saravita-anim2

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

Opinion - timelapse 9986 hours ago

LATEST

ආහාර තෝරාගැනීම ගැන ඔබ දැනුවත්ද?

calendar_today 2019 ජන 01 - 09:24 remove_red_eye - 2065  

අප ආහාර සඳහා යමක් මිලදී ගන්නා විට එය හොඳම මට්ටමේ ආහාරද යන්න පිළිබඳව බොහෝ සෙයින් සැලකිලිමත්වෙමු. එය එසේ වනුයේ අප එම ආහාර දූෂිත මට්ටමේ පැවතියදී ආහාරයට ගෙන ඒවා විෂ විය හැකිය යන්න සම්බන්ධයෙන් යම් සැකයක් සහිත වන බැවිණි. නමුත් අපට වෙළඳ පොලෙන් මිලදී ගන්නා ආහාර මෙන්ම නිවසේ පිළියෙළ කරගන්නා ආහාර සම්බන්ධයෙනුත්

අප ජීවත්වන්නේ ලංකාවේ අරුම පුදුම යුගයකය. නිදහස ලබා හැත්තෑ වසරකට පසු, ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතරින් අප එක්තරා ආකාරයකට පසුබෑමට ලක් වූ රටක් බවට පත්වී තිබේ. ඒ සඳහා බලපෑ හේතු විශාල සංඛ්‍යාවක් තිබුණද ප්‍රධානතම හේතුව ලෙස මට පෙනී යන්නේ නිදහසෙන් පසු අපට දිගින් දිගටම සිවිල් අරගලයන් කිහිපයකට මුහුණදීමට සිදු වීමයි. එනම් දකුණේ සිංහල තරුණයන් අතර හටගත් සිවිල් අරගල දෙකක්ද, එසේම උතුරේ ද්‍රවිඩ තරුණයන් අතර අදටත් කතාවන, තිස් වසරක් තිස්සේ දිග්ගැස්සී ගිය විශාල

Read More

දින 365 පුරා දවසේ පැය 24 තුළම පොලිස් නිලධාරීන් රටට සේවය කළද, රැකියාවේදී සිදුවන අසාධාරණකම් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට අවස්ථාවක් නොමැත. මේ නිසා වෘත්තීය ගැටලු කෙතරම් ඇති වුවද, ඒවා විඳ දරාගෙන සේවය කිරීමට පොලිස් නිලධාරීන්ට සිදුව තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස් නිලධාරීන්ගේ ඥාතීන් විසින් ගොඩනගා ගත් සංවිධානය විසින් පොලිස් නිලධාරීන්ට ඇතිව තිබෙන ගැටලු පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ පිළිබඳ %අද^ ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදයේ ලේකම

Read More

මෙවර මහ කන්නයේ වී වගා කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවේ යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමෙන් අනතුරුවය. රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය යන ගමන්මගේ මෙවර මහ කන්නයෙන් එම අරමුණු මුදුන්පත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ මෙලෙස විමසීමක් කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ඩී. වන්නිනායකගෙනි.

Read More

2008 අංක 35 දරන සම්‍රද්‍ර දූෂණ වැළැක්වීමේ පනත ප්‍රකාරව ඛනිජ තෙල් හෝ ආශ්‍රිත ක්‍රියාකරකම් ඇතුළු ස්වාභාවික සම්පත් ගවේෂණය කිරීමේ හෝ එම කාර්යයේ නියැළී සිටින කොන්ත්‍රාත්කරුවන්, උපසේවා කොන්ත්‍රාත්කරුවන් සහ වෙනත් පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්වය අධීක්‍ෂණය කිරීම, විධිමත් කිරීම සහ පරීක්‍ෂා කිරීම සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය වෙත පැවරී ඇති වගකීමකි. මේ වනවිට සිදුවන මන්නාරම් බොක්කේ තෙල් කැණීම් කටයුතු සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරෙම

Read More

මෙරට වගා කරන පළා වර්ගවලට යොදන පළිබෝධනාශක නිසා යම් වසවිස තත්ත්වයක් ඇතැයි පවතින රාවයක් සමග ජනතාව පළා වර්ග අනුභවයෙන් ඈත්ව සිටින බව පළා වර්ග වැඩියෙන් වගා කෙරෙන දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වල ගොවියන්ගෙන් දැඩි මැසිවිල්ලක් ඇසිණි. අපි ඒ සම්බන්ධයෙන් සත්‍යය අනාවරණය කරගනු වස් පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය, සුමිත් ජ‍යකොඩි මහතාගෙන් විමසුවෙමු.

Read More
කර්මය
26 12 2018 09:25:00

කර්මය යනු බුදු දහම, හින්දු දහම, සීක් ආගම, ජෛනාගම, තාඕ දහම ඇතුළු විවිධ වූ ආගම් රැසක් තුළ දැක ගැනීමට ලැබෙන සංකල්පයකි. හේතු ඵල සම්බන්ධතාව මත පිහිටා කර්මය පිළිබඳ අදහස බොහෝ ආගම් තුළ නිර්මාණය වී තිබේ.

Read More

විශේෂ හැකියා සහිත සහෝදර ජනතාව පිළිබඳ ශ්‍රී ලාංකික සමාජයේ සංවේදීවීම බොහෝ අවස්ථාවන්හීදී ගොනුවන්නේ අනුකම්පාව මූලික කරගත් හැඟීමක් වෙතය. හුදෙක් අනුකම්පාව මත ක්‍රියාකිරීම නිසා සමාජයෙන් සැබෑ ලෙසටම සමානාත්මතාවක් ඉල්ලා සිටින ඔවුන් වෙත අප සිදුකරන්නේ යම් ආකාරයක බලවත් වූ අසාධාරණයක් බව මෙහිදී සඳහන් කළ යුතුය. සමාජයෙන් කිසිදු විටෙක අනුකම්පාවක් අපේක්ෂා නොකරන ඔවුන් සමානාත්මතාව ඉල්ලා සිටින්නේ ඔවුන් ඔබ හෝ මම කෙරෙන් සැබවින්ම නොවෙනස් පිරිසක් වන නිසාවෙනි. එබැවින් විශේ

Read More

(මෙම ලිපිය 2017 වසරේ ජනවාරි මාසයේ ලියන ලද්දකි, වළක වැටීම මොළයට හොඳ යැයි, මාඕ සේතුන්ගේ කියමනක් තිබේ. එම නිසා සියල්ලෝම ආප්පය තාච්චියේ යුගයට ගොස් නැවත කියවත්වා.) වර්තමාන දේශපාලන තත්ත්වය කොළඹ සිට විග්‍රහ කරන්නන් විවිධාකාරයේ කතා කියූවද, න්‍යායන් ඉදිරිපත් කළද, මහපොළවේ දේශපාලනය තුළ ඇත්තේ විශේෂිත තත්ත්වයකි. කෙනෙකු ප්‍රජාව අතරට ගොස්, ඔවුන්ගෙන් ආණ්ඩුව පිළිබඳ ජන මතය විමසුවහොත් අපට මූලික වශයෙන් කණ්ඩායම් කිහිපයක් හඳුනාගත හැකිය.

Read More

සියලු අභියෝග එල්ල වූයේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට හා එහි අංගෝපාංගවලටය. දේශපාලන නායකත්වය වෙත කවුරු ආවද ගියද කේන්ද්‍රීය හා වැදගත් සාධකය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. අවසානයේ එය ලැබුවේ සාපේක්ෂ ජයකි.

Read More

පැවති දේශපාලනික අස්ථාවර භාවය යම්තාක් දුරට පහව යද්දී රටේ ආර්ථිකයට කුමක් සිදුවේවිද? යන ගැටලුව මහජනතාව හමුවේ පැන නගින්නේ අයවැය සම්බන්ධයෙන් නැගෙන කතාබහත් සමගිනි. රටේ ආර්ථික තත්ත්වයේ පසුබෑමක් පවතින මෙවන් වටපිටාවක අයවැයකින් මහජනතාව ලෙස බලාපොරොත්තු විය හැක්කේ මොනවාද? යන්නත්, ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් අයවැය සම්පාදනයේදී රජයක් ලෙස සැලකිලිමත් විය යුත්තේ මොනවා සම්බන්ධවද? පිළිබඳවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය චන්දන අලුත්ගේ මහතා

Read More

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරීම හෝ අමාත්‍යාංශ තමන් යටතේ පවත්වාගෙන යෑම මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත් වීමට බාධාවක් නොවන බව පැහැදිලි කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවා තිබේ.

Read More

ලිපිය ආරම්භ කිරීමට මත්තෙන් දේශපාලනය පසෙකින් තබා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස පස්වැනි වරටත් පත්වූ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතීමට මෙය අවස්ථාවක් කර ගනිමි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මින් ඉදිරියට හෝ බටහිර න්‍යාය පත්‍රවලට අනුව කටයුතු නොකරමින් ශ්‍රී ලංකා ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. දැන් අපි සාමාන්‍ය පරිදි අපගේ ලිපියට පිවිසෙමු. හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ ලංකාවේ දේශපාලන අර්බුද

Read More

මහින්ද රාජපක්ෂ මහතා දින 50ක් දැරූ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබෙන පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳ දැන ගැනීමට එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සම්බන්ධ කර ගැනීමට අද අපි සිතුවෙමු. මේ ඒ මහතා දැක්වූ අදහස්ය.

Read More

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනාව ඊයේ (12දා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එය ස්ථීර කළේය. මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව විවාදයේ අදහස් දැක්වූ මනිත්‍රීවරු මෙසේ අදහස් දැක්වූහ.

Read More

විදේශිකයන් පවා ශ්‍රී ලංකාව මිහිපිට පාරදීසයක් ලෙස හැඳින්වීමට මෙහි ඇති පරිසර පද්ධති, ඓතිහාසික උරුමයන්, සෞම්‍ය කාලගුණය සහ සාරවත් පොළොවක් සහිත රටක් වීම ප්‍රධාන වශයෙන්ම බලපා ඇති සාධකයන් වේ.ඉන් නොනැවතී සොබාදහම විසින් අප රටට උරුම කර ඇති වටිනා දායාදයන්ද බොහෝය. ලෝකයේ මහත් ඉල්ලුමක් පවතින සහ විශාල වාණිජමය වටිනාකමක් සහිත ස්වභාවික සම්පත් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ දැකගත හැකිය. ඒ අතරින් මේ විශේෂාංගය ඔස්සේ ගෙනහැර දක්වන්නේ ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි සම්පත පිළිබඳ තොරතුර

Read More

උත්සව සමයේ තමන්ගේ භාණ්ඩ අලෙවි කර ගැනීම වෙනුවෙන් වෙළෙන්දන් විවිධාකාරවූ උපක්‍රම යොදන අතර මෙම උපක්‍රම අතර පාරිභෝගිකයා රැවටෙන උපක්‍රමද දැකගත හැකියි. තමන් විසින් මුදල් ගෙවා මිලදී ගත් භාණ්ඩය තමන් නොමග යවා අලෙවි කර ඇති බවට හැ‍ඟේ නම් ඒ පිළිබඳ නීතිමය උපකාර ලබා ගැනීමට ඇති ආයතනය වන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි. මේ උත්සව සමයේ නොමග නොයා හරිමග යන්නට පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමට එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය අද ට මෙලෙස සම්

Read More

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදයට අප සිතන පරිදි ඇති එකම විසඳුම වන්නේ මහමැතිවරණයක් පැවැත්වීමය. කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් වන තීන්දුව මේ සටහන ලියන විටත් නිකුත් කර නොතිබිණි.

Read More

පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා නව අගමැතිවරයෙකු පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුවට අභියෝග කරමින් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ සටන මේ වනවිට තීව්‍ර වෙමින් තිබේ. එහි ඉදිරි පෙළ කථිකයෙකු ලෙසින් සිටින ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසා සිටීමට අද අප අදහස් කළෙමු.

Read More

26 වැනි කළු සිකුරාදා දිනය ලංකා ඉතිහාසයේ වඩාත් කුමන්ත්‍රණකාරී දිනයයි. එය උඩරට ගිවිසුම දේශීය රදළ නායකයන් හා ඉංග්‍රීසීන් විසින් අත්සන් කළ 1815 මාර්තු 10 වැනිදාට වඩා බරපතළ දිනයකි. අඩුම තරමින් උඩරට ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම දෙපාර්ශ්වය අතර බොහෝ සාකච්ඡා සිදු විය. එසේම ජනතාව සමග ඒ පිළිබඳ සංවාදයක් තිබිණි. එසේම ඒ යුගයේ තිබූ සියලු සමාජ ගිවිසුම්වලට ගරු කිරීමට සියලු දෙනා තුළම අභිලාෂයක් තිබිණි, ගරු කෙරිණි.

Read More

රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද වනවිට යම් යම් අර්බුදවලට ලක්වෙමින් තිබේ. මේ තත්ත්වය නිසාම සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට තිබූ පක්‍ෂ මහා සම්මේලනයවත් තවමත් පැවැත්වීමට නොහැකිවී ඇත. මේ පිළිබඳවත් පළාත් සභා මැතිවරණය කල්දැමීම පිළිබඳවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සමග කතාබහක නිරතවීමු.

Read More

කාලයෙන් කාලයට හිස ඔසවන ඩෙංගු උවදුර යළිත් වතාවක් රට තුළ හිස ඔසවමින් තිබෙන බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙමින් තිබේ. පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය අඩුවී තිබුණද මේ වසරේ ජනවාරි පළමුවන දින සිට දෙසැම්බර් 06 වන දින දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 45,701 ක් වාර්තාවී ඇති අතර, ඉන් මියගිය ප්‍රමාණය 51කි.

Read More

ශ්‍රී ලංකාවේ නිල භාෂා තුනක් වේ. ඒවා නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසිය. සිංහලත්, දෙමළත් මෙරට ජීවත් වූ ජනතාව වසර දහස් ගණනක් තිස්සේ කතා කළ භාෂා වන අතර, ඉංග්‍රීසිය යනු අවසන් වරට මෙරට යටත් විජිතකරණයට ලක්කළ තුන්වැනි යුරෝපීය ජාතිය කතා කළ භාෂාවයි.

Read More

දේශපාලන පක්‍ෂ මෙන්ම මෙරට සිවිල් ජනතාවද ආණ්ඩු පත්කිරීමට හා ජනතාවගේ මතය වෙනස් කිරීමට කටයුතු කරන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඒ ඒ සිවිල් සංවිධාන වෙත ඔවුන්ගේ අරමුණු අනුව ඔවුන් සහාය දක්වන පක්‍ෂ, කණ්ඩායම්, නායකයෝ, පුද්ගලයෝ සිටිති. නමුත් ඔවුන් එහිදී සහාය දැක්විය යුතු වනුයේ රටේ හා ජාතියේ අනාගතය උදෙසාය.

Read More

ව්‍යවස්ථාමය සහ දේශපාලනික අර්බුදය ඔඩුදිව ගියේය. යම්තැනක විරාමයක් දුටුවද, නැවත මහ මැතිවරණයක් පැවැත්වුවද එවැනි අවදානමක රතුඑළියක් පිළිබඳව ජනතාව මුමුණති. ජනතාව ව්‍යවස්ථාව සහ නීතිය සම්බන්ධයෙන් අවදියෙන් සිටියි. එදා මෙදාතුර ඇති වූ සංකීර්ණ තත්ත්වයන් හෙට දවසේ පැවැත්ම සමග ගළපා ගැනීමට අනුබලයක් වන්නේ කෙසේදැයි අප යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාවේ සභාපති අධිනීතිඥ ලාල් විජයනායක මහතාගෙන් විමසුවෙමු.

Read More

රාජපක්ෂවරු උපතින්ම ගැමියෝය. ඔවුන් ඈත ගිරුවාපත්තුවේ වසර සිය ගණනක් පුරා වාසය කරයි. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ජීවත් වුවද කොළඹ ගල්කිස්සේ ජීවත් වුවද, කොල්ලුපිටියේ අරලියගහ මන්දිරයේ වාසය කළද රාජපක්ෂවරුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෝ වෙති.

Read More

පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවය බරපතළ ගැටලු ගණනාවකට මුහුණදී සිටින බව රාජ්‍ය සේවකයන් සඳහන් කරන කාරණයකි. මීට අමතරව අයවැයක් සම්මත නොවීම හේතුවෙන් ලබන වසරේ ජනවාරි මාසයේ සිට වැටුප් ලැබීම් පිළිබඳවත් රාජ්‍ය සේවය තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබේ. මේ නිසා මේ පිළිබඳව විමසීමට රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා සමග කතාබහක නිරත වීමට අද අප සිතුවෙමු.

Read More

මේ ඝාතන සිදුවීම් සමස්ත ශ්‍රී ලාංකික ජන සමාජය පත්ව සිටින බරපතළ සමාජ අර්බුදයේ එක් අතුරු ප්‍රතිඵලයක් පමණයි. මෙය එක් කොටසකට පමණක් ලඝු කරන්න හැකියාවක් නැහැ. අද අපට දකින්න ලැබෙන්නෙ අපරාධකාරී ක්‍රියාවන්ට ගොදුරු වුණු, නීතිය සාධාරණ ලෙස හෝ කාර්යක්‍ෂමව ක්‍රියාත්මක නොවන, නීති සම්පාදනය කරන ආයතන ජුගුප්සාජනක ලෙස හැසිරෙන සහ මජර දේශපාලනඥයන්ගේ මජර ක්‍රියා ආදියෙන් පිරී ඉතිරී යන සමාජයක්. එවැනි සමාජ පසුබිමක් තුළ මෙවැනි සිදුවීම් අරුමයක් නොවෙයි. වැඩදායී පුරවැසියන් වෙනු

Read More

වසර දෙදහස් පන්සීයකට අධික කාලයක් පුරා මේ රටේ ජනතාව ගොඩ නැගූ අභිමානය වර්තමාන පරපුර විසින් බිමට සමතලා කරමින් තිබේ. අතීතයේ සිටි පාලකයන් මේ රටේ ආර්ථිකය ගොඩනැගීමට සාපේක්ෂව සංස්කෘතිය, සාරධර්ම හා සමාජ තත්ත්වයන් ඇති කිරීමටද බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ අතර, මේ නිසාම ශ්‍රී ලංකා නාමය ලෝකයේ ඉහළින්ම වැජඹුණ නාමයක්ද විය. එහෙත් අද දවස වන විට මෙරට පාලක පන්තිය විසින් සිය බලය රැක ගැනීමට සිදු කරන අරගල නිසාවෙන් මෙරට සමාජයේ ඉහළ සිට පහළටම ගුණ දහම්, සාරධර්ම, සමාජ යුතු

Read More

මේ දිනවල සියලු දෙනාගේම අවධානය යොමුව ඇත්තේ මැති සබය දෙසටය. රට කරවන මැති සබයේ රට කරවීම පසෙක තබා එය යුද පිටියක් බවට පත්කරගෙන ඇති බැවින් රටේ පමණක් නොව ලෝකයේම අවධානය ලංකාවේ පාර්ලිමේන්තුව දෙසට යොමුව තිබේ. මේ නිසාම පාර්ලිමේන්තුව පිළිබඳ නොදත් කරුණු බොහොමයක් මේ දිනවල ඇසෙන නිසාම පාර්ලිමේන්තුවේ අතීත කතාව මෙලෙස කියන්නට %අද^ අප අදහස් කළෙමු.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.