යම් අවස්ථාවකදී කැරැල්ලක් ඇතිවී එනිසා මහජනතාවටත්, දේපළවලටත් හානි සිදුවන විට පොලීසියටත් පොලිස් කැරලි මර්දන ඒකකයටත් එම තත්ත්වය පාලනය කරගත නොහැකි විට ශ්‍රී ලංකා පොලීසිය විශේෂ කාර්ය බළකායේ මහජන සාමය කළමනාකරණ කණ්ඩායමේ සහයෝගය ලබා ගනී. මේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සහකාර පොලිස් අධිකාරී පාලින්ද විජේසුන්දර මහතා 'දේශ' සඟරාව සමග දක්වන ලද අදහස් ඇසුරෙන් සකස් කළ ලිපියකි.
“ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බළකායේ ඉතිහාසය වර්ෂ 1980 දක්වා ඈතට දිවයයි. එහෙත් එතුළින් මහජන සාමය කළමනාකරණ කණ්ඩායමක් බිහිවන්නේ 2011න් පසුවය. මේ අවස්ථාව වෙනුවෙන් පළමුව විදෙස් සංචාරයකට ගොස් විශේෂ පුහුණුව ලැබීමට මෙරට නිලධාරීන් සිවුදෙනකුට අවස්ථාව උදාවිය. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරී පාලින්ද විජේසුන්දර ස්කොට්ලන්තයට ගියේය.
අද කැරලි කිව්වාම සාමාකාමී පා ගමන්වලට කියන්නෙත් කැරලි කියලා. මිනිසුන්ට රැස්වෙන්න, කෑ ගහන්න අයිතිවාසිකම් තියෙනවා. හැබැයි පොලිස් කැරලි මර්දන ඒකකයටත් තත්ත්වය පාලනය කරගන්න බැරිවුණාම තමයි විශේෂ කාර්ය බළකායේ කැරලි මර්දන ඒකකයට කතා කරන්නේ. නමුත් අපි මේ කණ්ඩායම හඳුන්වන්නේ කැරලි මර්ධන ඒකකය යනුවෙන් නෙවෙයි. මහජන සාමය කළමනාකරණ කණ්ඩායම යනුවෙන්. එහෙම හඳුන්වන්න විශේෂ හේතුවක් තියෙනවා. මම ඇතුළු තවත් තිදෙනකු පුහුණුවට ස්කොට්ලන්තයට ගියා. එයාලා යෝජනා කළේ ඒ නම. මොකද බොහෝ රටවල ඒ නම භාවිත කරන නිසා. අනික අපේ රාජකාරියත් මහජනතාව කළමනාකරණය කිරීමයි.
අපි විධිමත් කැරලි මර්දන ක්‍රමයකට යොමුවෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී අපේ රටේ කැරලි මර්දනයේදී අඩුපාඩු වැරදි ක්‍රම භාවිත වී තිබෙනවා. ඒවා විදෙස් රාජ්‍යයන් විසින් පෙන්වා දීමෙන් පසුවයි මේ නව ක්රමයන් හඳුනා ගනිමින් කටයුතු කරන්නේ.
අපි මුලින්ම කරන්නෙ කැරලිකරුවන්ට අවවාද කරන එකයි. එහෙත් ඒ අයගේ එයින් පසු ලැබෙන ප්‍රතිචාරය අනුව අපි අපේ බලය වැඩි කරනවා. මුලින්ම අවවාද කරනවා. 'සිම්පල්ටු කම්ප්ලෙක්ස්' ක්‍රමය තමයි භාවිත කරන්නේ. මේ ක්‍රමය මුලින්ම භාවිත කළ රටවල් අතර, එංගලන්තය ඉදිරියෙන් සිටිනවා. ස්කොට්ලන්ඩ් එවැනි වැඩසටහන්වල මූලිකත්වය ගෙන තියෙනවා.
අපි මෙහෙ මේ කණ්ඩායම හඳුන්වන්නේ 'පොලිස් සපෝට් යුනිටි' යනුවෙන්. ඒකට පොලිස් කොස්තාපල්වරුන් 18ක් ඉන්නවා. එයින්ද කණ්ඩායම් තුනක් හදනවා. එම කණ්ඩායම්වලට එස්අයිලා තුන්දෙනෙක් ඉන්නවා. සාජන්ට්ලා තුන්දෙනෙක් ඉන්නවා. එක කණ්ඩායමක් කියන්නේ එක 'සීරියල්' එකක්. එක 'සීරියල්' එකක හයදෙනක් ඉන්නවා. ඒක බාරව ඉන්නේ කණ්ඩායම් නායකයෙක්. මේ කණ්ඩායම් තුනම මෙහෙයවන්න ජීඑස්සෝ කමාන්ඩර් කෙනෙක් ඉන්නවා. කැරැල්ලක් මැඬපවත්වන්න 25ක ටීම් දෙකක් යනවා. ඒ කියන්නේ පනස් දෙනෙක් ඒ සඳහා යනවා. අපිට පොදුවේ 150ක ටීම් එකක් ඉන්නවා.
කැරැල්ලක් ඇතිවුණාම අපි අවි රහිතව එයාලා අතරට ගිහින් අවවාද කරනවා. සාමාන්‍යයෙන් අපි යන්නේ පොලිස් නිලධාරීන් යොදපු බැරියර් දාපුවා කඩාගෙන. කොහොම වුණත් තුන්පාරක් අවවාද කරලා අපි කියනවා අපට බැටන් පහර එල්ල කරන්න සිදුවෙනවා කියලා. ඒත් අහන්නේ නැත්නම් ඊළඟ පියවර අපේ කණ්ඩායම් භාරව සීඅයි කෙනෙක් යනවා. අර අවවාද දුන්න නිලධාරීන්ම ගිහින් ඉක්මනින්ම %ෂීල්ඩ් එකයි^ %පළිහයි^ අරගෙන එනවා. පොලිස් බැරියර්වලට සහාය දෙන්නයි විශේෂ කාර්ය බළකාය ඉන්නේ.
සමහරවිට මිනිසුන්ට යන්න නොදී බාධක දාන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට අපි කාටවත් ළඟට එන්න දෙන්නේ නැහැ. ඒකට අපි කියනවා %හියුමන් බැරියර්ස්^ කියලා. ඒත් මිනිසුන් කඩාගෙන යන්න දඟලනවා නම් අපි යොදනවා %සින්ගල් බෝල්ට්^ කියලා. එතෙනදි නිලධාරීන්ගෙ අත් ගලවාගෙන යන්න කාටවත් ඉඩක් නැහැ. මේ වෙලාවට අපි අත විතරයි බාධකයන් හැටියට පාවිච්චි කරන්නේ. ඒ නිසා මිනිසුන්ට පුළුවන් අපි සමග තවදුරටත් සාකච්ඡා කරන්න. අපිට බණින්නත් සමහරුන් ඉදිරිපත් වෙනවා. අපි නිලධාරීන්ට පුදුම විදිහට ඉවසීම පුරුදු කරලා තියෙනවා.
අපි නිරන්තරයෙන් බලන්නේ අඩු බලයක් යොදවලා මිනිසුන්ව එළවන්නේ කොහොමද කියලා. අපි බැටන් එක තියන් ඉන්න විදිහක් තියෙනවා. ඒක තියාගෙන ඉන්න විදිහෙන් කවදාවත් පහර දෙන්න බැහැ. ඒ කියන්නේ ඉනට පහළින් තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. ඒකට 'ග්‍රීන් චිරියස්' කියනවා. ඒ කියන්නේ අපි මිනිසුන්ගේ කලවට සහ තට්ටමට තමයි ගහන්නේ. අපි කාටහරි පහර දෙන්න යනකොට එයා නිකම්ම හැරෙනවා. ඒක නිකම්ම වෙන දෙයක් නෙවෙයි. මොළෙන් දෙන උපදෙසක් අනුව ඔන්න ගුටි කන්න සිදුවෙනවා යන පණිවුඩය ලැබෙනවා. එතැනින් ඒ ක්‍රියාව සිදුවන්නේ. මිනිස්සු පිටුපස්ස හරවන්නේ එවිටයි. මේක රබර් බැටන් එකක්. නමුත් මේකෙ තියෙන්නේ යකඩ බාර් එකක්. අපි එක පාරයි ගහන්නේ. හැබැයි ඒක දුවන්නම ගහනවා. මෙහෙයුමකදී අපේ නිලධාරියෙකුට තුවාල වුණොත් දෙන්නෙක් එයාව උස්සගෙන යනවා. හැබැයි අනෙක් කණ්ඩායමේ කෙනෙක් ගෙනැල්ලා ඒ හිස්තැන පුරවනවා.
මිනිස්සු කලබල කරලා දඟලනවා නම් අපි කරන්නේ මිනිසුන් තල්ලු කරන එක. ඒ කියන්නේ 'ෂීල්ඩ්' එකෙන් තල්ලු කරලා ආපහු එනවා. ඒ වගේ පොඩි පොඩි දේවල් කරල බලනවා. මිනිසුන්ගේ බලය වැඩි වෙනකොට අපි එන්න එන්න පස්සට යනවා. ගිහිල්ලා %රිපෝම් වෙලා^ ආපහු එනවා. මේක අපි භාවිත කරන උපක්‍රමයක්.
ඒ වගේම තමයි කාව හරි අත්අඩංගුවට ගන්නවා නම් ඒකට විවිධ උපක්‍රම තියෙනවා. සරලවම කියන්නේ 'ගැට' කියලා. අපිට බලය තියෙනවා අත්අඩංගුවට ගන්න. හැබැයි අපි උසාවියට ඉදිරිපත් කරන්නේ නැහැ. පොලීසියට බාර දෙනවා. කවුරුහරි අත්අඩංගුවට ගන්න යනවා නම් අපි හතර දෙනෙක් යනවා. මුලින් තීරණය කරනවා කාවද අත්අඩංගුවට ගන්නේ කියල. අවි රහිත සටන් ක්‍රමවලින් තමයි අපි අත්අඩංගුවට ගන්නේ. ඒ ටීම් තුනේ ප්‍රධානියා ඉන්නේ අයිපී කෙනෙක්. නියෝග දෙන්නේ එයා තමයි අත්අඩංගුවට ගන්නේ කවුද කියලා. මුලින්ම තල්ලු කරගෙන ගිහිල්ලා %ෂීල්ඩ් එකෙන්^ ඉස්සරහ ඉන්න අය තල්ලු කරන්න ඕනෑ. එවිට අපි අත්අඩංගුවට ගන්න ඉන්න කෙනා ළඟට යන්න හොඳ පාරක් හැදෙනවා. ඒ වගේම එහෙම අත්අඩංගුවට ගත්ත ගමන් අපි පිටුපස්සට ඇදගෙන එනවා. කවුරුත් දන්නේ නැහැ මොකද වුණේ කියලා. ඒ වගේ උපක්‍රම භාවිත කරන්න වෙන වෙලාවල් තියෙනවා.
ඉහත ක්‍රම එකකටවත් මෙල්ල වෙන්නේ නැත්නම් අපිට සිද්ධවෙනවා කඳුළු වායුව සහ ජලප්රහාරක රථවල සහාය ගන්න. අපේ කොල්ලො ටික බැස්සාම ඕනෑම චණ්ඩියෙක් මෙල්ල වෙනවා. නමුත් අද සමහරු එන්නෙම ගුටි කාලා යන්න බලාගෙනයි. ඒක තමයි එයාලගේ සැලැස්ම. අපි ඒවත් හොඳින් අවබෝධ කරගෙන තමයි වැඩේට බහින්නේ.
අපිට අවි රහිතව ඇවිත් ජනතාව පාලනය කරන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට ක්‍රිකට් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කරන තැනකට ගිහින් අපි පේළියට හිට ගන්නවා. මිනිසුන්ට යන්න ඉඩ තියෙනවා. සැර බාල කරන්නයි එහෙම කරන්නේ'
මෙම ඇඳුම් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක ආර්.ඒ.ටී.ටී. ගුණසේකර මහතා මෙසේ පවසයි.
“මෙම නිලධාරීන් අඳින ඇඳුම් චීනෙන් ගෙන ආ ඒවා බව කිවයුතුයි. මේ ඇඳුමට අපි 'ෆුල් පබ්ලික් ඕර්ඩර් කිට්' යනුවෙන් හඳුන්වනවා.
ගින්නෙන් පවා ආරක්ෂාව තියෙන මේ ඇඳුම සාමාන්‍යයෙන් රුපියල් හතළිස්දහසක් පමණ වටිනවා. මේ ඇඳුමට ගල්මුල්, පිහිපාරවලින් ආරක්ෂාව තියෙනවා'
(විශේෂ ස්තුතිය - පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීප් මහතාටත්, කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ අධ්යක්ෂ (පුහුණු) පොලිස් අධිකාරී එස්.ඩබ්ලිව්.ඒ.බී. දවුලගල මහතාටත්, පොලිස් පරීක්ෂක ගාමිණී පිටගම්පල සහ ආර්.ඒ.ටී.ටි. ගුණසේකර මහත්වරුන්ටත්)
- තොරතුරු ලබා ගැනීමට මග පෙන්වූ සහ අනුබල දුන් පොලිස් නිලධාරීන් සඳහා පළ කරෙන 'දේශ' සඟරාවේ ප්‍රධාන සංස්කාරක අල්ලස් දෙපාර්තමේන්තුවේ උපපොලිස් පරීක්ෂක අතුල සමරවීර සහ ඡායාරූප ශිල්පී මධුසංඛ සිරිවර්ධන මහත්වරුන්ටත් ප්‍රණාමය පුද කරමු)