බඩඉරිඟු පසුගිය කාල සීමාවේ වැඩි අවධානයක් දිනා ගන්නට වූයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු විසින් කළ ප්‍රකාශයත් සමගය. ඒ නිසාම බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කරන ත්‍රිපෝෂ හා ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු හිඟය නිසා ඇති වී තිබෙන බලපෑමත් පිළිබඳව අපේ අවධානය මෙසේ යොමු වේ.
ලෝක ඕසෝන් දිනය අද (16දා) දිනට යෙදී තිබෙනවා. මේ ඒ වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මෝදිකා තිලකරත්න මහත්මිය සමග %අද^ කළ සාකච්ඡාවකි.
Read Moreඋස්සාන වාරි ජලසම්පාදන ක්‍රියාවලිය සඳහා මෙරට තුළ ඇත්තේ නිදහසින් පසුව ගොඩනැගුණු ඉතිහාසයකි. එය යම්යම් ප්‍රදේශවලට ආවේණික වූවකි. දහසින් වැව් බැඳි රජරට ඓතිහාසික අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ උස්සාන වාරික්‍රම පිළිබඳව වැඩිමනක් අසන්නට ලැබෙනුයේ රාජාංගනය ප්‍රදේශයෙනි.
Read Moreකෝවිඩ් වසංගතයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මෙන්ම ලෝකය දැඩි ආර්ථික දුෂ්කරතාවට මුහුණ දෙමින් සිටී. මතු වී තිබෙන නව ආර්ථික අභියෝග සහ ඒවා ජයගන්නා ආකාරය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සමග අප සාකච්ඡා කළ අතර, ඒ ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.
Read Moreඋපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය කාලය පුරාම රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් පෙනී සිටින සංගම් රට තුළ විශාල අරගලයක නිරත විය. මේ අනුව වර්තමාන ආණ්ඩුව විසින් උපාධිධාරීන් හැට දහසකට අධික පිරිසක් මේ වනවිට රැකියා පුහුණුවට බඳවා ගෙන තිබේ.
Read Moreරටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන අතර, මේ වන විට ක්‍රියාත්මක වනුයේ 1978දී හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්වස්ථාවය. මේවනවිට අවස්ථා 19කදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන එක් කර ඇති අතර, 20වැනි වතාවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පතක් ආණ්ඩුව විසින් ඉදිරිපත්කර තිබේ. එබැවින් යෝජිත 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් අදහස් මෙලෙස දැක්වීමට අද අපි අදහස් කළෙමු.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20වැනි වරටත් සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. මෙම කෙටුම්පත සම්බන්ධයෙන් බොහෝදෙනාගේ විවේචන මතුව ඇති අතර, ආණ්ඩුව පාර්ශ්වයේ ඇතැම් අයද ඒවා විචේනය කරමින් සිටියි. කෙසේවෙතත් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ආණ්ඩු පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා සමග සාකච්ඡා කළෙමු.
Read Moreමෙරට තුළ ගව ඝාතනය නතර කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පෙරේදා ගත් තීරණයට ආණ්ඩු පක්ෂ මන්ත්රී වරුන් සියලුදෙනාගේ කැමැත්ත හිමිවී ඇති බව මාධ්ය විසින් වාර්තා කර තිබිණි.
Read Moreනාගරික වනාන්තරයක් යනු නගරයක් හෝ තදාසන්න ප්‍රදේශයක් තුළ වර්ධනය වන වනාන්තරයක් හෝ ශාක සමූහයකි. පුළුල් අර්ථයකින් ගත් කල, මිනිස් ජනාවාස ආසන්නයේ වගා කෙරෙන ඕනෑම වනාන්තරයක් මේ යටතට ගැනීමට හැකි වන අතර, විශේෂයෙන් සංවර්ධිත ලෝකය තුළ නාගරික වනාන්තර සම්බන්ධයෙන් විශාල උනන්දුවක් ඇති වී තිබෙන්නේ පරිසර දූෂණය සම්බන්ධයෙන් මෑත දශකවල ඉස්මතු වූ කථිකාවත් සමගිනි.
Read Moreමෙරට අවුරුදු 19- 25ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර එච්අයිවී ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ප්‍රකාශ කර තිබුණේ පසුගිය සතියේයි. මේ එම කරුණ හා එච්අයිවී රෝගය මෙරට පැතිරීම සම්බන්ධයෙන් කාලීන තොරතුරු පිළිබඳව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සමග කළ කතාබහකි.
Read Moreවවුනියාව, නාමල්ගම ගම්මානය තිස් වසරක යුද්ධයට මුහුණ දී අනතුරුව නැවත පදිංචි කළ ගම්මානයකි. වවුනියාවේ සිට කිලෝමීටර් විස්සක පමණ දුරකින් පිහිටා ඇති නාමල්ගම බොහෝ දුෂ්කරතා පිරුණු ගමකි. නාමල්ගම ගම්මානයේ පවුල් හාරසිය හැත්තෑවක් පමණ ජීවත් වන අතර, ඔවුන්ගෙන් අතිබහුතරයක් දරිද්‍රතාවට, ජල අර්බුදයට දරුණු වශයෙන් මුහුණ දෙයි. පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ මෙලෙස පීඩා විඳින නාමල්ගම ගම්මානයට පණක් ලබාදෙමින් ගැමියාගේ ජීවිතයට සිනහවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටිති. මේ වන
Read Moreනැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සංකල්පයකට අනුව, නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ආණ්ඩුකාර කාර්යාලය ඒකාබද්ධව, කීඩෑ උවදුර මර්දනය කිරීමට හා කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීමේ අරමුණින්, 2020 යල කන්නයේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ %දැයට හිතැති ගොවිතැන^ නමින් අක්කර 100ක කාබනික වී වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබිණි.
Read Moreජීවිතයේ සැදෑ සමයේ හුදකලා බව මිනිස් වර්ගයාට පොදු ධර්මතාවක්ව පවතී. දහසක් දෙනා පිරිවරා සිටියද ඒ හුදකලාවෙන් මිදීම පහසු නොවේ. මේ සනාතන දහම පසෙකලා විවිධ අත්කම් නිර්මාණ සමග සැදෑ සමය සතුටින්, සාමයෙන් ගෙවන අඹු සැමි යුවළක් සොයා අප ඉකුත් දින මග ගෙව්වෙමු. ගල්නෑව, මුදුන්ගොඩ ගම් පියස ජීව උයන කොටගත් ඒ. ප්රේදමාවතී මහත්මිය පන්පැඳුරු, වට්ටි, පෙට්ටි, මලු ආදිය අතර දවස ගෙවා දමන්නීය. ඇගේ සැමියා එන්.පී.ජී. සෝමදාස මහතා හොඳ පොල්කටු නිර්මාණකරුවෙකි. පොල් මටුලු මගින් ඔහු කළ
Read Moreආණ්ඩුව විසින් ඉදිරිපත්කරන බව පැවසූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යවරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read More’’වීදී ආහාර සංස්කෘතිය’’ ලෝකයේ බොහෝ රටවල පැවතුණද එය ලංකාවට යම් අලුත් බවක් ගෙන එන්නකි. ලංකාවේ ඇතැම් ප්‍රදේශවල කුඩාවට වීදී ආහාර කඩ පැවතියද මෙය ඉතා ජනප්‍රිය මාතෘකාවක් ලෙස කතා බහට ලක්වනුයේ මෑත කාලයේදීය. මේ වනවිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සවස් භාගය වනවිට වීදි ආහාර කඩ එළියට පැමිණේ.
Read Moreලෝකයේ වැඩි පිරිසක් දුම්පානයෙන් ඉවත් වෙමින් සිටින බව මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා රැසක් ප්‍රකාශයට පත්වී ඇති අතර, ශ්‍රී ලංකාවේ තත්ත්වයද එයට සමානය
Read Moreලංකාවට තවමත් මානව රූපී රොබෝ තාක්ෂණය යම්තාක් දුරකට අලුත්ය. නමුත් ලෝකය මේ වනවිට විවිධ රාජකාරි කටයුතු සඳහා මානවරූපී රොබෝවරු යොදා ගැනීම ආරම්භ කර සැලකිය යුතු කාලයක් ගත වී හමාරය.
Read Moreසමගි ජන බලවේගය ලෙස අපි ඉදිරියට යනවා. නමුත් එය අපි කැමැත්තෙන් කරපු දෙයක් නෙවෙයි. අකමැත්තෙන් කරපු දෙයක්. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිව්‍යුහගත කරන්න අපි ලොකු වෑයමක් ගත්තා. නමුත් එය අසාර්ථක වුණා. පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී කරන්නයි අපි උත්සාහ ගත්තේ. නමුත් එය සාර්ථක නොවුණ නිසා අපිට අකමැත්තෙන් එළියට එන්න සිදුවුණා.
Read Moreසුනාමිය මෑත ඉතිහාසයේ ජන සමාජය භීතියට පත් කළ ස්වභාවික ව්‍යසනයක් විය. ඒ නිසාම මෙම ව්‍යසනයෙන් හානි අවම වූ පරිසර පද්ධති පිළිබඳ විවිධ අංශ විවිධ කෝණවලින් විවිධ මත පළ කරන්නට විය.
Read More2019 නොවැම්බර් මාසයේ පැවැති ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ආසන්නයටම කියමින් එම මැතිවරණය පිළිබඳව විශ්ලේෂණයක් කළ ප්‍රදීප් චානක පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයටද එවැනිම ආකාරයේ විශ්ලේෂණයක් කර තිබුණි. එහිදී ද ඔහු කළ ඇතැම් විශ්ලේෂණ නිවැරදි වී තිබුණි. මේ එම විශ්ලේෂණය පිළිබඳව ඔහුගේ අදහසයි.
Read Moreඅද නිකිණි පොහෝ දිනයයි. බුද්ධ චරිතය හා සබැඳි සිදුවීම් දාමයක් සෑම පුරපොහොයක්ම හා බැඳී ඇති බැවින් මෙරට බෞද්ධයන්ට සෑම පොහෝ දිනයක්ම ආගමික වශයෙන් වැදගත් වන්නේය. ඒ සඳහා බොදුනුවන්ගේ මගපෙන්වන්නා හා මෙහෙයුම්කරුවා වන්නේ භික්ෂූන් වහන්සේය. මේ සුවිශේෂී මෙහෙවර සියවස් ගණනාවක් පුරා මෙරට බෞද්ධ සමාජය හා බද්ධව පැවතුණේ ගහට පොත්තක් පරිද්දෙනි.
Read Moreනව රජයේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය තුළ දේශීය හස්ත කර්මාන්ත නගා සිටුවීමේ ප්‍රතිපත්තිය මේ වනවිටත් කේෂත්‍රයේ නිරත වූවන්ගේ පැසසුමට ලක්ව තිබේ. ඒ ඔවුන් මෙතෙක් විඳි දහසකුත් එකක් වූ අනේකවිධ අපහසුතාවන් වෙත දැන් හෝ පිළිසරණක් ලැබේය යනුවෙන් ඔවුන්ගේ සිත තුළ ඇතිකළ අපේක්ෂාවන් හේතුවෙනි.
Read Moreඅපි ඕනෑතරම් ටුක් ටුක්වල එහෙම නැත්නම් ත්‍රීවිල්වල ගිහිල්ලා තියෙනවනේ. දුප්පතාගේ හිතවතා කියලා හඳුන්වන්නෙත් ත්‍රීවිල් එකටනේ. පාරෙදී ගොඩක් අය ටුක් ටුක් එකට බැන්නත්, කාටහරි කරදරයක් වුණු ගමන් ඕනෑම කෙනෙක්ගේ මුවට නැගෙන්නේ ත්‍රීවිල් එකකවත් යමු, ත්‍රීවිල් එකක් නවත්තගමු, ටුක් ටුක් එකක්වත් නැද්ද වගේ වචනයි. කොල්ලුපිටිය දුම්රියපොළ අසල ත්‍රිරෝද රථ ගාලේ ඉන්න හජ්රින් මහතාව අපට මුණගැහෙන්නෙත් ඒ වගේ හදිසියේ හයර් එකක් යන අතරතුරයි. හජ්රින් මහතාගේ ත්‍රිරෝද රථය අනෙක් ත්
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්‘ පිළිබඳ යළිත් කතාබහට ලක්වෙමින් තිබේ. ආණ්ඩුව මගින්ද මේ වනවිට ඒ සඳහා සූදානම් වන අතර, ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් කැබිනට් අනුකමිටුවක්ද පත්කර තිබේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වනවිට 19 වතාවක් සංශෝධනය කර ඇති අතර, තවත් වතාවක් එය සංශෝධනය කිරීමට වත්මන් ආණ්ඩුව සූදානම් වේ. මේ අතර 19 වැනි සංශෝධනය ඉවත් කළයුතු බවටත් පසුගිය කාලයේදී මැතිවරණ වේදිකාව තුළ දැඩි කතාබහක් ඇතිවිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ
Read Moreආහාරයක රස දැනෙන්නේ එය මුව තුළට ගත් පසුවය. නමුත් අපි ආශාවෙන් ආහාරයක් තෝරාගන්නේ එහි ඇති රස නහර පිනායන සුවඳ මෙන්ම දුටු ගමන් නෙත පිනවන ප්‍රියමනාප පෙනුම නිසාය. මේ සඳහා අනාදිමත් කාලයක සිට භාවිත කරන්නේ කුළුබඩු වර්ගයි. මෑතකාලීනව මෙකී කුළුබඩු අතරින් කහ පිළිබඳව බහුලව කතාබහක් රට තුළ ඇතිවී තිබෙන්නේ ඉල්ලුමට සරිලන ආකාරයට කහ වෙළෙඳ පොළේ නොමැති බැවිනි. මේ කහ සහ රටේ ඇතිවී තිබෙන කහ අර්බුදය පිළිබඳව තොරතුරු ගෙන ඒමකි.
Read Moreවන සම්පත අපගේ පරිසරයට අවශ්‍යම දෙයකි. වන සම්පත යනු ගස්වැල්, ඇළදොළ ආදියෙන් පිරුණු සුන්දර පරිසරයකි. අතීතයේ මිනිසුන් ආහාරපාන සහ නිවාස තනා ගත්තේද ගස් බෙනවලිනි. ඒ කිසිවක් නිසා නොව පරිසරය ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් වර්තමානයේ මිනිසා ගහකොළ, සතා සිවුපාවා ආරක්ෂා කර ගැනීම පසෙක තබා විනාශ කිරීමට මූලිකත්වයක් දී කටයුතු කරයි.
Read Moreසටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග වෙල් ලියැඳි වසා වැවුණු අව්වට පිච්චී ගිය පුරන් වූ වෙල් මූකලාන ඈතින් ඈතට දිස්වේ. වෙල් යායෙන් ඔබ්බට මතුවී පෙනෙනුයේ දුහුවිල්ලෙන් වැසී ගිය ගහ කොළ පිරි වන පෙතය. ගිනිගහන අව්වේ පිච්චෙමින් මා අනුරාධපුරය - හොරොව්පොතාන මාර්ගයේ හොරොව්පොතාන නගරය තෙක් පැමිණ ඉනික්බිතිව කපුගොල්ලෑව මාර්ගයේ පිවිස සිටිමි. සැතැපුම් හැත්තෑවකට ආසන්න දුරක් ගෙවූ තැන්හි සිඳී වියළී ගිය වැව් බිම් ළං ළංව පෙනෙන්නට විය. දැන් දැන් “දුටුවැව” ගමේ වෙල්
Read Moreපසුගිය යල් කන්නය ආරම්භ වීමත් සමග මේ රටේ විශාල පිරිසක් අපහසුතාවට පත්වූයේ කෝව්ඩ් 19 වසංගතය හේතුවෙනි. ඒ හේතුවෙන් මෙරට වැසියන්ට නිවෙස්වලට වී සිරවී සිටින්නට සිදුවිය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් ආනයනය කිරීමටද නොහැකි විය.
Read Moreසුන්දර නුවරඑළියේ සංචාරයක් යොදා ගන්නා බොහෝ දෙනෙකු හපුතලේ පිහිටි ආරුක්කු නවයේ පාලම හෙවත් අහස් පාලම ( NINE ARCES VIADUCT) නැරඹීමට අමතක නොකරනුයේ මෙම සුවිශේෂ නිර්මාණයේ සැබෑ දැක ගැනීමේ අරමුණෙනි.
Read More