saravita-anim2

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා

Opinion - timelapse 10147 hours ago

LATEST

බයි හුදී ජන සංවේගය පිණිස 

calendar_today 2018 නොවැ 26 - 09:56 remove_red_eye - 369  

ලැබෙමින් තිබෙන ආරංචි අනුව මහින්ද රාජපක්ෂ මහතා සිටිනුයේ දුම්මල වරම අතට ගෙනය. ඉතා දිගු කාලයක් තිස්සේ තම අභ්‍යන්තරයේ මෙන්ම දේශපාලන ක්‍රියාවලිය තුළ විශ්වාස කළ විශ්වාස පද්ධතියෙහි පසුගාමී ප්‍රතිගාමී උගුලෙහි ඔහුව අසු වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

ලංකාවේ නීතිය හුදෙක්ම රෝම ලන්දේසි නීතියේ ආභාෂය සමග බද්ධව පැවතීමත්, අපරාධ හා සිවිල් නීතිය ලෙස දෙකොටසකට ඛණ්ඩනය වීමත් සමගම අපරාධ නීතියේ දැක්වෙන සුවිශේෂ කාරණාවක් ලෙස ඇප පිළිබඳ රීතිය හුවා දැක්විය හැකිය. මෙහිදී දැකිය හැකි සුවිශේෂී කාරණාව වන්නේ ශ්‍රී ලංකාවේ ඇප සම්බන්ධව බල පැවැත්වෙන නීතිය 1997 අංක 30 දරණ ඇප පනතේ මෙලෙස සඳහන් වීමයි. වරදක් සිදු කිරීමෙහිලා සම්බන්ධ වී ඇති බවට හෝ වරදක් සිදු කර ඇති බවට සැකකරනු ලබන හෝ චෝදනා ලැබ සිටින තැනැත්තන් ඇප පිට නිදහස් කිර

Read More

පසුගිය දිනවල ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර හටගත් ගැටුම තවම නිමවී නැත. අරගලයේ දිශානතිය කුමන අතකට ගමන් කරන්නේද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකිය. ඒ අතරවාරයේ පසුගිය දින කිහිපයේම පාර්ලිමේන්තුව සටන් පිටියක මෙන්ම ගවගාලකද ස්වරූපය ගත්තේය. ඒ සමග පාර්ලිමේන්තු ක්‍රමය විවිධ දේශපාලන පාර්ශ්වයන් විසින් විවිධාකාරයෙන් අර්ථකථනය කරන්නට විය. මහජනතාවගේ පැත්තෙන් බලනවිට පාර්ලිමේන්තුව දෙසින් ඇසෙන මේ සෑම වචනයක්ම හා සිදුවීමක්ම ඔවුනට අණ්ඩර දෙමළයකි. දේශපාලනඥයන් සිය වාසිය තකා

Read More
ඇහිල්ල
23 11 2018 09:03:00
0 362

එක කටකුත්, කන් දෙකකුත් ලැබිලා තියෙන්නේ ටිකක් කතා කරලා හුඟක් අහන්නටය කියනවාය. ඒත් අපේ අය පුරුදු වෙලා ඉන්නේ ඇහිල්ල පැත්තකට තියා තොරතෝංචියක් නැතිව කතා කරන්නටය. කනක් ඇහිලා ඉන්න බැහැ කියලා කියන්නේ එහෙම එක දිගටම හයියෙන් කතා කරන විටය.

Read More

1970 දශකයේදී පමණ යුරෝපානු කලාපයේ සහ ඇමෙරිකානු කලාපයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිත නිවාස සංකීර්ණවල, කර්මාන්ත ශාලාවල හා කාර්යාලවල වෙසෙන පිරිස් නොයෙකුත් ආකාරයේ එකිනෙකාට වෙනස් ආකාරයේ කායික සහ මානසික අපහසුතාවලට නිරන්තරයෙන් ලක් වූ අතර සෞඛ්‍ය බලධාරීන්ට ඒ පිළිබඳ ලැබෙන පැමිණිලි ප්‍රමාණයද වැඩි විය. එකල මාධ්‍යයන් මෙම තත්ත්වය හැඳින්වූයේ කාර්යාලීය රෝගී තත්ත්වයක් ලෙසය.

Read More

පළිබෝධනාශක පිළිබඳ හැමදාමත් ඇසේ. එහෙත් ඒවා අලෙවිය සහ ක්‍ෂේත්‍රයට යොදා ගැනීමට අදාළව සංවාද ඇසුණුද මෙවැනි අන්තරායකාරී ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ අලෙවිකරුවන් සහ ප්‍රවාහනය කරන්නන් හෝ මැදිහත්වන වෙනත් පාර්ශ්වයන් දැනුවත් කිරීමක් නොවන තරම්ය. මේ ඒ සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය මගින් කෙරෙන මග පෙන්වීමකි.

Read More

ඉපැරණි චීනයේ ගුරුකුල සියය (Hundred Schools of Thought) මැයෙන් ඉතා ගැඹුරු දාර්ශනික සම්ප්‍රදායයන් පද්ධතියක් පැවතිණ. ඒ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසත් ක්‍රිස්තු පූර්ව පූර්ව 221 වසරත් අතර කාල පරාසයේදී ය. බුදුන්වහන්සේ ධරමානව වෙසෙන්නේද බොහෝ ග්‍රීක දාර්ශනිකයන් සිය චින්තන සම්ප්‍රදායයන් ගොඩනගන්නේද මීට සමාන්තර යුගයකදීම වීම අහඹුවක් වුව ද සිත් ගන්නා සුළු දෙයකි.

Read More

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම දිනෙන්දින ජනතාව ඉදිරියේ විවේචනයට ලක්වන අයුරු පෙනෙන්නට තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අප සියලු දෙනාගේම හැසීරීම මීට වඩා ප්‍රශස්ත මට්ටමකට පැමිණිය යුතු බව මාගේ හැඟීමයි. එසේ නොමැතිව මේ ආකාරයෙන් ඉදිරියට ගමන් කළහොත් නුදුරේදීම රටේ බහුතරයක් වන ජනතාව පාර්ලිමේන්තුව ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයට පත්වනු ඇත. අනෙක් අතින් අපගේ හැසිරීම ප්‍රාදේශීය සභා මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන්ද ආදර්ශයට ගතහොත් එයද රටේ අනාග

Read More

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම සමුළුව ලබන වසරේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. එනම් 18 වැනි වරටත් වෙළෙඳාම නිසා තර්ජනයකට ලක්වුණු වනසතුන් සහ ශාක පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය සම්මේලනය (CITES) ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, ඊට රටවල් 183ක නියෝජිතයන් පැමිණීමට නියමිතය. එබැවින් එම සමුළුවේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරන වයඹ විශ්වවිද්‍යාලයේ ධීවර හා ජලජ සම්පත් අධ්‍යයනාංශයේ ආචාර්ය සෙව්වන්දි ජයකොඩි සමගින් සාකච්ඡා

Read More

පසුගියදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කරන ලද ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබීය. ඉහත ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක්ම ඉදිරිපත් විය. එකී පෙත්සම්කාර පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය. ඒ අනුව පෙත්සම්කරුවන් දැක්වූ කරුණුවල සාරාංශය මෙසේය. නිශ්චිත කාලයක් සඳහා මහජන නියෝජිතයන් පත් කරගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ලබා දී ඇති වරප්‍රසාදයකි. ජනාධිපත

Read More

මහින්ද රාජපක්‍ෂ නියෝජනය කරනුයේ දේශපාලන පක්‍ෂයක් හෝ දේශපාලන වැඩපිළිවෙළක් නොව සමාජ ක්‍රමයකි. එනම් ඕනෑම සමාජයක එක්තරා ජන කොටසක් පාදඩ, ලුම්පන්, ජාතිවාදී, ක්‍රමවිරෝධී වේ. එසේම නූගතුන්ද වේ. තවත් සරලව කියන්නේ නම්, නරක මිනිසුන් වේ. රාජපක්‍ෂවරු නියෝජනය කරනුයේද මෙම සමාජ තීරුවයි. සමාජ ක්‍රමයයි. ඔවුන් එදිනෙදා දිවි ගෙවන ජීවන ක්‍රමයයි (Life Style).

Read More

අතීතයේ වනාන්තර සහ වනසතුන් සමග මිනිසා ඉතා සමීප සබඳතාවක් ගොඩනගා ගෙන ජීවත් වූ අතර මිනිසා සතුන් හීලෑ කරගනිමින් එදිනෙදා කටයුතුවලටද සතුන් යොදාගෙන තිබිණි. විශේෂයෙන් අලින්, ගවයන් වැනි සතුන් මිනිසාගේ දෛනික කටයුතුවලට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. කෙසේ නමුත් අතීතයේ තිබූ ඒ සබැඳියාව දුරස්වී ඇති අතර එය මේ වනවිට අලි - මිනිස් ගැටුමක් බවට නිර්මාණය වී තිබේ. මෙය නිර්මාණය වීමට ප්‍රධාන ලෙස බලපා ඇති හේතුව වන්නේ වනසතුන්ගේ වාසභූමි මිනිසා විසින් අත් පත්කර ගැනීමයි.

Read More
ඇරිල්ල
16 11 2018 09:42:00
0 320

වැහුව දේවල් ඇරිල්ලට බොහෝ දෙනා සූදානම් වෙනවාය. එහෙම අරින්න හදන්නේ නිතර වහලා තියෙන කොට කුතුහලය ඇවිස්සෙන හින්දාය. වහලා තියෙන්නේ මොකද කියලා හිතන අය හොරෙන් හරි ඇරලා බලන්න උත්සාහ කරනවාය. කොහොම වුණත් වහලා තියෙන හැම දෙයක්ම අරින්න හොඳද කියලා නුවණින් හිතලා බලන්න වෙනවාය.

Read More

දැන් රට එළඹ තියෙන තත්ත්වය තුළ රටේ අනාගතය රැකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකුණොත් පමණි. ඒ සඳහා මූලික පියවර වන්නේ පාර්ලිමේන්තුව ශිෂ්ට සම්පන්න ලෙස ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය කළ යුතු සම්පාදනය සිදුකිරීමයි.

Read More

“ගරු මන්ත්‍රීවරුන් වශයෙන් සියලු දෙනා හැසිරෙන්න. ගරු මන්ත්‍රීවරුන් වශයෙන් හැසිරෙන්න. කථානායකවරයාගේ නිවේදන දැන් තියෙන්නේ.* යැයි කරු ජයසූරිය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය. 2018 නොවැම්බර් 14 දින ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය විසුරුවන බැවින් සහ අගමැතිවරයෙකු ඇතුළු නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර නොමැති බැවින් අද දින කිසිම මන්ත්‍රීවරයෙකු අගමැතිවරයා හෝ අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යව

Read More

පොත්පත් සිය ගණනක් කියවා ලබාගත නොහැකි දේශපාලනය පිළිබඳ දැනුම මේ දිනවල සිදුවෙමින් තිබෙන දේශපාලන නාඩගම තුළින් ඉගෙන ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී තිබේ. දේශපාලනඥයන් කටයුතු කළ යුතු වන්නේ මෙරට ආර්ථිකය හා අනාගතය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන්ය. එහෙත් අද සිදුවෙමින් තිබෙන්නේ තමන්ගේ හෝ තම කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් දේශපාලනඥයන් පෙළගැසීමය. මේ නිසා ශ්‍රී ලංකාව අද වනවිට ලෝකයේ අපකීර්තිමත් රාජ්‍යයක් බවට පත්වෙමින් තිබේ. මීට අමතරව කිසිවෙකුටත් සිතාගත නොහැකි ආකාරයට රට අරාජික වෙම

Read More

මෙරට පරිසර පද්ධති සහ දේශීය සත්ත්ව විශේෂයන්වලට දැඩි අහිතකර බලපෑමක් එල්ල කෙරෙන ආක්‍රමණශීලී ශාක විශේෂ හා සත්ත්ව විශේෂ බොහොමයක් පවතින අතර, ඒවා මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ලබයි. ඒ අතරින් යෝධ නිදිකුම්බා ශාකය ආක්‍රමණික ශාකයක් ලෙස විශාල හානියක් අප පරිසර පද්ධතිය වෙත පමුණුවයි.

Read More

ඉපැරණි ග්‍රීසියේ මිනිසුන් නිරුවතින් දිවීම ඇතුළු ක්‍රීඩා කළේ ඇයි? නිරුවත් කලා නිර්මාණ බිහි කළේ ඇයි? යන්න බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. ඉපැරණි ග්‍රීසිය තුළ නිරුවත සම්න්ධයෙන් තිබුණු හැඟීම නූතන අදහසින් අර්ථගැන්වීමට අපහසු වේ. නිරුවත් සිරුර සම්බන්ධයෙන් පැරණි ග්‍රීසියේ පැවතියේ පූජනීය තත්ත්වයකි.

Read More

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ආරම්ය දහ අටවැනි සියවසේ මුල්භාගය දක්වා දිව යයි. එයින්ද වසර දෙකකට පසු 1824 වසරේදී එම උද්‍යානය තවත් යුග අවශ්‍යතාවක් ලෙස සලකමින් ජාතික ශාකාගාරය පේරාදෙණිය උද්‍යානයේ ස්ථාපනය කර තිබේ. ජෛව විවිධත්වය සහ සංරක්ෂණය වෙනුවෙන් පරිසරය සහ මිනිසා අතර පැවතිය යුතු සබැඳියාව කෙතරම්ද යන්න තිරසර සංවර්ධනය සමග විවිධ මතිමතාන්තර සංකල්ප සහ අදහස් යෝජනා ගෙන එන මානව හිතවාදීහු පෙන්වා දෙති. එකී කාර්යය වෙනුවෙන් කැපවූ එහෙත් නිහඬ සහ මිලකළ නොහැකි මෙහ

Read More

පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මේ සතියේදී කුරහන් සුවඳ තීරු ලිපියෙන් ඔබ හමුවීමට අවස්ථාවක් ලැබී ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂේත්‍රයේ ඇති වූ නොව, ඇතිකළ අර්බුදය හේතුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාත් එය නිමා කිරීම කිරිම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

Read More

පසුගිය ඔක්තෝබර් මස සිදු වූ බලපෙරළිය සමග මේ වන විට රටට සහ ජනතාවට අසීමිත ලෙස ආදරය කරන දේශපාලන පාර්ශ්ව දෙකක් බලය වෙනුවෙන් දැඩි අරගලයක යෙදී සිටියි. මෙම බලපොරය හේතුවෙන් අද වන විට රාජ්‍ය සේවය මෙන්ම ජනතාවද පත්ව සිටිනුයේ දැඩි වික්‍ෂිප්ත ස්වභාවයකටය. ඒ පිළිබඳ මෙම විග්‍රය ගෙන එනුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශ ප්‍රධානී, මහාචාර්ය මයුර සමරකෝන් මහතාය.

Read More

ලෝකයේ එතෙක්, මෙතෙක් බිහි වූ සියලු ඒකාධිපතියන් පෞරුෂ දුර්වලතාවලින් හෝ මානසික හෝ ශාරීරික සංකූලතාවලින් යුතු අය වෙති. විශේෂයෙන් ආණ්ඩුක්‍රම වැනි මූලික නීති ලියැවිල්ලක් අභිභවා යෑමට නැතිනම් තමන් එකඟව සිටි සමාජ ගිවිසුමකට පිටින් වැඩ කිරීමට සැලකිය යුතු සංකූලතාවන් තිබිය යුතුය. ඉරාකයේ සදාම් හුසේනද, ලිබියාවේ ගඩාබිද එවැනි අයවලුන්ය. ඔවුන් කාන්තාරයේ එළුවන් බලමින් තම ළමා කාලය අපයෝජනයට ලක්වූ, සමාජය කෙරෙහි වූ ඇති වෛරයට දේශපාලනයට පිවිසි අය වෙති. එසේම රුසියාවේ ස්ටලි

Read More

පසුගිය කාලවකවානුව පුරාවටම අධිකරණ ඇප ලබාදීම සම්බන්ධයෙන් බොහෝ කතාබහ ඇතිවිය. කළ හැකි සෑම අලුගුත්තේරු ක්‍රියාවක්ම, ජඩ වැඩක්ම සිදුකළ දේශපාලනඥයන් නීතිය හමුවට ඉදිරිපත් කරනු ලදුව අසුරු සැණින් ඇප මත නිදහස් විය. මෙවැනි ජුගුප්සාජනක සිදුවීම් එකක් නොව ගණනාවක්ම පිට පිටම සිදුවන කල සමස්ත පාලන යාන්ත්‍රණය කෙරෙහි ජනතාවගේ සිත්හි ඇති ගරුත්වය හීන වී යෑම පුදුමයක් නොවේ. පොලිස් නිලධාරීන් විසින් ‘‘%නීතිය නවන’ බව මහජනතාව නිතරම මැසිවිලි නගනු අපට අසන්නට ලැබේ. ලොකු ලොක්කන් යම

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දෙදහස් දහඅටේ නොවැම්බර් මස නව වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීය. 2019 ජනවාරි මස 05 වැනිදා මහමැතිවරණයක් සඳහා දින නියම කර ඇත. ජනාධිපතිවරයාගේ හදිසි තීරණය අද වනවිට මුළු රටේම කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ. පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හැරීමට බලපෑ හේතු කවරේද? පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීම නීත්‍යනුකූල වන්නේද? ජනාධිපතිවරයාගේ මෙම තීරණය අභියෝගයට ලක්කළ හැකිද? සහ උඩුදුවන වණයක් බවට පත්ව

Read More

ප්‍රජාතන්ත්‍රවාදය කන්නද? අපට ඕනෑ කෑම බීම හා ඇඳුම්, පැලඳුම්. අපේ දරුවන්ට පාසල්* යැයි ඇතැම්හු පවසති. එහෙත් එය මතුපිටින් පෙනෙන තරමට සත්‍යය හා විසිතුරු කියමනක් නොවේ. එමෙන්ම ගරුසරු වැදගත් කියමනක්ද නොවේ. ගැඹුරු අර්ථයෙන් ගත් විට මෙය මහා මුග්ධ ප්‍රකාශයකි.

Read More

පක්‍ෂනායක රැස්වීම අවසානයේදී කථානායකවරයා දැඩි තීන්දුවක් ගත්තේය. “මට මන්ත්‍රීවරු 116 දෙනෙක්ගේ අත්සන් සහිතව ලැබිලා තිබෙන ඉල්ලීම තමයි ජනාධිපතිවරයාගේ නව පත්වීම් ව්‍යවස්ථාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි නිසා පාර්ලිමේන්තුවේ බහුතර මතයට අනුව අගමැතිවරයා පත්වීමට ඉඩ සැලසිය යුතුයි කියන එක. බහුතර මතයට මට හිස නමන්න වෙනවා. ඒ අනුව 14 වැනිදා ස්ථාවර නියෝග අත්හිටුවා බහුතරය විමසිය යුතු බවයි මගේ තීරණය

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව රට තුළ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධව පාර්ශ්ව කිහිපයක් දැක්වූ අදහස් පහතින් දැක්වේ.

Read More

සර්වජන ඡන්ද බලය රට තුළ ක්‍රියාත්මක වීමෙන් පසු මේ රටේ පාලකයන් පත් කර ගනු ලබන්නේ ජනතා ඡන්දයෙනි. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු පාලකයන් පත්කර ගැනීමේ සුදුසුකමට පත්වන මේ රටේ ජනතාව ඡන්ද පොළට ගොස් ඡන්ද පත්‍රිකාවේ තම කැමැත්ත පළකිරීම තුළින් පාලකයන් පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ලෙසද හඳුන්වනු ලබයි.

Read More

සමේ විශාලතම අවයවය වූ සම සම්බන්ධයෙන් ඇතිවන රෝග තත්ත්ව පිළිබඳ අප බොහෝ විට කරදර වන්නේ ඒවා අනෙක් ආබාධ මෙන් නොව භාහිර පෙනුම තුළින්ද මතු වී රෝගීයාගේ සාමාන්‍ය පෙනුමට පවා බලපෑම් කරන බැවිනි. සාමාන්‍යයෙන් ඇතැම් රෝග බටහිර වෙදකම අනුව සම්පූර්ණයෙන් සුව කළ නොහැකි යැයි පවසන අතර පාලනය කළ හැකි බව පමණක් පවසයි. එයට හේතුව මේ රෝග මතුවීමට බලපාන ගැටලු මුලිනුපුටා දැමීමට බටහිර වෙදකම විසින් තවමත් ප්‍රතිකාර සොයා ගැනීම සඳහා පර්යේෂණ සිදුකොට නොමැති වීමය. නමුත් බටහිර වෙදකම අපේ

Read More

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයෙන් නිර්මාණය කළ පඹගාල කෙතරම් සංකීර්ණද යන්න අද හොඳින්ම පැහැදිලිය. අප ඉදිරිපිට දිගහැරෙමින් පවතිනුයේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඇති වූ දරුණුතම දේශපාලන අර්බුදයයි. එම අර්බුදය කොතරම් අපූරු වූවාදැයි කිවහොත් ලක් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික ජනතාව සිය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදාරමින් සිටිති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.