Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 19 වන ඉරිදා
2025 ජනවාරි මස 19 වන ඉරිදා
කඩිනම් ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග නොගතහොත්, වත්මන් ආර්ථික අර්බුදය සහ ආර්ථිකය බෙලහීන කරන්නා වූ තවත් සාධක කිහිපයක් හේතුවෙන්, ඉදිරි මාස තුන ඇතුළත රැකියා 10,000ක් පමණ අහිමි වනු ඇතැයි, ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරතව සිටින සියලුදෙනා නියෝජනය කරන්නා වූ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය පුරෝකථනය කරයි.
ගෙවී ගිය කාල වකවානුව තුළ ඉදිකිරීම් කර්මාන්තය මෙරට දළදේශීය නිෂ්පාදිතයට සාමාන්‍යයෙන් 8-10%ක දායකත්වයක් ලබා දී තිබේ. කෙසේ වෙතත් නිශේධනාත්මක බලපෑම් හේතුවෙන් 2019 සහ 2020 වසරවල එම අංශයේ දායකත්වය අනුපිළිවෙළින් 7.4%ක් සහ 6.2%ක් පමණක් වුණි. ඊට අමතරව මෙම අංශය ඍජු රැකියා 650,000ක්ද, වක්‍ර රැකියා 325,000ක්ද සපයා ඇත. එබැවින්, විශේෂයෙන්ම වත්මනෙහි අප මුහුණපා ඇති පරිදි ආර්ථික අවපාතයක්ද පවතින කාල වකවානුවක, ආර්ථික පුනර්ජීවනය සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතු අත්‍යාවශ්‍ය අංශයක් ලෙස එය සැලකිය යුතු වේ.
මෙම අංශය කෙරෙහි බලපාන්නා වූ ප්‍රධාන සාධක පහත පරිදි සාරාංශගත කර දැක්විය හැක.
සිදුකළ වැඩ සඳහා ගෙවීම් ප්‍රමාද වීම.
පෙර නොවූ විරූ පරිදි පිරිවැය ඉහළ යාම.
විනිමය අනුපාත උච්ඡාවචනය.
ඉදිකිරීම් ද්‍රව්‍ය හිඟය.
ඉදිකිරීම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී මතුවන දුෂ්කරතා.
ප්‍රාග්ධන වැඩ අත්හිටුවීම.
පොළී අනුපාත ඉහළ යාම.
බැංකු විසින් ගෙන ඇති ණය ආපසු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග.
මාර්ග, ගොඩනැගිලි සහ ජලසම්පාදන අංශවලින් පමණක් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් වෙත වත්මනෙහි ගෙවීමට ඇති හිඟ මුදල් රුපියල් බිලියන 100 ඉක්මවයි. අනෙකුත් අංශද සැලකිල්ලට ගතහොත්, මෙය මීට වඩා බෙහෙවින් වැඩි අගයක් ගනු ඇත. එබැවින් ඉදිකිරීම් කර්මාන්තය වෙත පැටවී ඇති මෙම පීඩනය අවම කිරීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය මගින් නොපියවා ඇති ගෙවීම් හදිසි කටයුත්තක් සේ සලකා ගෙවීමට කටයුතු කරන ලෙස රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පසුගිය මාස 15 තුළ ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ඉතිහාසයේ කිසි දිනෙක නොවූ පරිදි ඉහළ ගොස් තිබේ. මූලික ඉදිකිරීම් ද්‍රව්‍ය පහක මිල වෙනස් වී ඇති ආකාරය පහත වගුව පෙන්නුම් කරයි.
ද්‍රව්‍ය 2020 දෙසැම්බර් රුපියල් 2021 දෙසැම්බර් රුපියල් 2022 අප්‍රේල් 19 රුපියල් ඉහළ යාමේ ප්‍රතිශතය %
සිමෙන්ති (කි.ග්රෑ 50 මල්ලක්) 850.00 1275.00 2175.00 155.9
දඟර වානේ (මෙ.ටො 1ක්) 165,000.00 250,000.00 595,000.00 260.6
ව්‍යුහාත්මක වානේ (මෙ.ටො 1ක්) 170,000.00 330,000.00 750,000.00 341.2
0.4 මි.මි සින්ක් ඇලුමිනියම් වහල තහඩු (මීටර 1ක්) 1,522.00 2,802.05 4,500.00 195.7
ඇස්බැස්ටෝස් වහල තහඩු 846.55 1,127.50 1,711.65 102.2
(මීටර 1ක්)
රුපියල නිදහසේ පාවීමට ඉඩහැරීමත් සමග ඇ.ඩො 1ක් සඳහා විනිමය අනුපාතය රුපියල් 340ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2020 දෙසැම්බර් සහ 2021 දෙසැම්බර් මාසවල එය පිළිවෙළින් රුපියල් 186.40ක් සහ රුපියල් 203ක් විය. මෙය සියයට 82.4ක වැඩි වීමකි. ගොඩනැගිලි සහ අනෙකුත් ඉංජිනේරුමය ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය වලින් 70%ක් පමණ සහ මාර්ග ව්‍යාපෘති සඳහා අවශ්‍ය ද්‍රව්‍යවලින් 60%ක් පමණ ආනයනය කරනු ලබන බැවින්, මෙමගින් ඇතිවන බලපෑම මගින් ඉදිකිරීම් පිරිවැය අඩු තරමින් තවත් 60%කින් වත් වැඩි වනු ඇත. ඊට අමතරව 2021 දෙසැම්බර් මාසයේ රු 121ක්ව පැවති ඩීසල් ලීටරයක මිල මේ වන විට 289කි. පසුගිය මාස හතර තුළදී එම මිල 138.8%කින් ඉහළ ගොස් තිබේ. මෙම මිල වැඩි වීම හේතුවෙන් සමස්ත ඉදිකිරීම් පිරිවැය 5෴කින් වැඩි වනු ඇත.
වැඩි වූ මිල හානිපූර්ණ වගන්තිය බැහැර කරනු ලැබූ මාස 3 ඉක්මවා යන කොන්ත්‍රාත් සඳහා කොන්ත්‍රාත් මුදලින් 20%ක් වන උපරිම සීමාවට, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වැඩි වූ මිල හානිපූර්ණ සූත්‍රය ආදේශ කිරීමට අනුමැතිය ලබාදීමේ ප්රගාමී විසඳුම සඳහා වන අමාත්‍ය මණ්ඩල තීරණය, ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය පිළිගනිමින් අගය කරයි. කෙසේවෙතත්, මෙම සහනයේ පූර්ණ වාසිය කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීමට ඇතැම් රාජ්‍ය ආයතන මැලිකමක් දක්වන බව සඳහන් කරනු කණගාටුවෙනි. ඉදිකිරීම් කර්මාන්තයට මෙම සහනය දැඩිව අවශ්‍ය වී ඇති බැවින්, රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛයක් මගින් රජයට අයත් සියලු ව්‍යවසායන්ට මෙම අමාත්‍ය මණ්ඩල තීරණය දැනුම් දෙන මෙන් ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය මුදල් අමාත්‍යාංශයෙන් කාරුණිකව ඉල්ලා සිටියි. ඉහතින් දක්වා ඇති පිරිවැයේ අසාමාන්‍ය ඉහළ යාම හේතුවෙන්, මිල උච්ඡාවචනය සම්බන්ධයෙන් මින් පෙර පනවා ඇති 20% උපරිම සීමාව තවදුරටත් අදාළ නොවනු ඇත. එබැවින් මිල උච්ඡාවචනය පිළිබඳ මෙම උපරිම සීමා ඉවත් කර ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සූත්‍රය මත පදනම්ව තත්‍ය මිල හානිපූර්ණයට අවසර දිය යුතු බව ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය දැඩිව ඉල්ලා සිටියි.
ඉ.ක.ස අධිකාරියේ මිල දර්ශක සැබෑ වෙළෙඳ පොළ මිල නිරූපණය නොකරන බව බොහෝ විට ඉදිරිපත් වන පැමිණිල්ලකි. මිල අධිරෝහණ සූත්‍රය සහ වත්මන් වෙළෙඳ පොළ තත්ත්ව කෙරෙහි එහි ප්රතිචාරීත්වය ප්‍රතිශෝධනය කිරීමේ ක්‍රියාදාමයක ඉ.ක.ස අධිකාරිය නිරතව සිටියත්, මෙම කාර්යය සඳහා මාස ගණනාවක් ගතවේ. එය අවසන් කළ පසුවද එය යොදාගත හැකි වනුයේ අනාගතයේ සිදුකරන වැඩ සඳහා පමණකි. එහෙයින් අන්තර්කාලීන ක්‍රියාමාර්ගයක් ලෙස පහත දැක්වෙන සහන යෝජනා කරනු ලැබේ.
- ප්‍රවාහන පිරිවැය නිසි පරිදි සැලකිල්ලට නොගැනීම මගින් සූත්‍රය මගින් ඇතිකරනු ලැබූ පරතරය වහාම පියවීම පිණිස, ඉන්ධන මිලෙහි අධික ඉහළ යාමට හිලව් වීම පිණිස කොන්ත්‍රාත් මිලෙන් 5෴ක වැඩි වීමක් ලබාදීම.
- විශේෂයෙන්ම යාන්ත්‍රික, විදුලි සහ ජල නළ භාණ්ඩ සහ ඉ.ක.ස අධිකාරියේ මිල අධිරෝහණ සූත්‍රයෙන් සැලකිය යුතු ලෙස ආවරණය නොවන්නා වූ වෙනත් යම් භාණ්ඩ සඳහා වත්මන් CIF මිල මත ඩොලරයේ විචල්‍යයේ වෙනස ගෙවීම සඳහා විධිවිධාන සැලසීම.
සංඛ්‍යාලේඛන පවතින රටවල දත්ත පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ බංකොලොත් වන සමාගම්වල ඉදිරියෙන් සිටින්නේ ඉදිකිරීම් සමාගම් බවයි. මේ සඳහා හේතු වනුයේ වැඩබිම්වල පවතින තත්ත්වයන්හි වෙනස්කම්, අවශ්‍ය කරනු ලබන වෙනස් වෙනස් ආකාරයේ විශාල ද්‍රව්‍ය සංඛ්‍යාව, කාලගුණයට අධිකව නිරාවරණය වීම, අඩු ලාභ ප්‍රතිශතයක් මත මෙහෙයුම් සිදුකිරීම (සාමාන්‍යයෙන් 5% මිල වැඩි වීම් සම්පූර්ණයෙන් ඉල්ලීමට නොහැකි වීම සහ ශ්‍රම බළකායේ ස්ථිර වාසයක් නොමැති ස්වභාවය ආදී බොහෝ විචල්‍යයන් ඉදිකිරීම් ව්‍යාපෘතිවල පැවතීමයි. එහෙයින් කළ වැඩ සඳහා මුදල් ගෙවීම් නිසි කලට ලැබීම ඉතා වැදගත් වේ. බොහෝ ඉදිකිරීම් සමාගම් බංකොලොත් වනුයේ ලාභ නොලැබීම නිසා නොව මුදල් ප්‍රවාහන ගැටලු නිසා බව පෙනී යයි. ගොඩනැගිලි ද්‍රව්‍ය මිල, විනිමය අනුපාත සහ බැංකු පොලී අනුපාත පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති වත්මන් තත්ත්වය තුළ, පිරිවැය ඉහළ යාම ප්‍රතිපූර්ණය කිරීම සහ නිසි කලට ගෙවීම් සිදුකිරීම කෙතරම් වැදගත්ද යන්න අවධාරණය කළයුතු නොවේ. එබැවින් සිංගප්පූරුවේ පවතින පනතට සමාන වන්නා වූ %ගොඩනැගිලි හා ඉදිකිරීම් කර්මාන්ත ගෙවීම් ආරක්ෂණ පනතක්^ හඳුන්වා දෙන ලෙසට ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය ඉල්ලා සිටියි. සිංගප්පූරුවේ එම පනත විනිශ්චය කිරීම සහ විනිශ්චය කිරීමේ තීරණ බලාත්මක (Adjudication) කිරීම සඳහා නෛතික රාමුව සඳහා පවා විධිවිධාන සපයා ඇත්තේය. විනිශ්චය කිරීමේ ක්රියාදාමයේ වත්මනෙහි පවතින හිදැස සඳහාද මෙමගින් පිළියම් යොදනු ඇත.
ආනයන සීමා කිරීම් සහ විනිමය අර්බුදය නිසාවෙන් ණයවර ලිපි විවෘත කිරීමේ දුෂ්කරතා හේතුකොට ගෙන, ඇති වී තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණ කිරීම කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකර තිබේ. ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනකරුවන් මෙන්ම සිමෙන්ති සහ වානේ ආදී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදකයන් විලම්භීත ණයවර ලිපි මත අමුද්‍රව්‍ය ආනයන කිරීමේදී, ණයවර ලිපි පියවන අවස්ථාව වන විට රුපියලේ පිරිවැය ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා වැඩි වී තිබිය හැකි බැවින්, පිරිවැය නිවැරදිව තක්සේරු කිරීමේ ගැටලුවකට මුහුණ පා තිබේ. ණයවර ලිපි පියවන අවස්ථාව වන විට, බොහෝ විට වෙළෙඳ පොළේ පවතින දැඩි භාණ්ඩ හිඟය හේතුකොට ගෙන ආනයනය කරන ලද ද්‍රව්‍ය සහ නිෂ්පාදිත ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම විකිණී තිබීමට හැකි අතර, විනිමය අනුපාත උච්ඡාවචනය හේතුවෙන් ඇතිවන යම් අතිරේක පිරිවැය අලාභයක් වනු ඇත.
යටත් පිරිසෙයින් එක් වසරක් සඳහාවත් ප්‍රාග්ධන වැඩ අත්හිටුවීමට අකැමැත්තෙන් වුවද රජයට සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා පෙන්වා දී තිබේ. දැවැන්ත අයවැය පරතරය සැලකිල්ලට ගැනීමේදී සහ මුදල් මුද්‍රණය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නවතාලීම සහ ඉදිකිරීමේ අංශයේ අනයන සඳහා විදේශ විනිමය නිදහස් කිරීමට නොහැකි වීම මත රජයට වෙනත් විකල්පයක් නොමැතිවා වන්නට පුළුවන. කෙසේ වෙතත් විදේශ අරමුදල් වලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිසිදු අවහිරයකින් තොරව පවත්වාගෙන යා යුතු බව ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය යෝජනා කරයි. ඇත්තෙන්ම, මෙම ව්‍යාපෘති මගින් විදේශ විනිමය රට තුළට ගලා ඒම ඉහළනැංවීම පිණිස ඒවා කඩිනම් කිරීමේ යාන්ත්‍රණයක් පැවතීම ඥානාන්විත වනු ඇත. අනෙක් අතට සතුටුදායක ආර්ථික අභ්‍යන්තර ලාභ අනුපාතයක් (EIRR) නොමැති දේශීය අරමුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති අත්හිටුවීමට හෝ මුළුමනින්ම නවතා දැමීමට හෝ හැකිය. කෙසේ වෙතත්, දැනටමත් වැඩ ආරම්භ කර ඇති දේශීය අරමුදලෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති අත්හිටුවීම ප්‍රායෝගික හා නෛතික ගැටලු මතුකරනු ඇත. රජයේ බලධාරීන් සාධාරණ පදනමක් මත මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අන්‍යෝන්‍ය එකඟතාවකට එළඹිය යුතුය.
දිගටම ක්‍රියාත්මක කිරීමට තරම් වැදගත් යැයි සලකනු ලබන දේශීය අරමුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා, ආනයන ආවරණ්ය කිරීම පිණිස ඇ.ඩො මිලියන 100ක ණය දාමයක් ස්ථාපිත කිරීමට ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය යෝජනා කරයි. මෙම ණය දාමයෙන් සිදුකරන වියදම් පියවීම නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම පිණිස ව්‍යාපෘති අවශ්‍යතා අධීක්ෂණය කිරීම සහ මුදල් අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මගින් අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය කැමැත්තෙන් පසුවේ. අපගේ තවත් යෝජනාවක් වනුයේ දේපළ සංවර්ධන සමාගම්වලට විකුණුම් මගින් උත්පාදිත විදේශ මුදල් වෙනම නේවාසික විදේශ මුදල් ගිණුම් වල තැන්පත් කිරීමට සහ ඔවුන්ගේ දේපළ සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය කරනු ලබන භාණ්ඩ ආනයනය සඳහා එම අරමුදල් යොදා ගැනීමට අවසර ලබාදීමයි. අවහිරයකින් තොරව එම ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාමට එමගින් ඉඩ සැලසෙනු ඇත.
බොහෝ ව්‍යාපෘති ඒවායේ අභ්‍යන්තර ආර්ථික ප්රතිලාභ අනුපාතික (EIRR) පිළිබඳව කිසිඳු සැලකීමකින් තොරව දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ හිතු මනාපයට ආරම්භ කර හෝ ආරම්භ කරමින් තිබෙන බව නිරීක්ෂණය වේ. වත්මන් විදේශ විනිමය අර්බුදයට හේතු පාදක වී ඇති එවැනි ව්‍යාපෘති පිළිබඳ බොහෝ උදාහරණ තිබේ. එබැවින් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කර ඇති ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ අනිවාර්ය නියෝජනයක් සහිතව පත්කරනු ලබන තාක්ෂණික ඇගයීම් කමිටුවක නිර්දේශ මත පමණක් සියලු අනාගත සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළ යුතු බවට යෝජනා කරනු ලැබේ.
මෑතකදී මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ ඉහළම පොලී අනුපාත වැඩි කිරීම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්ත ඇතුළුව ව්‍යාපාර වෙත සපයනු ලබන බැඳුම්කර සහ ඇපකර, අයිරා, කාලික ණය සහ කල්බදු ආදී සියලු පහසුකම් පොලී අනුපාත දැවැන්ත ලෙස ඉහළ යනු ඇත. දැනටමත් අනුමත කර ඇති පහසුකම් සඳහා අනුපාත බැංකු මගින් වැඩි නොකරන බවට සහ එසේ වැඩි කිරීම් සිදුකරනුයේ නව පහසුකම් සඳහා පමණක් වන බවට මහ බැංකුව වග බලාගත යුතුය. එසේම පොලී අනුපාත වැඩි කිරීම තාවකාලික ක්‍රියාමාර්ගයක් විය හැකි බැවින්, දිගුකාලීන නිවාස ණය මත පොලී අනුපාත වැඩි නොකළ යුතු බවට යෝජනා කිරීමට ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය අපේක්ෂා කරයි.
කෝවිඩ් - 19 වසංගතය සහ ආර්ථික අවපාතයේ ප්‍රතිඵලයක් ලෙස ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දුන් අනේකවිධ ගැටලු වලින් මතු වූ දුෂ්කරතා හේතුවෙන්, ඉදිකිරීම් අංශය ගනු ලැබූ ණය සඳහා රජය සහ මහ බැංකුව විසින් අවසර දුන් සහන කාලය 2022 මාර්තු 31 වන දිනෙන් අවසන් විය. අති විශාල ප්‍රමාණයක නොපියවූ ගෙවීම්, පිරිවැය අසාමාන්‍ය ලෙස ඉහළ යාම, ආනයන සීමා සහ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය එම දුෂ්කරතා තවදුරටත් අත්විඳිමින් සිටියි. එහෙයින් ඉදිකිරීම් සමාගම් සහ දේපළ සංවර්ධකයන් විසින් ගනු ලැබූ ණය වෙනුවෙන් ලබාදුන් සහන කාලය එම පදනමින්ම 2022 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර දෙන මෙන් ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය ඉල්ලා සිටියි.
මෙම තත්ත්වය පිළිබඳව බරපතළ ලෙස අවධානය යොමු කර, අවශ්‍ය ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග වහාම නොගන්නේ නම්, ඉදිකිරීම් අංශයේ සේවකයන් බහුතරයක් ව්‍යාපෘති පදනමින් බඳවා ගන්නා බැවින්, එම අංශයේ මහා පරිමාණ සේවක කප්පාදුවක් නොවැළැක්විය හැකි බව ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය රජයට දන්වා සිටියි. එය සිදුවුවහොත් අහිමි වන රැකියා සංඛ්‍යාව 100,000ද ඉක්ම විය හැකියි.
ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න
මහලේකම් / ප්‍රධාන විධායක නිලධාරි,ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd