Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
අපි පසුගිය සාකච්ඡාවකදී අධීක්ෂණ කළමනාකරණය සම්බන්ධයෙන් පුළුල්ව කතා කළ බව ඔබට මතක ඇති. ඒ යටතේදී ආයතනයක ඵලදායීතාව, ගුණාත්මකභාවය සහ ආරක්ෂාව හෙවත් සුරක්ෂිතභාවය ඇති කරන්න, ආයතනයේ ප්‍රතිපත්ති, නීතිරීති හා මාර්ගෝපදේශන සැලසුම් ක්‍රියාත්මක විය යුතු බව අප පෙන්නුම් කළා. එයට අමතරව ක්‍රියාකාරී කටයුතු සඳහා හොඳ වැඩ පරිසරයක් තිබෙන්නට අවශ්‍ය බවත් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. නමුත් මේ සියල්ල තිබුණත් ආයතනයේ සේවය කරන ඒ ඒ මට්ටම්වල එනම් ඉහළම ස්ථානයේ සිට සනීපාරක්ෂක කම්කරුවන් දක්වා මනා සුපරීක්ෂණයක් හෝ අධීක්ෂණයක් තිබුණේ නැතිනම් ඵලදායීතාව හා ගුණාත්මකභාවය වැඩිකරන්න බැහැ වගේම ජීවිත හා දේපළවල ආරක්ෂාවක් ඇති වෙන්නෙත් නැහැ. ඒ නිසා මෙකී ආරක්ෂාව නැතිවීම හා වෙනත් හේතූන් මත සේවා ස්ථානයේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ අපි අද කතා කරමු.
ආයතනවල ආරක්ෂාව නැතහොත් සුරක්ෂිතභාවය ඇතිකිරීම සඳහා ඒ වෙනුවෙන්ම වෙන් වූ විද්‍යාවක් තිබෙනවා. එය ඉංග්‍රීසි භාෂාවෙන් %ඕගනොමික්^ (ERGONOMICS) ලෙසින් හඳුන්වනවා. එය අපි ස්මක්ෂථා විද්‍යාව නමින් සිංහල භාෂාවේදී හඳුන්වනවා.
වැඩිහිටියන් ජීවත්වීම සඳහා වැඩි කාලයක් එක්කෝ කාර්යාලයක, එසේ නොමැති නම් කර්මාන්ත ශාලාවක වැඩ කරනවා. ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම එසේ වැඩකරන්නේ තමන්ගේ පැවැත්ම තව තවත් වර්ධනය කර ගැනීමටයි. මෙහි වර්ධනය යනුවෙන් අදහස් කරන්නේ වර්ෂයෙන් වර්ෂයට හෝ ඔහුගේ හෝ ඇයගේ ආර්ථික, සමාජ හෝ පවුල් පසුබිම තුළින් දියුණුවක් අපේක්ෂා කිරීමයි. ඒ වැඩ කරන ස්ථානයේ පුද්ගලයා යහපත් ලෙස ජීවත් වෙලා වර්ධනයක් ඇතිවෙන්න නම් ආරක්ෂණය හෙවත් සුරක්ෂිතභාවය අනිවාර්යයෙන් තිබිය යුත්තක්. එය ඉතාම වැදගත්. එය නිවසකදී වුවත් අවශ්‍ය වන දෙයක්. ආරක්ෂාව කියන කාරණය නොසලකා හැරියොත් ඒ පුද්ගලයාගේ පැවැත්ම හා වර්ධනය පමණක් නොව ඔහුගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන්. එමෙන්ම ආයතනයක නම් ජීවිත වගේම දේපළත් නැතිවෙන්න පුළුවන්. නමුත් මේ ජීවිත හා දේපළවලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඒවා චිරාත් කාලයක් පවතින්න නම් වැඩබිම්වල, නැතහොත් සේවා ස්ථානයේ අනිවාර්යෙන් තිබිය යුතු හා අවධානය යොමු කළයුතු ඉතා වැදගත් කරුණ නම් ආරක්ෂාව හෙවත් සුරක්ෂිතභාවයයි.
ඉදිකිරීම් කටයුතු කරන ස්ථානවල මෙන්ම විශාල කර්මාන්තශාලාවල කොළ පැහැති වර්ණයෙන් safety first - ආරක්ෂාව ප්‍රථමයෙන් ^ යන දැන්වීම් පුවරු විශාල ප්‍රමාණයෙන් ප්‍රදර්ශනය කර තිබෙනවා ඔබ දැක ඇති. කිසියම් ආයතනයක ආරක්ෂාව ගැන සැලකිලිමත් වී අප පෙර සඳහන් කළ %ස්මක්ෂථා විද්‍යාවේ^ මූලධර්ම අනුව කටයුතු කරන්න ඕන. නමුත් අවාසනාවකට වගේ අපේ රටේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සමහර ආයතනවල මෙම %ස්මක්ෂථා විද්‍යාවේ^ මූලධර්මවලට අනුව කටයුතු නොකිරීම නිසා හදිසි අනතුරු කිහිපයක්ම සිද්ධ වුණා. ඒ නිසා වටිනා ජීවිත, දේපළ හා වත්කම් හානි සිදුවුණා. මේ නිසා ආයතනවල බලධාරීන් ආරක්ෂාව නැතහොත් සුරක්ෂිතතාව තහවුරු කරන්න විවිධ උපායමාර්ග හඳුන්වාදිය යුතුයි. එබැවින් මූලිකවම මේ සඳහා ස්මක්ෂථාවය ඇතිකරන්න පැහැදිලි ප්‍රතිපත්තියක් තිබෙන්නට අවශ්‍යයි. එම ප්‍රතිපත්ති මත ක්‍රියාවට නංවන්නට ඊට අදාළ වූ නීතිරීති නිසි ලෙස හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ප්‍රතිපත්ති මත නීති සකස් විය යුතුයි. එමෙන්ම එම ප්‍රතිපත්ති මත අදාළ නීතිරීති ක්‍රියාවට නැංවීමට මාර්ගෝපදේශනයක් ගොඩනගා ක්‍රියාත්මක විය යුතුයි. මේවා සවිස්තරාත්මකව දැක්වෙන හොඳ මාර්ගෝපදේශන අත්පොතක් ගොඩනගන්න අවශ්‍යයි. ඒ වගේම ප්‍රතිපත්ති, නීති, මාර්ගෝපදේශන මාලාවක්, පරීක්ෂණ ලැයිස්තු සකස් කරන විට ස්මක්ෂථා විද්‍යාවේ එන මූලධර්මයන් ගැන සැලකිලිමත් විය යුතුයි. එකී මූලධර්ම කිහිපයක් සංක්ෂිප්ත කර මෙසේ දැක්විය හැකියි.
මුලින්ම රැකියාව සඳහා තෝරා ගන්නා පුද්ගලයාට වැඩ කිරීම සඳහා තිබිය යුතු දැනුම හා කුසලතා හඳුනාගත යුතුයි. අදාළ රැකියාව කිරීමට යන පුද්ගලයාට තිබිය යුතු කායික සුදුසුකම් හඳුනාගත යුතුයි.
එසේ නොවුණහොත් ඒ ඒ වැඩකටයුතු කිරීමේදී තිබිය යුතු දැනුම, කුසලතා, නීතිරීති, මාර්ගෝපදේශනයන් මොනතරම් හැදුවත්, ආයතනයක් විසින් යම් සේවාවක් කිරීමට ඒ පිළිබඳ හැකියාවක් නැති, කායික ගතිලක්ෂණ හෙවත් කායික අවශ්‍යතා නැති, පළපුරුදු නැති කෙනෙකු දැම්මොතින් ඔහුට හෝ ඇයට එම සේවය හරියාකාරව සිදුකිරීමට නොහැකියි. ඔහු හෝ ඇය අතින් වැරදි අඩුපාඩු දුර්වලතාවන් ඇතිවෙන නිසා ඔහුගේ ජීවිතයත්, අනෙක් අයගේ ජීවිත හා ආයතනයේ දේපළත් විශාල වශයෙන් විනාශ වෙන්න ඉඩ තිබෙනවා. ආයතනයක සේවය කිරීමට කවුරුහරි කෙනෙකු බඳවාගැනීම සුදුසු නොවේ. එම රැකියාව කිරීම සඳහා හොඳ ධාරිතාවක්, නිපුණතාව හා දැනුමැති මෙන්ම ඒ කටයුතු කිරීමට හොඳ පළපුරුද්දක් තිබිය යුතු පුද්ගලයෙකු සේවයේ යෙදවිය යුතුයි. එවැනි සුදුසුකම්වලින් පරිපූර්ණ කෙනෙකු සොයා ගැනීමට අපහසු නම් බඳවා ගන්නා පුද්ගලයාට ප්‍රමාණවත් පුහුණුවක් ලබාදීමෙන් පසුව ඔහු හෝ ඇය ඒ රාජකාරී කටයුත්ත සඳහා අනියුක්ත කළ යුතුයි. %ස්මක්ෂථා විද්‍යාව^ අනුව මීළඟ කාරණය වන්නේ, සේවා ස්ථානයේ තිබිය යුතු ඉඩ ප්‍රමාණය, වාතාශ්‍ර, උෂ්ණත්වය සහ ශබ්දය වැනි කරුණු ගැන සැලකිලිමත් වීමයි. එමෙන්ම විශාල යන්ත්‍රෝපකරණ සවිකරනවා නම් ඒවා අතර පරතරය, සේවකයන් කිහිපදෙනෙකු වැඩකරනවා නම් ඔවුනොවුන්ට වැඩ කිරීමට අවශ්‍ය ඉඩකඩ යනාදී කරුණු සැලකිල්ලට ගත යුතුයි. මෙවැනි මූලධර්ම ගැන සැලකිලිමත් නොවී කටයුතු කළහොත් කුමන වේලාවක හෝ උපද්‍රවයක්, ආපදාවක් හෝ හදිසි අනතුරක් සිදුවීමට පුළුවන්.
මෙම විද්‍යාවේ සඳහන් වන මීළඟ මූලධර්මයෙන් දක්වන්නේ සේවකයා භාවිත කිරීමට යොදා ගන්නා උපකරණ අතර මනා ගැළපීමක් තිබෙන්නට අවශ්‍ය බවයි. සේවකයන් හදිසි අනතුරු, ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි ස්ථානයක් නම් වැඩකරන අවස්ථාවල ආරක්ෂිත මෙවලම් හා ඇඳුම් කට්ටල පැලඳ සිටීම අනිවාර්ය කළ යුතුය. ඒවා නිලඇඳුමක්, හිස් ආවරණයක්, සපත්තු දෙකක්, කරපටියක් වැනි දෙයක් විය හැකියි. ඒ ඒ එකිනෙකට වෙනස් වූ උපකරණ පලඳින පුද්ගලයාට එය ගැළපෙන හා උචිත එකක් විය යුතුය. සැමටම එකම ප්‍රමාණයේ පොදු උපකරණ මෙහිදී භාවිත කරන්නට බැහැ. ඒ ආරක්ෂිත මෙවලම් පලඳින පුද්ගලයාට එය උචිත විය යුතුයි. සේවකයන් හැඳපැලඳ සිටින ඒ ආරක්ෂිත කට්ටලය ඒ පුද්ගලයාට ප්‍රමාණයෙන් කුඩා හෝ ලොකු වීම බොහෝ කර්මාන්ත හා ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්රයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයක්.
මීළඟ කාරණය වන්නේ සේවා ස්ථානයේ එනම් කර්මාන්තශාලාව, වැඩබිම හෝ කාර්යාල පරිසරය සේවකයන්ට වැඩකිරීමට සුදුසු ස්ථානයක් විය යුතු බවයි. එනම් සේවා ස්ථානය පිරිසුදු, ප්‍රසන්න, ප්‍රියමනාප, මනා ලෙස සංවිධානය කළ තැනක් බවට පත්විය යුතුය. යන්ත්‍රෝපකරණ හා මෙවලම් සුදුසු පරිදි නැතිනම්, සේවා ස්ථානය අපිරිසුදු නම්, එය අසංවිධිනාත්මක නම් සේවා ස්ථානයේ නොයෙක් ආකාරයේ හදිසි ආපදා තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. ඒ නිසා %ස්මක්ෂථා විද්‍යාවට^ අනුව අනිවාර්යයෙන් මේ මූලධර්ම ගැන අප සැලකිලිමත් වී ඒ අනුව කටයුතු කරමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ යුතුයි.
සාමාන්‍යයෙන් මේ මූලධර්ම අනුව කටයුතු කිරීම අධික වියදම් යන වැඩක්. ඉතින් කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට මෙවැනි දේ කිරීම තරමක් අපහසු කාර්යයක්. අපේ රටේ බොහෝමයක් මහා පරිමාණ ඇඟලුම් කර්මාන්ත ශාලා මෙහෙයවන සමාගම් බොහෝදුරට කටයුතු කරන්නේ මෙම මූලධර්මවලට අනුවයි. මේ ඇඟලුම් කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ලබාගන්නා ප්‍රබල පෙළේ ඇමෙරිකානු හා යුරෝපීය ගැනුම්කරුවන් අප පෙර සඳහන් කළ ආකාරයට ආරක්ෂිත සේවා ස්ථානයක්, වැඩබිමක් හා කාර්යාල පරිසරයක් නැතිනම් ඒ ආයතනවලින් ඇඟලුම් මිලදී ගන්නෙත් නැහැ. එම විදේශීය ගැනුම්කාර සමාගම්වල නියෝජිතයන් පැමිණ මෙම ස්මක්ෂථා මූලධර්ම ගැන ප්‍රථමයෙන් සොයා බැලීමක් සිදුකරනවා. එහිදී කර්මාන්තකරුවන් එහි වැඩකරන සේවකයන්ගේ සුරක්ෂිතතාව පිළිබඳ කටයුතු කරන්නේද කියා සොයා බලන අතර, එය නොකරන්නේ නම් ඔවුන් නිෂ්පාදන ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා.
මේ තත්ත්වය තුළ අපේ රටේ ආයතනවල මේ ආකාරයට කටයුතු කළොත් අනිවාර්යෙන්ම සුරක්ෂිතතාවක් ඇතිකරන්න පුළුවන්. සුරක්ෂිතතාව ඇති නොවුණහොත් නොයෙක් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා මම ප්‍රකාශ කළ ආකාරයට ප්‍රතිපත්ති සකස්කර නීති හා අවශ්‍ය මාර්ගෝපදේශනය ක්‍රියාත්මක කර පරීක්ෂණ ලැයිස්තු සකස් කර ක්‍රියාත්මක කළයුතු දෙයක්. ඇතැම් කර්මාන්තකරුවන් කියන්න පුළුවන් මෙය වියදම් අධික දෙයක් කියා.
නමුත් වියදම්කාරී නිසා අවශ්‍ය අවම දේවත් නැති වුණොත් ආපදා තත්ත්වයන්ට මුහුණ දෙන්නට බොහෝ කර්මාන්ත හා ආයතන හිමියන්ට සිදුවේවි. ඒ සඳහා සුරක්ෂිතභාවය ඇතිකරන්නට වැයවන මුදලටත් වඩා වැඩි මුදලක් වියදම් කරන්නට සිදුවෙනවා. මේ නිසා ඇතැම්විට ආයතනය වසා දමන්නට පවා සිදුවෙනවා. ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන්න ස්මක්ෂථා විද්‍යාවේ එන මූලධර්ම අනුගමනය කර ආරක්ෂාව වැඩි කළහොත් එහි තිබෙන ප්‍රයෝජන රැසක් අත්විඳින්නට හැකි වේවි. එනම්,
වැඩකරන ස්ථානයේ ඇතිවෙන්න පුළුවන් හදිසි අනතුරු, සේවකයන්ට ඇතිවෙන්න පුළුවන් නොයෙක් ආකාරයේ ලෙඩරෝග අඩු වෙනවා. ඒ නිසා ලැබෙන ආපදා අඩු වීමක් සිදුවෙනවා. සේවකයන්ට වැලඳෙන්න පුළුවන් නොයෙක් ආකාරයේ රෝග, ව්‍යාධි බොහොමයක් අඩු කරගන්න පුළුවන්.
එමෙන්ම හදිසි අනතුරක් ඇති නොවුණත් සේවකයන්ට නොයෙක් ආකාරයේ රෝග, කැක්කුම්, තුවාලවීම් සිදුවෙන්න පුළුවන්. නමුත් මේ කියන මූලධර්මවලට අනුව කටයුතු කළොත් ඒවා අඩුකර ගැනීමේ හැකියාව තිබෙනවා.
අනෙක් කාරණය තමයි එසේ රෝග නොමැති වුවත් මේ ක්‍රමය අනුගමනය නොකර සේවකයන්ට හානියක් වුණොත් ආයතනයට සිද්ධ වෙනවා සේවකයන්ට වන්දි ගෙවන්න. මේ ආකාරයට කටයුතු කළහොත් වන්දි ගෙවීම සඳහා යන මුදල අඩු කරගන්න පුළුවන්.
එමෙන්ම සේවක ප්රලාසිතාව හා සේවයකයන් අස්වෙලා යන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. කිසියම් ආයතනයක සේවකයන් සුරක්ෂිත නැතිනම් ඔවුන් සෑමවිටම එයින් ඉවත් වී යන්න පෙළඹෙනවා. එමෙන්ම සේවය සඳහා දිනපතා පැමිණෙන්නේ නැහැ. නමුත් උක්ත කියූ ලෙස කටයුතු කිරීම තුළින් මෙම තත්ත්වය අවම කරගන්න පුළුවන්. ඒ ඒ වැඩ පරිසරය ආරක්ෂිත නම් චිත්ත ධෛර්ය වැඩි වී සේවකයන් වැඩියෙන් සේවයට අභිප්‍රේරණය වෙලා සතුටින් කැමැත්තෙන් වැඩකරන තැනක් බවට සේවා ස්ථානය පත්වෙනවා. එමගින් ඒ ඒ අයගේ දිනකට, පැයකට, මාසයකට කරන වැඩවල කාර්යක්ෂමතාවයි, සඵලතාවයි වැඩිවෙලා ආයතනයේ ඵලදායීතාව වැඩි වෙනවා. ඒ වගේම නිපදවන භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවයත් වැඩි වෙනවා. මෙහිදී සඳහන් කළ ආරක්ෂාව පිළිබඳව මනා ලෙස කටයුතු කළොත් හුඟාක් වාසි ප්‍රයෝජන අත්කර ගන්න පුළුවන්. එසේ නොකළහොත් මේ කියන දේවල් අඩුවෙලා දිගුකාලීන වශයෙන් ආයතනයට හානිකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
ඕනෑම ආයතනයක ඵලදායීතාව වැඩි කරගන්න හා නිදපදවන භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය ඇතිකරන්නත්, සේවා ස්ථානයේ සුරක්ෂිතභාවය තහවුරු කරන්නත් අඩු වියදමකින් වැඩි වටිනාකමක් ගෙනදෙන ක්‍රමයක් ලෙස ජපන් %එස්-5^ ක්‍රමය සෑම තැනකම යොදාගන්න පුළුවන්. මෙම පංචවිධ සංකල්පය වියදම් යන වැඩක් නොවේ. අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ ඒ පිළිබඳ ඇති දැනුම, ඒ පිළිබඳව තිබෙන කැපවීම වගේම ඒ කෙරෙහි තිබෙන ධනාත්මක ආකල්පය සහ ඒ ඒ මට්ටම්වල සිටින නායකයන් හා සුපරීක්ෂකයන්ගේ ඒ කෙරෙහි ඇති බැඳීම යනාදී කරුණුයි. එමෙන්ම අප රටේ එම ආයතනවල නිපදවන භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවයත් වැඩියි. සේවක ආරක්ෂාවත් ඉතාම ඉහළයි. මේ අනුව ස්මක්ෂථා විද්‍යාවේ මූලධර්ම කිසියම් ආයතනයක ක්‍රියාවට නැංවීම සඳහා මෙම %එස්-5^ ක්‍රමය ඉතාම වැදගත් වෙනවා. ඒ සංකල්ප පහ නම්,
සේවා ස්ථානයේ තිබෙන අනවශ්‍ය දේවල් ඉවත් කරලා අවශ්‍ය දේ පමණයි තබාගත යුත්තේ. කාර්යාලයක සේවය කරන පුද්ගලයෙකුගේ මේසය මත ලිපි ගොනු රැසක් තිබෙනවා නම් තමන්ට අවශ්‍ය ලිපි ගොනුව සොයාගන්න අපහසු වෙනවා. අනවශ්‍ය දේවල් තිබිම තුළ නොයෙක් ආකාරයේ ප්‍රශ්න, අනතුරු ඇතිවෙන්න පුළුවන්. ඒ අනුව තමා ළඟ ඇති දේවල් අවශ්‍ය හා අනවශ්‍ය ලෙස වර්ග කර අවශ්‍ය දේ තබාගෙන අනවශ්‍ය දේ විද්‍යාත්මක ක්‍රමයකට බැහැර කරන්න ඕන.
අවශ්‍ය දෑ විද්‍යාත්මක ක්‍රමයකට සකස් කර තබාගැනීම අවශ්‍යයි. තමාගේ අවශ්‍ය සෑමදෙයක්ම තබන්න නිශ්චිත ස්ථානයක් තියෙන්න ඕන. ඒ ස්ථානය ඒ දේ තබන්න වඩාත්ම සුදුසු තැනක් විය යුතුයි. ඒවා භාවිත කළ පසු එය නිවැරදි ලෙසින් නැවත තිබූ ස්ථානයේම තැබිය යුතුයි. ඒ තබන ස්ථානයට අලුත් නමක්, අංකයක්, පාටක් හෝ සංකේතයක් දෙන්න ඕන. ආපදා බහුලව ඇතිවෙන්න බොහෝ විට බලපාන්නේ නිසි අයුරින් උපකරණ හා භාණ්ඩ ස්ථානගත කර නොතිබීමයි. කිසියම් කටයුත්තක් සඳහා අවශ්‍ය දේ සොයාගන්න අමතර වෙලාවක් ගතවෙනවා. එමෙන්ම ඒවා නිසි පිළිවෙළට තබා නොගැනීමෙන් ජීවිතවලට හා දේපළවලට හානි සිදුවෙන්න පුළුවන්.
ආපදා අඩු වෙන්න නම් ඒ සේවා ස්ථානය සුපසන්න තැනක් වෙන්න ඕන. ඒ නිසා ආයතනයක ආරක්ෂාව වැඩි වෙන්න නම් ඒ ආයතනය දෛනිකව මේ දේ සිදුකරන්න ඕන. තමා වැඩකරන ස්ථානයේ භාවිත වන නොයෙක් දේ නිසා නිතරම දූවිලි කැළිකසළ එකතුවෙනවා නම්, අනිවාර්යෙන්ම උදේ සේවා ආරම්භ කිරීමට ප්‍රථම ඒවා පිරිසුදු කරන්න ඕන. එමෙන්ම සිය රාජකාරි අවසන් වූ විට සේවා ස්ථානය පිරිසුදු කර නිවස බලා යන්න ඕන. එසේ නොකළොත් සේවා ස්ථානය අපිරිසුදු, අප්‍රසන්න තැනක් බවට පත්වේවි. එවන් වූ ස්ථානයක කටයුතු කිරීමේදී නොයෙක් ගැටලු ඇතිවෙන්න පුළුවන්. එය හරිම අනාරක්ෂිතයි. එම නිසා තමන්ගේ සේවා ස්ථානයේ වැඩ ආරම්භ කිරීමට ප්‍රථම මේවා පිරිසුදු කළ යුතුයි.
මෙම පළමු කාරණා තුන සේවා ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීමේදී අත්‍යවශ්‍ය වන බව ජපන් ජාතිකයන් ප්‍රකාශ කරලා තිබෙනවා. ජපන් ජාතිකයන් %එස්-5^ ක්‍රමය තුළින් මුලින්ම හඳුන්වා දුන්නෙත් මෙම සංකල්ප තුනයි. නමුත් ජපානයේ මේ තුන පමණක් ක්‍රියාත්මක වීමේදී ටික කාලයක් යන විට නොයෙක් ගැටලුකාරී තත්ත්වයන් ඇති වුණා. ඒ නිසා ඔවුන් තව දෙකක් හඳුන්වා දුන්නා.
පළවැනි සෙයිරි, සෙයිසෝන් හා සෙයිසෝ මනා ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ආයතනය තුළ අත්පත් කරගන්නා දෙය දිනෙන් දින උසස් කරමින් අඛණ්ඩව පවත්වාගෙන යන්න අවශ්‍යයි. ඒවා පවත්වාගෙන යන විට ඇතිවන ගැටලු අත්දැකීම් පදනම් කරගෙන එමෙන්ම වෙනත් වෙනත් ආයතන කරන දේවලුත් හොඳින් හඳුනාගෙන එය ක්‍රමානුකූලව වැඩිදියුණු කරමින් අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. මෙම ක්‍රියාවලිය සෙයිකෙට්සු නැතහොත් සුසංස්ථාපනය ලෙස හඳුන්වනවා. අපේ රටේ යමක් ආරම්භ කළාම ඒකම තමයි දිගටම කරන්නේ. ඒ නිසා මුල් කාලයේ හොඳ වුණත් පසුකාලීනව නොයෙක් නොයෙක් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.
මෙහිදී සේවා ස්ථානයේ සිටින සියලුම සේවකයන් පළමු ක්‍රම 4 ගැන, ඒ වගේම මෙහි පුද්ගලයන්ට, ආයතනයට තිබෙන ප්‍රයෝජන ගැනත්, රටට තිබෙන ප්‍රයෝජන පිළිබඳවත් නිතර නිතර සේවකයන්ව දැනුවත් කරන්න ඕන. සේවකයන්ට මේ පිළිබඳ තිබෙන දැනුම යාවත්කාලීන කරන්න ඕන. එසේ සිදුකොට සේවකයන් තුළ ස්වයං විනයක් හා ස්වයං පාලනයක් ඇතිකරන්න ඕන. සේවකයන් කැමැත්තෙන්ම මේ පළවැනි %එස්-4^ අනුගමනය කළහොත් සේවා ස්ථානයේ වැඩකරන හැමෝටම ඉතාමත් පිරිසුදු, ප්‍රසන්න, ආරක්ෂාකාරී සේවා ස්ථානයක් බවට පත්වෙනවා. ඒ නිසා සේවකයන් තුළ මේ පිළිබඳ දැනුම, අවබෝධයක් ඇතිකරන්න අවශ්‍යයි. එයින් ඔවුන්ගේ ආකල්පමය වෙනසක් සිදුකරන්න ඕන. මෙය ආයතනයේදී පමණක් නොව නිවසේදී සිදුකිරීමට පුහුණුව හා දැනුම ලබාදෙන්න ඕන.
ඉහතින් විස්තර කළ ස්මක්ෂථා මූලධර්ම ක්‍රියාත්මක කිරීමේදී වර්තමානයේ බොහෝ ආයතන අවධාරණය කළයුතු ඊළඟ වැදගත් කාරණය වන්නේ ආයතනවල මිනිස් මොළයෙන්, අත් දෙකෙන් හා කකුල් දෙකෙන් කරන වැඩ තාක්ෂණය හා විද්‍යුත් ක්‍රම භාවිතයෙන් කිරීමයි. මෑතකදී දියුණු වුණ දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිවානය වැනි රටවල්වල රජයේ හා පෞද්ගලික අංශයේ නායකයන් තම ආයතනයේ ඵලදායීතාව, ගුණාත්මකභාවය හා ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා විද්‍යුත්කරණයේ නවෝත්පාදන යොදා ගැනීමට අඛණ්ඩව කටයුතු කර තිබෙනවා. අපේ රටේද රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නායකයන්, කළමනාකරුවන් මෙම විද්‍යුත්කරණයේ නව සොයා ගැනීම් හඳුනාගෙන ඒවා තම ආයතනවලට හඳුන්වා දී ආයතනයේ කාර්යසාධනය වැඩිදියුණු කරනවා. එමෙන්ම තම ආයතනයේත් එහි වැඩකරන සියලුදෙනාට සහ ඉන් සේවා ලබන්න එන සේවාලාභීන්ටත් සුරක්ෂිත හා කාර්යක්ෂම තැනක් බවට පත්කරගත යුතුයි. මේ සඳහා මම විවිධ පාඨමාලා සම්මන්ත්රණ පවත්වා ඇති අතර, ලබන ජුනි 21 වැනිදා Esoft camps ශ්‍රවණාගාරයේදී %Managing Digital Innovations to transform your Organization ^ යටතේ එක්දින වැඩමුළුවක් සංවිධානය කර තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නායකයන්ට හා කළමනාකරුවන්ට මෙම වැඩමුළුවට සහාභාගී වීමෙන් විද්‍යුත්කරණයේ නවීන සොයාගැනීම් හා ඒවා තම ආයතනයේ ඵලදායිතාව, ගුණාත්මකභාවය හා ආරක්ෂණය ඇතිකර ගැනීමට යොදාගත හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් හා නිපුණතාවක් ලබාගැනීමට පුළුවන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd