Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
දූෂණ ගණුදෙනු පිළිබඳව හෙළිදරව් කිරීම වෙනුවෙන් අද පෙවරුවේ පැවැති වැඩසටහනේදී අනුර කුමාර දිසානායක මහතා ගණුදෙනු රාශියක් හෙලි කළේය. මේ එම ගනුදෙනුවලින් කිහිපයකි.
ලංකාවේ ඇමරිකන් එක්සත් ජනපදයේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය විසින් ලංකාවට තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී රජය විසින් ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් හැට දෙලක්ෂ පනස් දහසක මුදලින් ඇමරිකානු ඩොලර් තිස්තුන් ලක්ෂ විසිදහසක මුදලක් කොමිස් මුදල් ලෙස ලබාගෙන තිබෙනවා. මෙම චෝදනාවට ඔහු ඇමරිකානු එක්සත් ජනපද අධිකරණයේදී වරද පිළිගෙන තිබෙනවා. ජාලිය වික්‍රමසූරිය යනු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඥාති සොයුරක්.
පැන්ඩෝරා පේපර්ස් මගින් ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් තිරුනඩේෂන් සහ නිරෑපමා රාජපක්ෂට හිමිකාරිත්වට තිබෙන බවත් තිරුනඩේෂන්ගේ යටතේ තමයි බැසිල් රාජපක්ෂගේ දේපල විශාල ප්‍රමාණයක් තියෙන්නේ.
මැතිවරණයවක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක අත්‍යවශ්‍ය ගනුදෙනු හැර අන් සියල්ල අත්හිටුවන පසුබිමක ඒවක වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන්ද සිල්වා විසින් එවකට වාරිමාර්ග අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා 2014 . 12.24 ගින් නිල්වලා ගණුදෙනුව හරහා මිලියන 1000ක් චීන සමාගමක් වෙත ලබා දීම සහ 2015.01.01 මිලියන 2009ක මුදලක් එම සමාගම වෙත නැවත ලබාදීම, 2015.01.06 මැතිවරණයට දවසකට පෙර නැවත මිලියන 1003ක් නැවතත් එම සමාගමට ලබාදීම තුලින් මිලියන 4000කට ආසන්න මුදලක් එම ව්‍යාපෘතිය හරහා චීන සමාගමක් වන චයිනා නැෂනල මැෂිනරි නම් වූ සමාගමකට ලබා දී තිබෙනවා.
එම සමාගමේ හොංකොන් හී පිහිටි ගිණුමකින් මුදල් ප්‍රමාණයක් රෑත් ඉන්ටර්නැෂනල් නම් වූ සමාගමක් වෙත නිදහස් කර තිබෙනවා. එයට විටින් විට ඩොලර් මිලියන පහක මුදලක් නිදහස් කර ඇතැයිද නමුත් එම කිසිදු මුදලකින් අදාල ව්‍යාපෘතියේ කිසිවක් මෙරට සිදුකර නෑ. එමෙන්ම එම සමාගමෙහි හිමිකාරිත්ව පවතින්නේ මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකු වන තිරු නඩේෂන්ගේ බවත් එම සමාගමෙන් කොල්ලුපිටිය පිහිටි මෙරට බැංකුවක් වෙත මුදල් යොමු කර ඇති බවත් එම ගිණුමෙන් මල්වානෙහි පිහිටි ඉඩම මිලදී ගැනීම සඳහා මුදල් වියදම් කර ඇති බවත් මෙම ධනය පැන්ඩෝරා පේපර්ස් හරහා අනාවරණය වූ බවත් ඔහු පැවසීය.
එයාර් බස් ගණුදෙනුවේදී එම එයාර්බස් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකන් අධ්යක්ෂ මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් සොහොයුරු එවකට කථානායක චමල් රාජපක්ෂගේ බත්තරමුල්ල පිහිටි නිල නිවසේදී පවත්වා තිබුණා. එම අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස චමල් රාජපක්ෂගේ පුතනුවන්ද කටයුතු කර තිබුණා. මෙහිදී A 330 වර්ගයේ යානා 6ක් A 350 වර්ගයේ යානා 04ක් සහ A 350 යානා 4ක් කල් බදු ක්‍රමයට ලබා ගැනීමට නියමිතව තිබණා. මෙම ගණුදෙනුව ඩොලර් බිලියන 2.2ක ගණුදෙනුවක්. මෙය ලංකා ඉතිහාසයේම මිලදී ගත් වැඩිම වටිනාකමක් සහිත මිලදී ගැනිමයි. මෙම ගනුදෙනුවේදී A 330 යානාවක් සැපයීමෙන් පසුව ඩොලර් මිලියනය බැගින්ද, A 350 යානාවක් සැපයීමෙන් පසුව ඩොලර් මිලියන 1.6 බැගින්ද, කල් බදු ක්‍රමයට ලබා ගන්නා යානා හතර සඳහා ඩොලර් ලක්ෂ තුන බැගින්ද කප්පම් මුදල් ලෙස ගෙවීමට එකඟතාවයකට පැමිණ තිබුණා.
මේ සියල්ලෙහි වටිනාක ඩොලර් මිලියන 16.18ක්. මෙහි පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී ආණ්ඩු වෙනස් වීමෙන් පසු ඩොලර් මිලියන 16ම නොලැබුණු නමුත් එයින් ඩොලර් මිලියන 2ක අත්තිකාරම් මුදලක් ලබා දී තිබුණා.
එම ඩොලර් මිලියන දෙකක අත්තිකාරම් මුදල බ්රෘෘනායි හී පිහිටි එකවකට එයාර් ලංකා හී ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුමට තැන්පත් වී තිබුණා. එම බ්රෘෘනායි හී පිහිටි ගිණුමෙන් ඔස්ට්‍රේලියාවේ පිහිටි ගිණුමකට මුදල් මාරු තිබුණා. ඔස්ට්‍රේලියාවේ ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් ලංකවේ පිහිටි ගිණුම් තුනකට ලැබුණා. එයින් එක් ගිණුමක් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරාගේ ගිණුමට ලැබී තිබුණා.
මේ පිලිබඳ දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව පසුගිය යහපාලන ආණ්ඩුව විසින් මෙම ගනුදෙනුව අත්හිටුවීමට විශාල උත්සායයක් ගත්තා ඒ සඳහා ඩොලර් මිලියන 115ක මුදලක් ගෙව්වා.
ඊයේ (02) දිනයේද ඔස්ට්‍රේලියාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය උපකරණ සහ යටිතල පහසුකම් ලබාදීම වෙනුවෙන් ඩොලර් මිලියන 15කට ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයිද එම මුදල් නිසි පරිදි යොදවා නැතැයිද මාධ්‍ය වාර්තා පලවුණා. මීට පෙර කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ගෙඩනැගිල්ල ඉදිරිපිට අක්කර 4.30කට ආසන්න ප්‍රමාණයක භූමියක් ක්‍රිස් නැමති සමාගමක් වෙත හොටෙල් සංකීර්ණයක් ඉදිකිරීමට ලබා දීම පිලිබඳව පැමිණිල්ලක් තිබුණා.
මෙම ක්‍රිස් ගනුදෙණුව පිලිබඳව සිදුකල පැමිණිල්ල අනුව සිදුකල විමර්ශන වලදී සිංගප්පූරුවේ පිහිටි ගිණුමකට රුපියල් මිලියන ගණනක් ගිණුමකට මුදල් මාරු වී ඇති බවත් එයින් කොටසක් ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරාගේ ගිණුමට තැන්පත්වී ඇති බවත් හෙළිවුණා.
සුබේරු නම් ඇමරිකානු CIA නියෝජිතයා ඩොලර් මිලියන 12කට ආසන්න මුදලක් උපයාගත් ආකාරය පිලිබඳ හෙලිදරව් කිරීමට නොහැකිවීම මත අත්අඩංගුවට ගෙන විමර්ශ පැවැත්වුණා. මේ වනවිට අදාල පුද්ගලයා අවුරුදු 12කට ආසන්න කාලයක් සිරගතව සිටිනවා. ඔහුගේ ගිණුම් පරික්ෂා කිරීමේදි එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සුබේරු නම් පුද්ගලයාට ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවා ඇති බව හෙළිව තිබෙනවා. එම මුදල ඇමරිකා එක්සත් ජනපදය තුල ලංකාවේ ප්‍රතිරෑපය ඉහල නැංවීම සඳහා යොදවා තිබුණත් එම කටයුතු සිදුවූ නොමැති බව පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයිද සඳහන්.
යෝෂිත රාජපක්ෂ විසින් මිලදී ගන්නා ලද ඉඩම් ලයිස්තුව පිලිබඳව හෙලිදරව් කරමින් ඔහු පැවසුවේ සිරිබෝපුර කැලෑව ඔප්පු අංකය 4129, ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර .05 වටිනාකම රුපියල් මිලියන 1.6, එමෙන්ම සිරිබෝපුර කැලය ඔප්පු අංක 4130 ඉඩම් ප්‍රමාණය රුපියල් මිලියන 1.6කට මිලදී ගැනීම, සිරිබෝපුර කැලය ඉඩම් අක්ක 4132 වටිනාකම මිලියන 1.6, OB ට්‍රක් රථය රුපියල් මිලියන 80,
බත්තරමුල් පිහිටි CSN නාලිකාව පිහිටි ගොඩනැගිල්ල රුපියල් මිලියන 200, PV 77114 යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යාලය යටතේ ලියාපදිංචි කර ඇති ඩෙන්සිල් කොබ්බෑකඩුව පිහිටි එයිට් කාල්ටන් ස්පොර්ට් නෙට්වර්ක් ආයනය සතුව ඇති සියලුම චංචල හා නිශ්චල දේපල සහ විකාශන කටයුතු සඳහා භාවිතා කරන ලද සංඛ්‍යාත වටිනාකම මිලියන 235, නීතීඥ සහ ප්‍රසිද්ධ නොතාරිස් ඩී.එස්.පී පෙරේරා විසින් ලියා සහතික කරන ලද ඔප්පු අංක 2185 දරණ 219/01 ස්ටැන්ලි තිලකරත්න මාවත පිහිටි ඉඩම් කොටස වටිනාකම මිලියන 138, 2014.02.03 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4207 දරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාමසේවා වසමේ සිරිබෝපුර කැලයෙහි රුපියල් මිලියන 1.6ක් වටිනා ඉඩමක් මිලදී ගැනීම, 2014.05.11 දින මිලදී ගනු ලැබූ 4133 දරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාවඩම ග්‍රාමසේවා වසමේ සියඹලාගතකොටුව පිහිටි ඉඩම වටිනාකම රුපියල් මිලියන 2කි. මේ ආකාරයට යෝෂිත රාජපක්ෂ විසින් ඔහුගේ නමින් මෙන්ම ඔහුගේ මිත්තණියගේ නමින් ඉඩම් 31ක් මිලදී ගෙන ඇතැයිද ඔහු හෙලිදරව් කරන ලදි.
මේ අතර කාල්ටන් නෙට්වර්ක් සමාගම සම්බන්ධ පරීක්ෂනයේදී මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය සතුව පැවති ඉඩමක් වන අතර මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජපක්ෂ පදනමට පවරා දී ඇති අතර රාජපක්ෂ පදනම පුණ්‍ය ආයනයක් ලෙස ලියාපදිංචි කර ඇති බවත් පුණ්‍ය ආයතනයක් සතුව පැවති ඉඩමක් පසුකාලීනය සී.එස්.එන් නාලිකාව ආරම්භ කිරීම ගැටළු සහගත බවද පැවසීය.
බැසිල් රොහණ රාජපක්ෂ විසින් හෙලිදරව් කරගත නොහැකි ආකාරයට උපයා ගත් වත්කම් අතර මල්වාන ගඟබඩ පිහිටි ඉඩමක් මිලදී ගැනීම, 2010.11.25 අංක 11/03 මහවත්ත පාගල මාපිටිගම මල්වාන හි උපයා ගත් ආකාරය හෙලිදරව් කරගත නොහැකි ආකාරයට මුදල් භාවිතා කරමින් අක්කර 16ක විශාල පොල් ඉඩමක් හා රුපියල් මිලියන 64ක මිලදී ගැනීමක් සහ එහි රුපියල් මිලියන 125ක් වටිනා මන්දිරයක් ඉදි කිරීම, අංක 28 / A බ්රයුවුන්ස් හිල් මාතර ලිපිනයේ හි පිහිටි ඉඩමක් රුපියල් මිලියන 50කට මිලදී ගැනීම සහ තවත් ඔහු විසින් හෙලිදරව් කරගත නොහැකි ආකාරයට උපයාගත් දේපල පිලිබඳව හෙලිදරව් කරන ලදි.
2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරෑපය ඉහල නැංවීම සහ මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රතිරෑපය විනාශ කිරීම සඳහා ස්වාධීන රෑපවාහිනිය, ලංකා ගමනාගමන මන්ඩලය, සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය ආදී ගනනාවක රාජ්‍ය මුදල් අවභාවිතා කිරිම එම සංචාරක මණ්ඩලයේ මුදල් අවභාවිතා කිරීම පිලිබඳ ලිපි ගොණු අනුර කුමාර විසින් හෙලිදරව් කරන ලදි.
සංචාරක සංවර්ධන අධිකාරියේ මුදල් අවභාවිකා කිරීම, බැසිල් රාජපක්ෂ විසින් අයුතු මුදල් ඉපයීම, අයුතු අන්දමින් මුදල් ඉපයීම, ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ නැව් විකිණීමේදී සිදුවු අක්‍රමිකතා, ජාතික ලොතරයි මණ්ඩලයේ මිලියන 18ක මුදල් අවභාවිතාව, රුපියල් මිලියන 25ක බඩ ඉරිඟු වංචාව, ගවර් කෝපරේට්ස් සහ මැදමුලන අනුස්මරණ ජාතික කෞතුකාගාරය ඉදිකිරීම, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවු වංචාව,
හෙජිං ගණුදෙනුව මගින් රුපියල් මිලියන 9950ක මුදල් ප්‍රමාණයක් අහිමි වීම, කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරීමේදි සිදුකරන ලද වංචාව, ක්‍රීඩා අමාත්‍යාංශයේ උප කොන්ත්‍රාත් ලබා දීමේදි සිදුවු වංචාව (මිලියන 30ට වඩා අඩු සියලුම කොන්ත්‍රාත් අමාත්‍යාංශය විසින් නම්කරන ලද නාවල පිහිටි ආයතනයකට ලබා දෙමින් සිදුකල වංචාව), කොළඹ කොටුව ට්රාස්ස්වර්ක් චතුරස්රයේ අක්කර 4කට ආසන්න ඉඩම් බදු දීමේ වංචාව, අයතා ලෙස වත්කම් රැස් කිරීම මහින්දානන්ද අලුත්ගමගේ,
ලංකා සතොස ක්‍රීඩා භාන්ඩ මිලදී ගැනිමේ වංචාව, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ සිදුවූ වංචාව එමගින් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ එවකට සභාපති ලලිත් කොතලාවල විසින් රුපියල් මිලියන 100ක් ත් නමුත් එම මුදලින් සිදුවු දෙයක් නොවන බවත් අනුර කුමාර මෙහිදි අදහස් දක්වමින් පැවසීය.
එමෙන්ම පෑලියගොඩ මතස්‍ය වෙලඳ සංකීරණයේ කඩ කාමර බදු දීමෙන් සිදුකරන ලද වංචාව, සිරිලිය ගිණුමේ වංචාව, ඛනිජ තෙල් සංස්ථාවට තෙල් මිලදී ගැනීමේදී සාමාන්‍ය ක්‍රමවේදය වන තෙල් පැටවීමේ දින දෙකක් සහ තෙල් බෑමේදී දින දෙකක් සහ අතර මැදි දිනයක් ලෙස ගෙන එම දින පහක කාලය ගෙන මෙරටට තෙල් ගොඩබෑම සිදුකර ඇති අතර එය වෙනස් කරමින් සමාගමට අවශ්‍ය ඕනෑම දින පහක් ගෙන තෙල් සඳහා මිල තීරණය කිරීමට අවස්ථාව සලසා දීම මගින් ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් අහිමි වීම, ලොතරයි මණ්ඩලයේ ප්‍රදර්ශන කූඩු 150ක් සිදුකිරීමේදි සිදුකරන ලද වංචාව,
ඇවන්ඩ්ගාඩ් නීති විරෝධි අවි ගනුදෙනු වංචාව, මිල්කෝ සමාගමේ මුදල් අවභාවිතාව, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ මුදල් වංචාව, ජාතික සම්පකාර සමාගමේ ඉසුරු සවිය වැඩසටහන මගින් සිදුකරන ලද මුදල් වංචාව, සිවිල් සේවා අධිකාරියේ සිදුකර ඇති මුදල් වංචාව, බස් රථ අමතර කොටස් ගෙන්වීමේදී සිදුකරන ලද මුදල් වංචාව. ප්‍රසන්න රණතුංග අල්ලස් ගැනීම, හෙලෝ කෝප් ගනුදෙණුව, රැස්වීම් සඳහා ලංගම බස් රථ යෙදවීම මගින් රුපියල් කෝටි 14ක මුදලක් අහිමි කිරීම, කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු කණ්ඩායමක් විසින් ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතාව,
පසුගිය රජය සමයෙහි ජනාධිපතිවරණ මැතිවරණය ආසන්නයේදී සංස්කෘතික මණ්ඩලයේ හදිසි රැස්වීමක් පවත්වා පැරණි වියදම් අනුමත කර ගැනීමට කටයුතු කිරීමට උත්සාහ දරා ඇති අතර එහිිදි එවකට සංස්කෘතික අරමුදලෙහි නිල බලයෙන් සභාපතිවරයා වන අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එම වියදම් අනුමත කිරීම සඳහා අත්සන් කර නොමැති අතර එහිදි සභාපතිවරයා අත්සන් නොකර සජිත් ප්‍රේමදාස විසින් කිසිදු විදිමත් ක්‍රියාවලියකින් තොරව සංස්කෘතික අරමුදලේ බිලියන 03ක මුදලක් අවසරයකින් තොරව ලබා ගනිමින් එම මුදල් අයතා පරිහරනය කර ඇත.
තිසර ගංඟාදර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd