saravita-anim2

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

Opinion - timelapse 6744 hours ago

LATEST

ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 113ක්

calendar_today 2020 ඔක් 25 - 17:53 remove_red_eye - 900  

අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 113 දෙනෙකු සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂක අංශයේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කරයි.

Read More

කොවිඩ් - 19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 89 දෙනෙකු අද (25) දින රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) දින සිට සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට දින එනම් 2020 ඔක්තොම්බර් 26 වන දින පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් හා ඖෂධ වෙළඳ සැල් විවෘත කර තැබෙන බව දැනුම් දෙයි

Read More

කොටුව,පිටකොටුව,බොරැල්ල,වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

මිරිහාන මූලස්ථාන පොලිසියේ භෝජනාගාරයේ පාලක ලෙස කටයුතු කල කොස්තාපල් වරයාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි .

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපලේ සේවය කර පී.සී.ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් අයෙක් කොළඹ බදුල්ල ලංගම බස්‍ රථයකින් හාලිඇලට පැමිණ තිබේ.

Read More

“යම් ආකාරයකින් නිරෝධායන ඇඳිරි නීතියට පටහැනිව යම්කිසිවෙක් පටහැනිව කටයුතු කළොත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඊට හේතුව මෙම රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. අනිවාර්යයෙන්ම ඇඳරි නීතිය පනවා ඇති ප්‍ර දේශවල සංචරණය සීමා විය යුතුයි.”

Read More

සමස්ත රෝගීන් සංඛ්‍යාව 7521 රෝහල්ගතව ප්‍රතිකාර ලබන 3792 රෝහල් අධීක්ෂණය යටතේ පසුවන (සැකසහිත) 482 ජීවිතක්ෂයට පත්වීම් 15 සුවය ලැබීම් 3714

Read More

කොරෝනා මරණ දෙකක් සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වෙමින් පවතින බැවින් කොරෝනා වෛරසය පරීක්ෂාව සඳහා අවශ්‍ය පීසීආර් යන්ත්‍රයක් කඩිනම්න් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලබා දෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

වාලච්චෙන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 75ක් වාර්තා වී තිබේ. මෙසේ වාර්තා වී ඇති සියලු දෙනා දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.

Read More

මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පුවීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බලප්‍රදේශවලට යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

වැල්ලවත්ත හා බම්බලපිටිය පොලිස් වසම් වලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 201ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ගත වූ පැය 24 ක කාළය තුළ මෙම වෛරසය ආසාදිත සේවකයින් 29 දෙනෙකු සොයාගෙන ගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 366 දෙනෙකු වාර්තා වී ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .

Read More

අද (24) රාත්‍රි 7.00 සිට ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 70 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

දියතලාව ආයූර්වේදය ආසන්නයේ ඇති මත්ස්‍ය අලෙවිසැලක දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. මේ අනුව ඔවුන්ගෙ ආශ්‍රිතයන් සොයා සෞඛය අංශ මේ වන පරීක්ෂණ පවත්වමින් පවතී.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පොඩි ලැසි නැමැත්තාට අයත් ටී 56 ගිණි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රි මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි පොඩිලැසිගේ ආච්ච්ගේ නිවස පිටුපස තිබී සෙයාගත් බව අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව පවසයි.

Read More

මෙරට 15 වන කෝවිඩ් මරණය සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

කහතුඩුව හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත වූ තලගල පදිංචි සෞඛ්‍ය සේවිකාවගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ කෝවිඩ්19 පැතිරීම පාලනය කිරීම සදහා අවශ්‍ය කරන පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 25,000 ක් පරිත්‍යාග කිරීමට චීන රජය තිරණය කර තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 256ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇත.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි දෙමටගොඩ, මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

කොරෝනා ආසාදිතයින් වාර්තා වන රෝහල් වලින් රෝගීන් සම්බන්ධයෙන් විමර්ශනයට අවශ්‍ය තොරතුරු ලබා දීම ඇතැම් රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා යාමේදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තාවේ.

Read More

සති අන්තයේදී මුළු රටටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන වාර්තාවල කිසිම සත්‍යතාවක් නොමැති බවත් අද පස්වරුවේ රැස්වූ කොවිඩ් කාර්ය සාධක බළකාය මෙවැනි ආකාරයේ කිසිම තීරණයක් නොගත් බවද ඔහු පැවැසීය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ගත වූ පැය 24 ක කාලය ඇතුළත කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 797 ක් වාර්තා වී ඇති අතර , එය දිස්ත්‍රික්කය තුළින් වාර්තා වූ වඩාත් ඉහළ අගයක් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.