මෙම තීරුව කියවන පාඨකයන් බොහෝ දෙනෙකු කාලයක සිට දේශපාලනයට එහා ගිය විෂයක් පිළිබඳ ලියන ලෙස ඉල්ලීම් කරමින් තිබිණි. එම ඉල්ලීමට එක්තරා ප්‍රමාණයකට ගරු කරමින් මෙම සතියේ මම ප්‍රේමය ගැන ලියන්නට කල්පනා කරමි. ප්‍රේමය ගැන ලිවීමේදී වුවද දේශපාලනයට ප්‍රේමයේ ඇති ගැඹුරු සම්බන්ධය ගැන නොලියා සිටිය නොහැක. විශේෂයෙන්ම දේශ
අධික බදු පනවා තිබෙන බව පවසමින් මේ වන විට රට තුළින් ජනතා විරෝධයක් එල්ලවෙමින් තිබේ. එමෙන්ම ආණ්ඩුවේ වැරදි කියමින් ආණ්ඩුවේම පිරිස් ආණ්ඩුවට චෝදනා කරමින් සිටින ආකාරයක්ද දැකගත හැකිය. දේශපාලන හිතවතුන්ට රජයේ තනතුරු ලබාදෙන බවට හා දේශපාලන හිතවත්කම් මත සුදුසුකම් නොමැති පිරිසට උසස්වීම් ලබාදෙන බවටත් වර්තමාන ආණ්ඩුවට චෝදනාවක් එල්ල වී තිබේ.මෙම චෝදනාවලින් වැඩි ප්‍රමාණයක් එල්ල වී තිබෙන්නේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයටයි. මේ නිසා %අද^ මේ පිළිබඳව එ.ජා
Read Moreලෝක පූජිත ඉන්දියානුවෙකු වන අමර්ත්‍යා සෙන් 1998 වසරේ දී නොබෙල් ත්‍යාගය හිමි කර ගත්තේය. ඒ ආර්ථික විද්‍යාව සඳහායි. ඔහු ඉතා වැදගත් කෘතියක් ලියා තිබේ. එහි නම සංවර්ධනය නිදහස ලෙස (Development as Freedom ) යන්නයි.
Read Moreඋද්ගත වූ, සහ උද්ගත වෙමින් පවතින පාරිසරික අර්බුද හමුවේ සිය වෘත්තීය දිවියම කැප කරමින් ශ්‍රී ලංකාවේ පරිසර සටන් රැසක් ජයග්‍රහණය කරාගෙන යෑමට පුරෝගාමී වූ ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා අද සොබා බදාදා කතාබහට එක්වූයේ එවන් අදහස් පළකරමිනි.
Read Moreතෙත් බිම් තුළ සිදුවන විනාශකාරී තත්ත්වයන් නවතා දැමීම සඳහා රටවල් 18ක් එකතු වී 1971 වසරේ පෙබරවාරි 02 වන දින තෙත් බිම් සංරක්ෂණය සඳහා අන්තර්ජාතික සම්මුතියකට අත්සන් තබා තිබේ. රැම්සා සම්මුතිය නමින් හැඳින්වෙන මෙම සම්මුතිය 1975 වසරේ සිට ක්‍රියාත්මක වන අතර, මේ වන විට තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා රටවල් 160කට වැඩි ප්‍රමාණයක් සම්මුතියට අත්සන් තබා ඇත. ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තබා ඇති අතර, ඒ අනුව මෙරට සංරක්ෂණය වන තෙත් බිම් කිහිපයක්ද රට තුළ තිබේ.
Read Moreපාසලකට දරුවන් ඇතුළත් කිරීමේ සිට සියලුම කටයුතුවලට දෙමවුපියන්ගෙන් මුදල් අයකර ගන්නා බවට මේ වන විට අප රට තුළ කතාබහක් ඇති වී තිබේ. මීට අමතරව ගුරු, විදුහල්පති හිඟය නිසා පාසල් පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බවටත් වෘත්තීය සමිති නිරතුරුවම සඳහන් කරණ කරුණක් බවට පත්ව ඇත. මෙම ගැටලුවලට අමතරව විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලන යන තනතුරුවලට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවට පවසමින් වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කර
Read Moreමෙතෙක් කල් අක්‍රීයව පැවැති මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමේ හදිසි තීරණයක් ජනාධිපතිවරයා ගෙන තිබේ. එම තීරණයට මුල් වූ ප්‍රධානතම සිද්ධිය වනුයේ පසුගියදා අත්අඩංගුවට ගැණුනු මත්කුඩු තොගයකි. හෙරොයින් ජාවාරමට වරදකරු වී මරණීය දණ්ඩනයට නියමව බන්ධනාගාරගතව සිට අයෙකු විසින් ඒ මත්කුඩු ජාවාරම මෙහෙයවූ බව දැනටමත් අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. එමෙන්ම මෙරට හෙරොයින් ජාවාරමේ මෙහෙයවීම් සිදුකරන මධ්‍යස්ථානය බවට පත්ව ඇත්තේ වැලිකඩ බන්ධනාගාරය බව අද ප්
Read Moreඅහසින් වැටෙන එක් දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යෑමට ඉඩ නොදෙමි යැයි කියමින් එදා පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් මහා පරාක්‍රමබාහු රජතුමා මහා සමුදුරුවන් ජලාශ ගොඩනගා රට සුඛිතමුදිත කළේය. එම චින්තනය සහිත රජරටින් බිහි වූ නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද රජරටට වැටෙන අතිමහත් ජලස්කන්ධයෙන් එක් බිඳුවක් හෝ අපතේ නොයන පරිදි මේ වන විට වැඩකටයුතු සකස් කර අවසන්ය.
Read Moreවිශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පොදුජන එක්සත් පෙරමුණද වෙනත් දේශපාලන බලවේගවලට මුහුණ දිය හැකි එම කුරිරු සරදමට මුහුණදීමට රාජපක්ෂවරු තවදුරටත් සූදානම් නැති බව ඔවුන්ගේ වර්තමාන දේශපාලන හැසිරීමෙන් හොඳින්ම විද්‍යමාන වේ.
Read Moreමේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්ද යැයි කිව හැක්කේ ඔබටම පමණකි. මන්ද එයට සත්‍යම පිළිතුර ඇත්තේ ඔබ ළඟම මිස වෙන කිසිවෙකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සාපේක්‍ෂ වන බැවින් එකෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටටද හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි.
Read Moreඅක්කර ලක්‍ෂ තුනකට වැඩි පරිසර පද්ධතියකින් සමන්විත විල්පත්තු ජාතික වනෝද්‍යානය ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස සැලකේ. විල්ලු 40ක් ඇති ලංකාවේ එකම වනෝද්‍යානයද වන මෙම භූමිය තුළ සත්ත්ව විශේෂ 370ක් වාර්තා වී තිබේ.
Read Moreජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කරන ඔහු පරිසරයේ අසිරිය සහ පරිසරය රැකගැනීමේ වැදගත්කම පසක් කිරීම උදෙසා සිදු කළ සන්නිවේදන කාර්යය සුළුපටු නොවේ. වාර්තා වැඩසටහන් නිෂ්පාදනයේදී පරිසරය සම්බන්ධ වැඩසටහන් සඳහා පුළුල් අවකාශයක් ලබාදුන් ඔහු, ශ්‍රි ලංකා ජාතික ජායාරූප කලා සංගමයේ සභාපතිවරයා සේම, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක කංචන මාරසිංහ ය. මේ කතාබහ ඔහු සමගිනි. මෙම සටහන සමග පළවන වනජීවී ඡායාරූප
Read Moreපාරිසරික විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි නූතනයේ වඩාත් අවධානයට ලක්ව ඇති පරිසර පද්ධතිය වන්නේ තෙත්බිම්ය. එයිනුදු කරදිය ආශ්‍රිත තෙත්බිම් සඳහා මූලික ස්ථානයක් හිමි වන බවට ඔවුහු සඳහන් කරති. එබැවින් එළඹෙන 26 වැනිදාට යෙදෙන ලෝක කඩොලාන දිනයට සමගාමීව කරදිය තෙත්බිම් ආරක්ෂා කිරීමෙහිලා ඔබේ යුතුකම හා වගකීම මතක්කර දීමට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ජලජීවී වගා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සාගර විද්‍යා පර්යේෂිකා ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය අද
Read More1976 ජූනි 23දා එල්ලා මරණ ලද චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවා ලංකාවේ අවසන් වරට එල්ලුම් ගහට නියම වී එල්ලා මරා දමන ලද පුද්ගලයාය. ජේ.එම්.චන්ද්‍රදාස මරා දමන ලද්දේ සිය පෙම්වතිය මරා දැමීම හේතුවෙනි. නමුත් චන්ද්‍රදාස තමාගේ ඇස් දන්දෙන ලෙසට අවසන් වශයෙන් ඉල්ලීමක්ද කර තිබිණි
Read Moreආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමග එක් වී සිටියි. එම 16 දෙනාගෙන් දයාසිරි ජයසේකර මහතා 16 දෙනාගේ කණ්ඩායමෙන් ඉවත් වී සිටින බවටද රට තුළ කතාබහක් ඇති වී තිබේ. මේ පිළිබඳ සහ එම කණ්ඩායමේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සමග අද කතාබහක නිරත විය
Read Moreඅසාර්ථක, අදූරදර්ශී වත්මන් ආණ්ඩුවේ පාලනයට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන ජනබලය කොළඹට දැවන්ත විරෝධතා පාගමන සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අවස්ථාවක මෙම සතියේ කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරියකව සිටි විජයකලා මහේෂ්වරන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය පිළිබඳ සමාජය ඉදිරියේ දේශපාලනඥයන්, විද්වත් ප්‍රජාව හා පුරවැසියා ස්වකීය මත ප්‍රකාශ කළද, සැබෑ ලෙස එය රාජ්‍යයේ එකීයත්වයට හානියක් වනවාද, නැද්ද එවන් අවස්ථාවක රටක දේශපාලනඥයන්, බුද්ධිමතුන් ක්‍රියා කළ යුත්තේ කෙෙස්ද යන්න පිළිබඳ වීමසීම සඳහා ප්‍රවීණ දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා %අද^ට සම්බන්ධ කර ගත්තෙමු. ඔහු ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.
Read Moreලංකාවේ දේශපාලනය තුළ ඇතිවෙමින් තිබෙන නව ප්‍රවණතාවල පැහැදිලි චිත්‍රයක් පසුගිය සති කිහිපයේදී නිර්මාණය විය. විශේෂයෙන්ම විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අනාගතයේදී ඇතිවිය හැකි වියවුලේ ස්වභාවය කැපී පෙනුණි. ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ වියත්මග වෙනුවෙන් එම පිල කෙරෙහි ඇති විරෝධය සමනය කරනු වස් ඔවුන් විසින් එහි නම හරි මග ලෙස වෙනස් කරනු ලැබීය. එසේම ගෝඨාභය රාජපක්ෂ, පොදුජන එක්සත් පෙරමුණේ දේශපාලන කාර්යාලය හා ප්‍රධාන කාර්යාලය වන නෙළුම් මාවතට
Read Moreතෙල් මිල වැඩි කළ පසුව අඩුකර නැවත වැඩි කිරීම ගැන රටම කතා කරන්නට විය. රටම උණුසුම් කළ තෙල් මිල කතාව ආරම්භ වූයේ පස්වැනිදා මහා භාණ්ඩාගාරයේ පැවැති තෙල් මිල සූත්‍ර කමිටු රැස්වීමෙනි.
Read Moreඅපේ රට සත්ත්ව හා ශාක විශේෂවලින් ලොව අෙනකුත් රටවලට වඩා ඉතාමත් පොහොසත් රටක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ නමක් දිනාගෙන තිබුණි. මේ නිසාම ජෛව විවිධත්වය අතින් ඉහළම රටවල් 25 අතරට ඇතුළත් වීමටත් ශ්‍රී ලංකාවට හැකි විය.
Read Moreකෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයේ ගොවි ජනතාව නිෂ්පාදන අලෙවි කිරීමේදී මුහුණ දී ඇති දුෂ්කරතාව සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා %අද^ පුවත්පතට ඉදිරිපත් කළ අදහස් ඇසුරින් මෙම ලිපිය සකස් වී තිබේ.
Read Moreවසර ගණනාවක් පුරා දෛනික පරිභෝජනයෙන් ඉවතලන බොහෝ දේ කිසිදු පරිසර ආරක්‍ෂණයකින් තොරව බැහැර කිරීම හේතුවෙන් නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන්ට ලාංකේය සමාජයට මුහුණ දීමට සිදුව තිබේ. එමෙන්ම එයට සාපේක්‍ෂව පරිසරයටද සිදු වූ හානිය නිමා කළ නොහැකිය. නමුත් පරිසරයට අහිතකර පොලිතින් හා ප්ලාස්ටික් තහනම් කිරීමත්, ඒ හා සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීමත් නිසා බොහෝ අය දැන් දැන් පරිසර හිතකාමී දේ භාවිතයට යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.
Read Moreසාගර දූෂණය සම්බන්ධයෙන් මෙරට ඇති නොදැනුවත්භාවය සහ නොසැලකිලිමත්භාවය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් මිලියන 1.59ක ප්‍රමාණයක් සාගරයට මුදා හරිමින්, ලෝක වර්ගීකරණය අනුව වැඩියෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරන රටවල් අතරින් පස්වැනි ස්ථානයට පත්ව තිබීම ඉතාමත් කනගාටුදායකය.
Read Moreඅරාජිකවාදය යැයි කියූ පමණින් බොහෝ දෙනෙකු තුළ ජනිත වනුයේ %බංකොළොත්භාවය^ පිළිබඳ අදහසකි. එහෙත් එය දාර්ශනික මතවාදයක් බව දන්නේ සුළු පිරිසකි. අරාජිකවාදයෙන් අදහස් කෙරෙනුයේ රාජ්‍යය වෙතින් සිදු වන මර්දනය පිටුදැකීමය. සමාජය, සමාජය මගින් සබුද්ධික අයුරින් පාලනය වීම මෙහිදී අපේක්‍ෂා කෙරෙන අතර රාජ්‍යයක බලහත්කාරයෙන් මිදීම එහිදී සිදු වෙයි.
Read Moreසොබා දහම සුරක්‍ෂිත කිරීම වර්තමානය උදෙසා නොව අනාගතය උදෙසා වන ආයෝජනයක් බව සිහිකැඳවීම උදෙසා %අද^ මාධ්‍ය මෙහෙවරේ %සොබා බදාදා^ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යයනාංශයේ විශ්‍රාමික මහාචාර්ය නිමල් ගුණතිලක මහතා සම්බන්ධ කර ගතිමු. සිය දැනුම, පරිපූර්ණත්වය තුළින් වනාන්තර රැකගැනීම උදෙසා දෙස්විදෙස් පර්යේෂණයන්හි යෙදෙමින් ජාත්‍යන්තර කීර්තියට පත් ඒ මහතා, පරිසරය සුරැකීම උදෙසා සවිමත් දෙවැනි පෙළක් නිර්මාණය කිරීමේ ප්‍රබල පුරෝගාමියෙකි.
Read Moreඋපතින්ම ආබාධිත තත්ත්වයට පත් කෑගල්ල, වල්දෙණිය ප්‍ර‘දේශයේ තරුණියක මෙරට ප්‍රථම වතාවට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට, උසස් පෙළ විභාගයට සහ විශ්වවිද්‍යාලයේ සියලු විභාගවලට වාචිකව පිළිතුරු සපයා ඉන් විශිෂ්ට ලෙස සමත් වීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පසුගියදා උපාධිය හිමිකර ගත්තාය
Read Moreවර්තමානය වන විට පාතාලය හිස ඔසවා තිබෙන ආකාරය පිළිබඳ ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. නීතිය හා සාමය භාර අමාත්‍යවරයා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළ ඉලක්කම් කිහිපයකින්ම මෙවර කුරහන් සුවඳ තීරු ලිපියට ප්‍රවේශයක් ගනිමි. ඔහු සඳහන් කළේ, මේ වසරේ ගතවූ මාස හය තුළදී මිනීමැරුම් 214ක් වාර්තා වී තිබෙන බවයි. මෙයින්ම වත්මන් ශ්‍රී ලංකාවේ නීතිය හා සාමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.
Read More