රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් පර්යන්ත රෝහල් ශාඛා සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ දිනක වැටුප කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂන අරමුදලට පරිත්‍යාග කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදි ඊයේ (20) සිදු කෙරිණි.
කොවිඩ් 19 වසංගතය ඉතාලියේ පැතිරිම ආරම්භ වීමත් සමග පසුගිය පෙබරවාරි 26 දා සිට වසා දැමු පාසැල් නැවත විවෘත කිරිම හො නොකිරිම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන ඇමතිනි ලුසියා අස්සොලීනා මහත්මිය පෙරේදා (19) පවසා සිටියාය.
Read Moreමේ අතර පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකරමින් අද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ල කාල්ටන් නිවෙසේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පහන් දැල්වීය.
Read Moreකොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 19 වන දින සහ 20 යන දිනයන්හීදී රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල මෙන්ම මහව සහ ගාල්ල යන දුම්රිය ස්ථානයන්ද කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ජනතාව පීඩාවට පත්ව සිටියදී පරිසරය සුන්දරත්වයෙන් පිරී තිබේ.
Read Moreපාකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් , මෙම කොවිඩ් - 19 වසංගත රෝගී සමයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනා යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සදහා අද (21) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පාකිස්තානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
Read Moreදිවයින පුරා සියලුම මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය මේ වන විට නියම කර තිබේ.
Read Moreජීවනෝපාය අහිමි වූ පවුල් ඒකක සඳහා ගෙවනු ලබන රුපියල් 5000ක දීමනාව ගෘහ මූලික ලැයිස්තුවේ ඇති පවුල් ඒකකයක සිටින අනු පවුල් සඳහා ද ලබාදීමට රජය තීරණය කර තිබේ.
Read Moreමැතිවරණය එළැඹෙන 25 දා පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට තීරණය කළේය.
Read Moreචීනය තුළ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමත් සමගින් බීජින් නුවර සිය ප්‍රධාන සංචාරක ස්ථාන 73 ක් සංචාරකයන්ට විවෘත කර තිබේ.
Read MoreCOVID -19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208ක පැතිර ගොස් ඇත.
Read Moreකොවිඩ් 19 වෛරසය පවතින කාලය තුළ සාමාන්‍ය දෛනික කටයුතු නැවත ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවද කටයුතු කර තිබේ.
Read Moreසමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ඉතිහාසයේ විශාලතම මහජන සහනාධාර ලබාදීමේ මෙහෙයුම අත්‍යාවශ්‍ය සේවා සඳහා වන කාර්යය සාධන බලකායෙහි මෙහෙයවීමෙන් ඊයේ දින (2020.04.19) සිට ආරම්භ කෙරුණි.
Read Moreමහ මැතිවරණය පැවැත්වීම සඳහා එළැඹෙන ජුනි 20 සෙනසුරාදා දිනය යොදා ගැනීමට මැතිවරණ කොමිෂම විසින් තිරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More(LONG READS)මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට අද තිබෙනවා.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 769 ඉක්මවයි.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිතයෙක් වර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා අද දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 33ක් දක්වා වර්ධනය වී තිබේ.එසේම සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 304ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකලුතර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන බේරුවල ආසනය තුල පවතින වර්තමාන තත්ත්වය පිළිබඳවත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින කලුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දි පැවැත්විනි.
Read Moreඉතාලියේ සිට පැමිණි 600 කට වැඩි පිරිසක් සිය නිවෙස් තුළ නිරෝධායනයට ලක් කළ බවත් ඔවුන් නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට අදාළ සහතික නිකුත් කර අවසන් බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිලධාරි කේ.එම්.සුසන්ත කුමාරසිංහ මහතා පවසයි.
Read Moreදිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.
Read Moreකොරෝනා ආසාදන වක්‍රය පාලනයට කර ඇති බවත් ඒ අනුව එරට ඇතැම් සීමාවන් ලිහිල් කිරිමට කටයුතු කරන බවත් ජර්මනිය පවසයි.
Read Moreකොළඹ ප්‍රදේශයේ ඇඳිරි නීතිය නිසා කොටුවී සිටින මහජනතාවට බෙදාදීම සඳහා යුද හමුදාව වෙත එළවලු කිලෝ ලක්ෂ එකහමාරක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික මහතෙකු අද ( 20) දින කටයුතු කළේය.
Read Moreකොරෝනා පාලනය සඳහා රජයෙන් පනවා තිබෙන කොන්දේසි උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන කළමණාකරණ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20දා) තංගල්ලේදී පැවැසීය.
Read Moreඅද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32ක් වන අතර ඒ අනුව එක් දිනක් තුළ ශ්‍රී ලංකාවේ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද මෙය වෙයි.
Read Moreමසකට අධික කාලයක් වසා දමා තිබු උඩරට වතුකරයේ මත්පැන්හල් ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග විවෘත කිරීමෙන් පසුව මෙරට නිෂ්පාදිත සියළුම අරක්කු වර්ග ඊයේ (20) දහවල් වනවිට සම්පුර්ණයෙන්ම විකිණී අවසන්වු බව මත්පැන්හල් හිමියෝ පවසති.
Read Moreඔබට MSC Magnifica නෞකාව මතකද? එසේත් නොමැතිනම් විදේශීය රටක නෞකාවක සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා වූ සූපවේදී අනුර හේරත් මතකද? අනුර හේරත් ගමන් ගත් MSC Magnifica නෞකාව අද දිනයේදී Marseille වරායට නැංගුරම් ලෑමට නියමිතව තිබේ
Read Moreකොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම හෙට (21) සවස කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreකොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක සිට ක‍්‍රියාත්මක වෙමින් තිබුණු රජය සියලු විද්‍යාත්මක පදනම් පසෙකලා සුරා සැල් විවෘත කිරිම කිසිසේත් අනුමත කල නොහැකි බව ඇඩික් (ADIC) ,සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreකොරෝනා වසංගතය පිටු දැකීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන කාර්ය භාරයට සහාය දක්වමින් ජි 77 කණ්ඩායම හා චීනය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඅද(20) දිනයේ එක් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read More