saravita-anim2

2025 ජනවාරි මස 20 වන සඳුදා

2025 ජනවාරි මස 20 වන සඳුදා

Opinion - timelapse 8053 hours ago

LATEST

ජනතා අපේක්ෂාවන් හමුවේ නව වසරේ ආණ්ඩුවට ඇති අභියෝග

calendar_today 2020 ජන 02 - 08:42 remove_red_eye - 227  

තවත් නව වසරක් උදා විය. ගෙවී ගිය වසරටත් වඩා දල්වාගත් අපේක්ෂාවන්ගෙන් රට දෙස බලා සිටින වසරක් ලෙස ජනතාව තමන්ට දැනෙන දේ සංවාදයට ලක් කරති.

සත්ත්වෝද්‍යානය යන වචනය ඉක්මවමින් ලාංකික අපට වඩා සමීපව ඇත්තේ සත්තු වත්ත යන්නය. එහිදී සත්තු වත්ත යන්න නිරායාසයෙන්ම දෙහිවලට සම්බන්ධ වනුයේ ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වෝද්‍යානය එහි පිහිටා තිබීම හේතුවෙනි. ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ආයතන කිහිපයක් ඇති නමුත්, වැඩි වශයෙන්ම හොඳට හෝ නරකට ඉහළ අවධානයක් දිනාගෙන ඇත්තේද දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයයි. සංරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වෝද්‍යානය දක්වන දායකත්වය පිළිබඳ කතිකාව මඳකට පසෙක තබමින් ලොව

Read More

නව ප්ලේටෝවාදය යනු ක්‍රි.ව. තුන්වැනි සියවසේදී හෙලෙනිස්ටික් දර්ශනයට හා එවක පැවැති ආගමික දර්ශනයන්ට එරෙහිව මතුවූ දාර්ශනික ප්‍රවාහයකි. නව ප්ලේටෝවාදය තුළින් පැහැදිලි ලෙස සංගත කළ හැකි අදහස් මාලාවක් පිළිබිඹු නොවන අතර, චින්තකයන් පිරිසක් හැඟවේ. ඇලෙක්සෙන්ඩ්‍රියාවේ සිටි ග්‍රීක දාර්ශනිකයෙකු වූ අම්මෝනියස් සකාස් සහ ඔහුගේ ශිෂ්‍ය ප්ලොටිනස් (ක්‍රි.ව. 204/5 - 270) විසින් ආරම්භ කරන ලද නව ප්ලේටෝවාදයේ ආරම්භය ක්‍රි.ව. හයවැනි සියවස දක්වා සක්‍රීය ලෙසින් විවිධ චින්තකයන්

Read More

වසරේ අවසන් දිනයේදී කුරහන් සුවඳ තීරු ලිපියෙන් ඔබව ආමන්ත්‍රණය කිරීමට ලැබීම සුපුරුදු පරිදි භාග්‍යයක් කොට සලකමි. ඉතාමත් අභියෝගාත්මක වසරකින් පසුව අපට නැවතත් පියමැනීමට සිදුව ඇත්තේ තවත් අභියෝගාත්මක වසරක් වෙනුවෙනි.

Read More

නත්තලෙහි නිමාවත්, නව වසරේ ආරම්භයත් සිදුවන මේ කාලය තුළ ජනතාව මෙම උත්සවයන් සඳහා ඉතා යුහුසුළුව සූදානම් වනු දක්නට ලැබේ. එහිදී ඇතැම් පාරිභෝගිකයන් ආහාර මිලදී ගැනීමේදී විවිධ රැවටීම්වලට ලක්වී සිය සෞඛ්‍ය මට්ටම පහත හෙළා ගනී. තවද මෙම කාර්යබහුල කාලයේදී හදිසි අනතුරුද සිදුවිය හැකිය. මෙම ගැටලුවලින් වැළකී නව වසරට සෞඛ්‍ය සම්පන්නව පිය මැනීම සඳහා ඔබව දැනුම්වත් කිරීමට %අද^ අපි සිතුවෙමු.

Read More

1818 කැරැල්ල හෙවත් ඌව වෙල්ලස්සේ කැරැල්ලට^ ඉකුත් නොවැම්බර් 26 වැනි දිනට වසර 201ක් පිරිණි. ඒ අනුව එම කැරැල්ලට නායකත්වය දුන් මොනරවිල කැප්පෙටිපොල දිසාවේ ඇතුළු පිරිවර ඉංග්‍රීසීන් විසින් රාජ්‍යද්‍රෝහීන් සේ සලකා, යුද්ධාධිකරණයේ වරදකරුවන් කොට හිස ගසා ඝාතනය කොට වසර 201කි. කැරැල්ල අසාර්ථක වීමෙන් අනතුරුව අනුරාධපුර, නුවර කලාවියට රැකවරණය පතා පැමිණ ඇති කැප්පෙටිපොල දිසාවේ, මඩුගල්ලේ දිසාවේ ප්‍රධාන පිරිවර බ්‍රිතාන්‍ය හමුදාවේ අත්අඩංගුවට පත්වන්නේද මීට වසර 201කට පෙර

Read More

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවට මේ වනවිට විපක්ෂය මත ඉදිරිපත් කරමින් පවතී. මේ ඒ සම්බන්ධව සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන, නව රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සමග කළ සංවාද සටහනකි.

Read More

දිස්ත්‍රික්ක 13කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ පවුල්වල උදවියට ශෝකය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතරම පීඩාවට පත්ව ඇති සියලුම ජනතාවට උපරිම ආකාරයෙන් සහන ලබාදීමට සියලු පියවර රජය මැදිහත් වී මෙම සටහන ලියන විටත් ගෙන තිබිණි.

Read More

මෙම ලිපිය සැකසීමට ආසන්න හේතුව වූයේ යාල ජාතික වනෝද්‍යානයේ වාසය කරන නන්දිමිත්‍ර යැයි ඊනියා නාමකරුවන් විසින් හඳුන්වන ලබන වනගත ඇතෙකු එම වනෝද්‍යානයෙන් අල්ලා ඉවත් කිරීමට දේශපාලන අධිකාරිය විසින් තීන්දු කිරීමත්, ඊට එරෙහිව පරිසරවේදීන් දැඩි විරෝධය පළකිරීමත්ය. මේ සිද්ධිය තුළ මාගේ රචනයට අවශ්‍ය ප්‍රස්තුතය ගොනු වී තිබේ. එනම් වනසතුන්ට මිනිස් ආහාර ලබාදීම කොතරම් දුරට සෘජුව සහ වක්‍රව එම සතුන්ට හානි පමුණුවන්නේද යන්නයි.

Read More

වසර සියයකට එපිටදී ගල් පතල නම් වූ එය අද අත්තනගල්ල, කරස්නාගල මිනිරන් පතලයි. නැතහොත් එය මේ වනවිට ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම මිනිරන්පතලයි. එය ලොව සුපිරිසුදුම මිනිරන් වලට හිමිකම් කියන ශ්‍රී ලංකා භූමියෙන් මතුවන තවත් ධන උල්පතකි. එහි මෑත කාලයේ අස්වැන්න පසුගියදා නෙළා ගනු ලැබුවේ ශ්‍රී ලංකා මාතෘ භූමියට සිය ගණනක් ආර්ථික නිධන් විවර කරමිනි. ඉදින් පාඨක ඔබ වෙනුවෙන් අද සොබා බදාදා එහි පතුල් බැස්සෙමු.

Read More

නවලිබරල්වාදය යනු 19 වැනි සියවසේ නිදහස් වෙළෙඳ පොළ ධනවාදය මත නිර්මාණය වූ දෘෂ්ටිවාදයකි. 20 වැනි සියවසේ මුල් භාගයේදී නවලිබරල්වාදය සම්බන්ධයෙන් බටහිර ලෝකය තුළ යම් අත්හදා බැලීම් සිදු වුවද ඒවා සාර්ථක නොවුණේ පළමු ලෝක යුද්ධයේත්, දෙවැනි ලෝක යුද්ධයේත් කාල පරාසය තුළදී පාලිත ධනේෂ්වරවාදය හෙවත් කේන්සියානු ධනේෂ්වාරවාදය හොඳින් ස්ථාපිත වූ බැවිනි.

Read More

ඈත අතීතයේ සිටම ගැමියන් %මී වද^ කඩා පැණි පෙරන බව අප අසා සිටිමු. ඇතැම් විට එවැනි අවස්ථා දැකගැනීමටද හැකි වී තිබේ. ගැමියන් විසින් මී වද කැඩීමට ගොස් මී මැසි ප්‍රහාරවලට ලක් වූ කතාද ඔබ අසා තිබිය හැකිය. මී මැස්සන් සිය වද නිර්මාණය කරන්නේ නිශ්ශබ්දතාවයෙන් පිරුණු ස්ථාන තුළදීය. බොහෝවිට ගසක උස් අත්තක, කැලෑබද ප්‍රදේශයක් තුළ මී මැසි ජනපද ඉතා විශාලව නිර්මාණය කරයි. නමුත් වර්තමානයේදී මී මැසි වද ගෙවත්තෙහි ව්‍යාප්ත කරමින් රැකියාවක් ලෙසද සිදුකිරීමට හැකියාව තිබේ. ඒ සඳහ

Read More

අල්ලස, දූෂණය නොමැති රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට දීර්ඝ කාලයක පටන් පැවතෙන කතාබහ තවදුරටත් එලෙසෙම සිදුවෙමින් පවතී. රාජ්‍ය පාලකයන්ගේ සිට රාජ්‍ය සේවකයන්, මහජනතාව දක්වාම අල්ලස, දූෂණය පැතිරී ඇති අතර, ඇතැම් ක්ෂේත්‍රවල එය සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති බව නොරහසකි.

Read More

සාර්ථක දකුණු ආසියානු තරගාවලියක් නිමා කරමින් පදක්කම් 200 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම සුවිශේෂී කඩයිම පසුකිරීම වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතරම, පදක්කම් ජයග්‍රහණය කළ මෙන්ම නොකළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක්කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

Read More

රජයේ සමස්ත බදු ආදායමෙන් 50%ත්, 55%ත් අතර ප්‍රමාණයක් ලබාදෙනුයේ ශ්‍රී ලංකා රේගුව විසිනි. 2018 වසර සැලකීමේදී රේගුව උපයා දී තිබෙන බදු මුදල රුපියල් බිලියන නවසිය දහ නවයකට අධිකය. රේගු දෙපාර්තමේන්තුවට අලුතින් හඳුන්වා දී තිබෙන ස්කෑන් යන්ත්‍ර හේතුවෙන් රේගුවේ මුදල් අවභාවිතා වන බවට රට තුළ කතාබහක් ඇතිවී තිබේ. මීට අමතරව ස්කෑන් යන්ත්‍රවලට අදාළ ගිවිසුම සංශෝධනය කරන ලෙසට රේගු වෘත්තීය සංගම් කිහිපයක් ජනාධිපතිවරයාගෙන් හා බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙන බවට වාර්තා වේ.

Read More

ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ හටගත් නායකත්ව අර්බුදය තවම විසඳී නැත. විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා වුවත්, පක්ෂ නායක ධුරය විසඳීම කාලයට භාරදී තිබේ. මෙම පසුබිම තුළ ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය සහ විපක්ෂයේ කාර්යභාරය සිදුකරගෙන යන ආකාරය පිළිබඳව දැනගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා සම්බන්ධ කර ගතිමු.

Read More

මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භයේදීම අපි අතරින් වෙන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාට නිවන් සුව අත්වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමු. අපි අතරින් වෙන්වූ සටන් සගයා පැතූ වැඩ කරන රට නිර්මාණය කිරීම වෙනුවෙන් අපි උපරිමයෙන්ම කැපවන බව මෙහිදී සපථ කරන්නෙමු.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කය යනු රටේ සෙසු පළාත්වලටත් වඩා වැඩියෙන් වී ගොවිතැනට මූලිකත්වය ලබා දෙන, වී ගොවිතැන ප්‍රධානතම ජීවනෝපාය ලෙස සලකන දිස්ත්‍රික්කයකි. පොළොන්නරුවේ ගොවීන් සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමවලින් මිදෙමින් නවීන තාක්ෂණික ක්‍රමෝපායන් සොයමින් සිටියි. විශේෂයෙන් පොළොන්නරුව වැනි වී ගොවිතැනට අරක්ගත් ගොවීන්ට නවීන යන්ත්‍ර ක්‍රම භාවිතය වර්තමානය වන විට විශාල වාසියක් ඇති වේ.

Read More

රට දියුණු කිරීමට නම් සමාජවාදය ඇති කළ යුතු බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය රට තුළ මතවාදයක් ඇතිකරමින් තිබේ. මේ පිළිබඳවත්, එම පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙන්ම වර්තමාන ආණ්ඩුව යටතේ ජනතාවට ලැබෙන දෑ සම්බන්ධයෙන් එම පක්ෂය දරන මතය පිළිබඳව %අද^ අප පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා සමග කතාබහක නිරතවිය.

Read More

යහපාලන ආණ්ඩුව පරාජය වීමට බලපෑ හේතු සාධක සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය මේ වනවිට සමාලෝචනයක් සිදුකරමින් සිටින අතර, මෙම පසුබිම තුළ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද අප සමග පළකළ අදහස් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරේ.

Read More

ශ්‍රී ලංකාවේ නව ජනපතිවරයා ලෙස අතිවිශාල බහුතරයකින් තේරීපත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වී සති දෙකක් පමණ ඉක්මවා තිබේ. ජනපතිවරයා බලයට පත්වී කෙටි කාලයක් වුවත් ඔහු ගත් තීන්දු තීරණ පිළිබඳව බොහෝ පිරිසකගේ ප්‍රසාදය හෙළිව තිබේ.

Read More

ඩෙංගු රෝගය පිළිබඳව පළමුවරට අප රට තුළ විද්‍යාත්මක තහවුරුවක් සිදුව තිබෙන්නේ 1962 වසරේදීය. ඩෙංගු රෝගය මරණය ගෙන දෙන රෝගයක් වුවත් අදටත් එය රටින් තුරන් කිරීමට නොහැකි වී ඇත. මේ නිසා වර්තමානය වන විට පොදුවේ වසරකට පුද්ගලයන් පනස්දහස ඉක්මවා රෝගීන් බවට පත්වන අතර, පුද්ගලයන් පනහකට (50) වැඩි ප්‍රමාණයකට ජීවිත පූජා කිරීමටත් සිදුව තිබේ. ඩෙංගු මර්දනය කිරීම සඳහා රජය මැදිහත්ව ගෙවී ගිය කාලය තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළද අඛණ්ඩව එම වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීම නිසා

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ මැතිවරණ ව්‍යාපාරයේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව අතරට ගෙනයෑමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දායකත්වය දක්වනු ලැබිණි. මේ නිසා වර්තමාන ආණ්ඩුව ඇමතිවරුන් පත්කිරීම පිළිබඳව හා ලබාදුන් පොරොන්දු ඉටුකරන ආකාරය පිළිබඳව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද^ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්

Read More

ශ්‍රී ලංකාවේ තීරණාත්මක ජනපතිවරණක් නිමා වී දින 10ක් ගතවන අවස්ථාවේදී මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලියමි. ජනපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා වූ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත්කිරීමට හැටනම ලක්ෂයක ජනතාවක් කටයුතු කළේ බොහෝ බලාපොරොත්තු සහිතවය.

Read More

පසුගියදා නිමාවුණු ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම උදෙසා පැවැති ජනාධිපතිවරණය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයක් යොමු වී තිබිණි. එලෙසම මෙවර ජනාධිපතිවරණයේ තරගකාරීත්වයද ඉතා ඉහළ මට්ටමක පැවතුණි. මේ හේතුව නිසා බොහෝ දෙනා විවිධ අදහස් සහ මතවාද මේ සම්බන්ධව ඉදිරිපත් කර තිබුණි. මෙවර ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රථම එහි ප්‍රතිඵල පිළිබඳ පුරෝකථනය කළ තරුණයෙක් අපට හමුවිය. එහිදී ඔහුගේ ප්‍රතිඵල විශ්ලේෂණය සැබෑ ප්‍රතිඵලයට ඉතා ආසන්න මට්ටමක පැවතීම විශේෂිත

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් විසින් සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්කිරීමට කටයුතු කළ බව රටේ කතාබහක් ඇතිවී තිබේ. මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයත් සමග එක්සත් ජාතික පක්‍ෂය තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර, ඒ පිළිබඳව සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් හා සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ තිස්ස අත්තනායක මහතා සමග අද කතාබහක නිරත විය.

Read More

අතීත ශ්‍රී ලංකාද්වීපය ලෝකයා විසින් සිවුහෙළය ලෙස හඳුන්වන්නට විය. ඉතිහාස පොතපත අධ්‍යයනයේදී මින් වසර 38,000කට 40,000කට තරම් ඈත කාලයේදී ලංකා භූමිය තුළ ප්‍රාග් ඓතිහාසික ජන කණ්ඩායම් 4ක් ජීවත් වූ බව කියවේ. එනම් යක්ෂ, දේව, නාග හා රාක්ෂ යන ගෝත්‍රවල ජනයායි. මෙම ගෝත්‍රික වැසියන් විවිධ වෘත්තීන්වල නියැලුණු බව සඳහන් වේ. ඒ ආශ්‍රිත ජනප්‍රවාද හා පුරාවෘත්ත රැසකි. රාවණ රජු පිළිබඳ කතා පුවතද එවැන්නකි. සුමන සමන් වැනි දේව ගෝත්‍රිකයෙක් දේවත්වයට පත්වූ බවද එවැනි පුරාවෘත්

Read More

විපක්ෂනායක මෙන්ම මෙරට වැඩිම වාර ගණනක් අගමැති තනතුර හෙබවූ නමුත් තනතුරට හිමි ධුර කාලය කිසිදා සම්පූර්ණ නොකළ රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20දා) සිය ධුරය අත්හැර ගියේය. මේ සටහන ඔහුගේ දේශපාලන ජීවිතය සම්බන්ධයෙනි.

Read More

මිනිසාගේ පැවැත්මට අවශ්‍ය වාතය, ජලය සහ ආහාර ස්වභාවධර්මයෙන් නොලැබෙන්නට මිහිතලය ජන ශූන්‍ය කාන්තාරයක් වනු ඇත. එහිලා එකී සොබාදහම විසින් දායාද කළ ආහාරාපාන දාමය තුළින් මානවයාට පෝෂණයත්, සෞඛ්‍යයත් පිළිබඳ පවතින ආශිර්වාදය නිසි ලෙස භාවිතයට ගැනීමට මානවයා සමත් වීදැයි යන්න මේ වන විට ජනමතයක් බවට පත්ව ඇත. එසේනම් එකී ආශිර්වාදය ඇසුරෙන් පෝෂණ ගුණයෙන් යුතු ආහාර භාවිතය වෙනුවෙන් ජනතාව සහ ආහාර වර්ග නිෂ්පාදකයන් සතු කාර්යභාරය පිළිබඳ විමසීමට අපි සිතුවෙමු. මේ එහිලා කෘෂිකර්ම

Read More

ශ්‍රී ලංකාවේ වර්තමානයෙහි පරිසර සංරක්ෂණය, වනජීවී සංරක්ෂණය, වන සංරක්ෂණය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය ආදී වශයෙන් සංරක්ෂණ කතිකාව පුළුල් වපසරියක් තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ සඳහා වූ වැඩසටහන් සහ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වන බවද පෙනෙන්නට තිබේ. ඒවාට විශාල මුදලක්, ශ්‍රමයක් සේම පුළුල් ප්‍රචාරයක්ද ලබාදෙන බව අසන්නට දකින්නට ලැබේ. නමුත් ඊට සාපේක්ෂව මෙම ව්‍යාපෘති හරහා ලබාගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්විය හැකිද? මේ ලිපියෙන් අවධානය යොමු කරන්නෙ ලෝක

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.