Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
මන්ත්‍රීවරුන්ට ප්‍රාඩෝ වෙනුවට ඉලෙක්ට්‍රික් වාහන දෙමු
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රට පුරා ඇත්තේ මහා හාහෝවකි. මෙය තවත් සති කිහිපයක් යන තුරු නතර නොවේ. බස් ගාස්තු වැඩිවීම, ත්‍රී වීලර් ගාස්තු වැඩි වීම ආහාර වල මිල වැඩි වීමේ සිට නොයෙක් අංශ වෙත තෙල් මිලේ වැඩි වීම බලපායි. සාගර කාරියවසම් වැනි බොළඳ දේශපාලඥයන් සිටී නම් තත්ත්වය තවත් බරපතල වෙයි. එහෙත් මේ සියල්ල අතරේ තෙල් මිල වැඩිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනය වෙනදාට වඩා ධනාත්මක එකක් යැයි අපේ හැඟීමයි.
එසේ කියන්නේ ඇයි?
මේ නිවේදනයෙන් කියන්නේ රටේ පවතින තත්ත්වය අනුව තෙල් මිල වැඩි නොකර බැරි බවය. වර්තමාන ආණ්ඩුව මේ ඇත්ත මුලින්ම කිව්වෙ තියන ඒවා විකුණන්නේ නැතිව ගොඩ එන්නට බැහැ යැයි බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කී අවස්ථාවේ දීය. ඉන් සතියක් යන්නට කලින් ජනාධිපතිවරයා තෙල් මිල ගැන කියන්නේද එම කතාවමය. අපට සල්ලි නැත. මිල වැඩි කරන්නට සිදු වෙයි. නැත්නම් පරිභෝජනය අඩු කළ යුතුය. නැත්නම් හිඟා කෑ යුතුය. නැත්නම් විකිණිය යුතුය. චීනයට වික්කොත් ඇමෙරිකාව කෝප වෙයි. ඇමරිකාවට වික්කොත් චීනය කෝප වෙයි. එහෙයින් විකුණන්නත් බැරිය.
ෆේස් බුක් හි සංසරණය වූ අපූරු පෝස්ටුවකි. එක් තරුණයෙක් ප්‍රශ්නයක් අසා තිබුණි. මගේ මතකයේ හැටියට "මගේ අතේ ලක්ෂ විසිපහක් තියනවා ඒකෙන් අලුත් ඉන්දියන් වාහනයක් ගන්නද නැත්නම් පරණ ජපන් වාහනයක් ගන්නද?" වැනි ප්රශ්නයකි. මට මතක හිටියේ පිළිතුරයි. "ලක්ෂ 25 වියදම් කරලා වෙන රටකට පලයං. අවුරුද්දක් වැඩ කරලා ප්‍රාඩෝ එකක් ගනින්" පිළිතුර එයයි.
මේ රටේ ජනතාව ඉතාම හොඳින් රටේ තත්ත්වය තේරුම් ගනිමින් සිටිති. තනි තනිව දැඟලුවාට මේ රට හදන්නට බැරි බව දැන සමහරු රට හැර යන්නේ ඒ නිසාය. මේක නොදන්නේ දේශපාලඥයන්ය. පර්මිට් එක දෙන්නේ නැත්නම් වාහන ගෙනත් දෙන්න යැයි කියන්නේ ඔවුන්ය. බෙන්ස්, බී.එම්.ඩබ්ලිව් වැනි ලිස්ට් එකක් දෙන්නේ ඔවුන්ය. අවසානයේදී ප්‍රාඩෝ ඉල්ලුවේද ඔවුන්ය.
ජනතාව එය දැන ගත් විට යෝජනාව හෙමින් පැත්තකට කර තබන්නේ ඔවුන්ය. විපක්ෂය බලා සිටියේ ද ප්‍රාඩෝ ගෙන එනතුරුය. ජනතාව විරුද්ධ බව තේරුම් ගත්විට දැන් ගිලන් රථ ගේන්නට කියයි. මෙදා සැරේ නැතත් වෙනදාට ජවිපෙන් ඇසුවොත් කියන්නේ ඒවා තනි පරිභෝජනයට ගන්නේ නැතිය පක්ෂයේ වැඩට ගන්නවා කියාය. දේශපාලන පක්ෂවලට වාහන දෙන්නට ජනතාවට අමාරුවක් නැත.
මේ නිසා මේ සියලු දෙනාගේ ඇත්තේ බොරුවය. දන්නා භාෂාවෙන් කියන්නේ නම් පානියයි. ඇහුවොත් කියන්නේ ජනතාවට සේවය කරන්න සල්ලි අවශ්‍ය බවයි. වාහන අවශ්‍ය බවයි. අපට කියන්නට වෙන්නේද 'බම්බුව' කියා තමාය. ඔච්චර අමාරුවෙන් ජනතාවට සේවය කොරන්න යන්නේ නැතිව ගෙදරට වෙලා හිටියා නම් ඉවරයි කියා කියන්නට ඡන්දය දෙන ජනතාවගේ දිව නැවෙන්නේද නැත.
දැන් යළිත් කතාවට බහිමු. ජනාධිපතිවරයාගේ නිවේදනයේ පැහැදිලි වන්නේ ඛනිජ තෙල් ආනයනයේ ඇති අර්බුදයයි. ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව වැඩි වෙද්දී ශ්‍රී ලංකවේ ප්‍රධාන විදේශ ආදායම් මාර්ගයක් වූ විදේශගත ශ්‍රමිකයන් ගේ මුදල් ලංකාවට නොලැබෙද්දී ඔවුන් රැකියා අහිමි වී යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙද්දී මුදල් නැති වීමේ ප්‍රශ්නයට රටට මුහුණ දෙන්නට සිදුවනු බව නොතේරෙන කෙනෙක් නැත. පිරිසක් විදේශිකයන්ට කඹුරා අමාරුවෙන් හොයා ගන්නා ඩිරාම්,රියාල්, මිල්ල, යෙන්, වන් සහ ඩොලර් වලට පින් සිදුවන්නට අපි ජීවත් වුණෙමු. දැන් ඒවා නැත්නම් සල්ලි ගෙනෙන්නේ කොහෙන්ද? ජනාධිපතිවරයාගේ මාධ්‍ය නිවේදනයෙන් කියන්නේ එයයි. මේ යථාර්ථයයි.
ජනාධිපතිවරයා ඉලෙක්ට්‍රික් කාර් ගැන කියයි. එහෙත් මේ රටේ එක කාලයක ගෙනා ඉලෙක්ට්‍රික් කාර්වලට සිදුවූයේ කුමක්ද? ඒවා අද විකුණා ගන්නවත් බැරිය. කාර් චාජ් කරගන්න හරියට ස්ථාන නැතිය. වසර කිහිපයකින් බැටරිය අලුත්වැඩියා කරන්න යන වියදම ගණන් බැලූ විට පෙට්‍ර්ල් කාර් එකක් අරන් ඒ කාලය තුළ පාවිච්චි කිරීම වාසියකි. හොඳම විසඳුම සූර්ය කෝෂ හඳුන්වා දී කාර් චාජ් කර ගැනීමත් සූර්යයාගෙන්ම කර ගැනීමයි. එහෙත් සෝලා පැනල් ගසා වැඩි පිරිසක් විදුලිය ගන්නවාට මේ රටේ විදුලි බල මණ්ඩලය කැමතිද? නැත.
ඉතින් පුනර්ජනනීය බලශක්තිය හැමදාමත් අපට ලස්සන මාතෘකාවක් පමණි. ජනාධිපතිවරයා මේ මාධ්‍ය නිවේදනය නිකුත් කළේ සද්භාවයෙන් සහ අනාගතය ගැන සිතා යැයි අප විශ්වාස කරමු. කෙනෙකුට එය විහිළුවක් විය හැකිය. එහෙත් මේ අවස්ථාවේ විශ්වාස කළ යුතුව තිබේ. හේතුව මේ මාධ්‍ය නිවේදනයත් රිවස් කරගත්තොත් ගෝඨාභය කියා කෙනෙක් ඉතිරි වන්නේ නැති නිසාය. මේ වැඩේ කාබනික පොහොර තරම් අමාරු නැත. පළමුව කළ යුත්තේ මන්ත්‍රී 225 ට ඉලෙක්ට්‍රික් වාහන ලබා දීමයි. ආණ්ඩුවෙන් දෙන වාහනය ඔවුන්ට අවශ්‍ය වෙන්නේ විකුණා ගන්නට මිස වෙන එකකට නොවේ.
එහෙත් ඉලෙක්ට්‍රික් වාහනයක් දුන්නොත් වාහනය අඩුම ගානේ ළමයි ඉස්කෝලෙ ගෙනියන්න හෝ තබා ගන්නවා ඇත. මේ හරහා ඔවුන් යන මාර්ගයේ චාජින් පොයින්ට් දාන්නටද හැකිය. මේ රටේ දේශපාලන බලය ඒ ආකාරය. එවිට බහුතරය ඉලෙක්ට්‍රික් වාහන මිලදී ගැනීමට උනන්දු වෙති. අවශ්‍යතාවය ඇත්නම් මෙය කළ හැකිය.
මේ රටෙන් විදේශයන්ට යන මුදලින් 1/3 ක් යන්නේ ඉන්ධනවලට බව ජනාධිපතිවරයාගේ නිවේදනයේ තිබේ. එසේ නම් පියවරක් තබන්න. ඉන්ධන පරිභෝජනය අවම කිරීමට මූලික පියවර දියවන්නාවෙන්ම තබන්න. මෙය පෙරළියක් නොවේ. සංකේතයක් පමණි. සතියේ දින කීපයක් බත් කෑම ජනතාවට තහනම් කර තමන්ගේ බල්ලාට හැමදාම බත් දුන් දේශපාලකයන් සිටි අතීතයක් සහිත රටේ මෙය සිදු වේදැයි ජනතාවට සැකසිතීම සාධාරණය.
ඇමතිවරුන්ගේ කාර්යය මණ්ඩලවලට පවුලේ හිතවතුන් පත් කිරීම තහනම් කියා එය වෙද්දී අහක බලාගෙන හිටි ජනාධිපතිවරයාගෙන් මෙවැන්නක් වේදැයි ජනතාව සැක කිරීම සාධාරණය. එහෙත් මේ රට ඉල්ලා සිටියේ දේශපාලඥයෙකු නොවෙන අයෙකු ජනාධිපති කරවන්නටය. එය ඉටු වූ පසුව දැන් ජනාධිපතිවරයාට දේශපාලඥයෙකු වෙන්න යැයි ඉතිරි ඇමති මන්ත්‍රී සහපිරිවර කියයි. එයට ඉඩ දිය යුතු නොවේ.
ජනාධිපතිවරයාට කැම්පේන් කළ දිලිත් ජයවීර කියන්නේ ජනාධිපති වෙනස් අයෙකු වුවද මන්ත්‍රීවරු, විපක්ෂය, සටන් පාඨ මේ කිසිවක් වෙනස් නොවූ බවය.සැබෑය. එසේ වෙන්නට අවශ්‍යත් නැත. විධායක බලය ඇත්තා තමන් දේශපාලඥයෙකු නොවන බවත් තමන්ව පත්කළේ දේශපාලඥයෙකු වීමට නොවන බවත් සිතා වැඩ කළ යුතුය. එවිට ක්‍රමයෙන් අනෙක් අය වෙනස් වෙනු ඇත.
වෙනස් වන්නට සිදුවනු ඇත. සියගණනක් වෙනස් කරන්නට යනවාට වඩා ඒ පිරිසට අනුව තමන් වෙනස් වීම ඉතාම පහසුය. එහෙත් ගෝඨා එවැන්නෙක් නොවේ යැයි සිතා ජනතාව ගෝඨාව පත් කළේ තමන්ට අවශ්‍ය වෙනස මේ දේශපාලන පක්ෂ හෝ මැතිවරණ ක්‍රමය ලබා නොදීම නිසාය. එය ජනාධිපතිවරයාට අමතක කළ නොහැකිය. ඔහුගේ කාබනික පොහොර සටන තුළ විෂයය සම්බන්ධයෙන් පරිණත නොවූ ලක්ෂණ තිබුණි. එහි අයහපත් ප්‍රතිඵලද ලැබෙමින් තිබේ. ඉන්ධන සම්බන්ධ මාධ්‍ය නිවේදනය පළමුවරට ඇත්ත කියන, දේශපාලනයෙන් තොර තත්ත්වයක් පෙන්නුම් කරයි. එම නිවේදනය දිග වැඩි කර සීනි තරමක් තැවරීම අපරාධයකි. එහෙත් ආරම්භයක් විදියට හොඳය.
දැන් රටට අවශ්‍ය වැඩය. නිවේදනයේ ඇති දේ ක්‍රියාත්මක කිරීමය. ඩොලර් බිලියන 4 ක විදේශ විනිමය සංචිත ඇති රටක් යනු සෞභාග්‍යයේ දැක්මක් තබා සෞභාග්‍යය කුමක්දැයි කියා හෝ නොදන්නා රටකි. මේ ඇත්තය. තෙල් ගෙනෙන්න සල්ලි නැතිය. වාහන ගේන්න රටේ සල්ලි නැතිය. තව ටික දවසකින් පරිප්පු ගේන්නටද සල්ලි නැතිවිය හැක.
ඇතැම් විට ඔබේ සාක්කුවේ සල්ලි තියන නිසා රටට සල්ලි නැත්තේ ඇයිදැයි ඔබ හිතෙනවා ඇත. ඇත්ත නම් අපි මේ රටට සල්ලි එන ක්‍රම හොයාගෙන නැත. දැන් කෙසේ හෝ රටට සල්ලි ගෙන ආ යුතුය. චීනය, වියට්නාමය පමණක් නොව බංග්ලාදේශයද මේ තත්ත්වයට පත්විය. චීනය හා වියට්නාමය දේශපාලන නායකත්වයේ දැඩි බවින් ගොඩ ආහ. බංග්ලාදේශය ජනතාවගේ දැඩි කැපවීමෙන් ගොඩ එමින් සිටියි. එහෙත් මෝඩ නායකයෙකුට වසර දෙක තුනක් තුළ බංග්ලාදේශය විනාශ කළ හැකිය. මේ නිසා දැන් ඇත්තට මුහුණ දෙමු.
ජනාධිපතිවරයාගේ මීළග මාධ්‍ය නිවේදනය මීටත් වඩා තිත්ත ඇත්ත ඇති සීනි අඩු එකක් විය යුතුය. තමන් සිටින්නේ සුර පුරයක නොව බංකොලොත් වෙන්න ආසන්න රටක බව ජනතාව තේරුම් ගත යුතුය. ඒක බේරන්නට සජිත්, අනුර, බැසිල් හෝ නාමල්ට බැරිය. ගෝඨා එලෙව්වා කියාද එය කරන්නට බැරිය. හෙට ජනාධිපතිවරණයක් තිබ්බා කියා සල්ලි සුරපුරයෙන් එන්නේ නැත. ඒවා ආවත් ඒ ණයය. කවදා හෝ ගෙවිය යුතුය. බැසිල් ඇමෙරිකාවේ සිට ආවා කියාද මෙය විසදෙන්නේ නැත.
රට බේරාගත හැක්කේ යාථාර්ථය තේරුම් ගත් බුද්ධිමත් ජනතාවටය. එහෙත් ඒ සඳහා ජනතාව ඇත්ත දැන ගත යුතුය. ඩොලර් ගෙන ආ හැක්කේ දේශපාලඥයන්ට නොව ජනතාවටය. එහෙත් ඒ ඩොලර් මත දේශපාලඥයන්ට කරණම් ගසන්නට දෙන්නට බැරිය. දේශපාලඥයෙකු නොවන ජනාධිපතිවරයාට මෙය තේරුම් ගැනීම පහසුය. ඒ නිසා ඔහු ජනතාවගේ පැත්තේම සිටගත යුතුය.
ඒ වෙනුවෙන් ජනතාවට ඇත්ත කිව යුතුය. ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ජනතාවට බයිලා නොකියා ඇත්ත කියන්න යැයි ජනාධිපතිවරයා බල කළ යුතුය. නැත්නම් චීනාට රට විකුණනෝ යැයිද ඇමෙරිකාවට දෙනවෝ යැයිද ඉන්දියාව ගහනවෝ යැයිද කියමින් දියසේන කුමාරයා එනනතුරු බලා සිටින නිවට බංකොලොත් රටක් බවට අප පත්වනු ඇත.
කාංචන දසනායක
popular news
Sumith Tuesday, 15 June 2021 03:12 PM
I think no government can develop the country.It is the people who can make our country prosperous.It is not the fault of the people.They are unaware of what to do.All should be taught that the country is in a crucial economic crisis.So the best action now to be implemented is 3r concept from which I think we can save at least one billion USD a year.If we can minimize unwanted consumption and luxurious way of life,we can do it.The people with high income do not think that ours is poor country.All should reduce consumption of energy,imported goods and services upto the maximum possible.All should contribute their share to make our country stable now.There are many educated people in our country but the country is getting bad to worse gradually.They are unaware that ours is a treasure island.We suffer just because of the reason that we are not skilful in using our resources.
Reply : 1 0
Demuni Uduwara Tuesday, 15 June 2021 09:44 PM
Don't represent Gota. What did he come into power- Tax reduction! Today, we suffer its repercussions.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd