වැට්බදු සංශෝධන ප්රශ්නය මේ වනවිට රට ගිනියම් කිරීමට සමත්වී තිබේ. වැට් බදු සංශෝධනය නිසා සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාරිකයන් අපහසුතාවයට පත්ව තිබෙන බව පාරිභෝගිකයන් නියෝජනය කරන සංවිධාන හා ව්‍යාපාරිකයන් නියෝජනය කරන සංවිධාන සඳහන් කරන කාරණයකි. එහෙත් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනඥයන් කිහිපදෙනෙකු වැට්බදු හොඳ බව පවසමින් ජනතාව කිහිපදෙනෙකු එකතු කරගෙන රට තුළ උද්ඝෝෂණ සිදුකරමින් සිටී. වැට් බදු සංශෝධනය නිසා තොග සහ සිල්ලර වෙළෙඳාම සිදුකරන පිරිසට දැඩි බලපෑම් එල්ල වෙන බව පවසමින් කඩ සාප්පු වසා යම් යම් නගරවල උද්ඝෝෂණ සිදුකරමින්ද තිබේ. මේ නිසා අද මේ පිළිබඳව සමස්ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ලේකම් ඉන්දික ලියනගේ මහතා සමග කතාබහක නිරතවිය.
වැට්බදු සංශෝධනය
ප්‍රධාන වශයෙන් වැට්බදු සංශෝධනය තුළින් තොග සහ සිල්ලර වෙළෙඳාම මත වැට් බදු යෙදීමට ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. මීට අදාළ පනත මේ මස 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා දැනගන්න ලැබිල තියෙනවා. පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් රුපියල් 33333 ක දෛනික ආදායමක් තියෙන කුඩා ව්‍යාපාරිකයාගේ ඉඳල සියලුමදෙනා වැට්බදු එකතු කරන්නන් බවට පත්වෙනවා. මේක ලංකාවේ පළමු වතාවට සිදුවන්නේ. මේ හරහා භාණ්ඩ මිල ඉහළයාම අනිවාර්යෙන්ම සිදුවන නිසාත්, භාණ්ඩ මිල ඉහළ යාම නිසා පාරිභෝගික ජනතාව අපහසුතාවයන්ට පත් වෙනවා. භාණ්ඩ මිල ඉහළ යාම මත මිලදී ගැනීම අඩුවීම නිසා ව්‍යාපාරිකයාත් අසරණ වෙනවා.මේ නිසා වහාම තොග සහ සිල්ලර වෙළෙඳාම මත යෙදවීමට සැලසුම් කර තිබෙන වැට් බදු ඉවත් කළ යුතුයි.
ගැටලුව විසඳා ගැනීම
අදාළ ගැටලුව විසඳා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළුව මුදල් ඇමැතිතුමා හා නිලධාරීන් එක්ව අප සංගමය නියෝජනය කරනා නියෝජිතයන් පසුගිය සතියේදී සාකච්ඡාවක් පැවැත්වුවා. එහෙත් එම සාකච්ඡාවේදී අදාළ ගැටලුවට නියම විසඳුමක් ලැබුණේ නැහැ. කොහොම වුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ අදාළ ගැටලුවට විසඳුම් ලබා දෙනකොට ඇමැතිවරුන් කිහිපදෙනෙකු කියනවා වැට් බදු සංශෝධනයක් සිදුවෙන්නේ නැහැ කියලා. ආණ්ඩුව නියෝජනය කරන තවත් සමහරු වැට් බදු හොඳයි කියලා උද්ඝෝෂණය කරනවා. වීදි නාට්‍ය‘ පෙන්වනවා මේ නිසා සිදුවෙන්නේ කුමක්ද කියලා. අපට හිතාගන්න බැහැ. මොකද හරිදේ කියන්නේ ජනාධිපතිතුමාද නැත්තම් වීදි නාට්‍ය පෙන්වන වැට් හොඳයි කියලා කියන ඇමැතිවරුන්ද කියලා ගැටලුවක් ඇතිවෙනවා.
යෝජනාවට එරෙහි උද්ඝෝෂණ
මෙතනදී කියන්න ඕන ආණ්ඩුව විසින් යෙදීමට තීරණය කරල තියෙන වැට් බදු නිසා ව්‍යාපාරිකයාට ප්‍රශ්නයක් නැහැ. මොකද වැට් මුදල අයකරන්නේ සාමාන්‍ය පාරිභෝගිකයාගෙන්. කොහොම උනත් පාරිභෝගිකයන් ගැන සිතා ප්‍රා‘දේශීය වශයෙන් ක්‍රියාත්මක වන වෙළෙඳ සමිති කඩ සාප්පු වසා දමා උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතවනවා. අප සංගමය ජනාධිපතිතුමා සමග ගැටලුව විසඳාගන්න සාකච්ඡා කිරීම නිසා ප්‍රා‘දේශීය වශයෙන් පැවැත්වූ උද්ඝෝෂණය නතර වුණා. ඒත් වැට් බදු සංශෝධනය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව විවිධ ඇමැතිවරුන් සඳහන් කරන නිසා සහ වැට් හොඳයි කියලා වීදි නාට්‍ය පෙන්වන නිසා නැවත වටයකින් උද්ඝෝෂණ ආරම්භ වෙලා තියෙනවා. අප සංගමය ප්‍රධානත්වය ගෙන තවම ජාතික මට්ටමේ උද්ඝෝෂණයක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. නමුත් විසුමක් කඩිනමින් නොලැබුණොත් ඉදිරියේදී එවැනි ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා.
භාණ්ඩ මිල ඉහළ යාම
ආණ්ඩුව යෝජනා කළ වැට්බදු මුදල තවම භාණ්ඩවලට එකතු කරන්නේ නැහැ. නමුත් වෙළෙඳපොළ දිහා බැලුවාම පේනවා භාණ්ඩවල මිල ඉහළයාමත්, ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවේදීත් අපගෙන් විමසීමක් කළා. භාණ්ඩ මිල ඉහළ යන්න කාරණා දෙකක් බලපාලා තියෙනවා. ඉන් එකක් තමයි ඩොලරයේ මිල ඉහළ යාම.අනෙක් එක තමයි ජාත්‍යන්තර වෙළෙඳ පොළතුළ භාණ්ඩ මිල ඉහළ යාම. පොදුවේ ලංකාවට බොහෝ භාණ්ඩ ගෙන්වනු ලබන්නේ විදේශ රටවලින්. මේ නිසා ඩොලරය රුපියල් 133 සිට 147 දක්වා ඉහළ යාම මත ඍජුවම රුපියල් 14 ක ප්‍රමාණයක් ඉහළ ගිහිල්ලා තියෙන නිසා එම මුදලත් පාරිභෝගිකයන්ට දරා ගැනීමට සිදුවෙනවා.
වැට්බදු අදාළ වීම
ගොඩක් භාණ්ඩවලට වැට් බදු අදාළ වෙලා නැහැ.ඒත් වැට් බදු නොව අදායම රුපියල් 33333 ක දෛනික ආදායමක් දක්වා පහළට ගෙන එම මුදල ඍජුවම එකතු වෙනවා.මේ අනුව ඩොලරයේ මිල ඉහළ යාම භාණ්ඩ මිල ඉහළ යාම මත ඉහළ ගිය භාණ්ඩ මිලට 15% වැට් බදු මුදල එකතුවුවහොත් සිදුවන්නේ කුමක්ද කියල අමුතුවෙන් කියන්න ඕනකමක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නේ එම මුදලට ජනතාවට භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වේවිද කියන එක. එහෙම උනොත් රජය අපේක්ෂා කරන මුදල රජයට අයකර ගන්න බැරිවෙනවා. අනෙක් පැත්තෙන් රටේ වෙළෙඳාම තවත් වැටෙනවා. යන විදිහට ගියොත් එහෙම ප්‍රශ්නයකට අනිවාර්යෙන්ම මුහුණ දෙන්න සිදුවෙනවා. මේ නිසා රටේ ජනතාව ගැන සිතනමතන සහ රටේ වෙළඳාම ගැන සිතනවානම් ආණ්ඩුව තීරණයක් ගන්න ඕන වැට් බදු ඉවත් කරන්න.
ආණ්ඩුවේ ප්‍රකාශ
ආණ්ඩුව සඳහන් කරන්නේ 11% ක්ව තිබුණ වැට් බදු මුදල 15% ක් කළා කියලා.ඒත් තොග සහ සිල්ලර වෙළෙඳාම සඳහා එවැනි දෙයක් තිබුණෙ නැහැ. ඉහළ ආදායම ලැබූ ව්‍යාපාරිකයන්ට වැට් බදු තිබුණා. එය 11% යි. ඒත් සිදුකිරීමට යන සංශෝධනය තුළින් රුපියල් 33333 ක දෛනික ආදායමක් තියෙනවා. සුළු ව්‍යාපාරිකයා දක්වා පුළුල් කරලා තියෙන්නේ. ඒ පුළුල් කිරීම තුළින් ප්‍රාථමික මට්ටමේ ඉන්න සුළු ව්‍යාපාරිකයා මගින් සංකීර්ණ බදු මුදල් එකතු කරන්න යනවා. ප්රශ්නය පැන නගන්නට එතැනින්. මොකද තොග සහ සිල්ලර වෙළෙඳාම මත ඍජුවම 15% ක බදු මුදලක් පැටවිලා තියෙනවා. ඒක කවුරුහරි කියනවානම් 11%සිට 15% ක් වුණා කියල ඒක විහිළුවක්. මොකද 11% වැට් බදු මුදලක් තොග සහ සිල්ලර වෙළෙඳාමට තිබුණේ නැහැ.
වැට් බදු එකතු කිරීම
මම මුලින් කිව්වනේ තොග සහ සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයා වැට් බදු එකතු කරන නියෝජිතයන් බවට පත්වෙනවා කියලා. මේ අනුව, දෛනික ආදායම රුපියල් 33333 ක් ආදායම් ලබන අය වැට් බදු සඳහා ලියාපදිංචි විය යුතුයි. මෙහෙම ලියාපදිංචි වූ පසු මාසයේ පළමුවන දින සිට 15 වන දින දක්වා ජනතාවගෙන් අය කරගත් වැට්බදු එම මාසයේ 30 වන දිනට පෙර රජයට ගෙවිය යුතුයි. 15 වන දින සිට 30 වන දින දක්වා එකතු කරන මුදල් ඊළඟ මාසේ 15 වැනි දිනට පෙර ගෙවිය යුතුයි. මෙම ගෙවීම පැහැර හැරියොත් සිදුවෙන්නේ වැට් බදු වංචාකරුවෙකු බවට පත්වෙන එක. ඒ මත ඉඳලා අදාළ ව්‍යාපාරිකයාට නීතියෙන් දඬුවම් කිරීමට රජයට හැකියාවක් තියෙනවා. මීට අමතරව වැට් බද්ද වෙනුවෙන් පවත්වාගෙන යන ලිපිගොනු අඛණ්ඩව වසර 06 ක් පවත්වාගෙන යා යුතු වෙනවා වගේම නැතිවුණත් ව්‍යාපාරිකයාට දඬුවම් කිරීමේ බලයට රජයට හිමිවෙනවා.
පත්වන අපහසුතාවය
රජයට සෑම කෙනෙකුම බදුගෙවනවා. ඒත් මේ අයකරගන්න හදන බදු ක්‍රමය ඉතාමත් සංකිර්ණ එකක්. මොකද වැට් නැති කෙනෙකුගෙන් භාණ්ඩ අරන් අලෙවි කිරීමට ව්‍යාපාරිකයන්ට හැකියාවක් නැහැ. අලෙවි කරන සෑම භාණ්ඩයක්ම ලබාගත යුත්තේ වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරිකයන්ගෙන්.ඒත් රටතුළ සිදුවන බොහෝ ව්‍යාපාර සිදුවන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට. ඒ කියන්නේ ස්වයං රැකියාවක් වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන සහ සුළුවශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන අයගෙන් මිලදීගෙන ඒ අයගේ දෛනික ආදායම රුපියල් 33333 ක් නොවන නිසා ඔවුන් වැට් බද්දට ලියාපදිංචි වෙන්නේ නැහැ. භාණ්ඩ මිලදී ගැනීමට හැකියාවක් නැහැ. සම්පූර්ණයෙන්ම හැකිලී යනවා. වැට් බද්ද සංකිර්ණයි කියන්නේ මෙන්න මේ දේවල් නිසා.
බදු ගෙවීම
තොග සහ සිල්ලර වෙළෙඳාම කරන සෑම කෙනෙකුම ස්ව කැමැත්තෙන් බදු ගෙවනවා. ඒත් හඳුන්වාදෙන බදු ක්‍රමය තුළ විකුණුම කරන සෑම භාණ්ඩයකටම බිලක් ඉදිරිපත් කළ යුතුයි. එම බිලට වැට් බදු බදු මුදල එකතු කරලා රජයේ වැට් බදු මුදල එකතුකරගත යුතුයි. ඉන්පසුව එය ගිණුම්ගත කරලා බැංකු ගත කළ යුතු වෙනවා. සත පහක් එහෙමෙහෙ වෙන්න බැහැ. මොකද වැට් බදු මුදල කියන්නේ රජයේ මුදල් මේ නිසා වැට් බදු ගණනය කරලා ගිණුම්ගත කිරීමට වෙනම සේවකයන් බඳවාගත යුතු වෙනවා. පවතින ආර්ථිකය ක්‍රමය තුළ සුළු වෙළෙඳාම කරන සෑම කෙනෙකුම පවත්වාගෙන යන්නේ පවුලේ පිරිස් විසින්.ඒත් බොහෝ අයට වැට් ගණනය කිරීම පිළිබඳ දැනුමක් නැහැ. මේ නිසා ව්‍යාපාරයෙන් විශාල මුදලක් යොදවා අමතර සේවකයන් බඳවාගත යුතු වෙනවා. මේ නිසා අපි කියන්නේ අපෙන් තව බදු අවශ්‍ය නම් එය සරල බදු ක්‍රමයකින් ලබාගන්න කියලා.
ව්‍යාපාරිකයන්ගේ ප්‍රමාණය
වැට්බදු එකතු කරන්න රජය කටයුතු කළත් කොතරම් ව්‍යාපාරිකයන් ඉන්නවද කියල රජය දන්නෙ නැහැ. ඒත් අපගේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඍජු හා වක්‍ර ආකාරයට ලක්ෂ 30-40ක් අතර ප්‍රමාණයක් ස්වයංරැකියාවේ සිට තොග සහ සිල්ලර වෙළෙඳාම දක්වා ව්‍යාපාරවල නිරතව සිටිනවා කියල වාර්තා වෙනවා. මොකද කවුරුවත් මේ වන තෙක් නිවැරදි ගණනය කිරීමක් කරල නැහැ. ඒත් රජය මෙම වැට් බද්ද හරහා වර්ෂයක් තුල රුපියල් බිලියන 100 ක අදායමක් ලබාගන්න දැනට පවතින වෙළෙඳාම මත ඇස්තුමේන්තුගත කරලා වෙන්න ඇති මෙම මුදල තීරණය කරල තියෙන්නේ. ඒත් පවතින උද්ධමනය සහ දැනට ක්‍රියාත්මක වන බදු ක්‍රම අනුව ආර්ථිකය අනිවාර්යෙන්ම කඩා වැටෙනවා. මේ නිසා අපේක්ෂිත ආදායම ලැබේවි කියල හිතන්න බැහැ.
කඩ සාප්පු වසා දමා වර්ජනය කිරීම
මේ වැඩේට දේශපාලනඥයන් සම්බන්ධයි කියල ප්‍රචාරයක් දියත් වුණා. ඒත් බොහොම පැහැදිලිවම කියන්න ඕන අපේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින රටපුරාම ව්‍යාපාරිකයන්ගේ සංගම්වල නියෝජිතයෝ එකට එකතුවෙලා තමන්ට සිදුවන,ජනතාවට සිදුවන අසාධාරණයට එරෙහිව නැගී සිටීමක් සිදුවුණා. ඉදිරියටත් නැගී සිටීම සිදුවේවි. එහෙම නැතුව මෙය දේශපාලනීකරණය වෙලා පවතින රජයට විරුද්ධව කරන දෙයක් නෙවෙයි. වැට් බද්ද ඉවත් කළොත් ඒක බලාගන්න පුළුවන්. මෙම කටයුත්ත පිටුපස කිසිම දේශපාලනයක් නැහැ. තියෙන්නේ ව්‍යාපාරිකයන් එකතු වීමක් පමණයි. එය දැනට ක්‍රියාත්මක වන්නේ ප්‍රා‘දේශීය වශයෙන්.ඒත් දිගින් දිගටම ආණ්ඩුව එකම තීරණයක සිටියහොත් ඉදිරියේදී එය ජාතික මට්ටම දක්වා පැමිණ විරෝධතාවයක් වේවි.