Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 17 වන ඉරිදා
2024 නොවැම්බර් මස 17 වන ඉරිදා
ඉගිලී යන්නට නොදී තදකර ඔය හිත - මුර කරයි මගෙ රට ඔබයි මගෙ හදවත* යනු මේ දිනවල නිතර ඇසෙන ගීතයක මුල්පද දෙකය. කෝවිඩ් -19 වංසගතය පැරදවීම උදෙසා ආරම්භ කළ %ඉටුකම^ අරමුදලට මුදල් එකතු කර ගැනීම සඳහා සිදුකරන ප්‍රචාරත්මක වැඩසටහනේ මෙම ගීතය වාදනය වේ. මෙහි පැවසෙන ආකාරයට මේ වනවිට සුව විරුවන් ලෙස නම්කර ඇති සෞඛ්‍ය කාර්යමණ්ඩල සැබැවින්ම රටට පණ දෙමින් සිටී. එසේ වුවද රටේ හදවත සුවකරමින් සිටින ඔවුන්ගේ හදවත් පාරන සිදුවීම් රැසක් කෝවිඩ් වසංගතය ආරම්භ වූ මාර්තු මාසයේ සිටම සිදුවෙමින් පවතින අතර, මේ වනවිට එය උච්චතම අවස්ථාවට පැමිණ ඇති බව පැවසුවහොත් නිවැරදිය. සෞඛ්‍ය කාර්යමණ්ඩලවල දීමනා කප්පාදු කිරීම එහි මූලිකම ගැටලුව වී තිබේ.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මධ්‍යම පන්තියේ රටක් ලෙස නම් වී තිබුණද, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය අතින් ඉහළින්ම සිටින රටකි. මීට වසර 70 ට පෙර ආරම්භ වූ නිදහස් සෞඛ්‍ය සේවය මේ වනවිටද ක්‍රියාත්මක වෙමින් පවතී. කෝවිඩ් -19 වසංගතය පැතිරීම ශ්‍රී ලංකාව තුළ පාලන කරගැනීමට හැකියාව ලැබුණේද එම සෞඛ්‍ය ක්‍රමය මෙරට පැවතීම නිසා බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා කාරණයකි.
ඇමෙරිකාවේ නිදහස් සෞඛ්‍ය සේවයක් නොමැති වීමෙන් කෝවිඩ් -19 වසංගතයේදී පීඩිත දුප්පත් ජනතාවට සිදුව ඇති විනාශය අතිවිශාල බවත්, කෝවිඩ් හේතුවෙන් මියගිය අයගෙන් 70%ක් කළු ජාතිකයන් බවත් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පසුගිය දිනක පවසා තිබුණේ නිදහස් සෞඛ්‍ය සේවයේ වැදගත්කම ඉස්මතු කර දක්වමිනි.
මෙරට ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාව තුළ මෙරට පුද්ගලයන් 1203 දෙනෙකුට එක් වෛද්‍යවරයෙකු බැගින්ද, පුද්ගලයන් 570කට එක් හෙද නිලධාරියකු බැගින්ද සිටී. ජනගහන අනුපාතය අනුව සිටිය යුතු වෛද්‍යවරුන් සංඛ්‍යාව සහ හෙද නිලධාරීන් සංඛ්‍යාව මීට වඩා වැඩිවිය යුතු වුවද මේ වනවිට සිටින සෞඛ්‍ය කාර්යමණ්ඩලය රටේ සෞඛ්‍ය යහපත් මට්ටක පවත්වා ගැනීමට පැය 24 පුරාම කැප වී සිටිති.
ඔවුන්ගේ කැපවීමට නිසි ඇගයීමක් නොලැබෙන අතර, පසුගිය කාලය පුරාවට සුව විරුවන් මහපාරට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් යෙදුණු විරෝධතා දෙස අවධානය යොමු කළවිට එය පැහැදිලි වේ.
සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන දීමනා සහ පහසුකම්, අතිකාල, විශේෂ, අමතර සේවා, ප්‍රසිද්ධ නිවාඩු දින සහ කාර්ය වියුක්ත දින නිවාඩු (පැය 24ක සේවයෙන් පසු ලැබෙන නිවාඩු ) ආදිය ගෙවීම බලධාරීන් විසින් පැහැර හරිමින් සිටීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. පළාත් සෞඛ්‍ය සේවයට අයත් රෝහල් තුළ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩල මෙම ගැටලුවට මුහුණ දී ඇති අතර, බස්නාහිර සහ දකුණු පළාත තුළ මෙම ගැටලුව උග්‍ර මට්ටටම පැමිණ තිබේ.
ඒ අනුව පසුගිය දිනයන්හිදී මේ සම්බන්ධයෙන් පැවැති විරෝධතා පහත පරිදි දැක්විය හැකිය.
මැයි 11 - වතුපිටිවල රෝහලේ සේවකයෝ දහවල් කෑම විවේකය තුළ උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන්ට අහිමිවන අත්‍යවශ්‍ය සේවාවන් කප්පාදු කිරීමට සහ දීමනා කප්පාදුවට විරෝධය දැක්වීමක් එහිදී සිදුවිය.
මැයි 20 - මහනුවර ශික්ෂණ රෝහලේ සේවකයෝ උද්ඝෝෂණයක නිතර වූහ. සේවයට පැමිණීමේදී සිදුවන දුෂ්කරතා සහ පහසුකම් ලබානොදීමට එරෙහිව ඔවුහු විරෝධය පෑහ. මැයි 22 - දකුණු පළාතේ බළපිටිය සහ වලස්මුල්ල රෝහල්වල කාර්යමණ්ඩල උදඝෝෂණයක නිරත විය. අතිකාල දීමනා, නිල ඇඳුම් දීමනා සහ හිඟ වැටුප් නොගෙවීමට විරුද්ධව ඔවුහු උදඝෝෂණ පැවැත්වූහ.මැයි 24 - ගම්පහ දිස්ත්‍රික් රෝහලේ උද්ඝෝෂණයක් පැවැත්විණි. සෞඛ්යකාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් එයට එක් වූ අතර, දීමනා කප්පාදුවට එරෙහිව සහ අඩු පහසුකම් පිළිබඳව මෙහිදී විරෝධතා දැක්විණි.මැයි 26 - දඹුල්ල රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයට හෙද සේවය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. දීමනා නොගෙවීමට එරෙහිව ඔවුහු උද්ඝෝෂණය පැවැත්වූහ.
“සුවවිරුව රූපවාහිනියට පමණද ?”, “රාජකාරිය ගන්නා තෙක් සෞඛ්‍ය සේවය සුව විරුවෝ” සහ “ප්‍රවාහන පහසුකම් විධිමත් කරනු!” ආදී සටන් පුවරු එහිදී ප්‍රදර්ශනය කෙරිණි.
ජුනි 15 - දකුණු පළාත් සභාවට අයත් රෝහල්වල සෞඛ්‍ය කාර්යමණ්ඩල ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල උද්ඝෝෂණ කරන්නට විය. දීමනා කප්පාදුව එයට හේතු වී තිබිණි.
ජුනි 16 - බස්නාහිර පළාත තුළ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල ඔවුන්ගේ දීමනා කප්පාදුවට විරෝධය පාමින්, කළු පටි බැඳ සේවයට වාර්තා කළ අතර, විරෝධතාවේද නිරත විය.
මේ වනවිට සෞඛ්‍ය සේවයේ ගැටලුව ඉතා උග්‍ර අතට හැරෙමින් ඇති අතර, වෛද්‍යවරුන් හෙද නිලධාරීන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩල ඒ වෙනුවෙන් පෙනී සිටී.
මාර්තු මාසයේ සිට ලැබිය යුතු දීමනා තමන්ට නොලැබුණද මෙතෙක් ඒ පිළිබඳව ප්‍රකාශ නොකර සිටියේ වසංගතයෙන් රට මුදා ගැනීමට එම අවස්ථාවේදී ප්‍රමුඛත්වය දුන් නිසා බවද ඔවුහු පවසති. ඔවුන් ඒ තරම් දුරට මානුෂීයව කටයුතු කළද, බලධාරීහු මේ වනතුරුම එය නෑසුණා මෙන් කටයුතු කරති.
මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව %අද^ අප සමග අදහස් දැක් වූ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ පිළිබඳව පැවසූයේ මෙවැන්නකි.
පහුගිය කාල සීමාව තුළම මෙම දීමනා ගෙවීම් පැහැරහැරලා තිබුණේ. මේ සම්බන්ධයෙන් පළාත් ලේකම්තුමා, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා සහ ඒ අදාළ සියලු බලධාරීන් දැනුවත් කරලා පහුගිය කාලසීමාව පුරාවටම සාකච්ඡා පැවැත්වූවා. ඒ සාකච්ඡාවලින් පසුව සිදුවුණේ යම්කිසි සුළු කාල සීමාවකට සුළු මුදලක් ගෙවලා ප්‍රතිපාදන නොමැති බව පවසමින් එය නැවැත්වීම.
ප්‍රතිපාදනවල හිඟතාවට වඩා මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීමක් විදිහටයි අපි මෙය දකින්නේ. කෝවිඩ්-19 වසංගතය පරදවන්න වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවයේ සියලුදෙනාම මහත් කැපවීමෙන් වැඩකරලා තියෙද්දී ඔවුන්ට අදාළ අතිකාල ගෙවන්නවත් අපහසු නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ අඩුවක් තියෙන බවයි.
මේ ප්රශ්නය බස්නාහිර පළාත තුළ වගේම අනිකුත් පළාත්වලත් තියෙනවා. නමුත් මූලිකවම බස්නාහිර පළාතට අයිති රෝහල්වල මාස ගණනාවක් මෙම දීමනා ගෙවලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකියන රෝහල්වල මෙම ගෙවීම් කටයුතු සිදුකර තිබෙනවා. නමුත් අනිකුත් රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවල එම ගෙවීම් කටයුතු මාස ගණනක් අඩාළ වෙලා තියෙනවා.
කෝවිඩ් වසංගය පාලනය කරනකම් අපි මේ ගැන කතාකළේ නැහැ. නමුත් දැනුවත් කිරීම් අඛණ්ඩව සිදුකළා. එහෙම කරලත් බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි අවධානයන් යොමු නොකළ නිසා තමයි අපි කළු පටි බැඳගෙන විරෝධතාවක පවා නිරත වුණේ.
මේ විරෝධතාව බස්නාහිර පළාතේ සියලුම දිස්ත්‍රික්වල ක්‍රියාත්මක කළා. මොකද කෝවිඩ් වසංගතය ලංකාවට බලපෑවේ මාර්තු මාසයේ ඉඳන්. නමුත් ඇතැම් රෝහල්වල පෙබරවාරි මාසයේ ඉඳන් දීමනා ගෙවලා නැහැ.
වෛද්‍යවරුන් ගැන කතාකරද්දී ඔවුන්ට මාස කිහිපයක් අතිකාල නොගෙවීමේදී ඔවුන්ට ගෙවන්න තිබෙන ණය ආදිය ගෙවාගන්න බැරිවෙනවා. එවිට ඔවුන්ගේ වැටුප තමයි සම්පූර්ණයෙන්ම මේ සඳහා යොදවන්න සිදුවී තිබෙන්නේ. වෛද්‍යවරුන්ගේ මූලික වැටුප බොහොම අඩුයි. ඒ නිසා අතිකාල දීමනා සහ අනෙකුත් දීමනාවලින් තමයි මේ වියදම් කටයුතු සිදුකරන්නේ. එම දීමනා ලැබුණේ නැතිනම් ඔවුන් ගොඩක් අපහසුතාවට පත්වෙනවා. මාස කිහිපයක් එය නොලැබුණ විට ඇතැම් වෛද්‍යවරුන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. සෞඛ්‍ය අංශවල වැටුප් නොගෙව්වත් අනෙකුත් ආයතනවල ගෙවීම් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තමයි අපි විරෝධතාව දක්වන්නේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
කොරෝනා වසංගතය මේ තරම් දුරකට හෝ පාලන කර ගන්නනට විශාලතම කාර්යභාරයක් කළේ සෞඛ්‍ය අංශවල කාර්යමණ්ඩලය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉඳලා රෝහල් කම්කරුවන් දක්වා සියලු දෙනාම තමන්ගේ ශරීරවලට මේ වෛරසය ඇතුළු වීමේ අවදානම නොතකා ජනතාවට සේවය ලබාදුන්නා.
මේ වසංගතයේ යම් පාලනයක් ඇතිවෙලා ආණ්ඩුවලට උදම් අනන්න පුළුවන් විදිහේ තත්ත්වයක් ඇති වුණේ මේ නිසයි. ඒ වගේම පසුගිය දවස්වල සෞඛ්‍ය කාර්යමණ්ඩලවල වෛද්‍යවරයාගේ, හෙදියගේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ පින්තූර උපයෝගී කරගනිමින් ආණ්ඩුව ජනතාවගෙන් මුදල් එකතු කරගනිමින් සිටියා. සෞඛ්‍ය කාර්මණ්ඩලවල දරුවන්ගේ ශෝකබර මුහුණු පෙන්වලා තමයි ආණ්ඩුව විවිධ අරමුදල්වලට ආධාර එකතු කරගත්තේ. එවැනි කැප කිරීමක් කරපු මේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අතිකාල ඇතුළු දීමනා ලබාදෙන්නට ආණ්ඩුව කටයුතු කරලා නැහැ. ඔවුන් ඉල්ලන්නේ තමන් කරපු සේවයට ගෙවීමක්. මාර්තු මාසයේ සිට මෙම දීමනා ගෙවීම නතර කරලා තියෙනවා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අනුගමනය කරන්නේ නැහැ. ඔවුන් ලිපි ලිව්වා, සාකච්ඡා කළා. නමුත් ආණ්ඩුව තඹ දොයිතුවකට ඒක ගණන් ගන්නේ නැහැ. මේ නිසා බෝඩ් උස්සාගෙන පාරෙ ඉන්න, කළුපටි බඳින්න, උද්ඝෝෂණය කරන්න අද සුවවිරුවන්ට සිදුවෙලා තියෙනවා. සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කැපවීම පෙන්වලා, ඔවුන්ගේ දුක්බරිත මුහුණු පෙන්නවා එකතු කරන සල්ලිවලට මොකද්ද කරන්නේ කියලයි අපි අහන්නේ. ආණ්ඩුව සුව විරුවන්ට සලකන්නේත් නැතිනම් කාටද සලකන්නේ. අද හමුදා සාමාජිකයන්ට වෙලා තියෙන තත්ත්වයත් මේකම තමයි. හමුදාවේ සාමාජිකයන්ගේ ආහාර දීමනා පවා අද කපලා.
සෞඛ්‍ය සේවකයන් කරපු සේවය වෙනුවෙන් ඔවුන්ට ඔවුන්ගේ පවුලේ අය සමග දින දෙකක් සුඛෝපභෝගී හෝටලයක ගත කරන්න අවස්ථාව දෙනවා කියලා කියනවා. හෝටල් දෙන්න කලින් අතිකාල දෙන්න කියලයි අපි කියන්නේ.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සමන් රත්නප්‍රිය මහතා,
කෝවිඩ් -19 වසංගතය තුරන් කිරීම වෙනුවෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩලය පහුගිය කාලය තුළ අතිවිශාල සේවාවක් කළා. ඒ වගේම තවමත් ඒ සේවාව සිදුකරමින් සිටිනවා. නමුත් ඒ අයට සාධාරණයක් ඉටුකරන්න ආණ්ඩුවක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට නිවැරදිව කටයුතු කළේ නැහැ.
සුවවිරුවෝ වගේ නම් කියමින් සින්දු කිව්වා, විවිධ දේවල් කළා නමුත් ඔවුන්ට ජනවාරි මාසයේ ලැබුණු වැටුප අප්‍රේල් මාසයේදී මැයි මාසයේදී ගෙවන්න ආණ්ඩුව කටයුතු කළේ නැහැ. සෞඛ්‍ය කාර්යමණ්ඩල අතිකාල දීමනා සති විවේක දීමනා රජයේ නිවාඩු දින දීමනා කප්පාදු කළා.
කෝවිඩ් -19 වසංගතය මර්දනය කරන්න කැපවෙන සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සිංගප්පූරුව වැනි රටවල් මාස දෙකක වැටුප් එක මාසයකට ගෙවද්දී ඉන්දියාව පකිස්තානය බංගලාදේශය වගේ රටවල් පවා මේ දේවල් සිදුකළත් ලංකාවේ සිදුවුණේ ජනවාරි ලැබුණු වැටුපටත් වඩා අඩු වැටුපක් අප්‍රේල් මාසයේදී ලබාදීමයි. එය ඉතාම නරක තත්ත්වයක්.
සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ප්‍රවාහන පහසුකම් ලබාදෙන්න කියලා අපි ඉල්ලීමක් කළා, ඒ වගේම ඔවුන්ට නේවාසික පහසුකම් දෙන්න ආහාර පහසුකම් දෙන්න කියලා අපි කරපු ඉල්ලීම් මත සෞඛ්‍ය ඇමතිවරිය තීන්දු ගත්තා. නමුත් ඒවා නියම ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිසා තමයි හදිසි ඇඳිරි නීතිය පැන වූ විට සමහර අවස්ථාවල හෙද නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩල පාරවල් ගානේ රස්තියාදු වුණේ. පේරාදෙණිය පොලීසිය විසින් ඔවුන්ව බස්එකෙන් බස්වලා පයින් යැව්ව, බස්හෝල්ට් ගානේ රස්තියාදු වෙන සිදුවීම් වාර්තා වුණේ මේ නිසා. ඒක ඉතාම නරක තත්ත්වයක්. ගෞරවයට හානියක්. ඒ වගේම ඇඳිරි නීති කාලවලදී එක දවසට රුපියල් 3000ක් විතර වැය කරලා සේවයට පැමිණි හෙද නිලධාරීන් සිටියා. ප්‍රවාහන පහසුකම් නැතිකමින් ත්‍රීවිල් මගින්, එහෙම නැතිනම් හයර් එකට වාහනයක් අරගෙන සේවයට වාර්තා කරපු සෞඛ්‍ය සේවකයන් හිටියා. මේ වගේ ප්‍රශ්න රාශියක් තිබුණා. මධ්‍යම රජයේ රෝහල්වල සමහර අවස්ථාවල දීමනා ගෙව්වා. නමුත් පළාත් සභා රෝහල්වල එම දීමනා ගෙව්වේ නැහැ.
මේ නිසා සබරගමුව පළාත තුළ සෞඛ්‍ය සේවකයන් පැය 02 සේවාවෙන් ඉවත් වීමේ ක්‍රියා මාර්ගයක් ප්‍රකාශ කළා , වයඹ පළාත තුළ දිනක වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කළා, නමුත් ඒ අවස්ථාවලදී පාලකයෝ එම දීමනා ගෙවන්න පොරොන්නු වුණ නිසායි එම ක්‍රියාමාර්ග නැවැත්වූයේ. ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සමග සාකච්ඡා කළ පසුව එම දීමනා ගෙවන්න රුපියල් මිලියන 300ක් වෙන් කරන්න පොරොන්දු වුණා. නමුත් එම දීමනාවලින් 75෴යි ගෙවලා තියෙන්නේ. 25෴ක් ගෙවලා නැහැ. දකුණු පළාත් සභාවේ ප්රශ්නය උග්‍ර වුණා. මොකද ඔවුන් දීමනා ගෙවන්නේ නැහැ කියන ස්ථාවරයේ හිටියා. එයට හේතුව ලෙස ඔවුන් කියන්නේ ඒ සඳහා මුදල් නැහැ යන්නයි. මුදල් ප්රශ්නය ආණ්ඩුව විසඳා ගතයුතු කාරණයක්. කොහොම වුණත් මාස 02කට වැඩි කාලයක් දීමනා කප්පාදු වුණ නිසා පැය 05ක වර්ජනයක් කරන්න හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට සිදු වුණා. ඉතාම මහන්සි වී වැඩකරපු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට තමන්ගේ වේතනය නොලැබීම තවදුරටත් සිදුවුණොත් දැඩි ක්‍රියාමාර්ග ගන්න අපිට සිදුවෙනවා.
මේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සේවය කරන්නේ අඩු පහසුකම් මත. ඔවුන්ට මුඛ ආවරණ දීගන්න බැරි වුණා. සෞඛ්යාරක්ෂිත ඇඳුම් දෙන්න බැරි වුණා. ඒ වෙනුවට ඔවුන් ඉටිකොළ භාවිත කරලා ඇඳුම් මහලා තමයි ඇඳගත්තේ. මෙවැනි තත්ත්වයන් යටතේ මහන්සිවෙලා අනාරක්ෂිතව වැඩකරපු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට තමන්ගේ වැටුපවත් දෙන්නේ නැතිනම් ඒ සාධාරණය ඉටු කරවා ගන්න අපිට කටයුතු කරන්න සිදුවෙනවා.
එසේ වුවද පසුගිය මැයි 12දාට යෙදුණු ජාත්‍යන්තර හෙද දිනයට සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය පැවසූයේ කෝවිඩ් -19 වසංගත තත්ත්වය තුළ හෙද කාර්යමණ්ඩල ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල තමන්ගේ දූදරුවන් දෙමාපියන් පිළිබඳ නොසිතා මේ වෙනුවෙන් කැප වී සිටින බවත්, තමා එය අගය කරන බවත්ය. ඔවුන්ගේ මානුෂීය ගුණාංග අගය කළ යුතු බවද එදින පැවසූ අමාත්‍යවරිය මෙම දීමනා කප්පාදුව පිළිබඳව විමසීමට ගත් උත්සාහයේදී දුරකථනයෙන් සම්බන්ධ කරගත නොහැකිවිය.
ඉන් පසුව රජයේ කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් පසුගිය 16දා විමසූ අවස්ථාවේදී ඔහු පැවසූයේ එවැන්නක් පිළිබඳව දැනුවත් වී නොමැති බවත්, කැබිනට් මණ්ඩලය තුළ මෙතෙක් එවැන්නක් පිළිබඳව සාකච්ඡා වී නොමැති බවත්ය.
මානුෂීය ගුණ පිරි සුවවිරුවන්ට රජය දක්වන අවධානය එතරම් අඩුවීමට හේතුව සියල්ලෝම විමසමින් සිටින අතර, ඒ සඳහා පිළිතුරු දීමට ආණ්ඩුවට දැන් කාලය එළැඹ තිබේ.
මෙම ලියමන ආරම්භයේදී සඳහන් කළ ගීතයේ අවසානය සඳහන්ව ඇත්තේ මෙසේය,
ඔබයි ලොව මට මගෙයි රට හෙට - රකින්නට අද ඔබත් සටනක
පැතුම හැමගෙම රටට සුවවන - හෙටට පණ දෙන එකම මෙහෙයුම
කැටි කරන් අපි ගම රටම වෙනුවෙන් හැම - සුව ගෙනෙන යුතුකම ලියයි අපේ ඉටුකම
මේ ආකාරයටම ආණ්ඩුවේ යුතුකම ඉටුකරනවා දැයි යන්න සම්බන්ධයෙන් සියල්ලෝම අවධියෙන් සිටිති.
popular news
dickie bird Wednesday, 22 July 2020 03:44 PM
Ask not or expect not what the Country can do for you. Ask yourselves, what YOU can do for your Country. Do not expect anything in return. These Nurses have accepted a vocation. If they refused or rejected, then someone else would be there in place. Just because you have provided a valuable service that does not mean You can make Demands. It is wrong to expect or demand O/T wages and any other special allowances when you serve your own people. A government may promise or may look into it to compensate, BUT you can NOT demand putting lives at risk for whom you serve. What we see in this picture is absolute selfishness
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd