Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා
2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා
අපි ආණ්ඩුවෙන් එළියට ආපු දවසේ ඉඳලා සටන් කරපු, අරගල කරපු, ඉල්ලා හිටපු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ විරෝධී කණ්ඩායම්වල එකතුවෙන් ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින් මහා විශාල සන්ධානයක් ගොඩනැගුවා. ඇමතිකම් සියල්ලම එපා කියලා ආණ්ඩුවෙන් එළියට ආවේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව එකට එකතු වී අපේම ආණ්ඩුවක් හදාගන්න. ඒ වැඩේ ආරම්භ කරලා තියෙන්නේ. එළියට එනකොට බලාපොරොත්තු වූ දේ ආරම්භ කළ නිසා අපට ඒ ගැන සතුටුයි. මෙතැන් සිට අපේ ජනාධිපති කෙනෙක්, අපේ ආණ්ඩුවක් හදාගැනීමේ මහා දැවැන්ත වැඩපිළිවෙළ දියත් වෙනවා.
මේ වනවිට අප කාටත් දැකගන්න හැකිවෙලා තියෙනවා රාජ්‍ය දේපළ විවිධ ආකාරයට ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය විකුණා දමමින් සිටිනවා. ඒ අතරතුරම මේ රටේ අමාත්‍යාංශ යටතේ තියෙන විශාල ව්‍යාපෘති දේශීය ව්‍යාපාරිකයන්ට සහ සමාගම්වලට ලබාදෙනවා වෙනුවට විදේශ සමාගම්වලට ලබාදෙනවා. මේවා පසුපස අත යට ගනුදෙනු සිදු වෙනවා. මේ වනවිට ඉතාමත් භයානක ගිවිසුමක් අත්සන් කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම. මේ ගිවිසුම අත්සන් කරලා ක්‍රියාත්මක වුණොත් ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ වෙළෙඳ ප්‍රාන්තයක් බවට පත් වෙනවා.
එම ගිවිසුම අත්සන් කරන්න පෙර පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන. මේ පනත පාර්ලිමේන්තුවට ආවට පස්සේ පරාජයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. මොකද මේ ගිවිසුම අත්සන් කරන්න හදන්නේ ලෝක වෙළෙඳ සංවිධානය. ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්සන් කරනකොට අනුගමනය කළ යුතු ප්රමිතීන් තියෙනවා. එම ප්රමිතීන් උල්ලංඝනය කරමින් තමයි මේ ගිවිසුම අත්සන් කරන්න හදන්නේ.
මේ නිසා කැබිනට් මණ්ඩලයේ ඇස් වහලා අගමැතිතුමා ප්රමුඛ ආණ්ඩුවේ සමහරු පනත සම් උත්සාහ කළාට පාර්ලිමේන්තුවේ ඇස් වහන්න ඉඩ ලබාදෙන්නේ නැහැ. සිංගප්පූරු -
ශ්‍රී ලංකා ගිවිසුම පරාජය කිරීමට අපට ශක්තිය තියෙනවා.
අපේ රට තුළ මේ වනවිට බරපතළ ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙනවා. එ්කට එක් හේතුවක් වෙලා තියෙන්නේ අපේ රටේ අමාත්‍ය මණ්ඩලය තම තමන්ට අයත්, එහෙමත් නැත්නම් පැවරී තිබෙන රාජකාරි ඉටු නොකිරීම. පොදුවේ කියනවා නම් සමහරු ඇමතිවරුන් තමන්ට අයත් අමාත්‍යාංශයේ විෂය පථයන්වලට අනුව කටයුතු කිරීම හැර අනෙකුත් සියලුම වැඩ කරනවා. තෙල් මිල වැඩි කිරීම ගත්තම ඒක වැඩි වුණේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. තෙල් බාර ඇමතිතුමා තෙල් වැඩේ නොකර ක්‍රිකට් බෝඩ් වැඩේ කරන්න යනවා. සෞඛ්‍ය ඇමැතිතුමා සෞඛ්‍ය වැඩේ හැර අනෙක් හැමදේම කරනවා. මුදල් ඇමතිතුමා මුදල් ඇමතිකම පැත්තක තියලා ඊළඟ ජනාධිපතිවරණයේදී විපක්ෂයෙන් එනවා කියලා එයා හිතන් ඉන්න අපේක්ෂකයන්ට රාජ්‍ය මාධ්‍ය භාවිත කරමින් පහර පිට පහර දෙනවා. අගමැතිතුමා තමාට අයත් අමාත්‍යාංශවල වැඩ කටයුතු නොකර වෙනත් අමාත්‍යාංශවල කොන්ත්රාත්වලට හා වෙනත් කටයුතුවලට තමන්ගේ කාලය වෙන් කරනවා.
ආණ්ඩුවෙන් ඉවත් වුණ 16 දෙනා ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරනවා. මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ සිටින 54 දෙනා සමග 16 දෙනා එකතු වෙලා ඉන්නේ. ඒක නිසා 70 කණ්ඩායම ඇතුළෙ 16 දෙනා ඉන්නවා. අපි අපි අතරේ විවිධ මත තියෙන්න පුළුවන්. ඒත් අපි වැඩි දෙනාගේ මතයට අනුව කටයුතු කරන්නේ. අපි අතරේ කිසිම ගැටුමක් නැහැ. හැබැයි ඒකාබද්ධ විපක්ෂය ගත්තාම පක්ෂ කිහිපයක කණ්ඩායමක් ඉන්නවා. ඒ සියලුම දෙනා වෙනම සිටිමින් එකට වැඩ කටයුතු කරනවා.
විවිධ මත දරන අය තම තමන්ගේ මතය කියනවා. එ්ක බැණගැනීමක් නොවෙයි. අපි මළුව වඳින්න යනවා නම් නල්ලතන්නියෙදි එකට එකතු වෙන්න ඕන. එතන ඉඳලා එකට මළුව වඳින්න යන්න ඕන. එතනදි සමහර අය කියන්න පුළුවන් සීත ගඟුලේ නාලා මළුව වඳින්න ඕන කියලා. සමහර අය ආපු විදිහට මළුව වඳින්න යන්න ඕන කියනවා. හැබැයි අපි කරන්නේ ඔක්කෝම එකට එකතු කරගෙන මළුව වඳින්න යන එක
මුලින්ම එන ජාතික මැතිවරණය ජනාධිපතිවරණය. ඒත් සමහර අයගේ මතය වෙලා තියෙන්නේ මුලින්ම එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කියලා. ඒ නිසා සමහර අය පාර්ලිමේන්තු මැතිවරණය බලාගෙන මනාප ප්රශ්නය හා වෙනත් දේවල් බලාගෙන විවිධ කතා කියනවා. නමුත් මම කියන්නේ මුලින්ම එන ජනාධිපතිවරණය ජයගැනීමට තමයි ඒකාබද්ධ පොදුජන පෙරමුණ කියන මහා සන්ධානය හදන්න තීන්දු කළේ. මෙතනදි එක එක මත අමතක කරලා මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ පොදු මතයකට එනවා.
දයාසිරි ජයසේකර මහතා ඉන්නේ 16 දෙනා සමග. 16 දෙනා ඉන්නේ ඒකාබද්ධ විපක්ෂය සමග. ඒ කියන්නේ 70 ඇතුළේ. විවිධ අයට විවිධ කතා කියන්න පුළුවන්. අපි 16 දෙනා එළියට ආවේ ඇමතිකම් දලා එකට. ඉස්සරහට වැඩ කරන්නෙත් එකට. ඉදිරියේදී ලැබෙන වරප්‍රසාද ගැන සිතා කටයුතු කරන්නේ නැහැ. ඒ වගේ හිතුවා නම් අපට දිගටම ආණ්ඩුවේ ඉන්න තිබුණා. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ලෙස අපි ඉදිරියේදී 70 කණ්ඩායමට ආණ්ඩුවේ ඉන්න 15 දෙනෙකු එකතු කරනවා. එතකොට අපේ පැත්තේ 85ක් ඉන්නවා.
ඒකාබද්ධ විපක්ෂය තුළ පක්ෂ ගණනාවක් ඉන්නවා. ඒ අය කණ්ඩායම් රැස්වීමට යන නියෝජිතයන් පත් කරලා තියෙන්නේ. ඒත් අපි ඒකාබද්ධයට එකතු වුණේ අලුතින්. අපි නියෝජිතයෝ නම් කරපු නැති නිසා පසුගිය දිනවල පැවැති සාකච්ඡාවලට සහභාගි වෙන්න බැරි වුණා. ඒත් එකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමට සහභාගි වන අයගේ නම් ලබාදෙන ලෙසට ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක් ලැබුණා. මේ අනුව නම් යෝජනා කරලා යවනවා.
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන කාලයේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා පක්ෂයේ සමහර පිරිස් විවේචනයට ලක්කළා. එ් නිසා මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කරපු එක හොඳයි. මම මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් කළේ පක්ෂ මධ්‍යම කාරක සභාව. එ්ක නිසා මම යෝජනාවක් ඉදිරිපත් කරනවා මධ්‍යම කාරක සභාවට මේ යෝජනාව ස්ථිර කරනවා කියලා. පක්ෂයේ විනය ක්‍රියාමාර්ග ගැනීම යටතේ මගේ තනතුර ඉවත් කළා වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරන දුමින්ද දිසානායක මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කරන්න ඕන. මොකද චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් උපදේශක මණ්ඩලයේ ඉන්නවා.
පසුගිය ජනාධිපතිවරණයේදී අපි වැඩ කළේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඊටපස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආවා. එතනදි ගොඩාක් අය කිව්වා මේ දෙන්නා එකතු කරන්න බැහැ කියලා. මේ දෙන්නා එක පිලේ ඉන්නේ නැහැ කියලා. ඒත් සන්ධානයේ නායකයා ලෙස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉද්දි මහින්ද රාජපක්ෂ මහතාට තරග කරන්න ලැබුණා.
ඒ නිසා මේ ජනාධිපතිවරුන් දෙන්නා ඇගේ වෛරයක් වගේ තියාගෙන ඉන්න අය නෙවෙයි, ඇගේ වෛරය තියාගෙන ඉන්න අයට එකතු වෙන්න අමාරුයි. ඒක නිසා ඉදිරියේදීත් දෙදෙනාට එකට වැඩ කරන්න බැරිකමක් නැහැ.
ගොඩනැගෙන පුළුල් සන්ධානයේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා. රාජ්‍ය නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. මෙතනදි කියන්න ඕන රාජ්‍ය නායකයා වෙන්න මහින්ද රාජපක්ෂ මහතාට තරග කරන්න බැහැ. ඒත් ජනප්‍රිය නායකයා මහින්ද රාජපක්ෂ මහතා. ඒ වගේම ප්‍රතිපත්ති මත ගොඩනැගෙන මහා බලවේගයේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබෙන කෙනෙක්. ඒ වගේ නැතිව ජනාධිපති එක පක්ෂයකිනුත්, අගමැතිවරයා තවත් පක්ෂයකිනුත් බිහි වුණොත් ආයෙත් වෙන්නේ අවුලක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කරනවා නම් මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වෙන්න ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම කටයුතු කළ යුතුයි.
ආණ්ඩුවෙන් එම කණ්ඩායම එළියට ආවට පස්සේ ඒ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැතිව ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම මන්තරයක් වගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊළඟ මැතිවරණයේ අපේක්ෂකයා වෙනවා කියලා වැඩක් නෑ. එහෙම වුණොත් වෙන්නේ එතුමාගේ අනාගතයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයත් අඳුරු වීම.
ජනාධිපති අපේක්ෂකයා ගැන විවිධ ප්‍රකාශ සිදු වෙනවා. විවිධ නාම යෝජනා වෙනවා. කොහොම වුණත් අපි හදන පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබෙන්න ඕන. ගෝඨාභය මහත්තයාට, ජනාධිපති අපේක්ෂකයා වීමට නම් සියලුම ජාතීන්ගේ ඡන්ද ලබාගත යුතු වෙනවා. එතනදි සුළු ජාතීන්ගේ ඡන්ද දිනාදීම වගේම පොදුවේ සියලුම ජාතීන්ගේ ඡන්ද දිනාදීමේ හැකියාවක් අප කණ්ඩායමට තියෙනවා. ඒ නිසා විවිධ කණ්ඩායම් සංවිධානය කරන සම්මන්ත්රණවලින් එතුමා ආරක්ෂා විය යුතුයි. මොකද ගොඩනැගෙමින් තිබෙන ඒකාබද්ධයේ පුළුල් සන්ධානය තුළින් තමයි ඊළඟ ජනාධිපති පත් වෙන්නේ.
popular news
Don Tuesday, 17 July 2018 08:55 PM
They 16 are looking for a house on lease
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd