saravita-anim2

2025 ජනවාරි මස 13 වන සඳුදා

2025 ජනවාරි මස 13 වන සඳුදා

Opinion - timelapse 5878 hours ago

LATEST

ෆයිසර් එන්නතට අනුමැතිය

calendar_today 2021 මැයි 07 - 19:54 remove_red_eye - 278  

ඇමෙරිකාවේ ෆයිසර් එන්නත ශ්‍රී ලංකාවේ භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලැබී තිබේ.

කොවිඩ් ආසාදිතයින් 1097ක් අද දිනයේ හමුවි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 878 දෙනෙකු අද (07) දිනයේ පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් වසංගතය යැයි පවසා රට වසාගෙන සිටිය නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොවිඩ් 19 වසංගතයට එරෙහිව හදිසි භාවිතය සඳහා චීනයේ සිනෝෆාම් එන්නතට තව දින දෙක තුනකින් අනුමැතිය ලබාදීමට හැකිවෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ප්‍රකාශ කළ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයට එරෙහිව ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූර්ණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරන සංචාරකයන්ට විවෘත කරන සියලුම පාරිසරික සංචාරක ගමනාන්ත, උද්‍යාන, කඳවුරු භූමි හා සියලුම සංචාරක බංගලා පවතින කොඩවි 19 වසංගත තත්ත්වය යටතේ නැවත දැනුම් දෙන තුරු සංචාරකයින් සඳහා විවෘත නොකරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

බිළිදාගේ හා මව පියා හා මෙම බිළිදාගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනාද ජෛව පටල පරික්ෂාවක් පසුගිය 28 දින පුත්තලම මුලික රෝහලෙන් ලබා ගෙන ඇති අතර එහි වාර්තාව 6 දින ලැබී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එම වාර්තා අනුව මෙම පිරිසෙන් කෝරෝනා ආසාධිත වි ඇත්තේ මෙම බිළිදා පමණක් බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ඉඟුරුලුව, පැල්වත්ත නැගෙනහිර, මිරිස්වත්ත, පහළ හෙවැස්ස යන ග්‍රාම සේවා වසම්වල හුදෙකලා කිරීම් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

කොළඹ - කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර,නිවුන්ගම, හල්පිට කලුතර - පොල්හේන, පිඹුර, යටියන බටහිර ගම්පහ -සූරියපාලුව දකුණ හා උතුර, ඇල්දෙණිය නැගෙනහිර, පහළ කරගහ අමුණ උතුර, ඉහළ කරගහ අමුණ උතුර

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 546 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදනය වී ඇති 1305 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 118,834ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 810 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 100,885 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

මුහුණු ආවරණ නොපළඳමින් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට මරණ 17ක් වාර්තා වි ඇති අතර සමස්ත රෝගින් සංඛ්‍යාව 2299ක් බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 475 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් (6) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල හමුව ඇති අතර ඉන් 69 ක් වන වැඩිම පිරිසක් දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

බස්නාහිර පළාත තුළින් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා වාර්තා වී තිබේ. බස්නාහිර පළාතේ කොළඹ (498), ගම්පහ (387) හා කලුතර (377) යන දිස්ත්‍රික්ක තුළින් ඊයේ දිනයේදීද ලංකාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 14ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 734කි.

Read More

තවත් දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ - පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ - සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය

Read More

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 23 දෙනෙකුට කොවිඩි ආසාධනය වී ඇති බවත් විශ්ව විද්‍යාල පරිපාලනය සිසු ජිවිත අවදානමකට ලක්කර ව්‍යාජ තොරතුරු සමාජ ගතකරන බව රුහුණු විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදානපතිරණ සිසුවා පැවසිය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 638 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1259ක් වාර්තා වී තිබේ. අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී තිබේ. ඒ අනුවට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 720ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 922ක් අද (05) දිනයේ පිටවගොස් ඇත.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 124 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (05) පෙරවරු 10.00 වන විට 6255 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේන් දින 16 කදී කොරෝනා ආසාදිත රෝගීන් 400ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගතවූ සතියක කාලයේදී කොවිඩ් මරණ 10 ක් සිදුව තිබෙන බවත් මෙම දේහයන් ගොඩ ගැසිම නිසා වෙනත් මරණ භාර ගැනීමට පැමිණෙණ ජනතාව හා කාර්‍ය මණ්ඩලය දැඩි අවධානමකින් කටයුතු කරන බවත් හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි.

Read More

අලුත් අවුරු සමයේ සිට ඊයේ (04) දින දක්වා කාලය තුළදි කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 07ක සේවක සේවිකාවන් 107 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

ගම්පහ (542),කොළඹ (531), කලුතර (116)ක් ලෙස වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත දිස්ත්‍රික්ක වෙයි.

Read More

දිස්ත්‍රික්ක 4ක ග්‍රාම ‍සේවා වසම් 12ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.