Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
මේ අනුව කෘෂිකාර්මික ප්‍ර‘දේශවල සීඝ්‍ර‘යෙන් පැතිර යන වකුගඩු රෝගයට බලපාන ග්ලයිෆොසේට් අඩංගු පූර්ණ වල්නාශක ආනයනය භාවිතය අලෙවිය 2015 වසරේ ජුනි මාසයේ සිට තහනම් කළේය.
මෙම තහනම නිකුත් කිරීමට පෙර 2014 වසරේ දෙසැම්බර් 22 වන දින නිකුත් කළ අංක 1894/4 දරණ ගැසට් නිවේදනයට අනුව මොනරාගල, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල දිස්ත්‍රික්ක හතර තුළ ග්ලයිෆොසේට් අලෙවි කිරීම, භාවිත කිරීම, තහනම් කිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කළේය. මේ අනුව 2015 වසරේ ජුනි මාසය වන විට ගෙවී ගිය වසර 40ක කාලයක් පුරා පාවිච්චි කළ රටට අහිතකර ජනතාවට අහිතකර කෘෂි රසායන වර්ග 36ක් මෙරට තුළ භාවිත කිරීම තහනම් කර තිබේ. එහෙත් එම කෘෂි රසායන 36න් 35 යළි කිසිදු අවස්ථාවක මෙරට තුළ භාවිත කිරීමට අවස්ථාව ලබා දී නැත.
එවැනි තීරණයක් මීට පෙර සිටි දේශපාලනඥයන් හා බලධාරීන් ගෙන තිබෙන්නේ යම් ද්‍රව්‍යයකට තහනමක් පැන වූ පසු අදාළ තහනම ඉවත් කිරීමට තරම් අවශ්‍යතාවක් පැන නොනැගීම නිසාය. එහෙත් මුදලට කෑදර දේශපාලනඥයන් කිහිප දෙනෙකු හා බලධාරීන් කිහිප දෙනෙකු විසින් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් තහනම් කළ ග්ලයිෆොසේට් තහනම ලිහිල් කිරීමට කටයුතු කර තිබේ.
මෙරට තුළ ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශක තහනම ලිහිල් කිරීමට මෙම අතළොස්සක් වූ පිරිස කටයුතු කර තිබෙන්නේ ග්ලයිෆොසේට් නිෂ්පාදනය කරන ඇමෙරිකාවේ ඇති අධිකරණයක් මගින් ග්ලයිෆොසේට්වලට එරෙහිව තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් තිබියදීය. ඇමෙරිකානු අධිකරණයේ තීන්දුවකට අනුව ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය හරහා පිළිකා ඇති කරන බවටද තහවුරු කර තිබේ.
මෙතෙක් ග්ලයිෆොසේට් පිළිබඳව ලෝකයා වැඩි වශයෙන් කතා බහ කරනු ලැබුවේ එම පූර්ණ වල්නාශකය හරහා වකුගඩු රෝග ඇති කිරීම පිළිබඳවය. එහෙත් වර්තමානයේදී සිදු කරන පරීක්ෂණවලට අනුව ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය හරහා මිනිසුන්ගේ ජාන විකෘති කිරීම, පිළිකා ඇති කිරීම ඇතුළු රෝග රැසක් ඇති කිරීමට මූලික වන බවට තහවුරු වෙමින් තිබේ.
මීට අමතරව ග්ලයිෆොසේට් ජලයට එකතු වූ පසු ජලජ ශාකවල පත්‍රවල තැන්පත් වී අදාළ ශාඛ විනාශ කිරීම හා ජලජ ජීවීන් මරණයට පත්වීම හා විකෘති තත්ත්වයක් ඇති කරන බවටත් සොයා ගෙන අැත.
පොදුවේ මිනිසුන්ගේ සතුන්ගේ ශරීරවලට ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය, ජලය මගින් ආහාර මගින් හා ශරීරයේ තැවරීම මගින් අග්න්‍යාශයෙන් ඇතුළු වන බවට සොයාගෙන තිබෙන අතර, කුමන ආකාරයකින් ග්ලයිෆොසේට් ශරීරගත වුවත් එය මිනිසුන්ගේ හා සතුන්ගේ ශරීරයට අහිතකර වන බවටද සිදු කර තිබෙණා පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
ජලය මගින් හා ආහාර මගින් ග්ලයිෆොසේට් ශරීර ගතවීම සිදුවන නිසා ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය සෘජුවම භාවිත කරන ප්‍ර‘දේශවල ජනතාවගේ ශරීරයට ඇතුළුවීමට අමතරව අවට ප්‍ර‘දේශවල ජනතාවගේ ශරීර තුළටත් ග්ලයිෆොසේට් විෂ ඇතුළු වී තිබෙන බවට ලංකාව තුළ සිදු කළ පරීක්ෂණවලින් පවා හෙළි වී ඇත.
එනම් වකුගඩු රෝගය පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායම් කොළඹ කඩුවෙල හා අවට ප්‍ර‘දේශවල ජනතාවගේ මුත්‍රා පරීක්ෂා කිරීමේදී මුත්රාවල ග්ලයිෆොසේට් විෂ අඩංගු බවට සොයාගෙන තිබේ. මීට අමතරව යුරෝපයේ සිදු කළ පරීක්ෂණයකට අනුව මවු කිරිවලටද ග්ලයිෆොසේට් විෂ ඇතුළු වන බවට සොයාගෙන ඇත.
මේ ලෝකයේ අතිබහුතරයක් වූ ළදරුවන් මෙලොවට බිහි වී මාස කිහිපයක් යනතුරු තම ජීවිතය පවත්වාගෙන යන්නේ මවු කිරිවලිනි. මේ අනුව මවගේ මවු කිරි සමග ග්ලයිෆොසේට් විෂ කුඩා දරුවන්ගේ ශරීරයට ඇතුළත් වනවා නම් ග්ලයිෆොසේට් මේ රටේ මෙන්ම සමස්ත ලෝකයෙන් අතිබහුතරයක් වූ ළමුන්ගේ ජීවිතද අනතුරට දමා තිබේ. මේ නිසා සවුදි අරාබිය, කුවෙට්, එක්සත් එම්රේට්ස්, කටාර්, බහරෙන්, ඔමාන් මොල්ටා යන රටවල් තුළ ග්ලයිෆොසේට් භාවිතය තහනම් කර ඇත.
මීට අමතරව ඉදිරි වසර දෙක තුන තුළ ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක් ග්ලයිෆොසේට් තහනම් කිරීමට සැලසුම් සකස් කර තිබෙන අතර, 2023 වසර වන විට යුරෝපයට අයත් රටවල් 28ක් ග්ලයිෆොසේට් තහනම් කිරීමට සැලසුම් කර තිබේ.
ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශක තහනම් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට අමතරව ආහාර ද්‍රව්‍යවල ග්ලයිෆොසේට් අඩංගු දැයි සොයා බලා ආහාර ආනයනය කිරීමටත් සමහර රටවල් සැලසුම් කර ඇත.
ආහාර පරීක්ෂාවේදී ඉදිරියෙන්ම සිටින රට වන්නේ ජපානය වන අතර, මේ නිසා ජපානයට සිලෝන් ටී අපනයනය කිරීමත් ගැටලුකාරීත්වයකට පත් වෙමින් තිබේ. මුළු ලොවක් ආදරය කළ වසඟ කළ සිලොන් ටී නාමය, මේ ආකාරයට අනතුරකට ලක්වෙමින් තිබියදී මීට වසර තුනකට පෙර සිදුකළ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට දේශපාලනඥයින් කිහිප දෙනෙකු කටයුතු කරනු ලැබුවේත් තේ වගාවට හා රබර් වගාවට ග්ලයිෆොසේට් අවශ්‍ය බවට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමිනි.
ග්ලයිෆොසේට් තහනම් කිරීම නිසා ශ්‍රී ලංකාවේ තේ වගාව කඩා වැටී තිබෙන බවට මෙම දේශපාලනඥයන් කිහිපදෙනා ඉදිරිපත් කළ ප්‍රධානම තර්කය වේ. එහෙත් ග්ලයිෆොසේට් ලොව පුරා භාවිත කරන්නේ වල් නාශකයක් ලෙසිනි. එනම් වගාවක තිබෙනා වල් මර්දනය කිරීම සඳහාය. එහෙත් මේ රටේ සමහර දේශපාලනඥයන් පසුගිය දිනවල හැසිරුනේ ග්ලයිෆොසේට් යනු දියර පොහොරක් යන ආකාරයටය.
මේ නිසා ග්ලයිෆොසේට් පූර්ණ වල් නාශකය තේ වගාවේ හෝ රබර් වගාවේ වල් මර්දනයට යොදාගත් පමණින් තේ, රබර් අස්වැන්න ඉහළ යන්නේ නැත.
අද වන විට වල් මර්දනයට ග්ලයිෆොසේට් අවශ්‍ය වී තිබෙන්නේ මහා පරිමාණ සමාගම් විසින් පවත්වාගෙන යන තේ වගාවන්වලට හා රබර් වගාවන්වලටය. සමාගම මහා පරිමාණ වුවත් සමස්ත තේ නිෂ්පාදනයෙන් ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලබන්නේ 24%කට ආසන්න ප්‍රමාණයක් පමණි.
එහෙත් සමස්ත නිෂ්පාදනයෙන් 76%ක් නිෂ්පාදනය කරන කුඩා තේ වතු හිමියන් ග්ලයිෆොසේට් පූර්ණ වල් නාශකය අවශ්‍ය බවට ඉල්ලා සිටින්නේ නැත. එනම් තේ වගාව නිසි ලෙස සිදු කරනවා නම් භූමිය තුළ වල්පැළ හට ගැනීමක් සිදු නොවන බැවිනි.
එහෙත් රජයෙන් සොච්චම් මුදලකට බදු ලබාගත් තේ වතු ටික නිසි ලෙස නඩත්තු නොකරන සමාගම්වලට තම ලාභය වැඩි කර ගැනීමට ග්ලයිෆොසේට් අවශ්‍ය වී තිබේ. රබර් වගාවේදී වල් මර්දනය කිරීමට යන්ත්‍ර සුත්‍ර පවා භාවිත කිරීමට හැකියාව ඇත.
යන්ත්‍ර සූත්‍ර හරහා හෝ මිනිස් ශ්‍රමයෙන් වල් මර්දනය කිරීම හරහා ඉවත් කරන වල් දිරාපත් වී භූමිය සාරවත් වන බවටත් සොයා ගෙන තිබේ. පරිසර හිතකාමී ක්‍රමයක් ලෙස අනාධිමත් කාලයක සිට පැවැත එන ක්‍රමය බැහැර කර, ජනතාවට මරණය ගෙන එන ක්‍රම තෝරා ගැනීමට ලාභය ගැන පමණක් සිතනා සමාගම් කටයුතු කරමින් සිටියි.
මොවුන්ගේ වරප්‍රසාදවලට හා කෘෂි රසායන බහුජාතික සමාගම්වලින් ලබාදෙන වරප්‍රසාද ගැන පමණක් සිතා කටයුතු කරන දේශපාලනඥයන් කිහිප දෙනෙකුද සමාගම් කිහිපයක අවශ්‍යතා ඉටු කර දීමට ඉදිරිපත් වී සිටියි. මේ සඳහා උගතුන් බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිසක්ද එකතු වී සිටින අතර, මෙම පිරිසෙන් කිහිප දෙනෙකු ග්ලයිෆොසේට් විෂ නොමැති බවටත් තර්ක විතර්ක ඉදිරිපත් කරයි. එහෙත් ග්ලයිෆොසේට් ඇතුළු පූර්ණ වල් නාශකවල හා කෘෂි රසායන ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක අඩංගු ඇසුරුම්වල ප්‍ර‘වේශමෙන් පරිහරණය කරන ලෙසට සඳහන් කර තිබේ.
නිෂ්පාදිත සමාගම් විසින් ලබාදෙන අවවාදයන් පිළිබඳවත් දැනුමක් නොමැති මහාචාර්යවරයෙක් පවා ග්ලයිෆොසේට් විෂ නොමැති බවට ප්‍රකාශ සිදු කර ඇත. එහෙත් විෂ නොමැති බවට සඳහන් කරන ග්ලයිෆොසේට් පූර්ණ වල් නාශකය පානය කර පෙන්වන ලෙසට පරිසර සංවිධාන විසින් බුද්ධිමතුන් යැයි කියා ගන්නා කිහිප දෙනාට අභියෝගයක් ඉදිරිපත් කළත් අදටත් එම අභියෝගය භාර ගැනීමට මෙම පිරිස කටයුතු කර නොමැත.
එසේ තිබියදීත් මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් අධ්‍යාපනය ලැබු උගතුන් බුද්ධිමතුන් කිහිප දෙනෙකු විසින් දේශපාලනඥයන් කිහිප දෙනෙකු එකතු කරගෙන සමස්ත ජනතාවගේම ජීවිත වලපල්ලට දක්වන කටයුත්තක් සිදුකර තිබේ. එනම් 2015 ජුනි මාසයේදී රටට ආනයනය කිරීම භාවිත කිරීම, අලෙවි කිරීම තහනම් කර තිබූ ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශක තහනම රබර් හා තේ වගාවන් වෙනුවෙන් භාවිත කිරීමට ඉවත් කර තිබීමයි.
තේ වගාවට හා රබර් වගාවට භාවිත කිරීම සඳහා පමණක් මාස 36කට මෙම තහනම ඉවත් කර තිබෙන බවට රජයේ පාර්ශ්ව ප්‍රකාශ නිකුත් කර ඇති අතර, මෙම ක්‍රියාව හරහා මෙතෙක් සුළු වශයෙන් ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වූ පූර්ණ වල් නාශක ගෙන්වීමේ කටයුතුවලට නිත්‍යානුකූලභාවයක් ඇති වී තිබේ.
මේ අනුව 2015 වසරේ ජුනි මාසයෙන් පසු මේ රටට හොර රහසේ රැගෙන විත් අත්අඩංගුවට ගෙන යම් යම් ස්ථානවල ගබඩා කර තිබෙනා ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශක තොග මුදා ගැනීමටත්, ජාවාරම්කාර වෙළෙඳුන්ට අවස්ථාව උදා වී තිබේ.
ජාවාරම්කාර දේශපාලනඥයන් කිහිප දෙනෙකු විසින් සිදුකළ මෙම ක්‍රියාව හේතුවෙන් සමස්ත මධ්‍යම කඳුකරයට විෂ එකතුවීමේ අවදානමක් යොමුව ඇති අතර, මධ්‍යම කඳුකරයට විෂ එකතුවීම යනු මේ රටේ අතිබහුතරයක් ජනතාව පානය කරන පානීය ජලයට විෂ එකතුවීමකි.
මේ අනුව බහුජාතික සමාගම් කිහිපයක් පිනවීමට හා තේ, රබර් වගා කරන සමාගම් කිහිපයක් පිනවීමට සිදුකළ මෙම ක්‍රියාවෙන් රටේ අතිබහුතරයක් වූ ජනතාවගේ ජීවිත අනතුරට දමා තිබේ. මීට අමතරව ග්ලයිෆොසේට් විෂ තේවලට එකතුවීමත් සමග සිලොන් ටී නාමයටද ලෝකයා එරෙහි වන දිනය වැඩි ඈතක නොවේ.
තේ හා රබර් වගාවන්වලට පමණක් ග්ලයිෆොසේට් භාවිත කිරීමට අවසර ලබාදෙන බවට රජයේ පාර්ශ්ව සඳහන් කළත් අනෙක් වගාවන්වලට මෙම පූර්ණ වල්නාශක භාවිත නොකරන බවට කිසිවෙකුටත් සහතිකයක් ලබාදිය නොහැක. මන්දයත් මේ රටේ සමහර ගොවීන්ද දේශපාලනඥයන් හා නිලධාරීන් මෙන් රට ගැන නොව තමන් ගැන පමණක් සිතා කටයුතු කරන නිසාය. මේ නිසා තම ලාභය ගැන පමණක් සිතා ඔවුන්ද ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය වල් මර්දනයට යොදා ගැනීම අනිවාර්යෙන්ම සිදුවන ක්‍රියාවකි.
ග්ලයිෆොසේට් තහනම ලිහිල් කිරීම හේතුවෙන් ග්ලයිෆොසේට් තහනම් කිරීමට 2015 වසරේ මැයි 27 වන දින කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවද මෙහිදී හැල්ලුවට ලක් වී ඇති අතර, අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
මීට අමතරව පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ මෛත්රීපාලනයක්, ස්ථාවර රටක් ප්‍රතිපත්තිය තුළින් ජනතාවගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමට පොරොන්දු ලබාදී ඇති අතර, මේ අනුව එම පොරොන්දුවද හෑල්ලුවට ලක් වී තිබේ. මීට අමතරව වර්තමාන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීමට පෙර ඉදිරිපත් කළ %මාස 60කින් අලුත් රටක්^ ප්රතිපත්තියේද ජනතා සෞඛ්‍යය සුරක්ෂිත කිරීමට පොරොන්දු ලබා දී තිබේ.
ග්ලයිෆොසේට් විෂ නිසා මේ රටේ දිස්ත්‍රික්ක 14ක අතිවිශාල පිරිසක් වකුගඩු රෝගවලට හා පිළිකා රෝගවලට ලක්ව තිබෙන බවට වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායම් තහවුරු කරගෙන ඇති අතර, මීට අමතරව අතිවිශාල පිරිසක් මෙම රෝගය නිසා මියගොස් ඇත.
ජනාධිපතිවරයා පදිංචි පොළොන්නරු දිස්ත්‍රික්කය ගතහොත් සමහර ප්‍ර‘දේශවල මවට පියාට වකුගඩු රෝගය වැලඳී ඇත. මේ නිසා දරුවන් සියලුම දෙනා අනාථයන් බවට පත්ව තිබේ. වකුගඩු රෝගය වැලඳුනු පසු එම රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බැවින් පොළොන්නරුව, අනුරාධපුර වැනි ප්‍ර‘දේශවල සමහර ජනතාව ඉතා අසීරු තත්ත්වයට පත්ව සිටී.
එහෙත් ජනතා ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයාගේ සිට පොදුවේ වගකිව යුතු කිසිදු දේශපාලනඥයෙකුට ඒ පිළිබඳව වගේ වගක් නැත. දකුණු ආසියාවේ විශාලම වකුගඩු රෝහල සෑදීම ගැන කතා බහක් ඇති කළද, වකුගඩු හෝ පිළිකා ඇති කරවන බවට තහවුරු වන කිසිදු රසායනික ද්‍රව්‍යයක් මෙරට තුළ භාවිත කිරීමට තහනම් කිරීමට මෙම පිරිසට කිසිම උනන්දුවක් නැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd