Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
පසුගිය 13 වැනිදා Heart to Heart (හාර්ට් ටු හාර්ට්) සංවිධානය නාරාහේන්පිට කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි. පසුගිය මාසයේ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයෙන් 365/365 (අ) වගන්ති ඉවත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතා පරිච්ඡේදය තුළින් ලිංගික නැමියාව මත පුද්ගලයන් වෙනස් කොට සැලකීම වැළැක්වීම හා සමලිංගික, සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් ලබාදීම යන මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම විසින් ඉදිරිපත් කරන ලද යෝජනා රජය දැඩි ස්ථාවරයකින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ සමලිංගික, ද්විලිංගික හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවෙන් සැදුම්ලත් එම සංවිධානයේ ස්ථාවරය හා අදහස් දැක්වීම මෙහි අරමුණ විය.
Heart to Heart සංවිධානය පවසන්නේ මෙම 'සාමකාමී ප්‍රජාව' මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 365/365 (අ) වගන්ති මගින් අපරාධකරුවන්, මානසික රෝගීන්කොට සලකා ඇති බවත්, සිය අයිතීන් හා මානව හිමිකම් භුක්ති විඳීමට එම වගන්ති මගින් ඉඩ ප්‍රස්තා අහුරා ඇති බවත්ය. රජය සහ ඇතැම් මාධ්‍ය සිය ප්‍රජාවේ පැවැත්ම, හිමිකම් නොසලකා ඔවුන්ගේ අනන්‍යතාව පිළිබඳ සාවද්‍ය මතයන් රැසක් සමාජගත කිරීමට උත්සාහ දරන බව මෙම සංවිධානය වැඩිදුරටත් කියා සිටියි.
ස්වාභාවිකත්වය මැනීමට සංස්කෘතිය මිම්මක් කරනොගත යුතු බවත්, සංස්කෘතිය යනු එක් තැනක පල් නොවී නිරතුරුවම පෝෂණය වෙමින් සමස්ත මානව සංහතියේම යහපත උදෙසා පවතින්නක් බවත් පෙන්වා දෙන ඔවුහු, විශේෂයෙන් සංක්‍රාන්ති ලිංගිකයන්ට සමාජයෙන් නිරතුරුවම එල්ල වන පීඩා සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී ඔවුන් පත්වන අපහසුතාවන්ද සුළු පටු නොවන බව පවසති.
සමලිංගික සබඳතා නිසා සමාජ රෝග බෝ වනවා නම් අනාරක්ෂිතව සිදුකරන විෂමලිංගික සබඳතා මගින් සමාජ රෝග බෝ නොවන්නේදැයි ප්‍රශ්න කරන Heart to Heart සංවිධානය වැඩිදුරටත් කියා සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය 1990 වසරේදී සමලිංගිකත්වය මානසික රෝග වර්ගීකරණයෙන් ඉවත් කළද, ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරන සෑම නිර්ණායකයක්ම පිළිගන්නා ශ්‍රී ලංකාව මානව අයිතිය හා බැඳී ඇති මෙම කරුණ ද්වේෂ සහගත ලෙස නොසලකා හරින බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 365/365 (අ) වගන්ති යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයන් විසින් පනවන ලද නීති වන නිසා ලාංකේය සංස්කෘතිය තුළ ලිංගිකත්වය පිළිබඳ තිබූ මානුෂීය බව පිරි සාධාරණත්වය බිඳ දැමීමට එම නීති අධිරාජ්‍යවාදීන් යොදාගෙන ඇතැයි පෙන්වා දෙන මෙම සංවිධානය, තමන්ට සංස්කෘතික විරෝධීන් යැයි නැගෙන චෝදනා පදනම් විරහිත බවද අවධාරණය කරයි.
සිය ප්‍රජාවේ අයිතීන් හා හිමිකම් පිළිබඳ විවෘත තත්ත්වය හා මානුෂීයව බලන ලෙසත්, ඔවුන්ද මේ රටේ පුරවැසියන් වන නිසා රජය ඔවුන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් සුරක්ෂිත කිරීමට අවධානය යොමු කළ යුතු බවත් Heart to Heart සංවිධානය වැඩිදුරටත් කියා සිටියේය.
කරුණු කාරණා කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලෙස අපි මීට සූදානම්ද, නැද්ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි. අවසාන වශයෙන් මනුෂ්‍යත්වය හා මෙය අපේම සහෝදර පුරවැසියන් පිරිසකගේ අයිතිවාසිකමක් ලෙස සලකා මීට ඉඩ දෙනවාද? එසේ නැත්නම් මෙතෙක් අප ආරක්ෂාකරගෙන ආ සංස්කෘතිය හා සභ්‍යත්වය වෙනුවෙන් මීට ඉඩ නොදෙනවාද යන්න පාඨක ඔබ තීරණය කළ යුතු යැයි අපි සිතමු.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය මයුර සමරකෝන් මහතා
ඕනෑම රටක ව්‍යවස්ථාව සකස් වෙන්නේ ඒ රටේ සංස්කෘතියට, පැවැත්මට සහ සහජීවනයට අදාළ වන ආකාරයෙන්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පිහිටුවා තමයි දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ ආඥා අණපනත් ආදිය සකස් වෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365/365 (අ) වගන්ති මගින් අවධාරණය කරනවා මෙවැනි ක්‍රියා අස්වාභාවික සහ අනුමත කළ නොහැකි ලිංගික චර්යාවන් ලෙස.
තාක්ෂණික සහ සමාජීය වශයෙන් අපි කොපමණ දියුණු වුණත් අපි සමත් වෙලා තිබෙනවා අපේ සාරධර්ම සහ සංස්කෘතික හර පද්ධතීන් ආරක්ෂා කරගන්න. ශ්‍රී ලාංකිකයෙකුගේ යහපැවැත්ම රඳා පවතින්නේ ඒ සාරධර්ම මත. ශ්‍රී ලංකාව ගත්තාම මේ ආකාරයෙන් සමලිංගිකව සිටින සහ ලිංගික විපර්යාසයන්ට ලක්ව සිටින්නේ ඉතා සුළුතරයක්.
ඒ නිසා මෙවැනි අස්වාභාවික දේවල් නීතිගත කළහොත් හෝ එවැනි දෑ වාරණයට ලක්කර තිබෙන නෛතික වගන්ති අහෝසි කළහොත් විශාල සමාජ අර්බුදයක් ගොඩනැගීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ලංකාවේ තිබෙන කිසිදු ආගමකින් පවා මෙවැනි දේවල්වලට අනුමැතිය ලැබී නැහැ. මෙය අපි දකින්නේ බටහිරකරණයත් සමග එන අස්වාභාවික තත්ත්වයක් ලෙසයි.
1990 වසරේදී සමලිංගිකත්වය රෝගයක් හෝ මානසික ව්‍යාධියක් නොවේ යැයි කියන ලෝක සෞඛ්‍ය සංවිධානයම H.I.V. / A.I.O.S. වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග මර්දනය කරන්න සමලිංගික සබඳතාත් අවම කරන්න කියලා ප්‍රකාශ කරනවා. ඒ අනුව ගත්තම මේක ඉතාමත් පැටළිලි සහගත විකාරරූපී දෙයක්.
ශ්‍රී ලංකාවේ සමලිංගික සබඳතා නිසා සමාජ රෝග පැතිරීම ඉතා අවම මට්ටමකයි තිබුණේ. නමුත් අද වෙද්දි එම තත්ත්වයත් එක්තරා ප්‍රමාණයකින් වෙනස් වෙලා. සමලිංගිකත්වය මේ රට තුළ මුලින්ම දකින්නට ලැබුණේ විදේශික සංචාරකයන් ඇසුරු කරන ඇතැම් තරුණයන් අතර, බන්ධනාගාර රැඳවියන් අතර හෝ නේවාසිකාගාරවල ආදී වශයෙන් සුළු හා සාමාන්‍ය තත්ත්වයන් විදිහටයි. නමුත් මෙවැනි සබඳතා විවාහයක් දක්වා රැගෙන යාම අනුමත කළ නොහැකියි.
මොන සංවිධානය මොන විදිහට කිව්වත් අපේ රටට ගැළපෙන දේ අපි තීරණය කළ යුතුයි. බටහිර සංස්කෘතිය සහ අපේ සංස්කෘතිය කියන්නේ දෙකක්. බටහිර සංස්කෘතියේ සෑම දෙයක්ම අපට ගැළපෙන්නේ නැහැ. බොහෝ බටහිර රටවල මවුපිය දූදරු සබඳතා දරුවන්ට අවුරුදු 18 වන්නටත් පෙර ගිලිහී යනවා.
ඒ පවුල් සංස්ථා අතර ඒතරම් ශක්තිමත් බැඳීම් දකින්න ලැබෙන්නේ නැහැ. දික්කසාදය හා නොමනා ලිංගික සබඳතා ඉතා සරල ලෙස සලකන ස්වභාවයක් තමයි ඔවුන් තුළ තිබෙන්නේ. ශ්‍රී ලාංකේය ජන සමාජයේ දරුවෙකුගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම නොතිබීම හා දරුවාගේත්, පියාගේත් වාසගම් නොගැළපීම ආදී කාරණා තවමත් ප්‍රශ්න කරන තැනකයි තිබෙන්නේ.
මෙවැනි සමාජයක් ඇතුළෙ සමලිංගික පවුලකට ලැබෙන පිළිගැනීම කොයි වගේ වෙයිද? නීත්‍යනුකූලභාවය ලබාදුන්නත් මේ එල්ල වන බහුතර විරෝධයට ඔවුන්ට මුහුණදෙන්න පුළුවන්ද? කියන ගැටලු අපට මතු වෙනවා. ඒ වගේම සමලිංගිකයන් දෙදෙනෙක් විවාහ වෙලා දරුවෙක් හදාගන්න ගත්තත් ඒ දරුවන්ගේ අනාගතය හා සමාජයෙන් එම දරුවාට ලැබෙන පිළිගැනීම යහපත් වන එකක් නැහැ. එවැනි පවුලකට පැවැත්මක් නැහැ.
ඔවුන් මහලු වුණාම රැකවරණයට සිටින්නේ කවුද? ඒ තුළින් ඔවුන් අසරණ වනවා පමණක් නොවෙයි රටටත් ගැටලුවක් නිර්මාණය වෙනවා. නීතියෙන් පිළිගත් පමණින් ඊට සමාජයෙන් පිළිගැනීමක් ලැබෙයි කියලා සිතන්න අපහසුයි. නීතිමය බැඳීම සහ සමාජීය බැඳීම කියන්නේ දෙකක් වගේම සමාජීය බැඳීම නීතිමය බැඳීමට වඩා ශක්තිමත්. මෙවැනි ඉල්ලීම් සිදුකරන කණ්ඩායම් සමාජීය බැඳීම් තුට්ටුවකට සලකන්නේ නැති බවයි පෙනෙන්නේ.
ඒ වගේම සංස්කෘතිය පිළිබඳ කතා කරද්දි සංස්කෘතිය අපි ප්‍රබල සහ දුර්වල සංස්කෘතීන් ලෙස වර්ග 02කට බෙදනවා. ප්‍රබල සංස්කෘතීන්වල ලක්ෂණ දුර්වල සංස්කෘතීන් වෙත ගලා යාම සංස්කෘතික විසරණය ලෙසයි අපි හඳුන්වන්නේ. කෙසේ නමුත් අපි කොහොමද කියන්නේ බටහිර රටවල තිබෙන්නේ ප්‍රබල සංස්කෘතියක්ය, මෙරට තිබෙන්නේ දුර්වල සංස්කෘතියක්ය කියලා.
අපේ පවුල් සංස්ථා ගත්තම තවමත් මව්පිය දූ දරු බැඳීම් ශක්තිමත්ව පවතිනවා. දරුවන් විවාහ වෙලා වෙනම පවුලක් වුණත් මියයන තෙක්ම දෙමාපියන් පෝෂණය කරමින් රැගන්න අපි බැඳී සිටිනවා. ගුරු-සිසු සම්බන්ධය උත්තරීතර කොට සලකනවා. ඉතිං මෙය නොවෙයිද ප්‍රබල සංස්කෘතිය? මෙය ළිං මැඩි සංස්කෘතියක් කියන්න මොනවද තිබෙන නිර්ණායකයන්?
දරුවන්ට අවුරුදු 18 පිරෙන්නටත් පෙර මවුපිය සබඳතා ගිලිහී යන, අඹු සැමි බැඳීම් සරලව සිතන, ලිංගිකත්වයට මුල් තැනදී කටයුතු කරන බටහිර සංස්කෘතීන් අපි කොහොමද ප්‍රබල සංස්කෘතීන් ලෙස දක්වන්නේ?.
සංස්කෘතියක් පෝෂණය වෙනවා කියන්නෙ බටහිර පරිහානිමය ලක්ෂණ අපේ සංස්කෘතියට ඈඳා ගැනීම නොවෙයි. එවැනි පරිහානි නිසයි මවුවරුන්ගේ දින, පියවරුන්ගේ දින, ගුරු දින නම් කරන්න සිදුවෙලා තිබෙන්නේ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ රටේ මීටත් වඩා අවධානය යොමු විය යුතු සමාජ ගැටලු රාශියක් තිබෙනවා. අපේ මූලික නීතිය, අධ්‍යාපනය ක්‍රමය, පාරිසරික ගැටලු, ආර්ථික ගැටලු, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආදී විශාල අර්බුද රාශියක් තිබෙනවා. ඒවායින් සමස්ත සමාජයම පීඩා විඳිනවා. මේ සමලිංගිකත්වය නීතිගත කිරීම හා අයිතිවාසිකම් ලබාදීම කියන දේ බොහොම සුළුතර පිරිසකටයි ගැටලුවක් වෙලා තිබෙන්නේ.
මෙය නීතිගත නොකිරීම නිසා විශාල සමාජ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා නම්, මාධ්‍යවල නිරතුරුව කතා කරනවා නම්, මේ ගැන විශාල ලෙස උද්ඝෝෂණ, පෙළපාළි දකින්නට ලැබෙනවා නම් අපට කියන්න පුළුවන් මේක විශාල සමාජ ගැටලුවක් කියලා. නමුත් බටහිරකරණයට ලක්වෙලා බටහිර සංස්කෘතීන් අන්ධ භක්තියකින් අදහන ඉතා සුළු පිරිසකට අවශ්‍ය අයුරින් රටේ සභ්‍යත්වයට හානි කිරීම අනුමත කළ හැකි දෙයක් නොවෙයි.
ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365/365 (අ) වගන්තිවලට අනුව කාන්තාවක් කාන්තාවක් අතර හෝ පුරුෂයෙකු පුරුෂයෙකු අතර ඇතිවන ලිංගික ක්‍රියා දඬුවම් ලැබිය හැකි අස්වාභාවික ලිංගික ක්‍රියා ලෙසයි හඳුන්වන්නේ. මේ නීති රීති ගෙන එන්නේ මේ රට බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පාලනය වන සමයේ. මේ පැරණි නීති බොහෝ යල්පැනගිය ඒවා. අද වෙද්දි බ්‍රිතාන්‍යය පවා සමලිංගික අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කරලා තිබෙනවා.
මේ ගැන විග්‍රහයක් කරනවා නම් මේ වෙනතෙක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් කිසිදු පුද්ගලයෙකු 365 හෝ 365 (අ) වගන්ති යටතේ අත්අඩංගුවට ගැනීමක් හෝ අධිකරණයකට ඉදිරිපත් කොට දඬුවම් ලබාදීමක් සිදුකොට නොමැති තරම්. ඇත්තටම මේ නෛතික වගන්ති දෙක තිබෙන්නේ අක්‍රිය මට්ටමේ. නමුත් අක්‍රිය මට්ටමේ තිබුණත් මෙම වගන්ති සමලිංගික හා ලිංගික සංක්‍රාන්ති පාර්ශ්වයන්ට හිමිකම් හා අයිතිවාසිකම් ලබාදීමට අහිතකර බලපෑමක් එල්ල කරනවා.
මගේ මතය මේ 365/365 (අ) වගන්ති අහෝසි කිරීම සාධාරණ බවයි. මෙම පිරිසට හිමි අයිතිවාසිකම් නොලැබීමෙන් ඔවුන් බොහෝ සේ පීඩාවට පත්වී සිටිනවා. සමාජයක් ලෙස මෙය අපි මානුෂීයව සිතා බැලිය යුතුයි. මේ හිමිකම් ලබාදුන්නා කියලා කිසිම පුද්ගලයෙක් බලෙන් සමලිංගිකයෙකු හෝ සංක්‍රාන්ති ලිංගිකයෙකු වෙන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා කියන්නේ ඔවුන්ට සිය අයිතිවාසිකම් ලබාදිය යුතු බවයි.
මෙය ඒතරම් පහසු කටයුත්තක් නොවෙයි. වත්මන් සමාජයේ තවමත් මේ කරුණ සම්බන්ධයෙන් තිබෙන්නේ ඍණාත්මක ආකල්පයක්. සමහර මාධ්‍ය පවා සමබර වෙනවා වෙනුවට මේ ගැන ඍණාත්මක මතවාද ගෙන යනවා. මේ ඍණාත්මක ආකල්ප පසෙකලා මේ කාරණයට සාධාරණත්වය ඉටුකරගන්නත්, මානුෂීයව බලන්නත් කතිකාවතක් ගොඩනැගීමේ අවශ්‍යතාව අද ඇති වී තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අරන් බලන්න. එහි විනිසුරුවරුන් පස් දෙනෙකුගේම මතය වුණේ සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් ලබාදිය යුතුයි යන්නයි. තවත් විනිසුරුවරු හතර දෙනෙක් ඊට විරුද්ධ වෙනවා. එපමණක් නොවෙයි අගවිනිසුරුවරයා පවා විරුද්ධ වෙනවා. නමුත් අවසානයේ සිදු වන්නේ ලිබරල් මතය ජයග්‍රහණය කිරීම. ඒ අනුව ප්‍රාන්ත පනහෙම සමලිංගික විවාහ නීතිගත කෙරුණා. අයිතිවාසිකම් හිමිවුණා. එසේ වුණා කියලා ඇමෙරිකාවේ සියලු දෙනා සමලිංගිකයන් වෙලා නැහැ.
ජීව විද්‍යාත්මක පසුබිම අධ්‍යයන කිරීමේදීත් පැහැදිලිව පෙනෙන්නේ මෙය සාමාන්‍ය සිද්ධියක් තත්ත්වයක් බව. ඒක ඒ ඒ පුද්ගලයන්ගේ ලිංගික නැමියාව. මෙය සිතාමතා සිදුකරගන්න දෙයක් නොවෙයි. තත්ත්වය එසේ තිබියදී ඔවුන් කොන් කිරීම, පීඩාවට පත් කිරීම සාධාරණද? ඔවුන් මිනිස්සු නොවෙයිද? ඔවුන්ගේ අයිතිය ලබාදීම අපරාධයක් වන්නේ කොහොමද? මේ කරුණු විවෘත මනසකින් සිතා බැලිය යුතුයි.
සමාජය අසන තවත් ප්‍රශ්නයක් තමයි මෙවැනි සමලිංගික පවුල් විවාහ වෙලා අවසානයේ මහලු වුණාම බලාකියාගන්නේ කවුද කියන එක. ඒ සඳහා තමයි සමාජ ආරක්ෂක මණ්ඩල රජය විසින් ඇති කළ යුත්තේ. ඔවුනුත් රටේ පුරවැසියන්. සමලිංගික පවුල් පමණක් නොවෙයි අම්මලා, තාත්තලා වුණත් අද කොච්චර නම් සරණක් නොමැතිව මහමගට වැටිලා ඉන්නවාද? ඒ සියලු දෙනාවම රැකබලා ගැනීම රජය විසින් සිදුකළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි.
නඳුන් ශ්‍යාමාල්
popular news
ලක්මාලී Sunday, 15 November 2020 01:04 PM
සමලිංගිකත්වය කියන්නේ දැන් කාලේ සාමාන්‍ය දෙයක් ඇත්තටම මං දන්න මගෙ යාලුවෙක් ඉන්නවා ඒ මනුස්සයාටත් මේ වගේ සම්බන්දයක් තිබිලා පොලිසි පවා ගෙනගියා ඔවුන්ට පොලිසියෙන් කියු කතා ඇඩුවොත් අඩනවා ඇත්තමයි සමලිංගිකත්වය අයින් කරන්න බෑ ඒක ජාන වලින් එන්නේ මේක නීතිගත කරන්න ඕනේ නෑ නමුත් ඔවුන්ටද ඔවුන්ගේ අයිතිවාසිකම් දෙන්න ආදරේ කරන්න ඉඩ දෙන්න පොලිසියට ගියාම ඒ අයට කියන කතා ඔබ ඇසුවොත්..... ලෙස්බියන් දෙන්නෙක් ගියොත් කොල්ලෙක් හොයාගෙන හොද ........කන්න කියනවා මේවා මට කියන්න බෑ ඒ තරම් අසික්කිතයි චන්දය දාන්න ඒ මිනිස්සුන්ට අයිතිය තියෙනවා අනිකුත් දේවල් කරගන්න පුලුවන් රටට ඉතින් ඇයි මේ පුද්ගලයන්ගේ හැගීම් වලට ඉඩ නොදෙන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd