කථානායක අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධූරය සඳහා ශ්‍රී ලංකාවේ 23 වන කතා නායකවරයා ලෙස වෛද්‍ය අයි.ඩබ්ලිව්,එම්. ජගත් වික්‍රමරත්න මහතා තේරි පත්විය.
පොළොන්නරුව හිඟුරක්ගොඩ රෝහලේදී 1968 පෙබරවාරි 02 උපත ලබා ඇති ජගත් වික්‍රමරත්න මහතා, පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනකුගේ පවුලේ දෙවෙනි පිරිමි දරුවා විය.
පොළොන්නරුව ගල්අමුණ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති වික්‍රමරත්න මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරමින්,පේරාදෙණිය වෛද්‍ය පීඨයේදී 1990, වසරේ සිට 1996 දක්වා වෛද්‍ය විද්‍යාව හදාරා අනතුරුව, කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය පරිපාලන උපාධිය ලබා 1997 සිට 1998 සීමාවාසික වෛද්‍ය නිලධාරියෙකු ලෙස, මහනුවර ශික්ෂණ රෝහලේ සේවය කර ඇත.
දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන වික්‍රමරත්න මහතාගේ බිරිදද ,පොළොන්නරුව මහ රෝහලේ හෙද නිලධාරීනියක් ලෙස කටයුතු කරන්නීය.
විෂය ක්ෂේත්රයට අයත් දෙස් විදෙස් පාඨමාලා හා පුහුණු, වැඩසටහන් රැසකට සම්බන්ධ වී ඇති වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2017 සිට 2019 දක්වා - අනුරාධපුර, ශික්ෂණ රෝහලේ ,නියෝජ්‍ය අධ්යක්ෂවරයකු ලෙසත්, 2019 සිට 2024 අප්‍රේල් දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂවරයා ලෙසත්, එතැන් සිට පොළොන්නරුව ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු රෝග විශේෂිත රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ලෙසත් කටයුතු කර තිබේ.
පුරා වසර විසිහයක කාලයක් කීර්තිමත් වෛද්‍යවරයකු ලෙස මහජනතාවට සුවිශාල සේවයක් කර ඇති වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පොළොන්නරුව ජාතික රෝහලේ ද වෛද්‍ය වෘත්තියේ විවිධ අංශ නියෝජනය කරමින් කටයුතු කළ නිහතමානී අවංක සේවාවක් ඉටු කරන වෛද්‍යවරයෙකි.
නිරෝගිමත් ජනතාවක් බිහි කිරීමේ සිහිනය මල්ඵල ගැන්වීමට මෙවර ජාතික ජන බලවේගය සමග එක්ව කටයුතු කළ ජගත් වික්‍රමරත්න මහතා තම වෘත්තීය අත්දැකීම්ට බෙදා හදාගනිමින් පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්, බිහි කරන්නට මෙවර මහ මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ඒ මහතා මනාප 51,391 ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්ව, දහවන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය.
පාර්ලිමේන්තුවට තේරී පත් වූ ජගත් වික්‍රමරත්න මහතා කථානායක අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධුරය සඳහා ශ්‍රි ලංකාවේ 23 වැනි කතා නායකවරයා ලෙස 17 දා පාර්ලිමේන්තුවේදි දිවුරුම් දුන්නේය.
මනම්පිටිය නිමල් ජයරත්න