විදෙස් රටවල් කිහිපයක පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටියි.
ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 01/26 දින සවස 4.00 න් අවසන් පැය 24 තුළ දී 11,000 සීමාව ඉක්මවා ගිය බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreතවත් රෝගීන් 709 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් 189 එන්නත් තොගය 28දා දිවයිනට පැමිණීමට නියමිතය.
Read Moreමේ දවස්වල රටේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ කොරෝනා වසංගතය නෙමෙයි. අද හැමෝම කතාවෙන්නෙ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන. මේ ජැටිය සම්බන්ධයෙන් සියලුම ගිවිසුම් වලට එලඹිලා තිබුණේ පසුගිය යහපාලන රජය. නමුත් ඒ සියලු ගිවිසුම් වල අයහපත් දේ මගහැරලා යහපත් විදිහට ක්‍රියා කිරීමයි අපි මේ කරන්නේ. මේක රටට අහිතකර කාරණාවක් නෙවෙයි.
Read Moreමහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමෙන් පසු, සීසීටීවී දර්ශන නිරීක්‍ෂණය මගින් සමීප ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගත් බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් ආසාදිතව සිටි 653ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 50,337ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35දෙනෙකු වෙනුවෙන් සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 12 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇතැයි අලුත්ගම පොලිසියේ කොවිඩ් පැතිර යාම වැළක්වීමේ ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ අද (25දා) සඳහන් කළේය.
Read Moreසමගි ජනබලවේගය නියෝජනය කරන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වෙයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 108ක් වාර්තාවිමත් සමග පළාතෙන් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (25) පෙරවරු 6.00 වන විට 3937ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපොල් සංවර්ධන අධිකාරිය, පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් පර්‍යේෂණ ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවනු ලැබිණ.
Read Moreඅද (25) දින උදෑසන වනවිට කොවිඩ් 19 ආසාදිත පුදගලයන් 843ක් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීම් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වෙයි.
Read Moreඅද (25දා) උදෑසන 6.00 සිට අලුතින් හුදෙකලා කරන ප්‍ර දේශ හා හුදෙකලා කිරීමෙන් ඉවත් කිරීම පිළිබඳව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඅද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 841ක් වාර්තා වී තිබේ. ඒ පෑළියගොඩ පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 492ක් අද දිනයේදී වාර්තා වීමත් සමගිනි.
Read Moreකොවිඩ් ආසාදිත නමුත් සංකූලතා නොපෙන්වන පිරිස් සඳහා අදාළ පහසුකම් තිබේ නම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
Read Moreප්‍රදේශ කිහිපයක අද (24) පස්වරු 6.00 සිට හුදකලා බව ඉවත් කිරීමට සහ අලුතින් පැනවීම සිදුකරනු ලබන බව ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 349 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා හෙට(25) බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරෙයි. මාර්තු මසදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව හෙට(25) දිනයේදී බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කෙරෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර සිටියේය.
Read Moreසෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන් එන්නත් කිරීම පසුදිනම (28) ආරම්භ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
Read Moreගල්කිස්සේ පදිංචි 69 හැවැරිදි පිරිමි පුද්ගලයෙක් හා රනාල පදිංචි අවුරුදු 82ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreකරාපිටිය රෝහලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව සිටි කාන්තාවක මියෑමෙන් පසු සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බැවින් එම ඒකකයේ සේවය කළ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට කොරෝනා අවදානම් තක්සේරුවක් අද (23) සිදුකර වාට්ටුව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.
Read Moreහැටන් කලාප අධ්‍යාපන කර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ 9 ඒ වසරේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.
Read Moreඅද (22) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 438ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයන් ලෙස නිරෝධායනය වෙමින් සිටි ඇමති ආරක්ෂක නිලධාරියෙකු හා ආධාරකරුවෙකු වන පුද්ගලයන් දෙදෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි පොලිසිය හා සෞඛ්‍ය අංශ අද(22) සදහන් කළහ.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 278ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (22) දිනයේ කොවිඩ් ආසාදිතයින් 346ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ලකුණු අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොකළ බව ත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ලේකම්වරයා මේ බැව් පැවසූයේ අද (22දා) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
Read Moreසිය ටෙස්ට් දිවියේ 11 වැනි ශතකය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වූයේය. ඒ ගාල්ල ක්‍රීඩාංගණයේදී සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.
Read Moreපස්සර ජාතික සිසුන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වලදී අනාවරණය වූ බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ කමිටුව පවසයි.
Read More