saravita-anim2

2025 ජනවාරි මස 20 වන සඳුදා

2025 ජනවාරි මස 20 වන සඳුදා

Opinion - timelapse 7319 hours ago

LATEST

පෞද්ගලික කාරණා නිසා එජාපය විනාශ වීමට ඉඩදිය යුතු යැයි කෙනෙකු සිතනවා නම්, එය ඓතිහාසික වැරැද්දක්

calendar_today 2020 ජුනි 18 - 08:00 remove_red_eye - 594  

[LONG READS] මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙරට දේශපාලන වේදිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. එමෙන්ම මෙවර මැතිවරණයේදී මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට ලක්ව තිබේ. ඒ එය කණ්ඩායම් දෙකකට බෙදී, එක්සත් ජාතික පක්ෂයේ කොටසක් එහි හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය

ඇතැම් නෛතික ප්‍රතිපාදන හරහා සිදුවිය හැකි අනර්ථයන් පිළිබඳ නිසි පරිදි වැටහෙනුයේ ඒවා අහිතකර ලෙස භාවිත කිරීමෙන් අනතුරුවය. කෙසේවුවද එවැනි අහිතකර තත්ත්වයන් ඇතිවීමට පෙර ඒ පිළිබඳ සොයා බලා නීතියේ ඇති දුර්වලතා පියවා ගැනීම වඩාත් සුදුසු එසේම ප්‍රශස්ත ක්‍රියාමාර්ගයයි. ඒ පිළිබඳ අවධානය යොමු කිරීමේදී වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතෙහිද වෙනස් විය යුතු ඇතැම් තැන් ඇති බවට කාලෝචිතව නිරීක්ෂණය වේ.

Read More

(LONG READS)පසුගිය දිනෙක ඉතා දුර්ලභ ගණයේ කළු කොටියෙකු මද්දකට හසු වී පසුව ප්‍රතිකාර කිරීමේදී මිය ගියේය. මේ පිළිබඳව සමාජය, පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව රැසක්ම චෝදනා නැඟුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. කඳුකරව වෙසෙන කොටින් ආරක්ෂා කිරීම සඳහා විශේෂිත වැඩසටහනක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආරම්භ කර තිබේ. මේ ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකි.

Read More

ලංකාවේ ඇති ස්වාභාවික රක්ෂිත අතර වැදගත් ස්ථානයක් හිමිව තිබෙන වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය නැවත ගැසට් කරමින් එහි කොටසක් ජලජ ජීවීන් වගා කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදා ගැනීමට වසර කිහිපයක් පුරාවට උත්සාහ කළත්, එල්ල වූ චෝදනා හමුවේ එය තාවකාලිකව නැවතුණි. නමුත් මෑතකදී නැවතත් එම ව්‍යාපෘතිය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමක් පිළිබඳව මේ වනවිට කතාබහක් ඇතිවන නිසා ඒ පිළිබඳව තොරතුරු ගෙන ඒමට අපි උත්සාහ ගතිමු.

Read More

(LONG READS) යම් දෙයක් ගැන කතා කරන්න, අදහස් දක්වන්න, විරුද්ධ වෙන්න වගේම විරුද්ධව අදහස් දක්වා උද්ඝෝෂණය කරන්න මිනිසුන්ට අයිතියක් තියෙනවා. ඒ නිසාම මේ අයිතිය මානව හිමිකමක් කියලත් කියනවා. ඒ අයිතිය තවත් ශක්තිමත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකමක් විදිහට ඇතුළත් කරලා තියෙනවා. නමුත් මේ දේවල් පොතපතට විතරක් සීමා වෙලාද කියලා අපිට හිතෙන්නේ මේ දවස්වල සිදුවෙන සිදුවීම් දකිද්දියි.

Read More

නල්ලතන්නිය ප්‍රදේශයට අයත්, ලක්ෂපාන තේ වතුයායේ ශ්‍රීපාද රක්ෂිතයට මායිම්ව පිහිටි එළවළු කොටුවක අටවන ලද කම්බි මද්දකට, අති දුර්ලභ කළු කොටියෙකු හසුවීම පිළිබඳ පසුගිය 26 වෙනිදා වාර්තා වූ අතර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම කළු කොටියා මුදාගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා උඩවලව ඇත්අතුරු සෙවණ වෙත රැගෙන යන ලද මුත් එහිදී මෙම දුර්ලභ සත්ත්වයා මිය යාම සම්බන්ධයෙන් මේ වන විට රට තුළ විශාල කතාබහක් ඇති වී තිබේ.

Read More

කොරෝනා වෛරස් ආසාදිතයන් මෙරටින් පළමුවරට හමුවූ අවස්ථාවෙන් පසුව මාර්තු 13 වනදා සිට සියලු පාසල් වසා දැමීමට රජය පියවර ගත් අතර ඒ අනුව මාස තුනකට වැඩි කාලයකට පසුව යළිත් පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ වන විට පාසල් පද්ධතියේ ලක්ෂ 50ක් පමණ දරුවන් පිරිසක් නිවෙස්වලට වී සිටිති.

Read More

ඌව පළාතේ සංචාරක ස්ථාන අතර මනස්කාන්ත දියඇලි රැසක් දක්නට හැකිය. මේ ඇතැම් දියඇලි අසලට ඉතා පහසුවෙන් ළඟා විය හැකි වුවත්, තවත් ඇලි අසලට යාම අසීරු කටයුත්තකි. බඩල්කුඹුරේ පරෙයියන් ඇල්ලද එසේ තරමක් අසීරුවෙන් යායුතු එතරම් ප්‍රකට නොවූ එහෙත් ඉතාමත් සුන්දර දියඇල්ලකි. දියඇල්ල මෙන්ම ඊට ඉහළින් පිහිටි පරිසරයද නොමඳව රසවිඳිය හැකි සුන්දරත්වයකින් අනූන වේ.

Read More

ඉබ්න් සීනා හෙවත් ‘’අබුඅලි සිනා’, ‘’පූර් සිනා’ එසේත් නොමැතිනම් බටහිර ලෝකයේදී අවිසින්නා වශයෙන් හැඳින්වෙන දාර්ශනිකයා සම්බන්ධයෙන් සාමාන්‍ය පාඨකයන් දන්නේ ඉතා මද වශයෙනි. ඉස්ලාමීය දර්ශනයේ සහ විද්‍යාවේ ස්වර්ණමය යුගයේ බිහි වූ අවිසින්නා මුල් නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙසද සැලකේ.

Read More

මෙවර ලෝක සාගර දිනයේදී මෙරට වැඩි අවධානය යොමු වුණේ දැති මෝරුන් පිළිබඳවය. එයට හේතුව වූයේ තරුණ සත්වවේදීන්ගේ සංගමය මෙම මත්ස්‍යයා සංරක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි. ඒ නිසාම වඳ වීගෙන යන දැති මෝරුන් පිළිබඳව අපේ අවධානය මෙලෙස යොමු විය.

Read More

[LONG READ] ආහාර යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවකි. ඒ නිසාම ආහාරවලට ඇති ඉල්ලුම ඉතා ඉහළය. එම ඉල්ලුමට සරිලන සැපයුම සපුරාලීම උදෙසා සිදුවන ක්‍රියාවලියේදී ආහාරවල සුරක්ෂිතතාව ගිලිහී යයි. ආහාර නිපදවීමේදී, පරිහරණය කිරීමේදී සහ ගබඩා කිරීමේදී ආහාර මගින් ඇති වන රෝග වළක්වා ගත හැකි පරිදි කටයුතු කිරීම ආහාර සුරක්ෂිතතාව ලෙස හඳුන්වනු ලැබේ. වර්තමානයේ මෙම ආහාර සුරක්ෂිතතාව වෙත එල්ලවන අභියෝග රාශියකි.

Read More

[LONG READ] බටහිර වෛද්‍ය විද්‍යාවත්, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත්, පාරම්පරික හෙළ වෛද්‍ය විද්‍යාවත් අතර විවිධ මති මතාන්තර නිර්මාණය වී තිබීම හේතුවෙන් බොහෝ පුද්ගලයන් එක් වෛද්‍ය ශ්‍රාස්ත්‍රයක් පමණක් විශ්වාස කිරීමට සහ ඒ තුළින් ප්‍රතිකාර ගැනීමට පෙලඹී තිබේ. එසේ වුවද බටහිර වෛද්‍ය ශ්‍රාස්ත්‍රයත්, පාරම්පරික සිංහල වෛද්‍ය ශ්‍රාස්ත්‍රයත් මුසුකොට රෝග සුව කිරීමේ කටයුත්තේ යෙදෙන වෛද්‍යවරයෙකු අපට හමුවිය.

Read More

[LONG READ] ඉතිහාසයේ පටන් මෙරට ව්‍යසන අවස්ථාවන්ට පත් වූ සෑම මොහොතකදීම මහා සංඝ රත්නය ප්‍රමුඛ ආගමික නායකයන් පෙරට පැමිණ රටේ උන්නතිය හා රටේ නැගී සිටීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කර ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි.

Read More

කෝවිඩ් - 19 වසංගතය පැතිරීමත් සමගම ලංකාව තුළ නව නිර්මාණ, නව අදහස්, නව ක්‍රමවේද භාවිතයට ගැනීම නිරන්තරයෙන්ම සිදුවිය. විශේෂයෙන් නිවසේ සිට රැකියා කිරීම, මාර්ගගත තාක්ෂණයෙන් භාණ්ඩ අලෙවි කිරීම සහ සේවා සැපයීම වැනි දෑ මේ පසුගිය කාලය පුරාවටම සිදුවිය. ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමඟ මාර්ගගත තාක්ෂණය භාවිතා කරමින් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සිදු කළ හැකි කාර්යයන් බොහෝය.

Read More

කෝවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග බොහෝ කර්මාන්තයන් සිය නිෂ්පාදන සම්පූර්ණයෙන්ම හෝ සැලකිය යුතු මට්ටමකින් අඩාළ වන තත්ත්වයකට මුහුණ දී සිටියි. එවන් පසුබිමක ක්‍රමයෙන් රට විවෘත කරන්නට රජය පියවර ගෙන යද්දී කර්මාන්තකරුවන් ලෙසත්, ව්‍යවසායකයන් ලෙසත් අප සිදුකළ යුත්තේ කුමක්ද? හා අපගේ අවධානය යොමු විය යුතු වැදගත්ම කාරණා මොනවාද? යන්න පිළිබඳව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව හා ආපදා කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්පනා අඹේපිටිය ම

Read More

මත්පැන් පානය, දුම්පානය, බාර් ඇරීම ආදිය සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එමෙන්ම කෝවිඩි-19 වසංගතය හේතුවෙන් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද බොහෝ පිරිසක් මත්පැන් සහ දුම්පානයෙන් ඈත් වී ඇති බවටද මේ වනවිට සොයාගෙන ඇත. ආණ්ඩුව බාර් ඇරීමට මෙතරම් උනන්දු වුවද සැබැවින්ම ජනතාව තුළ ඒ සඳහා උනන්දුවක් තිබේද යන්න සාකච්ඡාකර බැලීමට අපි අදහස් කළෙමු.

Read More

දශක තුනක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. යුද්ධය නිමා කර අදට (18දා) වසර එකොළහක් ගතවී හමාරය. මේ වනවිට උතුර නැගෙනහිර වැසියෝ සියල්ලෝම සාමකාමීව ජීවත් වෙති. ඒ බිහිසුණු කාලවකවානුවට ජාති බේදයකින් තොරව මුහුණ දුන් ජනතාවගේ සිත් තුළ ඒ මතකයන් සදාකාලිකවම තැන්පත් වී තිබේ. ’’මාවිල්ආරු අමුණ වසා දැමීම’’ යුද්ධය අවසන් කිරීමට මූලික වූ ප්‍රබල හේතුවකි. මාවිල්ආරුවෙන් ජලය ලබාගත් කුඹුරු අක්කර තිස්දහසක් මේ නිසා විනාශ විය. මේ එකල මාවිල්ආරු අමුණ ආශ්‍රිතව ජීවත් වූ සහ අදටත් ජීවත් වන

Read More

කෝවිඩ්-19 වසංගතය ලෝකය පුරාම පැතිර ගොස් ජනජීවිතයට, ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති අවස්ථාවක ගෝලීය අර්බුද, ආර්ථික අර්බුද ආදිය පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක්වේ. මේ වනවිට ලෝකයේ ජීවත් වන අප සැමට අවශ්‍යව ඇත්තේ සාමූහිකව හැමදෙනාටම වග කියන, සොබාදහමට හා මානව සමාජයට හිතැති ජීවත් වීමේ කලාවක් මිස, සොබාදහමට හා මානව සමාජය වනසන ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට හසු වූ මිථ්‍යාවක් නොවන බව වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන්ව තිබේ. මේ සම්බන්ධයෙන් සෙබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Read More

ලාංකිකයන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ කෘෂිකර්මාන්තය සමග විවිධ හස්ත කර්මාන්තද සමාන්තරව මනා සහසම්බන්ධතාවකින් පැවති බව පැහැදිලිය. මෙම ගෘහ කර්මාන්තද මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් විය. ගොවියා බත සැපයූ අතර, හස්ත කර්මාන්ත ශිල්පියා මුළුතැන්ගෙට හා ගොවිපළට අවශ්‍ය උපකරණ හා මෙවලම් සම්පාදනය කළේය. මැටි වළං හෙවත් කුඹල් කර්මාන්තය ද එවැන්නකි.

Read More

’කෝවිඩ් - 19’ වංසගතයේ ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ මගින් නිරතුරුවම දෑත් සේදීමට උපදෙස් දුන් බැවින් දෛනික ජීවිතයේදී වැඩි වාර ගණනක් අප දෑත් දෙපා සේදීමට යොමු වී ඇත. එහිදී බොහෝ දෙනෙකු විවිධ සේදුම් ද්‍රාවණ භාවිතා කරනු දක්නට ලැබේ. නමුත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දෑත් සේදීමට යොමුවුවත්, ඒ සඳහා ශරීරයට අහිතකර ද්‍රාවණ යොදා ගැනීම තුළින් සිදුවන්නේ අප එක් රෝගයකින් ආරක්ෂා වීම සඳහා තවත් රෝග කාරකයක් යොදා ගැනීමකි. එසේ නම් දෑත් සේදීම සඳහා යෝග්‍ය වන්නේ කුමනාකාරයේ සේදුම

Read More

’’කැලණි ගඟේ වතුර පිරිසුදු වෙලා.......’’ ඒ ගතවූ දින කිහිපය පුරා ඇසුණු කතාවකි. එහෙත් සත්‍ය වශයෙන්ම කැලණි ගඟ පිරිසුදු වීද? කෝව්ඩ්-19 වෛරස ව්‍යාප්තිය ශ්‍රී ලංකාව වසා පැතිරෙමින් ජනයාගේ දෛනික ජීවිතය නිවසට කොටු වීමත් සමග කැලණි ගඟේ ජලය සත්‍ය ලෙසම පිරිසුදු වීද? එය එසේ වී ගතවූ දින කිහිපයේදී පමණක් කැලණි ගඟ පිරිසුදු වූයේ නම් පෙර අපිරිසුදු වීමට හේතු කුමක්ද? මේ සියල්ලටම හේතු විමසූ අපට සත්‍ය ලෙසම දක්නට ලැබුණු කරුණ නම් කෝවිඩ්-19 ඇති, නැති මේ සියලු කාලවලදී කැලණි

Read More

ගල්කිරියා කඳු මුදුනේ හිරු හොඳ පදමට දිලිසෙමින් තිබේ. දැන් දවල් දොළහද පසුවී ඇත. ගමේ වෙල්දෙණි, බඩවැටි මතින්, තුරු මුදුන් යටින් අපි ඇවිද යමින් සිටිමු. ගිනි මද්දහනේ වුවද අමුතු සිසිලසක් ගතට දැනේ. ’කුඹුක්කඩවල’ ගමේ හතරමුළු හොඳින් දත් නිමල් රත්නායක මට පාර පෙන්වයි. ඔහුට අවුරුදු තිස්පහක් පමණ වෙතැයි මම අනුමාන කළෙමි. අප යා යුත්තේ කොතැනකටදැයි දන්නේ ඔහුමය. එක යායට යාවී ඇති පොල් අතු මත ඔබ මොබ යන රිළව් රැළකි. මට නම් එය විනෝදයකි. ඒත් එහි සැබෑ අරුමය දන්නේ නිමල්ලාය.

Read More

(Long Reads)කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් චීනය වැරිදි තොරතුරු ඉදිරිපත් කරන බවට ඇතැම් රටව් පැවැසුවත් එම රටවලම විශේෂඥයින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපතිවරයා‍ පැවැසීය. සම්මුඛ සාකච්ඡාවයකට එක්වෙමින් චීනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සියලුම චෝදනාවලට ඔහු පිළිතුරු දුන්නේය.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල වැඩි වශයෙන් තොරතුරු හුවමාරු වන අතර, මේ සියල්ල සත්‍යද නැතහොත් අසත්‍ය ඒවා මොනවාද යන්න පැහැදිලිව තෝරාගැනීමට අපහසු වන අවස්ථාද නැතුවාම නොවේ. මේ අතර සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන ඇතැම් දෑ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පසුගිය දිනවල පොලීසිය විසින් ප්‍රකාශ කළේය. මේ නිසාම සමාජ මාධ්‍යවල ප්‍රචාරය කිරීමට නීතියෙන් තහනම් දෑ මොනවද යන්න සොයා බැලුවෙමු. ඒ සම්බන්ධයෙන් නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා විසින් කරන ලද නීතිමය පැහැදිලි කිර

Read More

ලංකාවේ ආර්ථිකයට සෘජු මෙන්ම වක්‍රව විශාල දායකත්වයක් ලබා දෙන කර්මාන්තයක් ලෙස සංචාරක ක්ෂේත්‍රය හැඳින්විය හැක. මෑත කාලයේදී අවස්ථා දෙකකදී ලංකාවේ ගොඩනැඟෙමින් තිබූ සංචාරක කර්මාන්තය බිඳ වැටීමට ලක්විණි. ඒ පාස්කු ප්‍රහාරයෙන් සහ ’කෝවිඩ් - 19’ බලපෑම තුළය.

Read More

රට වෙළාගත් ව්‍යසනය හමුවේ අපට අවැසි ආහාර භෝග අප විසින්ම වගාකොට පරිභෝජනයට ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව මෙසමයෙහි සාකච්ඡාවක් මතුව තිබේ. ඒ සඳහා සැලසුම් වන යම් යම් වැඩසටහන් පිළිබදව ද කියවේ. මෙහෙයින්ම රටේ පුරන් වී, වල්වැදී අතහැරුණු හැම බිම්කඩක්ම වගා කළ යුතු බවටද අදහස් පළවේ. එහෙත් ඉහළ වගා වපසරියක් ඇති මහවැලි එච් කලාපයේ යල් කන්නයේ වගාවන් සඳහා දියවර නිකුත් කිරීමේ කිසිදු සූදානමක් නැති බවට ගොවීහු කරුණු පැහැදිලි කරති. මෙරට ප්‍රමුඛතම සංවර්ධන ව්‍යාපාරය සේ පිළිගැනෙන

Read More

‘කෝවිඩ් - 19’ අවදානම හේතුවෙන් මාර්තු මාසයේ මැද සිට මේ වනතෙක් පාසල්වල අධ්‍යාපන කටයුතු සියල්ල නවතා තිබේ. එම නිසා මාස දෙකකට අධික කාලයක පටන් බොහෝ දරුවන් සිටින්නේ අධ්‍යාපන කටයුතුවලින් බැහැරවය. කෙසේ වෙතත් ඉදිරියේදී රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය කුමන තත්ත්වයකට පත් වේවිද යන්න විශාල ගැටලුවකි. රටේ අධ්‍යාපනය බිඳ වැටුණහොත් එය ඉදිරි අනාගතයට විශාල බලපෑමකි. රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ගමන් මග කෙසේ විය යුතුද යන්න පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ

Read More

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ තදබල බලපෑම හේතුවෙන් ලංකාව මාසයකට ආසන්න කාලයක් පුරාවට ඇඳිරි නීතිය යටතේ පාලනය විය. මේ නිසා ජනතාවගේ සාමාන්‍ය ජනජීවිතය වෙනස්ම මගකට ගමන් කළා පමණක් නොව පවුලේ ආර්ථිකයද කඩා වැටීමට ලක්විය. කෙසේ වෙතත් සෞඛ්‍යාංශවල පැවැති සාර්ථක වැඩපිළිවෙළවල් මත ඉදිරි කාලයේදී යම් ක්‍රමවේදයකට ඇඳිරි නීති ලිහිල් කිරීම් සිදුවේ. ඇඳිරි නීතියෙන් පසු ජනජීවිතය ගෙන යා හැක්කේ කෙලෙසද? මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා

Read More

කෝවිඩ් 19 රෝග ව්‍යාප්ත වීම හමුවේ රට මාසයකට අධික කාලයක් පුරාවට ඇඳිරිනීතියට යටත්ව පාලනය වෙයි. මේ කාල සීමාව තුළදී සෞඛ්‍ය අංශ, රජය, මහජනතාව ඇතුළු රටේ සෑම පුරවැසියෙකුගේම ප්‍රධාන මෙන්ම එකම මාතෘකාව වූයේ කෝවිඩ් 19 රෝගය සහ ඇඳිරිනීති තත්ත්වයේ නවමු විස්තරයන් දැන ගැනීම පිළිබඳවය. මේ නිසාම අප අවධානයෙන් මිදී රිසි සේ පැතිරුණු බෝ වන රෝග රැසකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.