මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වෙහෙරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
කොළඹ නැව්තථාංගන හා පැලියගොඩ මත්ස්‍ය වෙළද පොළේ කොරෝනා පොකුරු නිසා ගාල්ල දිස්ත්‍රික්කය තුල මේ වනතෙක් කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අද (26) දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබේ.
Read Moreකොරෝනා වසංගතයත් සමග කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරින් 49 දෙනෙකු නිරෝධායනයට ලක්කිරිමත් නිසා කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ධුරයේ වැඩ ආවරණය කිරිම සදහා වෙනත් නිලධාරියකු පත්කොට අවට පොලිස් ස්ථානවල නිලධාරින් පිරිසක් ද අනුයක්ත කොට පොලිසියේ රාජකාරි කටයුතු ඊයේ (25) රාත්‍රියේ සිටම සාමන්‍ය පරිදි පත්වාගෙන යන බැව් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පත් නුවන් වෙදසිංහ මහතා පවසයි.
Read Moreහම්බන්තොට ධිවර වාරයේ ධිවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙය ශ්‍රී ලංකාවේ 16 වැනි කොරෝනා මරණය වෙයි.
Read Moreපසුගිය 08 වෙනිදා නිරෝධායන ඇදිරි නීතිය පැනවූ පොලිස් බල ප්‍රදේශ 15ක පවුල් 4,64,254කට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා මෙහිදී කිවේය. ඒ සදහා වැය වෙතැයි ගනන් බලා ඇති මුදල රුපියල් 2,321,270,000 කි.
Read Moreදිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරුවලින් තවත් ආසාදිතයන් 85ක් වාර්තා වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකොළඹ කොටුවට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති හෙයින් විශේෂ දුම්රිය හැර සියලුම දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරත්තොට ප්‍රදේශයෙන් කොවිඩ් ආසිදිතයෙක් වාර්තාවීමත් සමග රත්තොට ප්‍රදේශයේ සංචාරකයින් පැමිණෙන ස්ථාන 25 දින සිට වසා දැමිමට පියවර ගන්නා බව රත්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකොන් මහතා පැවසිය.
Read Moreකොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් සිදු කෙරෙන ලිපි බෙදීමේ කටයුතු නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවීමට සිදුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළා. බොහෝ ප්‍රදේශවල ජනතාව ලිපි සහ පාර්සල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ තැපැල්කරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි තැපැල්පතිවරයා සඳහන් කර සිටියේ.
Read Moreපෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයන් සහ රියදුරන් 40 දෙනෙකු ඊයේ (24දා) කල්පිටිය රෝහලේදී පී. සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කරමින් සිටිය දී, ඒ සදහා සහභාගී වීමට පැමිණ සිටි 32 හැවිරිදි විවාහකයෙකු හදිසියේ මිය ගොස් ඇතැයි, කල්පිටිය පොලිස් ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර මහතා පවසයි.
Read Moreබේරුවල,අලුත්ගම හා පයාගල යන පොලිස් බල ප්‍රදේශයන්ට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) උදෑසනස 5.00ට ඉවත් කරන බව මින් පෙර දැනුම් දී තිබුණද එම නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මකයි.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 263ක් හඳුනා ගෙන ඇත.
Read Moreඅද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 113 දෙනෙකු සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂක අංශයේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කරයි.
Read Moreකොවිඩ් - 19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 89 දෙනෙකු අද (25) දින රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) දින සිට සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට දින එනම් 2020 ඔක්තොම්බර් 26 වන දින පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් හා ඖෂධ වෙළඳ සැල් විවෘත කර තැබෙන බව දැනුම් දෙයි
Read Moreකොටුව,පිටකොටුව,බොරැල්ල,වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
Read Moreමිරිහාන මූලස්ථාන පොලිසියේ භෝජනාගාරයේ පාලක ලෙස කටයුතු කල කොස්තාපල් වරයාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි .
Read Moreපෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපලේ සේවය කර පී.සී.ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් අයෙක් කොළඹ බදුල්ල ලංගම බස් රථයකින් හාලිඇලට පැමිණ තිබේ.
Read More“යම් ආකාරයකින් නිරෝධායන ඇඳිරි නීතියට පටහැනිව යම්කිසිවෙක් පටහැනිව කටයුතු කළොත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඊට හේතුව මෙම රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. අනිවාර්යයෙන්ම ඇඳරි නීතිය පනවා ඇති ප්‍ර දේශවල සංචරණය සීමා විය යුතුයි.”
Read Moreසමස්ත රෝගීන් සංඛ්‍යාව 7521 රෝහල්ගතව ප්‍රතිකාර ලබන 3792 රෝහල් අධීක්ෂණය යටතේ පසුවන (සැකසහිත) 482 ජීවිතක්ෂයට පත්වීම් 15 සුවය ලැබීම් 3714
Read Moreකොරෝනා මරණ දෙකක් සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වෙමින් පවතින බැවින් කොරෝනා වෛරසය පරීක්ෂාව සඳහා අවශ්‍ය පීසීආර් යන්ත්‍රයක් කඩිනම්න් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලබා දෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreවාලච්චෙන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 75ක් වාර්තා වී තිබේ. මෙසේ වාර්තා වී ඇති සියලු දෙනා දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.
Read Moreමාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පුවීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බලප්‍රදේශවලට යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවැල්ලවත්ත හා බම්බලපිටිය පොලිස් වසම් වලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 201ක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More