saravita-anim2

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා

Opinion - timelapse 8835 hours ago

LATEST

දේශපාලන පළිගැනීම්

calendar_today 2019 සැප් 24 - 10:59 remove_red_eye - 268  

ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාමත් සැලසුම්ගත වැඩපිළිවෙළක් යටතේ මුහුණදෙමින් ඉදිරියට ගමන් කරමින් සිටියි. අපගේ ප්‍රතිවාදී පාර්ශ්වය වන එක්සත් ජාතික පක්ෂයට, එසේත් නොමැති නම් එක්සත් ජාතික පෙරමුණට මේ සටහන ලියන අවස්

විද්‍යාව ඔස්සේ බොහෝ දේ පැහැදිලි කර ගැනීම සඳහා අපි යොමු වී සිටින්නෙමු. විද්‍යාත්මක වශයෙන් පැහැදිලි කළ නොහැකි නම් එය සත්‍යයක් ලෙස පිළිනොගැනීම ලෝකයේ සිදුවෙයි. විද්‍යාව මූලික වශයෙන් විශ්වාස කරන්නේ හේතුව සහ ඵලය අතර සම්බන්ධයකි.

Read More

2018 වර්ෂයේදී ප්‍රකාශයට පත් කළ බෞද්ධ සාහිත්‍ය කෘතීන් ඇගයීමට ලක්කොට, සම්මාන ප්‍රදානය කිරීමට නියමිත මෙම උළෙල සඳහා ග්‍රන්ථ 13කට වැඩි ප්‍රමාණයක් නිර්දේශිත වී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් මහැඳුරු ගුණපාල මලලසේකර ශ්‍රීමතාණන් සහ ප්‍රකට චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් අනුස්මරණ සම්මාන දෙකක් විද්වත් ප්‍රභූවරුන් දෙදෙනෙකුට පිරිනැමීමටද බෞද්ධ සාහිත්‍ය කමිටුව සංවිධානය කර ඇත.

Read More

මගේ ජීවිතයේ තවත් එක් සන්ධිස්ථානයක් සටහන් වන අවස්ථාවක මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් කොට සලකමි. ඒ මගේ දිවියේ හමු වූ සුවිශේෂීම යුවතියක වන ලිමිනි වීරසිංහ සමග මාගේ විවාහය තවත් නොබෝ දවසකින් සිදුවීමට නියමිත හෙයිනි.

Read More

දීර්ඝ බෞද්ධ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ මුහුදු මහා විහාරය පිළිබඳව වසර කිහිපයක් මුළුල්ලේම විටින් විට කතිකාවන් ගොඩ නැගුනේ එයට සිදුවන විවිධ අඩන්තේට්ටම්, හිරිහැර ආදිය නිසාය. පසුගිය දින කිහිපය මුළුල්ලේම මේ පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍යයන් හරහා මෙන්ම සමාජ මාධ්‍ය හරහාද කතා වන්නට පටන් ගත්තේ මෙම විහාරයට අයත් ඉඩම් තුළ සිදුවන වැලි ජාවාරම, අනවසර ඉදිකිරීම් සහ මුහුදු මහා විහාරවාසී ස්වාමීන්වහන්සේ නමකට පහර දීමට තැත් කළ ඡායාරූපයක් සහ වීඩියෝ දර්ශනයන් හේතුවෙනි. බෞද්ධ ව

Read More

කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක හා කැලිෆෝනියාවේ බුද්ධි විහාරස්ථානයේ විහාරාධිපති කහඳ අමරබුද්ධි හිමියන් විසින් කරාපිටිය ශික්ෂණ රෝහලට දුරබැහැර සිට පැමිණෙන රෝගීන් වෙනුවෙන් මාබොටුවන පියරතන නාහිමි නමින් සුව සෙවණ මධ්‍යස්ථානයක් ආරම්භ කොට තිබේ. මේ සඳහා රුපියල් කෝටි හතරහමාරක පමණ මුදලක් වැයකොට ඇති අතර, මෙය සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ මධ්‍යස්ථානයකි. මෙහි නතරවන රෝගීන්ට තුන් වේලටම ආහාර නොමිලේ සැපයෙන අතර, සියලු පහසුකම් රෝගීන් වෙනුවෙන් නොමිලේ මෙමගින් ස

Read More

බොහෝ දෙනෙකුගේ පිළිගැනීම අනුව අයිසැක් නිව්ටන් යනු ලොව මෙතෙක් පහළ වූ වඩාත් බලපෑම් සහගත විද්‍යාඥයායි. ලොව තුළ ඇති වූ විද්‍යාත්මක විප්ලවයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වන්නේ අයිසැක් නිව්ටන්ය. අදටත් මෙරට පාසල් පතපොත පවා නිර්මාණය වී ඇත්තේ නිව්ටෝනියානු විද්‍යාව පාදක කර ගනිමිනි.

Read More

ලෝකයේ හරිත පෙනහළු යැයි හැඳින්වෙන ඇමසෝනියානු වනාන්තර කලාපය ලෝකයේ ඉතා ඉහළ වනාන්තර හරණ සහ හායන වේගයක් ඇති කලාපයක් ලෙසට හඳුන්වාදිය හැකිය. 60%ක ප්‍රමාණයක් බ්‍රසීලයටත්, 13%ක් පේරු රාජ්‍යයටත්, 10%ක් කොලොම්බියාවටත් අයත් ඇමසෝනියානු වනාන්තර කලාපය අමතරව වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයානාව ආදී දේශපාලන මායිම්වලටද ව්‍යාප්තව පවතී.

Read More

ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ රටවල් බොහෝමයක් සමග ශක්තිමත් සබඳතා පවත්වාගෙන ගියේය. විශේෂයෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ 2015ට පෙර, ශ්‍රී ලංකාව සිය විදේශීය හවුල්කරුවන් සමග ඇති ශක්තිමත් සබඳතා තුළින් විශාල වශයෙන් ප්‍රතිලාභ ලබාගැනීමට සමත් විය.

Read More

එළඹෙමින් තිබෙනුයේ මැතිවරණ කාල සමයකි. මේ වසර අගදී පැවැත්වෙන ජනාධිපතිවරණයත්, ලබන වසර මුලදී පැවැත්වීමට ඉඩ තිබෙන පාර්ලිමේන්තු මැතිවරණයත් එයින් ප්‍රධාන වේ. මැතිවරණ සඳහා ඉදිරිපත්වන දේශපාලන පක්ෂවලට සහ දේශපාලනඥයන්ට කෙතරම් විවේචන එල්ල වුවද මෙතෙක් කලක් මැතිවරණවලට එල්ල වූ චෝදනාවලින් මැතිවරණ මුදා ගැනීමට අප රටක් හැටියට දැන් සමත්වී තිබේ. එය 2015 මහමැතිවරණයත් සමග උදා වූ අලුත් තත්ත්වයකි.

Read More

“තාත්තා මට කරන්න කියලා දෙයක් කිව්වෙ නෑ.. ඒත් කරන දේ හරියට කරපන් කියලා කිව්වා..” ඔහු කතාවට ප්‍රවේශ වුණේ එහෙම. එහෙම කියන තාත්තා ඉන්පසු නිහඬව ඉන්නෙ නැහැ. පෙනෙන නොපෙනෙන මායිම්වල ඉඳලා හරි ජීවිතේ හරියට හදාගන්න පුතෙකුට කියලා දෙනවා. ඒක තාත්තගෙ හැටි. මේක තාත්තගෙන් ඔහුට ලැබුණ උරුමය. තවත් ටිකක් මේ කතාව දිගේලි කළොත් මේක පරම්පරාවෙන් ඔහුට ලැබුණ උරුමය. එහෙම ලැබෙන උරුමය කරුමය කරගනිමින් විඳවන්නන්ද, උරුමය හොයමින් අරගල කරන්නන්ද, උරුමය අරුමයක් කරගනිමින් ආඩම්බර වන්

Read More
ඇලවිල්ල
23 08 2019 09:31:00
0 447

ඇලවිල්ල ගැන කතා කරන විට වැඩියෙන්ම පෙනෙන්නට ඇත්තේ පෝස්ටර් ඇලවිල්ලය. අද කොහේ බැලුවත් පෝස්ටර් අලවලා තියෙනවාය. මේ දවස්වල ඇලවිල්ලෙන් කප් ගහලා ඇත්තේ ටියුෂන් සර්ලාය. ඒ ගොල්ලොත් පාරේතොටේ හැම තැනම, තාප්පවල, බොක්කුවල, ලයිට්කණුවල පෝස්ටර් ඇලවිල්ල කරනවාය.

Read More

වර්තමානයේදී වැඩිම කතාබහක් ඇතිවී තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය ගැනය. සමහර පක්ෂ ජනාධිපති අපේක්ෂකයින් නම් කර තිබෙන අතර තවත් පක්ෂ කිහිපයක් ඉදිරි දිනවලදී අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳව අද දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග කතාබහක නිරත විය.

Read More

රටේ විනය හැදීම අලුත්ම දේශපාලන මාතෘකාව බවට පත්ව තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේද ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ විනය හැදීමය. පොහොට්ටු පක්ෂයේ අය මෙන්ම අනෙකුත් පක්ෂවල උදවියද මේ අදහස සමග එකඟය. එයින් කියවෙන්නේ අප විනයක් නැති ජාතියක් බව අපි අපිම පිළිගන්නා බවය. එක් අතකින් අපට අප ගැන එවැනි ස්වයං විවේචනයක් හෝ තිබීම යහපත්ය. සාමාජික අවිනය යනු සංස්කෘතික ගැටලුවකි. එයට අවසාන වශයෙන් ඇත්තේ පළල් සංස්කෘතික විසඳුමකි. එහෙත් විනයගරුක සමාජයක්

Read More
කිරිල්ල
16 08 2019 09:50:00
0 446

කිරිල්ලෙන් ප්‍රකාශ වන්නේ නිදා ගැනීමට අවශ්‍ය බවය. කිරිල්ල එන්නේ නිදිල්ලට ඉස්සරය. ඒ හින්දා කිරිල්ල එන්නට පෙර නිදාගතහොත් ශරීර සෞඛ්‍යය රැකෙනවාය. නිතරම කිරා වැටෙන නිසා ඔහුට නම වැටුණේ කිරා කියලාය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පැය 24ක් වත් ගෙවීයාමට මත්තෙන් මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට ලැබීම පිළිබඳව මා ඉමහත් සතුටට පත්වීමි.

Read More

රට කෙමෙන් කෙමෙන් ජනාධිපතිවරණයකට ළංවෙමින් තිබේ. කකුල් වෙට්ටු දමමින් ජනාධිපතිවරණය මගහැරීමට ඇතැම් පාර්ශ්ව දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වෙමින් ජනාධිපතිවරණයකට රට තල්ලු වෙමින් තිබේ. මේ ජනාධිපතිවරණයෙන් පසුව බිහිවන ජනාධිපතිවරයා බලහීන, බෙලහීන විලියම් ගොපල්ලව වැන්නෙකි යැයි සමහර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පඬිවරුන් ලියා කියා ඇති නමුදු සත්‍ය එය නොවේ. දහනවයට පෙර තිබූ ජනාධිපති ධුරය මෙන් නොවූවද දහනවය සම්මත වූ සංක්‍රාන්ති සමයේ බිහි වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපත

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස විදුලි බල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. මේ කාරණය සම්බන්ධයෙන් කතාබහ කිරීමට විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අප සමග එක්විය.

Read More

නිවැරදි මාධ්‍ය හා තාක්ෂණික සාක්ෂරතාව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට අත්‍යවශ්‍යම වූ යුගයක එකී කාරණාවන් පිළිබඳව මෙන්ම සමාජ විද්‍යාව යන විෂය ක්ෂේත්‍රයෙහි දැනුම මාධ්‍යයේ නියැලෙන්නන්ගේ අවබෝධාත්මක ඥානය ප්‍රවර්ධනය කරනු පිණිස අත්‍යවශ්‍ය කාරණාවක් වන්නේ ඇයිද යන්න පිළිබඳවද විචාරාත්මක ප්‍රවේශයක සිට ඉතා උනන්දුවෙන් කතා කරන, විමසන සරසවි ආචාර්යවරයෙකු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ වැඩබලන අංශාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන

Read More

පසුගිය සියවසේ ලෝකය පුරා ඇති වූ සමාජ ගැටුම්වල මූලාශ්‍රය වූයේ පන්තිය නැත්නම් ජාතියයි. සමාජ විප්ලව, සමාජ කැරැලි, බෙදුම්වාදය සහ ත්‍රස්තවාදය ආදී වශයෙන් විවිධ මුහුණුවරින් මතු වූ එම සමාජ ගැටුම්වලට අප රටද විශාල වශයෙන් ගොදුරු විය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ඇතිවූ තරුණ කැරැලි දෙක ප්‍රකාශ වූයේ පන්ති අරගලයක් වශයෙනි. එක් පන්තියකට පමණක් වරප්‍රසාද ලබා දෙන අසාධාරණ සමාජ ක්‍රමයක් අරගලයක් ඔස්සේ සාධාරණ සමාජ ක්‍රමයක් බවට පත් කිරීම තරුණ කැරැලිවලට ග්‍

Read More

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නව මානයකට යොමු කළ පන්දු යවන්නෙකු, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළ වූවෙකු, කෘතගුණ දත් පුද්ගලයෙකු, කෙලින් කතා කරන ක්‍රීඩකයෙකු ලෙසින් හඳුන්වා දිය හැකි ලසිත් මාලිංග ඉන් එක් ක්‍රීඩකයෙකි.

Read More

පොදු ප්‍රවාහනය ජනතාවට සමීප කිරීමට විවිධ රජයන් විවිධ ව්‍යාපෘති ආරම්භ කළද ශ්‍රී ලංකාවේ ජනතාව ක්‍රම ක්‍රමයෙන් පොදු ප්‍රවාහනයෙන් ඈත් වෙමින් සිටින බව සංඛ්‍යාලේඛන මගින් තහවුරු කරයි. පොදු ප්‍රවාහන පද්ධතිය තුළ සැලසුම්සහගත බව අඩුවීමද මෙයට එක් හේතුවකි. කෙසේ වෙතත් ජනතාවට සමීප පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දායකත්වය සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමග අපි සාකච්ඡා කළෙමු.

Read More

තිස් වසරක් පැවැති කුරිරු යුද්ධයෙන් ශ්‍රී ලංකා මාතාව මුදවාගෙන නැවත රට එක්සේසත් කළ රණවිරුවන්ට ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැමදා ගෞරව කළ යුතුය. අප ඔවුන්ට ණයගැතිය. කුරිරු ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදවාගැනීමට අභීත රණවිරුවෝ සිය ජීවිත, අත් පා ඇතුළු ශරීර කොටස් දන් දුන්හ.

Read More

දරුවෙකු නිසි මග යැවීමට ගුරුවරයෙකුට ඇති හැකියාව පිළිබඳ අලුතෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ. නමුත් වර්තමානයේ සියලුම ක්ෂේත්‍ර මෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයද සංකීර්ණ වී ඇති නිසා එම හැකියාවන් ගුරුවරුන් අතින් ගිලිහී යන්නේද පිළිබඳ ඇතැම්හු ප්‍රශ්න කරති. විශේෂයෙන් මෙරට දරුවන්ට අධ්‍යාපනය ලැබීමට කැමැත්ත හා පෙළඹවීම ඇති කරන්නට අඩිතාලම දමන ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරුන් තුළින් එම හැකියාව ගිලිහෙමින් පවතින්නේද? මේ ඒ පිළිබඳ අත්දැකීම් සහිත විදුහල්පතිවරයෙකුගේ මතයකි.

Read More

කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, නව අයිතිවාසිකම් දිනාගැනීමත් අරමුණු කරගනිමින් කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් ‘වැඩ කරන ජනතා න්‍යාය පත්‍රය‘ නමින් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. විශ්‍රාම වැටුප් කප්පාදුව, සේවක අර්ථසාධක අරමුදල පුද්ගලික අංශයට පැවරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය. වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඒ මහතා පළ කළ අදහස් ඇසු

Read More
තනි වෘකයන්
17 07 2019 09:50:00
0 282

තනි වෘකයාගේ (Lone wolf) පහර දීම් වශයෙන් ත්‍රස්තවාදය පිළිබඳ අධ්‍යයනයේදී හැඳින්වෙනුයේ කිසියම් අණදීමේ ව්‍යූහයකින් බැහැරව ක්‍රියාත්මක වන ප්‍රහාරයකි. මෙය ශ්‍රී ලංකාවටද සම්බන්ධ කළ හැකි වන්නේ ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය එවැනි තනි වෘකයාගේ පහර දීමක් වන බැවිනි.

Read More

අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කිරීම වර්තමානය වනවිට ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක් බවට පත්ව තිබේ. කසළ කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම තුළින් මෙම ගැටලුවට විසඳුම් ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂි ඉංජිනේරු විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා අදට සම්බන්ධ කර ගතිමු.

Read More

රටේ මීළඟ ජනාධිපතිවරණය මෙම වසරේ අගදී පැවැත්වීමට නියමිතය. නමුත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තවත් කලක් ධුරය දැරිය හැකි බවට මතයක් ඉදිරිපත්ව ඇත. අප සහභාගි වූ විද්‍යුත් මාධ්‍ය වැඩසටහනකදී ජනාධිපතිවරයාට හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ, 2015 ජනාධිපතිවරණයෙන් එතුමාට ජනවරම ලැබුණේ එවකට ව්‍යවස්ථාව

Read More

යුද්ධය නිමාවීමෙන් පසුව ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් අතර පසු වූ අප මේ වනවිට දකුණු ආසියානු කලාපයේ අවසන් ස්ථාන අතරට පත්ව තිබේ. පසුගිය වසර හතරහමාරක කාලය තුළදී වත්මන් පාලකයන් ගෙනගිය අසාර්ථක පාලනය හේතුවෙන් ශ්‍රී ලංකාව දැන් ඇෆ්ගනිස්තානය හා තරග කරමින් සිටින්නේ ආර්ථික සංවර්ධන වේගය හමුවේ ඔවුන්ගෙන් ඉදිරියට පැමිණීමේ අපේක්ෂාවෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.