියෝජිතයන්ට පැවසූහ.
පවිත්‍රා, අපිව අමාරුවේ දාන්න නම් එපා
ඒකාබද්ධ විපක්ෂ කාන්තා සංවිධානයේ නියෝජිතවරියන්ගේ රැස්වීමක් නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (14දා) නෙළුම් මාවත කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට පවිත්‍රා ඇතුළු කාන්තා සංවිධාන නියෝජිත පිරිසක් සහභාගි වී සිටියහ.
මෙහිදී සාකච්ඡාවට ලක්වුණේ %ජනබලය කොළඹට^ උද්ඝෝෂණය දා සහභාගි වී සිටි ජනතාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් විෂ යෙදූ කිරිපැකට් බෙදාදීම සම්බන්ධයෙනි. එම ක්‍රියාවට එරෙහිව ඉදිරි ක්‍රියාමර්ග ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්කෙරුණු අතර, ඒ අනුව කාන්තා සංවිධාන ක්‍රියාකාරිනියෝ ඊයේ (20දා) ඒ සම්බන්ධයෙන් සී. අයි.ඩී.යට පැමිණිලි කළහ.
එම සාකච්ඡාවේදී නාමල්ට අදහස් දැක්වීමට ආරාධනා කළේ පවිත්රාය. පවිත්‍රා නාමල්ට ආරාධනා කළේ 2025 අපේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ලෙස කියමිනි. නාමල් පිළිතුරු ලෙස පැවසුවේ, 2025ට පෙර 2020 ජනාධිපතිවරණය ගැන සිතිය යුතු යැයි කියාය.
“අපට 2025 වෙනකම් ඉන්න පුළුවන්කමක් නැහැ. ඊට ඉස්සෙල්ලා 2020 ජනාධිපතිවරණය ගැන හිතන්න ඕන. ඊට පස්සේ පුළුවන් 2025 ගැන හිතන්න. ඒ හින්දා හැමෝම මේ වෙලාවේ අරමුණු කරගන්න ඕන 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය ගැනයි.
පවිත්‍රා මන්ත්‍රීතුමියගෙන් මම ඉල්ලා සිටිනවා මේ වගේ කතා නම් තවත් කියන්න එපා කියලා. මොකද ඕවා කියන්න කියන්න අපට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන දවස් ගාණ වැඩි කරන්න වෙනවා. ඒ හින්දා කරුණා කරලා අපිව අමාරුවේ දාන්න නම් එපා’ නාමල් ඉල්ලා සිටියේය.
මම එතනදී කිව්වේ ජනාධිපතිවරණයට සුදුසුම පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා කියලයි
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීම පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදී අඟහරුවාදා උදෑසන පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ජනබලය උද්ඝෝෂණය සම්බන්ධයෙන් මෙන්ම මහින්දගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
“ජනබලය සාර්ථක කරගන්න කැපවෙලා වැඩ කරපු සියලු තරුණ මන්ත්‍රීවරුන්ට අපේ ස්තුතිය පුද කරනවා’ දිනේෂ් සාකච්ඡාව ආරම්භ කරමින් පැවසීය.
“අපේ උත්සාහය සාර්ථක වුණේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්ගේත්, පක්ෂ නායකයන්ගේත් සහයෝගය නිසයි. ඒ හින්දා අපි එතුමන්ලාට කෘතඥ වෙනවා. ඒ වගේම ඉදිරියේදී කරන වැඩවලදී මේ වගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා’ නාමල් පැවසීය.
“මේ උද්ඝෝෂණයෙන් ආණ්ඩුවට තීරණාත්මක පණිවුඩයක් දෙන්න අපට පුළුවන්කම ලැබුණා. අපි කරපු වැඩ සාර්ථකයි’ මහින්දානන්ද පවසා සිටියේය.
“මේ උද්ඝෝෂණය හොඳ වැඩක්. විපක්ෂයේ ශක්තිය කියන්නෙ මොකක්ද කියන එක පෙන්වන්න මේ වගේ වැඩ කරන්න ඕන’ වාසු කීය.
“ඒක ඇත්ත මේ වැඩෙන් ආණ්ඩුව හෙල්ලුණා. මහින්ද රාජපක්ෂ කියන චරිතයට ඕනෙම වෙලාවක ජන ගංගාවක් කොළඹට ගේන්න පුළුවන් කියලා මේකෙන් පැහැදිලි වුණා’ ප්‍රසන්න කීවේය.
“උද්ඝෝෂණයෙන් වගේම සර්ගේ ඉන්දියානු සංචාරයෙනුත් ආණ්ඩුව හෙල්ලිලා තියෙන්නේ’ රෝහිත පැවසීය.
“මම ගියේ මට ලැබුණු ආරාධනාවක් මතයි. ඇත්තටම මට හොඳ පිළිගැනීමක් ලැබුණා. හැමෝම මා එක්ක සුහදව කතාබහ කළා. අපි ගැන තිබුණු වැරැදි වැටහීම් ගැන දැන් ඒ අය තේරුම් අරන් ඉන්නේ’ මහින්ද පැහැදිලි කළේය.
“සර් ජනාධිපති අපේක්ෂකයා ගැන කිව්ව කතාවට වැඩියෙන්ම කලබල වෙලා තියෙන්නේ ආණ්ඩුව’ ප්‍රසන්න පැවසීය.
“මම එතනදී කිව්වේ ජනාධිපතිවරණයට සුදුසුම පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා කියලයි’ මහින්ද පෙන්වා දුන්නේය.
“සර් අපේක්ෂකයා ගැන කිව්වම ඒවාට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන්න ගියාම ඒකාබද්ධ විපක්ෂය ගැන ජනතාවගේ තියෙන විශ්වාසය බිඳෙනවා. ඒ හින්දා අපි කවුරුත් කතා කරන්න කලින් හොඳට හිතලා බලන්න ඕන’ රංජිත් සොයිසා පැවසීය.
“අපේක්ෂකයා නම් කරන එක වෙලාවට සිදු වෙයි. ඒ ගැන වාද විවාදවලට යන්න එපා. අපි සටනට ලෑස්ති වෙමු. නියම වෙලාවට අපේක්ෂකයා හෙළිදරව් කරමු. දැන් ඔය සිදු වෙච්ච කතාබහ අමතක කරලා අපි ඉස්සරහට කරන්න ඕන මොනවද කියලා කල්පනා කරමු’ මහින්ද උපදෙස් දුන්නේය.
එතැන සිටි මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඒකමතිකව තීන්දු කළේ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමේ බලය මහින්දට ලබාදීමටය. ඒ අනුව සුදුසුම අපේක්ෂකයා තෝරා නියමිත වේලාවට ප්‍රකාශයට පත්කිරීම මහින්දට පැවරිණි.
“එක එක්කෙනා අපේක්ෂකත්වයට තමන් සුදුසුයි කියනවා නම් මමත් සුදුසුයි’ විදුර පැවසුවේ පිරිස සිනහා ගන්වමිනි.
“ඒක තමයි එහෙම බැලුවොත් නම් ඕනතරම් අපේක්ෂකයෝ අපට ඉන්නවා“ මහින්දද සිනාසෙමින් පැවසීය.
තෙප්පිලි මාළු, මුරුංගා හොදි එක්ක කැබිතිගොල්ලෑවේ ගැමියෙකුගෙන් මහින්දට කෑම වේලක්
2006 වසරේ ජූලි මස 15 වැනිදා කොටි ත්රස්තවාදීන් විසින් කැබිතිගොල්ලෑව විහාරහල්මිල්ලෑව ප්‍රදේශයේ දී බස් රථයක් ඉලක්ක කර ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා හැරීම නිසා 70 දෙදෙනකු මිය ගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදු විය. එවකට ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටි මහින්ද රාජපක්ෂ සිද්ධියෙන් පැය කිහිපයක් ගෙවෙන්නටත් මත්තෙන් කැබිතිගොල්ලෑවට ගොස් විපතට පත් ජනතාව හමුවූයේ ආරක්ෂක අංශයේ දැඩි විරෝධය මැදය. බෝම්බයෙන් මිය ගිය ඥාතීන් මහින්දගේ දෑත් අල්ලාගනිමින් හඬන ආකාරයත් දෑසේ කඳුළු පුරවා ගත් මහින්ද ඒවාට සවන් දෙන ආකාරයත් එකල මාධ්‍යයේ පළ විය. එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් වසර 12කට පසු මියගිය පිරිස සමරමින් සංවිධාන කර තිබුණු දානමය පුණ්‍යකර්මයකට සහභාගී වීමට ඉකුත් 15 වැනිදා මහින්ද යළිත් එහි ගියේය. කැබිතිගොල්ලෑව විහාරහල්මිල්ලෑව විහාරස්ථානයේදී දානමය පින්කම පැවති අතර විහාරහල්මිල්ලෑව ධම්ම රක්ඛිත හිමියෝ අනුශාසනාවක් සිදු කළහ. දානමය පින්කමෙන් පසු පිටතට පැමිණි මහින්ද වටකරගත් මිය ගිය අයගේ ඥාතීහු කඳුළු සලමින් අතීතය සිහිපත් කළහ. මහින්ද ද ඔවුන් අස්වසමින් කතා කළේ කඳුළු පිරි දෙනෙතිනි. ඒ අතර මහින්ද අසලට ආ වැඩිහිටි ගැමියෙක් ආරාධනාවක් කළේය.
“ඔබතුමා අපි හදපු දුප්පත් ආහාර වේල සප්පායම් වෙන්න එන්න ඕනේ“ වැඩිහිටියා කීවේය.
“අයියෝ ඕක මොකක්ද . මම එන්නම්’ මහින්ද පැවසීය.
“අපි මේ දානය හැදුවේ අපේ ගෙවල්වල. ලොකු දේවල් නම් නැහැ. තෙප්පිලි මාළු, මුරුංගා හොදි එක්ක තමයි අද කෑම තියෙන්නේ. ඔබතුමාට සුදුසුද දන්නේ නැහැ“ වැඩිහිටියා පැවසීය.
“ඒ මොකද මට හොඳ නැත්තේ. මමත් ගමක හැදුනු කෙනෙක්. තමුන්නාන්සේලාට හොඳ ඕනෙම දෙයක් මටත් හොඳයි. කෝ යන් යන්’ කී මහින්ද ගමේ මිනිසුන් සමග එකතු වී දිවා ආහාරය භුක්ති වින්දේය.
එතැනින් පිටත්ව යන්නට සැරසී රථයට ගොඩ වූ මහින්ද අසලට ආ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකු තවත් ඉල්ලීමක් කළේය.
මන්ත්‍රී“සර් මම කෘෂි පර්යේෂණ නිලධාරියෙක්. ඔබතුමාට සහයෝගය දක්වන හින්දා දුමින්ද දිසානායක මහත්තයා කෘෂිකර්ම ඇමැති වෙලා ඉන්න කොට මගෙන් පලිගත්තා. මගේ රස්සාවත් නැති කරන්න දහන් ගැට ගැහුවා. හැබැයි මම ඔබතුමා අතහැරියේ නැහැ. මගේ දුප්පත් ගෙදරට ගොඩවෙලා තේකක් බීලා යන්න එන්න පුළුවන් නම් ලොකු දෙයක්’ ඔහු ඉල්ලා සිටියේය.
“ඒ වගේ කැපකිරීමක් කරපු කෙනෙක් නම් තමුන්නාන්සේගේ ගෙදරට නොගිහින් කොහොමද? යන් යන් අපි මෙතුමගේ ගෙදරට යන්’ මහින්ද එසේ පැවසුවේ ඒ වන විටත් පිටත්ව යාමට රථය හරවාගෙන සිටි රියැදුරාටය. ඒ අනුව මහින්ද එම සභාපතිවරයාගේ නිවසට ගොස් තේ බීමෙන් පසුව අනුරාධපුරය බලා පැමිණියේය.
ඒ එන අතරතුර මහින්ද එවකට ධීවර ඇමැතිවරයාව සිටිය දී ගොඩනැගූ ධීවර ගම්මානයක් වන හුරුළු වැව ධීවර ගම්මානය නිරීක්ෂණය කළේය. ඒ වන විට එහි තනා තිබූ තොරණ ගරා වැටී තිබූ අතර එය ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන් ලබා ප්‍රතිසංස්කරණය කරන්නැයි එස්. එම් ට දැනුම් දුන්නේය.
මහින්ද පැමිණෙනු දුටු ගම්වැසියන් පාර දෙපස එක්රොක්ව සිටි අතර ආරක්ෂක අංශයේ උපදෙස් ද නොතකා ඔවුන් සමග කතා කරන්නට මහින්ද ගියේය. ගම්වැසියන් මහින්දට කීවේ “සර්ගේ කාලේ වගේ නෙමේ දැන් අපි ගැන ආණ්ඩුවෙන් හොයලා බලන්නෙවත් මේවා නඩත්තු කරන්නෙවත් නෑ’ කියාය.
“ආණ්ඩුවට ඉතින් කිසිදෙයක ඕනෙකමක් නැහැ. එයාලා දන්නේ මට බැණ බැණ යන්න විතරයි. අපි හදපුවා නඩත්තු කරලා අනාගත පරපුරට උරුම කරන්න කාටවත් ඕනේකමක් නැහැ’ මහින්ද පැවසීය.
එදින රාත්‍රියේ අනුරාධපුරයේ හිතවතකුගේ නිවසෙහි ගත කළ මහින්ද පසුදින ජය ශ්‍රී මහා බෝධිය ප්රමුඛ අටමස්ථානය වන්දනාමාන කරගෙන කොළඹ බලා ආවේය.
නියෝජ්‍ය පොලිස්පතියි පොලිස්පතියි කැලණි පන්සලේ බෝධි පූජාවකට ගිහිල්ලා
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් එදින සවස විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේ දී පැවැත්විණි. එහිදී අවධානය යොමු කෙරුණේ මෛත්‍රී සහ ගෝඨාභය ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැනය.
“රටේ පොඩි පොඩ් දේවල් ලොකුවට අරන් කෑගහන ජනාධිපතිවරයා තමන් මරන්න කුමන්ත්‍රණය කළැයි කියන එක ගැන කිසිම සද්දයක් නැහැ“ ප්‍රසන්න පැවසූ විට රෝහිත අනතුරුව කතා කළේය.
“ඒක තමයි ලොකුම පුදුමය. හරි නම් මේ වෙනකොට නාලක සිල්වාගේ විතරක් නෙමෙයි පොලිස්පතිවරයාගෙත් වැඩ තහනම් කරලා තියෙන්න එපැයි“ රෝහත කී අතර වාසුදේව නානායක්කාර එම සංවාදයට එක් විය.
“නියෝජ්‍ය පොලිස්පතියි පොලිස්පතියි ගිය සෙනසුරාදා කැලණි පන්සලේ බෝධි පූජාවකට ගිහිල්ලා තියෙන්නේ එකට. ඉතින් කොහොමද සාධාරණ පරීක්ෂණයක් කෙරෙන්නේ? වාසු ප්‍රශ්නයක් ලෙස ඇසීය.
“ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ජීවිතය ගැන කිසිම සැලකිල්ලක් දක්වන පාටක් නැහැ. ඒක තමයි මේකට ලොකුම හේතුව“ මහින්දානන්ද පෙන්වා දුන් අතර මහින්ද එවිට කීවේ “ජොන්ස්ටන් මන්ත්‍රීතුමාට සිදු වෙලා තියෙන දේ නම් හරිම කනගාටුදායකයි. අපි එතුමා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ’ කියාය.
“ඒක ඇත්ත නඩුව අහන්නේ වැරැදිකාරයද නැද්ද කියලා හොයලා බලන්නයි. නමුත් මෙතැනදී නඩු අහන්නෙම රිමාන්ඩ් කරලයි. මේක පිටිපස්සේ දේශපාලන පළිගැනීමක් තියෙන බව පැහැදිලියි “ මහින්දානන්ද පැවසීය.එම සංවාදයෙන් පසුව ජොන්ස්ටන් වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගනිමින් බෝධි පූජා සහ ජනතාව දැනුවත් කෙරෙන සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට තීරණය විය. එම කටයුතු ඊයේ (20දා) ආරම්භ කෙරිණි.
මේ අතර පසුගිය සතියේ නාමල්, සී. බී සහ අරුන්දික ඇතුළු පිරිසක් ආන්දෝලනාත්මක කිරිපැකට් සම්බන්ධයෙන් සොයා බැලීමට මිල්කෝ ආයතනයට ගියේය. එතැන දී නාමල්ලාට කිරි පැකට් පිරිනැමුවත් කිසිවකුත් ඒවා පානය කළේ නැත.
ඒ බව දුටු මිල්කෝ සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ “බය නැතුව බොන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ’ කියාය. මිල්කෝ ආයතනයේ කිරි පැකට්වල බාර් කෝඩ් එකෙන් ඒවා නිකුත් කළ ස්ථානය හඳුනා ගත හැකි බව දැනගත් මන්ත්‍රීවරු ඒ ගැන සොයා බැලිය යුතු බවට එකඟතාවකට පැමිණියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd