Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
සතර අපායට තියෙන බය නිසා තමයි මම නොපමාව මේ තීරණය ගත්තේ. මැරුණු සැණින් අපෙන් බොහෝමයක් මළ පෙරේතයො වෙනවා. ඒක මට අවබෝධ වුණා. අනික මම ගිහි ජීවිතයේදී එදා ඉඳන්ම සතුට හොයපු කෙනෙක්. ඒත් මට කවදාවත් ඒ සතුට හම්බ වුණේ නැහැ. මට නෙමෙයි කාටවත් ඒ සතුට ගිහි ජීවිතයේදී ලැබිලා නැහැ. ඉතින් මට විතරක් කොහොමද ඒ ලැබෙන්නේ? අනික මනුෂ්‍ය භවය කියන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ දුර්ලභ දෙයක්. ඒ තරම් උතුම් මනුෂ්‍ය භවය අත්පත් කර ගත් මම මොකටද නිකරුණේ නැති නාස්ති වෙන්නේ? මොකටද පුහු සතුටක් හොයාගෙන යන්නේ? ඒ නිසා අපි ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕන කියලයි මම කල්පනා කළේ.
?ඔබවහන්සේ සුපිරි සමාගමක සමාගම් කළමනාකාරවරයෙක්. එවැනි වටපිටාවකයි ඔබවහන්සේ පැවිද්දට එළඹෙන්නේ
ඔව්. මම ගිහි ජීවිතයේදි සමාගම් කළමනාකාරවරයෙක්. ඒත් මට ඒ වෙද්දි ව්‍යාපාරයකුත් තිබුණා. ඒ හින්දා ඒ ව්‍යාපාරය බිරිඳට බාර දීලා මම රැකියාවට ගියා. මොකද ලෝකයාට අනුව ඒක හරි ලොකු තනතුරක්. ඉතින් මමත් ඒ ලෝකයටම පේන්න ඒ කාලේ ජීවත් වුණා. ඒ වුණාට මේ මාසේ පඩිය ගනිද්දිත් මට පසුගිය මාසේ පඩියෙන් බාගයක්ම විතර ඉතුරු වෙලා තිබුණා. සල්ලිවලින් අඩුපාඩුවක් තිබුණේ නැහැ. මම ඒකාලෙ නොගිය හෝටලයක් නැහැ. හැම සතුටක්ම වින්දා. හැම පාටියකටම ගියා. විනෝද වුණා. ඉන් පස්සෙ තමයි තේරුම් ගියේ මේක පුහු සතුටක් කියල. ඒ නිසයි සියලු දෙනාම ඒ ධර්මය අවබෝධ කරගෙන, ධර්මයේ හැසිරීමේ බලාපොරොත්තුවෙන් සම්බුද්ධ ශාසනයට පිවිසෙන්නෙ.
?ඒත් ඔබවහන්සේගේ ජීවිතය වෙනස් වීමට බලපෑ තීරණාත්මක හැරවුම් ලක්ෂයකුත් ඇති
මට තිබුණේ ඇඟලුම් ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාරයක්. අපි සේවකයෝ එක්ක වැඩ කරද්දි නිතරම ගීත අහනවා. ඔය අතරේ තමයි අපට ධර්ම දේශනා ඇතුළත් සංයුක්ත තැටියක් හම්බ වෙන්නේ. ඒ අනුව අපට ධර්මය මොකක්ද කියලා වැටහෙන්න පටන් ගත්තා. ඒ නිසා උදේ අටට වැඩ පටන් ගන්නෙම ධර්ම දේශනාවක් අහලා. හවස හයටත් ධර්ම දේශනාවක් අහනවා. ඒ හින්දම ගීත කියන එක අපෙන් ඉබේම වගේ දුරස් වෙන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි අපි එක්ක සේවය කළ දරුවන් පවා සැලකිය යුතු පිරිසක් අද පැවිදි දිවියට එළඹිලා ඉන්නෙ.
ඔව්. සල්ලි තමයි එකම ජීවිතේ කියලා හිතාගෙන, ලෝකය සාරයි කියල හිතාගෙන දුවන මිනිස්සු ටිකක් තමයි අද සමාජයේ ඉන්නේ. ඒ හින්දා එයාලා තාමත් දුවනවා. එයාලා හිතන් ඉන්නේ කවදහරි සතුටක් හම්බ වෙයි කියලා. ඒ නිසා එයාලට හිතෙන්නේ නැහැ මරණින් පස්සේ තමන් දුගතිගාමී වෙයි කියලා. ඒක හරියට හරක ඉස්සරහ තණකොළ ටිකක් බැඳලා හින්ද ඌ තණකොළ කන්න ඉස්සරහට ඇදි ඇදී යනවා වගේ. ඌ ඒ වෙනුවෙන් විශාල උස් කඳු මුදුන් පවා නගින්නේ මේ බව දන්නේ නැති නිසා. ඒත් අපි අපට ගිහි ජීවිතේ ලබන්න තිබුණු උපරිම සැප අත්හැරලා තමයි පැවිද්දට එළඹෙන්නෙ. මොකද අපි හිතුවා මරණින් පස්සෙ අපට මොකක්ද වෙන්නේ කියලා. ඒත් හුඟක් මිනිස්සු දන්නේ නැහැ මනුෂ්‍ය ලෝකයේ දුක මොකක්ද කියලවත් එයාල දන්නෙ නෑ. මනුෂ්‍ය භවය ලැබුණේ මොකටද කියලවත් දන්නේ නැහැ. පර්චස් 10ක ඉඩමක් අරගෙන, ලොකු තට්ටු දෙකක ගෙයක් හදාගත්තම ඔක්කොම හරියි කියලයි හිතන් ඉන්නෙ. එතකොට මුළු ලෝකෙම තමන්ගෙ කියලයි හිතන් ඉන්නෙ. ඒත් ජීවිත කාලෙම කරන්නේ හම්බ කරකර, ණය ගෙවන එක. එයාල වගේ අයට බැහැ පිනක් දහමක් කරන්න. මොකද එයාල වගේ අයට පිනක් දහමක් කරගන්න බැහැ. දැන් මැරිලා මළපෙරේතයෝ, කුම්භාණ්ඩයෝ වෙලා ඉන්නේ. අපට ඒවා පෙන්වන්නත් පුළුවන්. ඉතින් කොහොමද එයාල වගේ අය මේ ගැඹුරු දහම අවබෝධ කර ගන්නෙ. මොකද එයාලත් හරියට හෙට තණකොළ හම්බ වෙයි, හෙට තණ කොළ හම්බ වෙයි කිය කිය දුවන හරක් වගේ. ඒ නිසා මිනිස්සු තේරුම් ගන්න ඕන පිළිකාව සුව කර ගන්න නම් එහි මුලට බෙහෙත් කරන්න ඕන කියලා. ඒත් භව රෝගය සුව කර ගත්තේ නැත්නම් ඔය මොන රෝගය සුව කර ගත්තත් වැඩක් නැහැ. ඒක මිනිස්සු තේරුම් ගන්න ඕන. ඒ නිසා සැප තුළ ඇති දුකයි දැකිය යුත්තෙ. ඒ අවබෝධය නිසා තමයි අද අපි පැවිද්දට එළඹිලා ඉන්නෙ.
කුඩා දරුවන් වුණත් කොයිවෙලේ මැරෙයිද කියලා කියන්න බැහැ. අනික කුඩා කලදීම ඒ බව අවබෝධ කර ගත් සුනීත, සෝපාක අවසානයේදී පිරිනිවන් පෑවේ ඒ නිසා. හැබැයි උන්වහන්සේලා ඒ වෙද්දි මළ පොතේ අකුරක්වත් දන්නේ නැහැ. ඒ වුණාට නිවන සාක්ෂාත් කර ගත්තා. මොකද වයසින් අඩු වුණත් වැඩි වුණත්, කෙනෙක් සෝතාපන්න නොවුණොත් මැරුණට පස්සෙ අපාගත වෙන්න තියෙන සම්භාවිතාව ගැන තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දහම අහද්දී ඇඟ හිරි වැවෙටනවා. ඒක අපි අවබෝධ කරගත යුතුමයි. මොකද මමත් දැන් දන්නවා මේ සසර වළේ පවතින දුක. ඒ අත්දැකීම මම ලබපු කෙනෙක්. ඒ හින්දම ඒ අසාර්ථක ජීවිතය මම දැක්කා. ඒ නිසා දෙමවුපියන් තමන්ගේ දරුවාට පිදිය යුතු උතුම්ම දායාදය තමයි %ධර්මය^. එතකොටයි දරුවාට සතර අපායෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ.
අද මම උපසම්පදා භික්ෂුවක්. ඒ නිසා අද මම මගේ සීලය දිවි හිමියෙන් රකිනවා. ඒ තරම් මට මේක මහා සුවයක්. ඒ නිසයි මට මගේ චීවරයේ අගය දවසින් දවස වැඩි වෙන්නේ. මොකද මේක අවුරුදු 2500ක ඉඳන් එන පිරිසුදු චීවරයක්. ඒ නිසා මීට වඩා සැපතක් කොහේහරි තියෙනවා කියලා කවුරුමහරි කියනවා නම් මම ලෑස්තියි ඔහුට / ඇයට උත්තර දෙන්න. ඒ වෙනුවෙන් ඕනෑම තැනකට වඩින්න මම ලෑස්තියි. අනික අපි පිරිකරක් තියා ගිලන්පස එකක්වත් බලාපොරොත්තු නොවෙන භික්ෂූන් වහන්සේලා පිරිසක්. ඒ නිසා කිසිවක් නොදන්නා පිරිස් සොයා මේ ධර්මය වටහා දීමම තමයි අපේ ඒකායන අරමුණ. මාන්නයෙන් උදම් වූ උගත්තුන්ට, බුද්ධිමතුන්ට මේවා අවබෝධ කරලා දෙන්න අමාරුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුගතියට යන පිරිස %නිය පිඬට අසුවෙන පස් තරම්^ අඩු බව. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ ප්‍රඥාව. වයස කීයක් වුණත් එවැනි පිරිස්වලට තමයි මේ සසර ගමන කෙළවර කර ගන්න පුළුවන් වෙන්නෙ.
සතර සතිපට්ඨානයේ පිහිටලා, සිහියෙන් ඉන්නවා නම් මාරයට බැහැ අපිත් එක්ක සෙල්ලම් කරන්න. ඒ නිසා මේ බුද්ධ භූමිය තුළ කෙළින් හිට ගන්නවා නම් කාටවත් බැහැ අපිව පරද්දන්න. ඒ නිසයි ආත්ම වංචාව නොකළ යුත්තේ. අනික මාරයා උදවු කරන්නේ ලෝකය අල්ලන්න යන අයට. ඒ මිසක් ලෝකෝත්තර සතුට හොයාගෙන, තථාගතයන් වහන්සේ දේශනා කළ හරි මග යන අයව පරද්දන්න මාරයට බැහැ. ඒ නිසයි මාරයා එවැනි පිරිස්වලට අකැමැති. මොකද මේ බුද්ධ චීවරයට කිට්ටු වෙන්න මාරයට බැහැ. පෙරේතයෙකුට මේ චීවරය ගැල් හතක් බරයි. මේක දැක්කම පෙරේතයෝ දුවන්නෙ ඒකයි.
මනුෂ්‍යයෙකුට දෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි නිවන වහන එක. ඒ නිසා ඒ දඬුවමින් මිදෙන්න නම් තමන් කළ යුත්තේ හරි මග පිහිටලා ඒ ගැන විශ්වාසයෙන් යුතුව කටයුතු කරන එක. ඒ අනුව තමන් අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ තෝරා ගන්න එකයි කළ යුත්තේ. එතකොටයි මේ දහම ප්රත්යක්ෂ වෙන්නේ. ඒ නිසා සද්ධර්මය හරියට කළුවරේ යන කෙනෙකුට ලබාදෙන හුළු අත්තක් වගේ. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතුව, තමන් වැටෙන්න යන වළෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ එතකොටයි. අනික කිසිම ශාස්තෘවරයෙක් කියලා නැහැ අයහපත් විදියට හැසිරෙන්න කියලා. මනුෂ්‍යාගේ හැසිරීම ගැනයි ඒ සියලු උත්තමයෝ කියලා තියෙන්නේ.
මට මං ගැනම පව් කියලා හිතෙනවා. ඒ තරම් කලකිරීමක් ඇති වෙනවා. ඒ නිසයි මට ගිහි ජීවිතේට වඩා විශාල වෙනසක් පැවිදි ජීවිතයේදී පේන්නේ. ඒ මමද කියලවත් මට දැන් හිතාගන්න බැහැ. මොකද මමත් ඒ කාලයේ කොළඹ තිබුණු තරු පහේ හෝටල්වලට ගිහින්, රෑ නවයේ ඉඳන් උදේ තුන වෙනකල්ම බාල් නැටුම්වල නටපු කෙනෙක්. ඒවායේ අසාරත්වය මට උදේට තමයි මතක් වෙන්න පටන් ගත්තේ. කෝලිත සහ උපතිස්සත් එහෙමයි. එළිවෙනකල්ම නාට්යාංගනාවොත් එක්ක නැටුවා. ඒත් ජීවිතේ සාරත්වයක් හම්බ වුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේත් එහෙමයි. ඒ නිසා තමයි එයින් එළියට ආවේ. හැබැයි ඒවාට නොගියපු මිනිස්සු තමයි හිතන් ඉන්නේ ඒවා සාරයි කියලා.
? ඒ කියන්නේ මේ ආකාරයෙන් අධික ලෙස සැප සම්පත් විඳපු අයට පමණද ඒ අවබෝධය ලබා ගන්න පුළුවන් වෙන්නේ
ප්‍රඥාව තියෙන අයට පමණයි මේ සද්ධර්මය අවබෝධ කර ගන්න පුළුවන් වෙන්නේ. තමන් මොකක්ද කරන්නේ, කොහෙද යන්නේ කියන එක තේරුම් ගන්න බැරි අයට මේ සද්ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඒ නිසා තමයි නුවණින් විමසා අවබෝධ කර ගැනීමට අපට මොළයක් සැකසී තියෙන්නෙ. ඒ නිසා අපි ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත යුතුයි. ඒ හින්ද සාම්ප්‍රදායිකව පරම්පරාවෙන් පරම්පරාවට, මල් වට්ටිය හිසේ තියන් ගෙනිච්චට, වට්ටියේ තියෙන්නේ මොනවද කියලයි හිතන්න ඕන. මල් පූජා කරන්නේ මොකටද කියලයි හිතන්න ඕන. ඒකයි වැදගත්. එහෙම නැතුව මල් පූජා කරලා ඇති වැඩේ මොකක්ද? පංචේන්ද්‍රයන් භාවිත කරන්නේ මොකටද කියලවත් මම මෙතෙක් කල් දැනගෙන ඉඳලා නැහැ. ඒත් දැන් මට ඒක තේරෙනවා. ඒකයි ඒ අරමුණු දැන් මට වැදගත් වෙන්නේ.
ගිහි ජීවිෙත් කොයින්ද සාර්ථකත්වයක්? මමත් ඔය කියන ඉහළ තැන්වල හිටපු කෙනෙක්. මමත් දැක්කනේ සාර්ථකයි කියලා මිනිස්සු හිතපු දේ. ඉතින් එතැනින් එහා කොයින්ද සාර්ථකත්වයක්?
?එහෙනම් ඇත්තටම සතුට කියලා කියන්නේ මොකක්ද
දැන් මම විඳින නිරාමිස සතුට තමයි පරම සතුට. ගිහි ජීවිතයේ සතුටට ඒකත් එක්ක කිට්ටු කරන්නත් බැහැ. ඒ නිසා ඒ සතුට ඔබ වෙත ළඟා කරගන්න, ඒ වැඩපිළිවෙළ පෙන්නලා දෙන්න මම ඕනෑම වෙලාවක සූදානම්. මොකද මම දන්නවා භව රෝගයට අදාළ ඖෂධය.
පුළුවන්. හැබැයි තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ගති හුඟක් ප්‍රහීන කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන්න, මුලින් අකැමැති වුණාට, පසුව ඒ සඳහා අවසරය ලබා දුන්නේ කාන්තාවට නිවන් අවබෝධ කර ගන්න පුළුවන් නිසා. මාර්ග ඵල ලබන්න ඔවුන්ට බාධාවක් නැහැ. ඒ බවට ඕනෑ තරම් සාක්ෂි ශාසන ඉතිහාසයෙන් අපට දකින්න ලැබෙනවා.
සද්ධර්මය අවබෝධ වෙන්නේ ප්‍රඥාවන්තයන්ට. ඕනෑම කෙනෙකුට ලැබීම කියලා දෙයක් තියෙනවා. ඒකටත් පින තියෙන්න ඕන. නිසි කල එළඹෙන්න ඕන. ඒ නිසා තමයි අද මටත් බුද්ධ කාලයේ ඉඳන්ම පාරමිතා පුරපු ඒ පිරිසට එකතු වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙ.
වත්මන් සමාජය ඉස්සර වගේ නෙමෙයි. අද මිනිස්සු හුඟාක් කාමයට නැඹුරු වෙලා. අසත්පුරුෂ සේවනයට අහුවෙලා. අසත් පුරුෂයෝ දිනෙන් දින ආශ්වාද මුලාවට එකිනෙකාව තල්ලු කර ගන්නවා. මිනිස්සුන්ට තමන්ට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන්නේ මොකටද, කොච්චර අමාරුවෙන්ද කියලා අමතක වෙලා. තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ ඇයි කියලත් අමතක වෙලා. මිනිස්සු ඒවා ගැන කතා කරනවටත් කැමැති නෑ. ඒ නිසා සත්‍ය දකින, ඒ සත්‍යය දේශනා කරන යතිවරයන් වහන්සේලාගෙන් ඒ ගැන විමසන්න, මිනිස්සු උනන්දු වෙන්නෙ නැහැ. මිනිසුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ එදා වේල හොයා ගෙන, කීයක්හරි හම්බ කර ගෙන, ගෙයක් දොරක් හදාගෙන, ළමයෙක් දෙන්නෙක් හදාගෙන, තමන්ට කලින් මැරුණු ආච්චි අම්මා, සීයා වගේම ජීවත් වෙලා මැරිලා යන්න. ඔන්න ඕකයි වත්මන් සමාජයට වෙලා තියෙන ලොකුම ඛේදවාචකය.
කිසිම කනගාටුවක් නැහැ. ආපහු හැරෙන්න වුවමනාකුත් නැහැ. කවුරුහරි මට ඒ වෙනුවෙන් වරමක් දෙනවා කිව්වොත් මට කියන්න තියෙන්නේ මට ඉස්සරහට යන්න ඕනත් නැහැ. පස්සට යන්න ඕනත් නැහැ කියල. මොකද මට දැන් ලැබිල තියෙන වරම ඊට වඩා හොඳයි. ආපු ගමන ඊටත් වඩා හොඳයි. යන ගමන ඊටත් ඊටත් වඩා හොඳයි. ඉන්න තැන ඒ ඔක්කොමටම වඩා හොඳයි.
(අවංකව නිවන උපනිශ්චයව ඉන්නා උන්වහන්සේලාගේ පැවිදි රුව මෙහි ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න, මෙහි පළවන සියලු ඡායාරූප ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතිව පළවන එ්වායි. උන්වහන්සේලා අත්විඳින ඒ නිරාමිස සුවය උදාකර දුන් නිර්මල සද්ධර්මය පරිශීලනයට පහත සඳහන් විස්තර උපයෝගී කරගන්න.) සම්බන්ධීකරණය - 077 279 0013 (සනත්), ධර්මයයි ඔබයි ආරාමය, කීනගහවිල, කලටුවාව, රත්නපුරය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd