Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 03 වන සිකුරාදා
2025 ජනවාරි මස 03 වන සිකුරාදා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අඟහරුවාදා පෙරවරුවේ පැවැත්විය. එහිදී පොහොර සහනාධාරය ලබාදීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් පළමුව සාකච්ඡා කරන ලදී. ප්‍රථමව අදහස්
දැක්වූ ඇමති මංගල සමරවීර පැවසුවේ අමාත්‍ය අනුකම්ටුව ඉදිරිපත් කළ තීන්දුවට වඩා වෙනස් තීන්දුවක් කැබිනට් පත්‍රිකාවෙන් ඉදිරිපත් කර ඇති බවයි. එවිට අදහස් දැක්වූ ඇමති සජිත් ප්‍රේමදාස සඳහන් කළේ පසුගිය රජය පොහොර ලබාදුන් ආකාරයට ගොවි ජනතාවට පොහොර ලබාදිය යුතු බවයි.
“අපට ගොවි ජනතාව මැතිවරණයේදී පාඩමක් උගන්වා තිබෙනවා. පසුගිය කාලයේ ලබාදුන් ආකාරයටම දෙමු. දේශපාලන තීන්දු තීරණ ගත යුතුයි” යනුවෙන් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය. එවිට අදහස් දැක්වූ ඇමති එස්.බී. දිසානායක පැවසුවේ,
“මුදල් ලබාදීමෙන් පසු එම මුදල් වෙනත් ඒවාට වියදම් කරලා පොහොර ලැබුණේ නෑ කියල කියනවා. එවිට බණින්නේ රජයටයි. ඇතැම් අය මත්පැන් පානය කරන්නත් එම මුදල් යොදාගෙන තිබෙනවා” යැයි කීවේය. එම ප්‍රකාශය ජනාධිපති මෛත්රීද සනාථ කරන ලදී. එහිදී අදහස්
දැක්වූ මංගල සමරවීර පැවසුවේ ඉන්දියාවේ ගොවි ජනතාවට පොහොර ලබාගැනීමට අවශ්‍ය මුදල් බැංකු ගිණුමට යොමුකරන බවයි. බ්‍රසීලයේ කිසියම් ගොවියෙකුගේ භාර්යාවගේ බැංකු ගිණුමට එම මුදල් යොමුකරන බව මංගල සමරවීර පෙන්වා දුන්නේය. ඉන්පසු අදහස් දැක්වූ ඇමති චම්පික රණවක පැවැසුවේ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දු තීරණ මත ගොවි ජනතාවට පොහොර ලබාදීම නතර කරන්න බැහැ. එම කොන්දේසි හරියන්නේ නැහැ. අපි ශ්‍රී ලංකාවට උචිත අයුරින් දේශපාලන තීන්දු තීරණ ගත යුතුයි.” ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කළ බව සජිත් ප්‍රේමදාස පැවසීය. ‘මංගල සමරවීරගේ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කේන්ද්‍ර කර ගනිමින් ඉදිරිපත් කළ එකක්. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගොවි ජනතාවට අවශ්‍ය මුදල් බැංකුගත කරනවා. එමගින් නාස්තිය හා අක්‍රමිකතා අවම වෙනවා. එම නිසා අපි විධිමත් වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි’ යැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පැවසීය. ඉන්පසුව අදහස් දැක්වූ ඇමති දුමින්ද දිසානායක පැවසුවේ “නියගය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහනාධාර ලබාදෙනවා. සෑම වසරකදීම දිස්ත්‍රික්ක 19කට පමණ සහනාධාර ලබාදෙනවා. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එම සහනාධාර ලබාදීම දේශපාලන නායකත්වය මත ලබාදිය යුතුයි” කියාය. පසුගිය රජය සමයේදී සහනාධාර ලබාදීමේදීත් ප්‍රචාරණ වැඩපිළිවෙළක් දියත් කළ බවද වැඩිදුරටත් කීවේය.
බදාදා පැවති සභා වාරයේදී එක්සත් ජාතික පක්ෂයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපි ගොනුවේ තිබිය යුතු ලිපියක් තමා සතුව තිබෙන බව කීවේය. පාර්ලිමේන්තුවට එය ප්‍රදර්ශනය කරමින් බුද්ධික සඳහන් කළේ මේ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය ලැජ්ජා විය යුතු බවත්, එය ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් බවත්ය.
“ආරක්ෂක අමාත්‍යාංශයේ ලේඛනයක් මා සතුව තිබෙනවා. මේ ලේඛනය ෆොටෝ කොපියක් නෙමෙයි ඔරිජිනල් ලියුමක්. මේ ලියුමේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලාංඡනය තිබෙනවා. මේක තියෙන්න ඕන ආරක්ෂක අමාත්‍යාංශයේ ෆයිල් එකේ. එය මා රුවන් විජයවර්ධන ඇමතිතුමාට බලන්න විතරක් දෙන්නම්. ඒක දැන් මගේ අතේ තියෙන්නේ කොහොමද? පැණි වරකා ගහටත් හෙණ ගහලා නැද්ද? රටේ බරපතළම අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයාගේ ලිපිගොනුවේ තිබිය යුතු ලියුමක් මගේ අතේ තියෙනවා. එහෙනම් කෝ ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂාව. ඉස්සෙල්ලාම ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂාව දෙන්න වේවි. ස්ථිර ලේකම්ගේ ලිපි ගොනුවේ තිබිය යුතු ලියුම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අතට එනවා. ආරක්ෂක අමාත්‍යාංශය ලැජ්ජා වෙන්න ඕන. ආරක්ෂක අමාත්‍යාංශය හෙළුවැල්ලෙන් යන්න ඕන. මේවා ගැන කෝ පරීක්ෂණ. ආරක්ෂක අමාත්‍යාංශය අද නිදිමත වෙලා තියෙන්නේ. ඒකයි අද ආරක්ෂක අමාත්‍යාංශයට අත්වෙලා තියෙන ඉරණම. යහපාලන ආණ්ඩුව තුළ ඉන්න මන්ත්‍රීවරයෙක් විදියට මම ලැජ්ජා වෙනවා’ යනුවෙන් පවසා සිටියේය.
එයට පිළිතුරු දුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සතුව තිබිය යුතු ලිපියක් බුද්ධික පතිරණට ලැබීම ගැන සොයා බලන බව කීවේය.
“එවැනි දේවල් වෙනවා නම් ඒක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මේ ආකාරයට ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීම හඳුනා නොගෙන කටයුතු කරන නිලධාරීන් ගැන සොයා බලනවා. ඔවුන් වරදක් කර තිබෙනවා නම් දඬුවම් ලබාදෙනවා’ යැයි වැඩිදුරටත් පැවසීය.
පසුගිය සතියේ දේශපාලන ලෝකයේ කාගේත් අවධානය යොමු වී තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව දෙසටය. බදාදා පාර්ලිමේන්තු සභා වාරය පැවැත්වෙන අවස්ථාව වන විට එය කථානායකවරයාට බාරදීමට අවශ්‍ය ලෙස සකස් කර තිබුණි. සභාව ආරම්භයේ සිට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් යුහුසුළුව කඩියන් මෙන් කටයුතු කරන අයුරු දකින්නට ලැබුණි. මේ අවස්ථාවේදී ග්ලයිෆොසේට් තහනම් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නම් ඒකාබද්ධ විපක්ෂයේ පෙරහරට එකතුවීමට සූදානම් යැයි අතුරලියේ රතන හිමියන් පැවසූ අතර, ඉන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවත් ජවයක් එකතු විය. මහින්ද රාජපක්ෂ හා ජනක බණ්ඩාර ඔවුන්ට හිමි ඉදිරි පෙළ අසුන්වල වාඩි වී කතාබහක නිරත වූ අතර, අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ කලබලකාරී ගතිය ඔවුන් දෙදෙනාගෙන් දිස් නොවුණි. විශ්වාසභංග යෝජනාව බාරදීමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන නැගී සිටියේය.
“තව විනාඩි පහකින් ස්විච් ඔක්කොම ඕෆ් වෙනවා. ආණ්ඩුවේ ස්විච් ඕෆ් වෙනවා. මම මේ නැකැත් වෙලාව එනකම් ඉන්නේ අපේ ලිපිගොනුව බාරදෙන්න. කථානායකතුමනි අප සකස් කර තියෙන විශ්වාසභංග යෝජනාව දැන් ඔබතුමාට බාර දෙන්නද? නැත්නම් රූම් එකට ඇවිත් බාර දෙන්නද?’ යැයි දිනේෂ් පැවසුවේ ආණ්ඩු පක්ෂයේ බාධා කිරීම් මධ්‍යයේය.
‘නෑ නෑ ඒක ඔබතුමාලා මගේ රූම් එකට ඇවිත් බාර දෙන්න. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය’ කරු කීවේය. ඩලස් අලහප්පෙරුම ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටි රතන හිමියන් දෙසට හස්ත සංඥාවෙන් යමක් ප්‍රකාශ කළ අතර, උන්වහන්සේ සිය ගමන් මල්ල අතට ගෙන සභාවෙන් පිටතට වැඩියහ.
ඉන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා කථානායක කාර්යාලයට ගියහ.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සඳුදා රැස්වීමෙන් අනතුරුව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත අගමැතිට එරෙහි විශ්වාසභංගය පිළිබඳව ජ.වි.පෙ.න් ගෙන ඒමට සැලසුම් කර තිබෙන 20 වැනි සංශෝධනය පිළිබඳ සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
‘දැන් නැවතත් ජනාධිපතිවරණයක් ගැන කතාබහක් ඇතිවෙලා. මාධ්‍යවලිනුත් ජනාධිපතිවරණයට එන අය ගැන විවිධ ප්රවෘත්ති හදනවා. නමුත් මෛත්‍රීපාල මහත්තයා පොරොන්දු වූ විදියට නැවත අපේ රටේ ජනාධිපතිවරණයක් නැහැ. අපි මේ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන” ටිල්වින් සිල්වා කියා සිටියේය.
‘මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදීත්, පසුවත් අවස්ථා කිහිපයකදීම සපථ කරලා කිව්වා, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න තමන් කටයුතු කරනවා කියලා. නමුත් පසුගිය දවසක කියලා තිබුණා ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙනවද කියලා තවම තීරණයක් අරගෙන නැහැ කියලා. ඒ නිසා දැන් ජනාධිපතිවරයාත් තීරණය වෙනස් කරලා වගේ” විජිත හේරත් පැවසීය.
‘විධායක ජනාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයෙන් ගේනකොට අපි මේකට විරුද්ධ වුණා. ඒ වගේ පැවැති ජනාධිපතිවරණ මැතිවරණ හැම එකේදීම අපි මේ ධුරය අහෝසි කළ යුතු බවට අරගලයක් ගෙන ගියා. ඒ නිසා ඒ අරගලය අලුත් වටයකින් දැන් උඩට ගන්න ඕන” ලාල්කාන්ත පවසා සිටියේය.
‘මේ වෙනකල් ජනාධිපති ධුරයට පත් වූ හැම නායකයෙක්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා අපි මේක සංශෝධනයක් විදියට පාර්ලිමේන්තුවට ගේන්න ඕන. එක්සත් ජාතික පක්ෂය හෝ මෛත්‍රීපාල ජනාධිපතිවරයා මේක පාර්ලිමේන්තුවට දාන්නේ නැති බව දැන් හොඳටම විශ්වාසයි. අපි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට දාමු” අනුර දිසානායක යෝජනා කළේය. ‘දැන් විශ්වාසභංග යෝජනාවක් එන්න තියෙන නිසා මේක දාන කාලසීමා ගැන අවධානය යොමු කරන්න ඕන” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ‘ඔව්, නැත්නම් විශ්වාසභංගය ගැන අවධානය වෙන පැත්තකට යොමු කරන්න මේ සංශෝධනය ගේනවා කියලා මතයක් හදන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරගන්න ආකාරය සහ කෙටුම්පතට ඇතුළු වෙන්න පුළුවන් කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා” ටිල්වින් සිල්වා කියා සිටියේය.
‘පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලය තියෙන්නෙ ජනාධිපතිට. ඒ නිසා ජනාධිපති ධුරය අහෝසි වෙනකොට ආණ්ඩුකාරවරුන්ගේ බලයට මොකද වෙන්නේ. ඒ මගින් රට බෙදීමේ තැනකට යනවා කියලා තර්ක කරන්න පුළුවන්. ඒ වගේම සමානුපාතික පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයෙන් හැදෙන දුර්වල ආණ්ඩු ආරක්ෂා කරන්නේ ජනාධිපති කියලත් මතයක් තියෙනවා” ලාල්කාන්ත කියා සිටියේය.
‘ඔව් අපි මේ කරුණු සැලකිල්ලට අරගෙන කෙටුම්පතක් හදමු. කෙටුම්පත එක්ක අනෙක් පක්ෂ නායකයන් සමග සාකච්ඡාවට යමු. ඒ අනුව අවසන් එකක් හදන්න පුළුවන්. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවද, නැද්ද කියලා සාකච්ඡාවක් කරන්න දෙයක් නැහැ. මොකද මහින්ද, මෛත්‍රී දැනටමත් ජනතාවට ඒ බව පොරොන්දු වෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහටත් නැවත ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව දන්න නිසා සහාය දෙයි” අනුර දිසානායක පවසා සිටියේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තේරී පත් වූ පළාත් පාලන අපේක්ෂකයන්ගේ නම් පසුගිය සෙනසුරාදා ගැසට් කෙරිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතනවලට සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් පත් කළයුතු ආකාරය සම්බන්ධයෙන් ඒකමතික තීන්දුවකට එළැඹ තිබුණි.
එම පක්ෂය තීන්දු කර තිබුණේ හිටපු සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් නිර්ණායක කිහිපයක් යටතේ නැවතත් පත් කිරීමටය. එසේ නොවන ආයතනවල සභාපතිවරුන් සහ
උපසභාපතිවරුන් සම්බන්ධයෙන් තීන්දු ගැනීම ආසන සංවිධායකවරුන් වෙත පැවරීමටත් තීන්දු කර තිබුණි. එහෙත් ගම්පහ දිස්ත්‍රික් නායකයා වශයෙන් කටයුතු කරන ප්‍රසන්න රණතුංග වඩාත් ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් අනුගමනය කර තිබුණි. එනම් හිටපු සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් නොමැති අවස්ථාවලදී සභාපති, උපසභාපති තෝරා ගැනීම සඳහා සභිකයන්ගේ රහස් ඡන්දයක් පැවැත්වීමටය.
ඒ අනුව පසුගිය සෙනසුරාදා ප්‍රසන්නගේ උඩුගම්පොළ නිවසෙහි රහස් ඡන්දයක් පැවැත්විණි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ, බියගම සහ මීරිගම ආසනවල පළාත් පාලන ආයතන සඳහාය. ඒකාබද්ධයේ ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, ඩුලිප් විජේසේකර, සිසිර ජයකොඩි සහ නිමල් ලන්සා ඊට එක්ව සිටියහ.
සියයට සියයක්ම විනිවිද පෙනෙන ආකාරයෙන් පැවැත්වුණු මෙම රහස් ඡන්දය සඳහාම විශේෂ ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ට් සකස් කිරීමට ප්‍රසන්නගේ කාර්යමණ්ඩලය කටයුතු කර තිබුණි. ඡන්ද විමසීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හයදෙනාම අත්සන් තබා පෙට්ටි සීල් තබන ලදී.
සීල් තබන ලද ඡන්ද පෙට්ටිද පටවා ගත් ප්‍රසන්න කෙළින්ම ගියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ කාර්යාලයටය. ඒ ඡන්ද පෙට්ටි භාරදීම සඳහාය. ඡන්ද පෙට්ටි විවෘත කිරීමත්, ඡන්ද ගණන් කිරීමත්, ඡන්ද ප්‍රමාණය අනුව තනතුරුවලට සභිකයන් පත්කිරීමත් සිදුවුණේ නෙළුම් මාවත කාර්යාලයේ අධීක්ෂණය යටතේය.
ඡන්ද විමසීම පැවැත්වෙන අතතුර ප්‍රසන්න ඇතුළු මන්ත්‍රී පිරිස සාකච්ඡාවක නියැළෙමින් සිටියහ. එහිදී මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරමින් සභාපති, උපසභාපති තනතුරු සඳහා සුදුස්සන් තෝරා පත් කර ගත් අන්දමය.
‘චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති ධුරයේ ඉන්න කොට පළාත් පාලන ආයතනවලට සභාපතිවරුන් පත් කළේ පක්ෂ නායකත්වයේ තනි කැමැත්තට. එහෙමත් නැත්නම් එයාට විශ්වාසවන්ත දිස්ත්‍රික් නායකයන් සහ ආසන සංවිධායකවරුන්ගේ කැමැත්තට. ඒ හැරුණම සුදුසුකම්වලට කවදාවත් තැනක් ලැබුණේ නැහැ’ ප්‍රසන්න පෙන්වා දුන්නේය.
‘එහෙම කරපු කෙනා අද කතා කරන්නේ රහත් වෙච්ච කෙනෙක් වගේ. පක්ෂයේ සුදුස්සෝ කපා ඇරලා කුස්සි කැබිනට්ටුවකින් රට පාලනය කරපු කෙනා අද බණ කියන්න එනවා’ රණවීර පැවසීය.
‘පක්ෂයේ ප්රජාතන්ත්රවාදය විනාශ වුණේ චන්ද්‍රිකාගේ කාලයෙයි. මහින්ද මහත්තයා ආවට පස්සෙ තමයි පක්ෂයේ ප්රජාතන්ත්රවාදය ආයෙත් පටන් ගත්තේ. දැන් ආයෙත් පක්ෂය වගේම පක්ෂයේ ප්රජාතන්ත්රවාදයත් වළපල්ලට ගිහින්’ ප්‍රසන්න පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යෝජිතව තිබුණු විශ්වාසභංග යෝජනාව පසුගිය සතිය තුළ දේශපාලනය උණුසුම් කළ මාතෘකාවක් විය. විශ්වාසභංග යෝජනාව ගෙන එන බවට නිශ්චිතව තීන්දු කිරීමෙන් පසු ඊට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම ඇරඹිණි.
එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම පැවරුණේ ෂෙහාන් සේමසිංහටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ගේ අත්සන් ලබාගැනීම පැවරුණේ මහින්දානන්දටය. අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ්ට පැවරුණි.
සිකුරාදා වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 22 දෙදෙනෙක් විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබුණි. දිනේෂ්, විමල්, වාසු, උදය සහ ප්‍රසන්න ද ඒ අතර වූහ. සෙනසුරාදා අනුරාධපුරය බලා ගිය ෂෙහාන් අනුරාධපුරයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගත්තේය.
පසුදින එනම් ඉරිදා ෂෙහාන් අත්සන් ලබාගැනීමට ගියේ මහනුවරටය. ලොහාන්ගේ නිවසේදී අත්සන් ලබාගැනීමේ කටයුතු සිදුකෙරුණි. ලොහාන් මෙන්ම කෙහෙළිය, දිලුම්, තේනුක එහිදී අත්සන් තැබූහ. මෙම අත්සන් ගැනීම සිදුවන අවස්ථාව වන විට නීතීඥවරුන් පිරිසක් ද එහි පැමිණ සිටියේ වෙනත් කටයුත්තකටය.
‘ඔබතුමාලා මේ කරන වැඩේ නම් අගය කරන්න ඕන වැඩක්. ඇත්තටම මේ අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුව විශ්වාසභංගයකින් හෝ ගෙදර යැවීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. අද රට විනාශ වෙන්න ප්රබලව බලපාලා තියෙන්නේ මේ අයගේ ක්රියාකලාපයයි. කොටින්ම මහනුවර ගැටුම පස්සෙන් හිටියෙත් මේ අයම තමයි. බාල වැඩවලින් බලය තහවුරු කරගන්න අය ගෙදර යවන එක නම් ලොකුම දෙයක්’ නීතිඥවරු කීහ.
මේ අතර ෂෙහාන්ගේ ජංගම දුරකථන අංකයට විටින් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ගෙන් ඇමතුම් ලැබෙන්නට වූ අතර, සියලු දෙනාම විමසා සිටියේ විශ්වාසභංගයට අත්සන් තැබිය යුත්තේ කවදාද කියාය. ඒ සියලු දෙනාට ෂෙහාන් කීවේ නිදහස් පක්ෂයේ අත්සන් තැබීමේ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ මහින්දානන්ද මන්ත්‍රීවරයා බවය. ‘අපි මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නට තීන්දු කළේ රටට උදා වෙලා තියෙන කලදසාව ගැන හිතලයි. රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයේ ඉන්න එක අපිට දේශපාලන වශයෙන් වාසි සහගත වෙන්න පුළුවන් වුණත් ඊට එහා කල්පනා කරලා තමයි මේ තීන්දුව ගත්තේ. මොකද අපිට මොන වාසියක් වුණත් වැඩක් නැහැ රනිල් හිටියොත් රටම විනාශ වෙන එක වළක්වන්න බැහැ’ කෙහෙළිය පෙන්වා දුන්නේය.
සඳුදා උදෑසන කුමාර වෙල්ගමට ෂෙහාන්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය. ෂෙහාන් වෙල්ගමට කතා කළේ විශ්වාසභංගයට අත්සනක් ලබා ගැනීම සඳහාය.
‘මල්ලි මම මේ ගමනක් යන්න ලැහැස්ති වෙන ගමන්. ඒත් ගමන යකාට ගියාවේ කියලා අපි ඕකට අත්සන් කරමු’ වෙල්ගම ෂෙහාන්ට කීවේය.
ඒ අනුව වෙල්ගම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබුවේ රාජගිරියේ ප්‍රසිද්ධ අවන්හලක රථ ගාලේදීය. තම රියේ බොනට්ටුව මත තබා අත්සන් තැබූ වෙල්ගම තමන් අත්සන් තබන ආකාරය ඡායාරූප ගත කරන්නැයි ෂෙහාන්ගෙන් ඉල්ලීමක්ද කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අඟහරුවාදා උදෑසන පැවැත්වුණේ පාර්ලිමේන්තු කමිටු කාමර අංක හතරේදීය. ඒ දිනේෂ්ගේ ප්‍රධානත්වයෙනි. පළාත් පාලන නියෝජිතයන්ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වන්නට සිදුවීම නිසා මහින්ද පැමිණ සිටියේ නැත. එහිදී සාකච්ඡාවට ලක්වුණේ විශ්වාසභංගය ගැනය.
‘මට ආරංචි වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ කිසිම මන්ත්‍රී කෙනෙක් මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් තබන්නේ නැහැ කියලා. මම නම් කියන්නෙම අපි විශ්වාසභංග යෝජනාවක් භාරදෙනවා නම් මේ පක්ෂ දෙකේ අයත් අත්සන් කරන්න ඕන කියලයි. එහෙම නොවුණොත් අපේ ඉලක්කය සාර්ථක වෙන්නේ නෑ’ ප්‍රසන්න ආරම්භයේදීම පැවසීය.
‘විශ්වාසභංග යෝජනාව භාර දෙන්න අත්සන් කරන්න ඕනේ මන්ත්‍රීවරුන් විසිදෙනෙක් විතරයි. අපිට පුළුවන් මන්ත්‍රීවරුන් අත්සන් කරලා යෝජනාව භාර දීලා ඡන්දය විමසන අවස්ථාවේදී අනෙක් අයගේ සහයෝගය ගන්න’ උදය පැවසීය.
‘ඒ වුණත් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුනුත් මේකට අත්සන් කළොත් තමයි වඩාත්ම සාර්ථක වෙන්නේ. හදිසියේ හරි අත්සන් කරපු කෙනෙක් ඡන්දෙ නොදුන්නොත් අපිට ජනතාව ඒ අය ගැන හෙළිදරව් කරන්න පුළුවන්. අනික කවුද දන්නේ මේකත් මෛත්‍රීගේ උගුලක්ද කියලා. එයා අපි ලවා විශ්වාසභංගය ගෙනල්ලා පරදින්න වැඩ කරයිද කියලා අපි දන්නෙ නැහැ. ජනාධිපතිවරයා හැමදාම කළේ රනිල්ව ආරක්ෂා කරන එක.මේ විශ්වාසභංගය අපි පැරදුණොත් ආයෙත් රනිල් ශක්තිමත් වෙන එක වළක්වන්න බැහැ’ කී ප්‍රසන්න එතැනින් නික්ම ගියේ මහින්දගේ නිල නිවසෙහි පැවති පළාත් පාලන අපේක්ෂකයන් දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහාය.
අනතුරුව කතාබහ ඇදගෙන ගියේ නිමල් ලන්සාය.
‘මම පළවෙනි රැස්වීමේ ඉඳන්ම කිව්වේ අපි කාටවත් මුක්කු ගහන්න ඕනෙ නැහැ කියලයි. අපිට එක්සත් ජාතික පක්ෂයේ සහ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගන්න බැරි නම් මේ විශ්වාසභංගය ඉදිරිපත් කරලා වැඩක් නැහැ. මට ආරංචි වුණා නිදහස් පක්ෂයෙන් හතරදෙනයි අත්සන් කරන්නේ කියලා. ඒ අයට අත්සන් කරන්න බැරි නම් අපි 20ක් අත්සන් කරලා මේක භාර දෙමු’ ලන්සා පැවසීය.
‘ඒත් අපි තීන්දුවක් ගත්තා මේ විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අත්සන් තියන්න ඕනේ කියලා’ මහින්දානන්ද පෙන්වා දුන්නේය.
‘අපි අත්සන් කරමු. ඒකෙ ගැටලුවක් නැහැ. හැබැයි අපි මේක කරන්න ඕනේ ජයග්‍රහණය කරන්න පුළුවන් විදියට මිසක් දැන දැන පරදින්න නෙමෙයි’ ලන්සා පැවසීය.
‘මේ තීන්දුව ගත්තේ ඒකාබද්ධයේ පක්ෂ නායකයන් එකතු වෙලයි. මට හිතෙන්නේ ඒ තීන්දුව හරියට සන්නිවේදනය නොවුණ නිසා මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා කියලයි’ මහින්දානන්ද කීවේය.
‘මේකට නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අය අත්සන් කරනවද නැද්ද කියන එක අපිට පැහැදිලිව කියන්න. අපි මේකෙන් පැරදුණොත් මැතිවරණයෙන් ලබපු ජයග්‍රහණයත් වැඩක් නැති වෙනවා’ රමේෂ් පතිරණ පැවසීය.
‘අපි මේක ඉදිරිපත් කරන්න ඕනේ ජයග්‍රහණය කරන්න මිසක් පරදින්න නෙමෙයි. මේක පරද්දන්න රනිල් වික්‍රමසිංහ ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා කියන එක හොඳටම විශ්වාසයි. ඒකට නිදහස් පක්ෂයේ ආශීර්වාදයත් ලැබුණොත් අපි පහළට වැටෙන එක වළක්වන්න බැහැ’ කෙහෙළියද පැහැදිලි කළේය.
‘විශ්වාසභංග යෝජනාව ගේන්නේ මෛත්රීපාලගේ වුවමනාවට ද එහෙමත් නැත්නම් අපේ වුවමනාවටද?’ වෙල්ගම ඇසුවේය.
‘අපේ වුවමනාවට’ මහින්දානන්ද උත්තර දුන්නේය. මේ අතර බන්දුල ගුණවර්ධන ද රැස්වීමට පැමිණියේ ‘මොකක්ද ඔබතුමා කියන්නේ?’ යැයි ලන්සාගෙන් අසමිනි. ඒ අනුව ලන්සාට සිදුවුණේ රැස්වීමේ මුල සිට තමා කළ කථාව නැවත වතාවක් බන්දුලට කියන්නටය.
‘රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ගේනවා කියල මහින්ද මහත්තයා ඊයේ ජනතාවට කිව්වා. අපිට දැන් ඒක ඉදිරිපත් නොකර ඉන්න බැහැ’ මහින්දානන්ද පැවසීය.
‘ඉදිරිපත් කරන එක නෙමේ ප්රශ්නය. දිනන්න පුළුවන්ද කියන එකයි’ ලන්සා කීවේය.
‘අපි ඒ වගකීම ගන්නවා. ඔබතුමා මේකට අත්සන් කරන්න’ මහින්දානන්ද පැවසීය. ඒ අනුව එකඟතාවකට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූහ. විශ්වාසභංග යෝජනාව භාර දීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම පක්ෂ නායකවරුන්ගේ හමුවේදී ගැනීමට තීන්දු කෙරිණි.
මේ අතර ප්‍රසන්නට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණේ ප්‍රසන්න විශ්වාසභංගයට විරුද්ධ බව දුමින්ද දිසානායක තේනුක විදානගමගේට කියා ඇති බවය. ඔහු හැරෙන තැපෑලෙන්ම දුමින්දට ඇමතුමක් ගත්තද දුමින්ද පිළිතුරු දුන්නේ නැත. පසුව දුමින්ද ප්‍රසන්නට කතා කළේය.
‘අයියා කෝල් කරලා තිබුණා’ දුමින්ද පැවසීය.
‘ආ ඔව්. මල්ලි ඔයා තේනුක එක්ක කියලා තියෙනවා මං විශ්වාසභංග යෝජනාවට විරුද්ධයි කියලා. ඔය වගේ බොරු කතා කියන්න එපා. එහෙම වුණාම එයාලත් විශ්වාසභංගයට අත්සන් කරන්න අදිමදි කරනවා. මං විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගේනවට නෙමෙයි. මම කිව්වේ ගේනවා නම් එක්සත් ජාතික පක්ෂයෙයි, නිදහස් පක්ෂයෙයි අයත් අත්සන් කරන්න ඕනේ කියලයි. අද කරන්න පුළුවන් ලොකුම පිංකම තමයි රනිල්ව අගමැතිකමෙන් එළවලා දාන එක. මට අගමැති එක්ක විතරක් නෙමෙයි ජනාධිපති එක්කත් ප්‍රශ්න තියෙනවා’ ප්‍රසන්න පැවසීය.
‘මට නම් ප්රශ්නය තියෙන්නේ මහින්ද එක්ක’ දුමින්ද කීවේය.
‘ඒවා මල්ලි පෞද්ගලික ප්‍රශ්නනේ. මට තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. මේ රටට විරුද්ධව වැඩ කරන ඕනම කෙනෙක් එක්ක හැප්පෙන්න මම දෙපාරක් හිතන්නේ නැහැ. නිදහස් පක්ෂය රට විනාශ කරන අයත් එක්ක එකට එකතු වෙන එකට පාක්ෂිකයෝ කැමති නැහැ. ඒක පක්ෂයටත් ප්‍රශ්නයක්’ කී ප්‍රසන්න දුරකථනය විසන්ධි කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුව මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී රැස් වූ අතර, එහිදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හතරදෙනෙක් විශ්වාසභංග යෝජනාවට අත්සන් කරලා තියෙනවා. ඉතිරි අයයි, එක්සත් ජාතික පක්ෂයේ අයයි ඡන්ද විමසීම තියෙන දවසේ අපිට සහයෝගය දෙන්න පොරොන්දු වෙලා තියෙනවා’ මහින්දානන්ද පැවසීය.
‘එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 22ක් අපිට විවාදය දවසේ සහයෝගය දෙනවා’ උදය පැවසීය.
‘ඔයාලා එයාලත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. ඉතිහාසයේ ප්‍රථම වතාවටයි අගමැති විශ්වාසභංග යොජනාවකින් අගමැති පරදින්න යන්නේ. ඒ හින්දා ජයග්‍රහණය සඳහා අවශ්‍ය දේවල් කරන්න. අපි මුලින් තීන්දු කළේ අනෙක් පක්ෂවලට අයත් අත්සන් තියන්න ඕනේ කියලා. නමුත් දැන් ඒක වෙනස් වෙලා තියෙන හින්දා ඔහොම කරගෙන යමු. කොහොම හරි අපි මේක ජයග්‍රහණය කරන්න ඕනේ’ මහින්ද පැහැදිලි කළේය.
පසුදා මහින්ද ඩී.වී චානකද කැටුව පාර්ලිමේන්තු භෝජනාගාරය දෙසට යමින් සිටිය දී අතුරලියේ රතන හිමි මුණගැසුණේය. මහින්දගේ ඉඟිය අනුව ඩී.වී එතැනින් මඳක් එහාට ගිය අතර, මහින්ද සහ රතන හිමි අතර මිනිත්තු දහයක පමණ කතාබහක් පැවැතුණි. එතැනින් එහාට මෙහාට යන්නට ආ කිසිවකුටත් නොදැනෙන්නට සාකච්ඡාව පැවැත්වීමට දෙදෙනාම වගබලා ගත්හ.
විශ්වාසභංග යෝජනාව භාර දීම සඳහා කථානායකවරයා විසින් ඒකාබද්ධ විපක්ෂයට
ලබා දී තිබුණු වෙලාව යෙදී තිබුණේ සවස දෙකටය. මහින්ද පෙරටු කරගත් ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු කථානායකවරයාගේ කාර්යාලයට ගියහ.
මහින්ද කථානායක වෙත විශ්වාසභංග යොජනාව භාර දෙන ගමන් ‘මෙන්න විශ්වාසභංග යෝජනාව. පුළුවන් තරම් ඉක්මනට මේක විවාදයට අරගෙන ඉවර කරමු. සමහරවිට මේකෙන් ඔබතුමාටත් වාසියක් වෙන්න පුළුවන්’ යැයි කීවේය.
කථානායකවරයා විශ්වාසභංගය භාර ගැනීමෙන් අනතුරුව මහින්ද ‘සභානායකවරයා අන්තිම නරක විදියට පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා නීතිඥවරුන්ට බැණ වැදුණා. ඔබතුමා මේවා පාලනය කරන්න ඕනේ. එහෙම නොවුණොත් ඒක පාර්ලිමේන්තුවට හොඳ නැහැ’ යැයි කීවේය.
‘සභානායක විතරක් නෙමෙයි රන්ජනුත් බැණ්නානේ’ මහින්දානන්ද පෙන්වා දුන්නේය.
‘මේක නරක පූර්වාදර්ශයක් වෙයි’ කී මහින්ද ‘විශ්වාසභංග යෝජනාව පුළුවන් තරම් ඉක්මනට විවාදයට ගන්න’ යළිත් කීවේය.
‘අපි පුළුවන් තරම් ඉක්මනට මේක ගන්නම්’ කථානායකවරයා පොරොන්දු විය. ඒකාබද්ධ විපක්ෂයේ සෑහෙන පිරිසක් පැමිණ සිටින බව දුටු කථානායකවරයා ‘ඔයාලා සේරම ඇවිත් නේද?’ යැයි ඇසුවේය.
‘මේ ඇවිත් ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අපේ අය විතරයි. අපිට උදව් කරන නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු ටික එදාට බලාගන්න පුළුවන්’ පියල් නිශාන්ත කියත්ම මහින්ද ඇතුළු පිරිස කොක් හඬලා සිනාසුණහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd